IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


බැසිල්ගෙන් රනිල්ට කොන්දේසි මාලාවක්

(යොහාන් භාසුර)

ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ  බැසිල් රාජපක්ෂ යන මහත්වරු අතර පැවති සාකච්ඡාවක් එකඟතාවයෙන් තොරව අවසන් වූ බව පොදුජන පෙරමුණේ උසස් නිලධාරියෙක් පැවසීය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා හා බැසිල් රාජපක්ෂ හෙට (28) හමුවීමට නියමිත බවද එම නිලධාරියා සඳහන් කළේය.

එහිදී ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ගොඩනැගීමට නියමිත සන්ධානය පිලිබදව දීර්ඝ ලෙස සාකච්ඡා කළද ඉදිරි මැතිවරණවලදී පොදුජන පෙරමුණට ලැබෙන කෝටාව සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට නොහැකි වූ බවද එම නිලධාරියා කීය.

පලාත් පාලන ආයතන සදහා සියයට 30ක්,  පලාත් සභා සදහා සියයට 35 ක් සහ පාර්ලිමේන්තුව සදහා සියයට 40 ක් බැගින් කෝටාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දීමට ජනාධිපතිවරයා යෝජනා කළද බැසිල් රාජපක්ෂ මහතා පළාත් පාලන ආයතන සදහා සියයට 90 ක්, පාර්ලිමේන්තුව සහ පලාත් සභා සදහා සියයට 70 ක් බැගින්  ඉල්ලා සිටි බවත් එම නිලධාරියා කීය.



අදහස් (15)

බැසිල්ගෙන් රනිල්ට කොන්දේසි මාලාවක්

Lakmal Saturday, 27 July 2024 01:12 PM

රනිල් බැසිල් සමග නම් මගේ ඡන්දය රනිල්ට නැත. රට බංකොලොත්කල හොර මුදල් ඇමැතියා සමඟ කුමන කතාද?

:       0       0

Kaputas.com Saturday, 27 July 2024 01:58 PM

බැසිල් කියපුදේ කරන්න ගිහිල්ලා බැසිල්ගේ පොඩි අයියාට කෙලවිලා ගියා නම් රනිල් මැතිතුමා ඔබටත් කපුටා කරන්න හදන්නේ ඒකම තමයි.. අතීතයේ ලබ්බට තියපු අත පුහුලටත් කියලා කියමනක් තිබුණා නේද? ඒක මතක් කරගෙන කපුටා ගැන බලන්න එපා...!

:       0       0

fairoos Saturday, 27 July 2024 02:01 PM

මේ සැරේ ඇපෙත් නැතිව තමයි යන්න වෙන්නේ... ජනතාව දැන් වෙනස් වෙලා ඉවරයි...

:       0       0

අමර Saturday, 27 July 2024 02:38 PM

දැන් 10%න් බෑ වගේ. ‌ රටේ ජනතාවම තමා මේ ක්‍රමය නඩත්තු කරන්නේ. ලංකාවේ අයම තව දුක්විඳින්න මේ දූෂිතයින්ට අවස්ථාව ලබා දේවි. ජයවේවා...!

:       0       0

Nimal Saturday, 27 July 2024 03:25 PM

රට ගොඩගන්න ගේන කොන්දේසි නැද්ද? මිස්ටර් 10%

:       176       121

විජිත් Saturday, 27 July 2024 04:58 PM

ගියවර UNP එකට පොහොට්ටුවට ඡන්දෙ දුන්නු ඡන්ද දායකයින්ටයි මේ අමතන්නේ... ඔබලාගේ කරමතින් ගොස් බලයට පැමිණි මොවුන් දැන් ඔබලාව පාවාදෙමින් "එක්වීමට" උත්සාහ දරයි. මෙවැනි දෙපත්නයින්ට හෙවත් පාවාදෙන්නන්ට ඔබගේ වටිනා ඡන්දය මෙවරත් ලබාදී ඔබගේ දරු දැරියන් තවතවත් නයකාරයින් කරන්න ඔබට ඔබගේ සිතදෙනවාද? මෙරට විනාශ කරපු පාදඩ, අසික්කිත හොරුන් තවදුරටත් මේ රටේ බලයට ගෙනෙනවාද? නැත්නම් ඔවුන්ට උරුම හිර ගෙවල් කරා දක්කන්න ඔබගේ සහ‍ාය දෙනවාද? හිතන්න චුට්ටක්...!

