IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


‘භික්ෂුවට දේශපාලනය ඕනෑ නම් සිවුරේ ඉන්න බෑ’

‘දේශපාලනය භික්ෂුවට සුදුසු නොවේ.කැප ද නොවේ.යම් භික්ෂුවකට දේශපාලනයට එන්නම  ඕනෑම නම් ඇත්තේ එකම ක්‍රමයයි සිවුර බුදුන් වහන්සේට භාර දීම පමණයි.

අහුංගල්ලේ සිරි සීලවිසුද්ධි අමරපුර සද්ධම්ම මහා නිකායේ මහා නා හිමියෝ  මාදුගඟ කොක්දුවේ පුරාණ රජමහා විහාරයේ  උත්සවයකදී  එසේ කීහ.

භික්ෂුව දේශපාලන මඩ ගොහොරුවේ නොවැටිය යුතු බවත් භික්ෂුවගේ යුතුකම විය යුත්තේ  ඕනෑම පක්ෂයක දායකයිනට එක සේ අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කිරීම බවත් සීල විසුද්ධි හිමියෝ කීහ.

 

 



අදහස් (0)

‘භික්ෂුවට දේශපාලනය ඕනෑ නම් සිවුරේ ඉන්න බෑ’

රෝයි Friday, 13 June 2014 09:09 PM

ඔය අදහස උත්සවයකදී ප්‍රකාශ කිරීම පමණක් ප්‍රමාණවත් නැහැ. එයින් බලන්නේ තමන්ගේ නම කියවා ගැනීම පමණයි. කළහැකි දේ සහ කල යුතු දේ අපට වැටහෙනවා. ලංකාවේ ඇත්තේ ප්‍රදාන නිකාය 3යි. මල්වතු අස්ගිරි රාමංඥ සහ අමරපුර වසයෙන් ප්‍රදාන පාර්සව 4යි. මේ හතර ඇතුලේ ඕනෑ තරම් කුඩා කොටස් බෙදිලා ඉන්නවා. තනි තනිව කරන ප්‍රකාස වලට වඩා මෙම පාර්ශව හතරේ මහනායක හාමුදුරුවරු එකතුවෙලා කරන ප්‍රකාශය සහ ගන්න තීරණය වැදගත්. එහෙම දෙයක් නොවීම තමයි අපට ඇති කණගාටුව. (නදී)

:       0       0

ශාන්ත Saturday, 14 June 2014 12:07 PM

රෝයි,මම හිතන්නේ නැහැ මේ නායක හාමුදුරුවන්ට නම කියවා ගැනීමේ අවශ්‍ය තාවයක් ඇති කියා.උන්වහන්සේ කි දෙය මෙහි පල වුණා. එච්චරයි. (අ)

:       0       0

ශානක Sunday, 15 June 2014 03:41 AM

කවුරු චන්දෙ ඉල්ලුවත් සුදුස්සාට දෙන්න ජනතාව දැන ගන්න ඕනේ. හාමුරුවොත් චන්දෙ ඉල්ලලා කියපු දේවල් නෙමේ කරන්න (දී)

:       0       0

දම්මික Friday, 13 June 2014 09:53 PM

බුද්ධ දේශනාව භික්ෂුවට දේශ පාලකයාට අර්ථයෙන් ධර්මයෙන් අනුශාෂණය පමණි. එසේ නැතුව භික්ෂුව දේශපාලනයට අවතීර්ණ වීම නොවේ. ධර්මය උගත් භික්ෂුවට මෙය නොතේරීම මේ උතුම් ධර්මයේ පරිහානියයි. අපේ එදා සිටි භික්ෂුන් වහන්සේ ලා මේ ශාසනය රැක්කේ තම දිවි පරදුවට තබා. එහෙත් අද මන්ත්‍රී හාමුදුරුවෝ නිසා සසුනට ගිය කලක් (නදී)

