IMG-LOGO

2024 දෙසැම්බර් මස 27 වන සිකුරාදා


බීමත්ව රිය පැදවුවහොත් අවුරුද්දක තහනමක්

(යොහාන් භාසුර)

බීමත්ව රියපැදවීමේ චෝදනාවට අත්අඩංගුවට ගන්නා රියදුරන්ගේ රියදුරු බලපත්‍රය වසරක කාලයක් අත්හිටුවීමට හෝ රියදුරු බලපත්‍රය අවලංගු කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටීමට පොලීසිය කටයුතු කරමින් සිටින බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

රියදුරන් බීමත්ව රියපැදවීම බහුලව දැකිය හැකි වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් දඩුවම් වැඩි කළ හොත් මෙම තත්වය පාලනය කළ හැකි යැයි විශ්වාස කරන බවත් එම නිලධාරියා කීය.

පොලිසිය සමස්ත දිවයිනම ආවරණය වන පරිදි මේ වන විට ක්‍රියාත්මක කර තිබෙන රථවාහන වැරදි කරන රියදුරන් නීතියේ රැහැනට හසුකරගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක බව කී එම නිලධාරියා අද (26) පෙරවරු 6.00 න් අවසන් වූ පැය 24 තුළ බීමත් රියදුරන් 395 කට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ බව ද සඳහන් කළේය.

එම පැය 24 ක කාලය තුළ අපරීක්ෂාකාරී සහ අනතුරුදායක ලෙස රිය පැදවීමට රියදුරුන් 50 කට, අධික වේගයෙන් රිය පැදවීම සම්බන්ධව රියදුරන් 120 කට, මාර්ග නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් රියදුරන් 1,262 කට, බලපත්‍ර වැරදි සම්බන්ධ රියදුරන් 682 කට සහ වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන් 5,441 කට ලෙස රියදුරන් 7,950 කට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ බව ද එම නිලධාරියා කීය.

මෙම මස 20 වැනිදා ආරම්භ කළ එම මෙහෙයුම තව දුරටත් ක්‍රියාත්මක කරන බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය. 

 



අදහස් (2)

බීමත්ව රිය පැදවුවහොත් අවුරුද්දක තහනමක්

Mihiranaga. Thursday, 26 December 2024 11:44 PM

තවදුරටත් නෙමෙයි හැමදාමත් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි

:       0       21

කමනි Friday, 27 December 2024 08:57 AM

අවුරුද්ද නං මදි. මේ අයව චෙක් කරනවාත් මදි... කට්ටිය කිසි බයක් නැතුව බීලා එලවනවා. අනිත් අය ජීවිතයෙන් වන්දි ගෙවනවා.

:       0       14

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මුදල් වංචා කළ ගුවන් සෙබලෙකු අත්අඩංගුවට
2024 දෙසැම්බර් මස 27 52 0

බස් රථයක් විකිණීම සඳහා අන්තර්ජාලයේ දැන්වීම් පලකර පුද්ගලයෙකුගෙන් රුපියල් 50,000 ක මුදලක් ලබාගෙන බස් රථය ලබා නොදුන් ගුවන් හමුදා සෙබලෙකු අත්අඩංගුවට ගත් බව


යතුරු පැදිකරුට කටපුංචා පෙන්නා තර්ජන කළැයි අයෙක් සැකපිට
2024 දෙසැම්බර් මස 27 223 0

කොට්ටාව පන්නිපිටිය ප්‍රදේශයේ වෙළදසැලක් අවහිර කර යතුරු පැදියක් නවත්වා තැබීම සම්බන්ධයෙන් තුවක්කුවක් එල්ල කර මරණ තර්ජනය කළ බව කියන පුද්ගලයෙකු සැකපිට අ


හිටපු ඇමැතිවරු 5 ක් ගැන විමර්ශනයක්
2024 දෙසැම්බර් මස 27 938 0

බරපතළ මූල්‍ය වංචා මිනීමැරුම් ඇතුළු විවිධ චෝදනා එල්ල වී ඇති හිටපු අමාත්‍යවරුන් පස් දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයි


රතු වරෙන්තු සහිත අඹු සැමි යුවළක් කටුනායකින් අල්ලයි
2024 දෙසැම්බර් මස 27 1492 0

ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තුකරුවන් ලෙස සටහන් වී ඇති , ශ්‍රී ලංකාව තුළ රුපියල් කෝටි ගණනක මූල්‍ය වංචා සිදු කර , මෙරටින් පළා ගොස් සිටි අඹුසැමි යුවළක් සහ


හිටපු පා.ම ලලිත් එල්ලාවල දේශපාලනයෙන් සමුගනී
2024 දෙසැම්බර් මස 27 1958 3

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී , පානදුර සමගි ජන බලවේගයේ ආසන සංවිධායක මහතා අද (27) දේශපාලන ජීවිතය සමුගන්නා බව සදහන් කලේය.


නියමුවන් රහිත කුඩා ගුවන් යානයක් ත්‍රි‘මලේ මුහුදු තීරයේ
2024 දෙසැම්බර් මස 27 1779 2

ත්‍රිකුණාමලය මුහුදු තීරයේ පාවෙමින් තිබූ නියමුවන් රහිත කුඩා ගුවන් යානයක් ධීවර කාර්මික පිරිසක් ඊයේ (26) රාත්‍රී සොයාගෙන ඇතැයි වරාය පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 159 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 125 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 88 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site