IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


බිම්සානීගේ උසස්වීමට එරෙහි පෙත්සම මැයි 18 දා ගනී

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

 

ශ්‍රී ලංකාවේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස පසුගියදා උසස් වීම් ලද  බිම්ශානී ජාසිංහ ආරච්චි මහත්මියගේ  එම උසස්  වීම  බල රහිත කරන ලෙස ඉල්ලා  ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 32 දෙදෙනකු  විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම මැයි 18 වැනිදා සළකා  බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (16) නියම කළේය. 

මෙම පෙත්සම අද මුර්දු ප්‍රනාන්දු,  ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවිණි.

 එහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් වගඋත්තරකාර නියෝජ්‍ය පොලිස්පතිවරියගේ උසස්වීම ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් තමා අධිකරණයෙන් අපේක්ෂා කරන බව කියා සිටියේය.

එම අවස්ථාවේදී වගඋත්තරකාර නියෝජ්‍ය පොලිස්පති වරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්  කියා සිටියේ මෙම නඩුකරයේ පළමුවන පෙත්සම්කරු පොලිස් නීති අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන බවත් මෙම නඩුවට අදාළ ලේඛන මේ දක්වා තමන්ට ලැබී නොමැති බවත්ය.

ඒ අනුව අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කල් ලබාදෙන ලෙස නීතිඥ වර්ණසූරිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සමෙන් ඉල්ලා සිටින මෙම අතුරු තහනම් නියෝගයට අදාළ විරෝධතා අද ( 16) දින සිට සති තුනක් ඇතුළත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස වගඋත්තරකාර පාර්ශවයට දැනුම් දෙන ලදී

විරෝධතා වලට ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා ද එතැන් සිට සතියක් තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙස අධිකරණය පෙත්සම්කාර පාර්ශවයට දැනුම් දුන්නේය.

 ඉන් අනතුරුව පෙත්සම සලකා බැලීම මැයි මස 18 වනදා සිදු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු කළේය.

 



අදහස් (3)

බිම්සානීගේ උසස්වීමට එරෙහි පෙත්සම මැයි 18 දා ගනී

sharm warn Tuesday, 16 February 2021 09:52 AM

මෙතන තියෙන්නේ ඉරිසියාව පිළිබඳ ප්‍රශ්නයක්ද කියලා හිතෙන්නේ මට විතරද?

:       3       43

fairoos Tuesday, 16 February 2021 10:29 AM

කකුලෙන් ඇදීම...

:       3       34

ට ඉන්දික Tuesday, 16 February 2021 12:42 PM

ඒ අයටත් සුදුසුකම් තිබේ නම් ඉල්ලන එකනේ ඇත්තේ. මෙතැන ඇති සුවිශේෂි බව සලකා හරි මනුස්ස ගති ගුණයක් තිබේ නම් මෙවැනි නඩුවක් ගොනු නොකරනු ඇති..

:       4       22

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අද කාලගුණය
2025 අප්‍රේල් මස 10 195 0

බස්නාහිර සහ දකුණු පළාත්වල සහ පුත්තලම දිස්ත්‍රික්කයේ විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


අපරාද කණ්ඩායමක සාමාජිකයකු මාට්ටු
2025 අප්‍රේල් මස 10 343 0

ඩුබායි රාජ්‍යයේ සිට මෙහෙයවනු ලබන සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක සාමාජිකයකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ප්‍රධාන අනුගාමිකයකු ගිනි අවි හා මත්


රැකියා ගුවන් ටිකට් පතිනුත් වංචාවක්?
2025 අප්‍රේල් මස 10 614 0

විදේශ රැකියා ඒජන්සිය මාර්ගයෙන් විදේශ රැකියාවලට යන ශ්‍රමිකයන්ට ගුවන් ටිකට්පත් නිකුත් කිරීමේදී යම් නිලධාරියකු හෝ පුද්ගලයකු වංචනික අන්දමින් කටයුතු කර


මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂවරයෙක් දසලක්ෂයක මුදල් අවභාවිත කරලා
2025 අප්‍රේල් මස 10 374 0

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මහවැලි ආරක්ෂක අංශයේ සහකාර අධ්‍යක්ෂවරයකු 2022 ජනවාරි සිට දෙසැම්බර් දක්වා රාජකාරි කළ වාහනය වෙනුවෙන් නිකුත් කරන ඉන්ධන ප්‍රමාණ


චීනයෙන් ට්‍රම්ප්ට ප්‍රබල පිළිතුරක්
2025 අප්‍රේල් මස 09 2932 0

චීනය සහ ඇමෙරිකාව අතර ආරම්භ වී ඇති වෙළෙඳ යුද්ධය තවත් දරුණු කරමින්, ඇමෙරිකාවට චීනයෙන් ලැබෙන භාණ්ඩ සඳහා පනවන තීරු බද්ද සියයට 104 දක්වා ඉහළ දැමීමට ජනපති ඩොනල


‘එපා නම් මම සභාපති පුටුවෙන් පන්නන්න‘
2025 අප්‍රේල් මස 09 3280 0

“ඔබතුමා මුදල් අමාත්‍යාංශයෙ වැඩේ කරගෙන යන්න. මම මගේ වැඩේ කරගෙන යන්නම්. මගේ වැඩ වලට ඇඟිලි ගහන්න අවශ්‍ය නෑ. ප්‍රශ්නයක් තියෙනවා නම් ඔක්කොම එකතුවෙලා මාව සභ


මේවාටත් කැමතිවනු ඇති

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 165 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 829 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 636 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

Our Group Site