:       0       0

දකුණේ සිල්වා Friday, 13 June 2014 10:17 PM

සම්පත් ඔයා හිතන්නේ ඊලග ජනාධිපති සෝඛිත හාමුදුරුවෝ කියලද ? දැන්වත් ඔයා සිහිනෙන් අවදිවෙලා වට පිට බලන්න (නදී)

:       0       0

රොනී Saturday, 14 June 2014 12:33 PM

ඩැනියෙල්,ඔයා කරලා තියන්නේ සමච්චලයක් ද. එක හොඳ නැහැ. (අ)

:       0       0

ප්‍රියන්කා Saturday, 14 June 2014 12:55 PM

ගිහියන් හරියට දේශපාලනය කෙරෙනවා නම් සංගාය වහන්සේලාට මේ වගේ වෙන්නේ නෑ. අද බෞද්ධයාට අත් වෙලා තියෙන ඉරණම බලාගෙන අහක බලන් ඉන්න දේශපාලකයෝ නිසා තමයි සංඝයා වහන්සේලවත් ඉදිරිපත් වෙලා ජාතිය අගම බේරගන්න හදන්නේ. උන්වහන්සේලාත් බන භාවනා කෙරගෙන හිටියොත් මේ ධර්මද්වීපය තව අවුරුදු 25-30 කින් මොනවා වෙයිද දන්නේනෑ. නියම සිංහල බෞද්ධයෝ ඇස ඇරලා හොදට බලන්න. නිදාගෙන ඉන්න උදවියට එක තේරෙන්නේ නෑ. මමත් හාමුදුරුවෝ දේශපාලනය කෙරෙනවට කැමති නැති උනාට සිංහල බෞද්ධයෝ රකින්න වෙන කවුද ඉදිරිපත් වෙන්නේ? (අ)

:       0       0

සිල්වෙස්ටර් Saturday, 14 June 2014 12:15 AM

අද ලොව ගමන් කරන්නේ අමුතුම දිශාන්තියකට අපේ හාමුදුරුවනේ.ලඟදි පාප් වහන්සේත් සමාව ඉල්ලා සිටියා, ඒ වතිකානුවේ ඇතැම් භික්ෂුන්ගේ අපචාර ක්‍රියා සම්බන්ධයෙන්.ඒ වගේම ඔවුනට දඬුවම් ද ලැබුනා.දේශපාලනය බෞද්ධ භික්ෂුවට අකැප බව ඔබවහන්සේගේ මතය හරි, නමුත් පාප් වහන්සේත් රාජ්‍ය නායකයෙක්.අතීත සයිප්‍රස් රටේ ජනාදිපති වෙලා හිටියේ අගරදගුරුතුමෙක්. (දී)

:       0       0

කුසුම් Saturday, 14 June 2014 12:30 AM

බොහෝ දෙනෙක් නම් මඩ ගොඩට වැටිලා ඉවරයි. ගොඩ ඉන්න අපිට ඒක පෙනුනට මඩේ ඉන්න අයට, ඒ අය ඉන්නේ මඩේ කියල නොත්රෙන එක තමයි ප්‍රශ්නය. (දී)

:       0       0

ලතා පළිහෙන Saturday, 14 June 2014 12:38 AM

පවොදෝ කමයි දේශපාලනයයි දෙකක් මොකටද පිරිසිදු බුදු දහම රැකලා සිව්ර පැත්තකින් තිබ්බොත් හොඳයි (දී)

:       0       0

රනා Saturday, 14 June 2014 01:34 AM

හරි හෝ වැරදි හෝ වේවා දේශපාලනයට යොමුවීමෙන් සමස්ත භික්ෂු පරපුරටම ආරක්ෂාව සම්බන්දව ගැටලුවකට මූණ පාන්න වෙනවා. එහෙම වුනොත් එය සසුනේ පැවැත්මට හානියක්. කරුණාකර උපැදිව සටන කොට ජයගත් පසු නැවත පැවිදි වන්න. (දී)

