(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ ලේඛන ඩිජිටල් කරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ කාර්යක්ෂමතාව, නිරවද්‍යතාව සහ ප්‍රවේශතාව වැඩිදියුණු කිරීමේ අරමුණින් එහි ලේඛන ඩිජිටල්කරණය කිරීම රටේ බුද්ධිමය දේපළ පරිපාලනය සහ බලාත්මක කිරීම උදෙසා අත්‍යවශ්‍ය පියවරක් බවට හඳුනාගනු ලැබ ඇත. මාර්ගගත ලියාපදිංචි කිරීමේ පහසුකම්, ඉලෙක්ට්‍රොනික ගොනු කිරීමේ හා වාර්තා තබා ගැනීමේ පද්ධතීන්, අධිලේඛනගත වාර්තා ඩිජිටල්කරණය සහ එබඳු ඩිජිටල්කරණ වැඩසටහන් යටතේ මාර්ගගත සන්නිවේදන වේදිකා හඳුන්වා දීම මඟින් වඩා විශ්වසනීය, වඩා වේගවත් සහ පරිශීලක හිතකාමී බුද්ධිමය දේපළ සේවා සැලසීමට අපේක්ෂා කරනු ලබයි.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ මෙහෙයුම් වඩාත් කාර්යක්ෂමව හා ඵලදායීව ඉටු කිරීමට පහසු වනු ඇත. එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 70.2 ක් වටිනා තාක්ෂණික සහ සේවා ප්‍රදානයක් ලබා දීමට ලෝක බුද්ධිමය දේපළ සංවිධානය එකඟ වී තිබේ.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ ලේඛන ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත්, යෝජිත ප්‍රදානය ලබා ගැනීම පිණිස ලෝක බුද්ධිමය දේපළ සංවිධානය සමඟ සහයෝගිතා ගිවිසුමකට අත්සන් තැබීමටත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
රුපියල් මිලියන හැට හත්දහස් පන්සියයක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතු වෙන්දේසියක් පෙබරවාරි 13දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
ත්‍රිකුණාමලය කුච්චවේලි හා හොරොව්පොතාන ජාතික උද්‍යානයේ වනජීවී නිලධාරීන් එක්ව සිදුකළ වැටලීමකදී වාලම්පුරි 04ක් රුපියල් කෝටී හතර හමාරකට අලෙවි කිරීමට ගි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂබාස් ෂරීෆ් මහතා අතර හමුවක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී අද (11)සිදු විය.
පසුගිය මාස 4 ක කාලය තුළ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පොලිස් නිලධාරීන් 17 දෙනකු ස්ථීරවශයෙන් සේවයෙන් පහ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී
දර පටවගෙන ගමන් කරමින් තිබු ලොරි රථයකට යටවි පාසැල් සිසුවකු එම ස්ථානයෙදීම මරණයට පත්ව ඇති බව මහකුඹුක්කඩවල පොලිසිය කියයි.
විදුලිබල පද්ධතිය හදිසියේ නරත කිරීමට සිදුවුවද නොරොච්චෝලේ බලාගාරයට හදිසියේ නතරවීමට නොහැකි බවත් එම අවස්ථාවේදී ආරක්‍ෂක පද්ධතිය ක්‍රියාත්මක වූ පසුව බලා
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
බුද්ධිමය දේපල ලේඛන ඩිජිටල් කරයි