(තිලකරත්න දිසානායක සහ උපාලි රණවීර)
ගම්පහ ප්‍රදේශ කිහිපයක මංකොල්ලකෑම් සහ ස්ත්‍රී දූෂණ සිදු කළ බව කියන දැනට පොලිස් අත් අඩංගුවේ පසුවන ඥාතී පුතකු සහ බාප්පා යැයි කියන දෙදෙනා විසින් දිවයිනෙහි විවිධ ප්‍රදේශයන්හිදී ස්ත්‍රී දූෂණ , ඝාතන , මංකොල්ලකෑම් ඇතුලු අපරාධ 14 ක් සිදු කොට ඇති බවට තොරතුරු අනාවරණයවීම මත ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා සදහන් කළේය.
මල්වතුහිරිපිටිය පොලීසිය මගින් පසුගියදා මොවුන් දෙදෙනා මහත් පරිශ්‍රමයක් දරා අත් අඩංගුවට ගනු ලැබූ බව පැවසූ මාධ්‍ය ප්‍රකාශකවරයා අද පෙරවරුවේ මල්වතුහිරිපිටිය පොලීසියේදී මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව සඳහන් කළ අතර ජනතාව භීතියට පත් කරමින් මෙවන් අපරාධ සිදු කළ මොවුන් කෙටි කලක් තුල අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාසය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ මහතාට , සහකාර පොලිස් අධිකාරී උපාලි කාරියවසම් මහතාට , මල්වතුහිරිපිටිය සහ වැලිවේරිය පොලිස්ථානාධිපතිවරුන් ඇතුලු නිලධාරීන් වෙත ස්තුතිය පුද කරන බවද කීය.
දැනට අධිකරණය මගින් ලබාගත් රැඳවුම් නියෝග මත රඳවා ගනිමින් වැඩි දුර ප්‍රශ්න කෙරෙන මොවුන් , අවුරුදු 21 සහ 47 හැවිරිදි සැකකරුවන් ඉකුත් 15 වෙනි දින අත් අඩංගුවට ගෙන ඇත්තේ මුහුණු ආවරණය කොට නින්ජා ආකාරයේ ඇදුමින් සැරසී තවත් අපරාධයක් සදහා යමින් සිටියදීය. මෙලෙස අත් අඩංගුවට ගත් අවස්ථාවේදී පිහි , උල් ආයුධ , ජීව අත් බෝම්බයක් සහ නිවාසවල ජනෙල් ගැලවීමට අවශ්‍ය උපකරණ ආදියද අයිස් මත් ද්‍රව්‍යද තිබූ බවත් හෙතෙම සඳහන් කළේය.
අනතුරුව සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී රන් භාණ්ඩ ඇතුලු සොරාගත් භාණ්ඩ බොහෝමයක් සොයා ගෙන ඇති බවත් සොරා ගන්නා රන් භාණ්ඩ නියම රත්‍රන්දැයි පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය පවා තිබී ඇති බව ප්‍රකාශ කළ තව තල්දූව මහතා මොවුන් කොල්ලකෑම් සහ අපරාධ කිරීම පිනිස තනි වශයෙන් ඇති විශාල වතු සහිත ගෙවල් කලින් හදුනා ගනිමින් එම වතුවලට සවස් කාලයේ ඇතුලුවී සිට අපරාධ සිදු කරන බවත් නිවාසවල ආරක්ෂිත කැමරා ආදිය තිබුණහොත් ඒවා සහ අංගෝපාංග රැගෙන යන බවත් අනාවරණය වී ඇති බවත් පැවසීය.
ස්ථිර පදිංචියක් නොමැති මෙම සැකකරුවන් දෙදෙනා මල්වතුහිරිපිටිය, වැලිවේරිය , දොම්පෙ , ඇහැලියගොඩ සහ කිරිඇල්ල යන ප්‍රදේශයන්හිදී කොල්ලකෑම් , ස්ත්‍රී දූෂණ සහ ඝාතන සිදු කොට ඇති බව ප්‍රකාශ වී ඇති අතර කිරිඇල්ල ප්‍රදේශයේදී 74 හැවිරිදි කාන්තාවක් දූෂණය කොට ඝාතනය කිරීමේ සිද්ධියටද මොවුන් සම්බන්ධ බවට ප්‍රකාශවීම මත ඒ ඔස්සේද පරීක්ෂණ සිදු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
පෞද්ගලික රූපවාහිනී මාධ්‍ය ආයතනයක ගණකාධිකාරී වරයකු පැදවූ සුඛෝපභෝගී මෝටර් රථයක ගැටී යුද හමුදාවේ විශ්‍රාමික සාජන් මේජර්වරයෙකු අද (18) ජීවිතක්ෂයට පත්ව ඇත
ජාතික චිත්‍රපට සංස්ථාවේ නව සභාපති ලෙස ඩබ්ලිව් ප්‍රින්ස් සේනාධීර සහ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ නව සභාපති ලෙස එස් .එම්. සමන් සමරකෝන් යන මහත්වරු ජනමාධ්‍ය අ
මාර්ග සංවර්ධන ව්‍යාපෘති විධිමත් සහ කාර්යක්ෂම කිරීම ග්‍රාමීය ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ඉවහල් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
තොටළඟ, මාදම්පිටිය කනත්ත අසලදී ත්‍රිරෝද රථයක සිටි පුද්ගලයකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම ත්‍රිරෝද රථයේ සිටි අනෙක් පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුව
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා පත් කරනු
හිටපු ඇමතිවරුන්ට යලි නිල නිවාස භාරදීමට කාලය ලබා දී තිබෙන අතර එයින් දැනට නිල නිවාස භාර දී තිබෙන්නේ 14 දෙනෙක් පමණක් බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත්
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
බාප්පා - පුතා කළ වැඩ ගොඩක් එළියට
පිටිගල මිලානෝ Friday, 18 October 2024 01:57 PM
බාප්පයි, පුතයි හොරකමේ යනවා කිව්වාම මට කපුටෙකුත් මතක් වුණා.
රට වැසියා Friday, 18 October 2024 02:50 PM
මේ තිරිසන්නුන්ව හිරේ තියාගෙන සලකන කොට, මුංව නඩත්තු කරන්න වෙන්නෙත් මේ තිරිසන්නු දුෂණය කරපු කාන්තාවන්ගේ පවුල් වලටමයි.
Neel Friday, 18 October 2024 03:48 PM
දියුණු රටවල වගේ දැඩි දඩුවම් දෙන්න ඕන.