:       0       0

රොෂේන් දී සිල්වා Saturday, 14 June 2014 02:29 AM

වැදගත් තීරණය අපේ හාමුදුරුවනේ මම කලූපේ නාගරුක්කාරාමයේ අවුරුදු 20 කට පෙර ඔබ වහාන්සේ දෙසූ ධර්මදේසනාවට ඉතා ඔනෑ කමින් සවන් දුන්නෙමි (දී)

:       0       0

ලොගේශ්වරන් Saturday, 14 June 2014 03:09 AM

බෞද්ධ දේශපාලනය ලෝක පාලනයක් .මන්ත්‍රීල හාමුදුරුවෝ. හැමවිටම නායකයෙක්. ජන දේශපාලනය සිමිතයි . තේරී අපු අය එන්න .මේක බලයට බෙදිලා කරන දෙයක්.බුද්ධ දේශනාවට අනුව භික්ෂුවට දේශ පාලකයාට අර්ථයෙන් ධර්මයෙන් අනුශාෂණය පමණි. එසේ නැතුව භික්ෂුව දේශපාලනයට අවතීර්ණ වීම හොද නැහැ. (දී)

:       0       0

පාලිත Saturday, 14 June 2014 03:24 PM

හරියටම හරි. දේශපාලනය භික්ෂුවට අනවශ්‍යයි. (අ)

:       0       0

ඥානවිමල හිමි Saturday, 14 June 2014 03:47 AM

නායක හාමුදුරුවන්ගේ මතයට ගොඩක් ගරුකරනවා. හාමුදුරුවරු චන්දෙට යන එක වහාම නතර කල යුතයි. මහනායක හිමිවරු මේ පිලිබදව පොදු මතකට අවොත් ගොඩක් වටිනවා. (දී)

:       0       0

ලුම්බිණි Saturday, 14 June 2014 03:37 PM

හරි කතාවක්. (අ)

:       0       0

කුෂාන්ත Sunday, 15 June 2014 09:53 AM

ඒ ප්‍රකාශය සම්පුර්ණ නිවැරදියි (දී)

:       0       0

මාලා Saturday, 14 June 2014 04:52 AM

සෝභිත ස්වාමීන්වහන්සේ දේශපාලනයට කවදාවත් එන්නේ නැත. උන්වහන්සේ විධායක ජනාදිපති කම අහෝසිකරලා එතනින් බැහැල යනවා. දේශපාලන මඩේ ලගින කෙනෙක් නොවේ උන්වහන්සේ. (දී)

:       0       0

එරංග උදය Friday, 13 June 2014 04:50 PM

හොඳ අදහසක් (දී)

:       0       0

අසෝක Saturday, 14 June 2014 05:46 AM

මොනවා වුණත් මේ හාමුදුරුවෝ ප්‍රවේශම් වුණොත් හොඳයි (නි)

:       0       0

ටිරෝන් Friday, 13 June 2014 04:58 PM

සම්පූර්ණ ඇත්ත අපේ හාමුදුරුවනේ (දී)

:       0       0

ඩැනියල් Friday, 13 June 2014 04:58 PM

දේශපාලනයද , මහන කමද (දී)

:       0       0

දීන් Friday, 13 June 2014 05:05 PM

වැදගත් අදහසක් (දී)

:       0       0

නන්දන Friday, 13 June 2014 05:14 PM

එතකොට දැන් දේශපාලනයේ ඉන්න අයට මොකද වෙන්නේ? (නි)

:       0       0

භානු Friday, 13 June 2014 05:14 PM

මේ තමයි පිරිසිදු බුදු දහම රකින සංඝයා වහන්සේ ! (දී)

:       0       0

ගුණවංශ Friday, 13 June 2014 05:18 PM

වර්තමානයට අදාළ වන අයුරින් නීති හදන්න සුද්දගේ නීති දැන් යල් පැන ගිහිල්ලා (දී)

:       0       0

පෙරුමාල් Saturday, 14 June 2014 07:51 AM

සියලු භික්ෂූන් වහන්සේලා අතර මෙම මතය ප්‍රචලිත කළයුතුයි (නි)