:       203       126

වික්‍රම විදුර Saturday, 27 July 2024 05:05 PM

දෙගොලන්ගෙන්ම මේ ඡන්ද ලක්ෂ 7-9 එන එකක් නෑ. ඒ්කටත් කොන්දේසි... ඉක්මණටම යන අපායක යන්න. හැම ගෙදරකම මිනිස්සු සාප කරනවා ...!

:       159       106

අරවින්ද මොනරවිල Saturday, 27 July 2024 05:15 PM

හොරමක් කෙරුවාම බෙදාගන්න විදිහ, ටෙන්ඩර් එකක කොමිස් මුදල බෙදා ගන්නා විදිහ රාජ්‍ය දේපල අවභාවිතයට ගන්න විදිහ ටක්කෙටම කතා කරගෙන වගෙයි...

:       149       104

shantha Saturday, 27 July 2024 05:50 PM

දැක්කා නේද මොවුන්ගේ ඩීල් එක. මොවුන් දෙගොල්ලෝම පරද්දන්න රටවැසියන් එක්විය යුතුයි...

:       152       126

Modaya Saturday, 27 July 2024 06:10 PM

ඔය සේරම බොරු. 15ට ප්‍රථම ඔප්පු වෙයි. ඔවුන් කෝකත් එකයි. ජනතාවගේ පරපෝෂිතයෝ, රනිල් ට දුන්නත් ඔවුන් ඔවුන් ලබාගන්න ප්‍රතිලාභ කොහොමත් ගන්නවා. අපිට හුළං...

:       106       84

රටවැසියන් Saturday, 27 July 2024 07:00 PM

ඔය දෙගොල්ලන්ටම අපෙනුත් කොන්දේසි මාලාවක් තියෙනවා. 1. වහාම මහජන මුදල් වියදම්කර කරන ඡන්ද අල්ලස් බෙදීම නවත්වන්න ඕනෑ... 2. ජනමාධ්‍ය වාර්තා විකෘති කිරීමෙන් වැළකිය යුතුයි. 3. අපේ වටිනා ඡන්දෙ "හිඟාගෙන" අපේ ගෙවල්ගානේ පැමිණීම වහාම නැවැත්විය යුතුවේ. අහුවුනොත් කකුල් කඩනවා. අපේ ඡන්ද ඔබලා දෙගොල්ලන්ටම නැහැ..!!!

:       93       70

Ramani Saturday, 27 July 2024 07:03 PM

මොවුන් දෙන්නා කෝටා ගැනත් ගිවිසුම් ගහලා, ඒත් ඡන්දේ දිනලා නැහැ. මොවුන්ට කවුද ඡන්දෙ දෙන මෝඩයින්. අපේ අතින් අපේ බෙල්ල කපාගත්තු කාලේ ඉවරයි...!

:       98       82

Nilantha Saturday, 27 July 2024 07:05 PM

කපුටෝ, ඡන්දේ පැරදිලා ආයේ US පනිනවා බොරු. කෙලින්ම අඟුණකොළ පැලැස්සේ හිරගෙදර - වැසිකිලි පාටියට...

:       102       90

chithral Saturday, 27 July 2024 07:07 PM

මේ අය මොන තරම් අධමයින්ද?

:       114       89

de silva berlin Sunday, 28 July 2024 03:02 PM

ලෝකයේ දියුණු රටවල පක්ෂ මෙවැනි සන්ධාන හදනකොට මුලින්ම සාකච්චා කරන්නේ රට දියුණුවට පත්කරන්න ඉදිරියට ගන්න දේශපාලන ප්‍රතිපත්ති වැනි දේවල් ගැන නමුත් මේගොල්ල කතා කරන්නේ මෙගොල්ලගේ කොටා එක ගැන , මේ ගොල්ලට ඡන්දෙ දුන්නොත් ඉදිරියටත් රට කොට උඩ

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 08 11 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


අනුර උතුරෙන් සමාව ගත යුතුයි
2024 සැප්තැම්බර් මස 08 618 0

අනුර දිසානායක යාපනයට පැමිණ කළ තර්ජනකාරී ප්‍රකාශය සම්බන්ධයෙන් උතුරේ ජනතාවගෙන් වහාම සමාව ගත යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ ජන රැළ


‘‘අපේ ඇමැති මණ්ඩලය 25යි‘‘
2024 සැප්තැම්බර් මස 08 410 0

එළබෙන 21 පසුව අපි පිහිටුවන රජයේ විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් තමයි අපි හදන්නේ. එයට 25 දෙනයි. රාජ්‍ය ඇමතිවරු නැ . නියෝජ්‍යය ඇමති විතරයි. ඒ ඒ විෂයට අදාල ක්ෂේත්‍රය


ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 951 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 268 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 825 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 867 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site