IMG-LOGO

2024 දෙසැම්බර් මස 21 වන සෙනසුරාදා


බිරියගේ පැමිණිල්ල ලියන්න ගිය පොලිසියට හිටපු ගුවන් නියමු සැමියා ගහලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බොරලැස්ගමුව පොලිසියේ සැරයන්වරයකුට සහ කොස්තාපල්වරයකුට  පහර දී  බරපතල තුවාල සිදුකළ රංගන ශිල්පිනියකගේ ෙ සැමියා වන හිටපු ගුවන් නියමුවකු අත්අඩංගුවට ගෙන ගල්කිස්ස අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් ආර්. ආර්. ගමගේ මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 30 වෙනි දින දක්වා රිමාන්ඩ් බාරයෙ තැබිමට නියෝග කළාය.

මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කරන ලද්දේ බොරලැස්ගමුව දිවුල්පිටිය පන්සල පාර පදිංචි  සම්පත් චාමික බණ්ඩාර දිසානායක නමැත්තෙකි.

පහරදීමෙන් බරපතල තුවාල ලද බොරලැස්ගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයට අනුයුක්ත පොලිස් සැරයන් හා පොලිස් කොස්තාපල්වරයා ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශීක්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.

පවුල් ආරවුලක් සම්බන්ධයෙන් රංගන ශිල්පිනිය බොරලැස්ගමුව පොලිසිය වෙත දුරකථනය හරහා කරන ලද පැමිණිල්ලකට අනුව රාත්‍රී ජංගම සංචාරයේ දී සිටි පොලිස් සැරයන්වරයා ඇතුළු කොස්තාපල් වරුන් දෙදෙනකු රංගන ශිල්පිනියගේ නිවස වෙත ගොස් තිබූ බව පොලිසිය කියයි.

නිවසේ ආලින්දයේ පුටුවක සිට ඇයගේ පැමිණිල්ල සටහන් කර ගනිමින් සිටියදී එම ස්ථානයට කඩා වැදීණු සැකකරු එකවරම පොලිස් සැරයන් වරයාගේ මුහුණ දෙසට පාදයෙන් ප්‍රහාරයක් එල්ල කිරීමත් සමගම සැරයන්වරයා හිද සිටි පුටුවෙන් අඩි කිහිපයක් ඈතට විසිවී වැටීමත් සමගම එම ස්ථානයට ගොස් තිබූ සැකකරු සැරන්වරයාගේ ගෙල මිරිකීමට උත්සාහ කිරීමේදී එහි සිටි කොස්තාපල්වරුන් දෙදෙනා සැරයන්වරයා බේරා ගැනීමට උත්සාහ දැරීමේදී ඔවුන්ට ද සැකකරු පාදයෙන් පහර දී ඇති අතර එම ප්‍රහාරයෙන් එක් කොස්තාපල්වරයකුද තුවාල ලබා ඇත.

අනෙක් කොස්තාපල්වරයා විසින් දැඩි ආයාසයක් දරා තුවාල ලබා සිටි සැරයන්වරයා සහ කොස්තාපල්වරයා නිවසින් පිටතට ගෙන ඒ බව පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් එම ස්ථානයට ගොස් දැඩි පරිශ්‍රමයක් දරා සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

 



අදහස් (0)

බිරියගේ පැමිණිල්ල ලියන්න ගිය පොලිසියට හිටපු ගුවන් නියමු සැමියා ගහලා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මුලතිව්වලට ගොඩබට මියන්මාර් සරණාගතයින්ගේ අදෝනාව
2024 දෙසැම්බර් මස 20 983 0

අපි බෝට්ටු තුනකින් රටින් පිටවුණා බෝට්ටු දෙකක් කැඩුණා. ඒ බෝට්ටු දෙකේ සිටී පිරිස අපේ බෝට්ටුවට නැග්ගා. ඒ එන අතරමගදී අපේ හයක් දෙනෙක් මැරුණා ඉන් හතර දෙනෙක් ළ


මාධ්‍ය අදහස් දැක්විම ඔළුවෙන් හිටගෙන
2024 දෙසැම්බර් මස 20 283 0

පොළොන්නරුව ඇළහැර ගොවි ජනපදයේ අලි මිනිස් ගැටුම පිළිබඳ බලධාරීන්ට කොතෙක් අදහස් ප්‍රකාශ කළ ද ඊට කිසිදු අවධානයක් නොමැති හෙයින් ඇලහැර ඉකිරිවැව ගම්මානයේ 51 ව


පුංචි ඡන්දය ගැන ජනපතිගෙන් ඉඟියක්
2024 දෙසැම්බර් මස 20 136 0

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ අලුත් අවුරුදු උත්සවයට පෙර පවත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහනුවරදී අද (20) පැවසීය.


අඹුසැමි යුවළට වෙඩි:සැමියා මරුට
2024 දෙසැම්බර් මස 20 1373 0

ගාල්ල දඩල්ල කනත්ත අසලදි යතුරු පැදියකින් ගමන් කරමින් සිටි අඹු සැමි යුවලකට මීට සුව වේලාවකට පෙර එල්ල කළ වෙඩි පහරකින් සැමියා එම ස්ථානයේම මියගොස් තුවාල ලැ


බිරියගේ පැමිණිල්ල ලියන්න ගිය පොලිසියට හිටපු ගුවන් නියමු සැමියා ගහලා
2024 දෙසැම්බර් මස 20 809 0

බොරලැස්ගමුව පොලිසියේ සැරයන්වරයකුට සහ කොස්තාපල්වරයකුට පහර දී බරපතල තුවාල සිදුකළ රංගන ශිල්පිනියකගේ ෙ සැමියා වන හිටපු ගුවන් නියමුවකු අත්අඩංගුවට ගෙන ග


ජනපතිවරණයට පෙර අනුර ඝාතන තැතේ විමර්ශන තවදුරටත්
2024 දෙසැම්බර් මස 20 572 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ජනාධිපතිවරණයට පෙර ප්‍රහාරයක් එල්ලකර ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් රහස් පොලිස් විමර්ශන තවදුරටත් සිදුකරන බව


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 8 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 15 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 120 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site