IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


බාල සිසුවියන් තිදෙනකුට අලුත් පාඩමක් කියා දෙන්න ගිය පාසල් සේවක දැලේ

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

 වෙන්නප්පුව පොලිස් වසමේ පිහිටිප්‍රාථමික විදුහලක 4වෙනි වසරේ ඉගෙනුම ලබනසිසුවියන් තිදෙනකුට සහ සිසුවකුට සිය ජංගම දුරකථනයෙන්  අසභ්‍ය දර්ශන පෙන්වාඑම සිසු සිසුවියන්ගේ ඇඟපත අතගා ලිංගික අපයෝජනයක් සිදු කළේ යැයි කියනඑම විද්‍යාලයේ අනධ්‍යන කාර්ය අනධ්‍යන කාර්ය මණ්ඩලයේ සේවය කරන අයකුවෙන්නප්පුව මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ  නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (5) දහවල් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ ලුණුවිල ලුණුවිල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකි

එම සිසු සිසුවියන්  ගෙන් මේ  බව විදුහල්පතිවරයාට දැනගැනීමටලැබීමෙන් පසු විදුහල්පතිවරයා පැමිණ මේ ගැන පොලීසියට පැමිණිලිකර තිබේ.

ලිංගික අපයෝජනයකට ලක් වූ බව කියන මෙම සිසුවියන් තිදෙනා සහ සිසුවාවෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට පොලිසිය කටයුතු යොදා ගෙන යයි.

අසභ්‍ය දර්ශනපෙන්වීමට යොදාගත් බව කියන ජංගම දුරකථනය ද පොලිස් බාරයට ගෙන ඇත.

වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාගේ සහ පුත්තලම දිසාභාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ හලාවත කොට්ඨාසය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි ලූෂන් සූරියබණ්ඩාර සහ වෙන්නප්පුව පොලිස් අධිකාරීවසන්ත කුමාර යන මහත්තුරුන්ගේ උපදෙස් මත වෙන්නපුව මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිළිණ  හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.



අදහස් (2)

බාල සිසුවියන් තිදෙනකුට අලුත් පාඩමක් කියා දෙන්න ගිය පාසල් සේවක දැලේ

කුලතුංග Wednesday, 06 December 2023 06:53 AM

පාසැලේ ඔය තනතුරු දරන්නේ ප්‍රාදේශීය දේශපාලන කටයුතු කරන එකෙක් හෝ නැත්නම් උගේ නෑයෙක් හිතවතෙක් මිස වෙනත් කිසිවකු නොවෙයි එනිසා මෙය ඇත්තක් නම් සේවයෙන් පහකල යුතු වුනත් ඔතනදි කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ

:       0       8

රිතික් Wednesday, 06 December 2023 10:14 AM

අලුත් පාඩම් උගන්වන්න අමාරුයි කලබල නැතුව ඉවසීමෙන් වෙලාව අරගෙන කරන්න ඕනේ.

:       5       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 600 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 168 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 488 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 120 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1712 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 182 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site