:       0       0

රංග Friday, 13 June 2014 05:39 PM

සිවුර අතහැර දේශපාලනයට එනවා නම් සංඝයා වහන්සේලාට එපමණ ඡන්ද සංඛ්‍යාවක් නම් ගන්න බැරිවෙයි කියලා මට හිතෙනවා (නි)

:       0       0

රෝහිත Friday, 13 June 2014 05:40 PM

100%ක් එකඟ වෙනවා (නි)

:       0       0

අමිල Friday, 13 June 2014 05:44 PM

100% ඇත්ත. ඔය ටික දැන් ඉන්න කට්ටියට කියල දෙන්න පුලුවන්නම් ඒක තමා කරන ලොකුම පින.(නදී)

:       0       0

රන්ජිත් Friday, 13 June 2014 06:09 PM

භික්ෂුන්ට, සිවුරට දැන් ඉස්සර වගේ සැළකීමක් නැහැ මිනිසුන්ගේ. ජනතාවත් මේ ගැන හිතන්න ඕනෑ. දේශපාලනයට, බලයට යටවුණ අයට මේ ගැන තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

නිමල් ලලිත Saturday, 14 June 2014 09:01 AM

මහා නායක ස්වාමින් වහන්සේගේ අදහසට මමත් එකඟයි (නි)

:       0       0

නිමලා Saturday, 14 June 2014 09:04 AM

සහතික ඇත්ත හාමුදුරුවනේ (නි)

:       0       0

ෂෙහාර් Friday, 13 June 2014 06:23 PM

ඉතා හොඳයි (නි)

:       0       0

විකි Friday, 13 June 2014 07:10 PM

සම්පූර්ණ ඇත්ත අපේ හාමුදුරුවනේ (අ)

:       0       0

ව. සුමේධ ෆෙර්ණන්දෝ Saturday, 14 June 2014 10:34 AM

එක එහෙන්මම තමයි වෙන්න ඕන. බුදු රජාණන්වහන්සේගේ සිව්ර දරාගෙන යමෙක් දේශපාලනය කරනවනම් ඔහු හෝ ඇ ය කවදාකවත් නියම භික්ෂුවක් වෙන්නේ නැහැ (දී)

:       0       0

මිනිපෙ Saturday, 14 June 2014 09:33 PM

ඕනෙකෙනෙක් චන්දෙ ඉල්ලපුදෙන්, අපි ඒ ගොල්ලන්ට චන්දෙ නොදී හිටියම හරිනේ. (දී)

:       0       0

ලක්ෂපාන Friday, 13 June 2014 08:01 PM

දේශපාලනයට බහුතරයක් යන්නේ බල තන්හාවට, මුදල් ගැරීමට, ජනතාවට සෙතක් කරන්න කියල පිරිසිදු සිතකින් දේශපාලනයට යන අය හරිම අල්පයි. ඒ වගේ දුගඳ හමන තැනක් භික්ෂුන් වහන්සේලාට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. සමහර භික්ෂුන් වහන්සේලා සිවුරු ඇඳගෙන සාසනයට කොහෙත්ම ගැලපෙන්නේ නැති වැඩ බොහෝ කරනවා. ඒ නිසයි අද භික්ෂුන්වහන්සේලා දිහා බහුතරයක් වැරදි කෝණයකින් බලන්නේ. මේ අදහස බොහොම වටිනවා. රටේ සිටින සියලුම භික්ෂුන්වහන්සේලා ක්‍රියා කරන ආකාරයට සොයා බලනවා නම් සාසනයට ගැලපෙන චීව්රදාරින් පමණක් ඉතිරි කොට සාසනය විනාශ කරන අය සාසනයෙන් ඉවත් කරොත් අපේ මේ උතුම් බුදු දහමට තිබෙන පිළිගැනීම තව තවත් වැඩිවෙවී. (නදී)

:       0       0

අහිංසා Saturday, 14 June 2014 10:42 AM

හාමුදුරුවනේ ඔබ වහන්සේ බුදුන් දැක නිවන් දකිනවා..ඔබවහන්සේ ඇත්තටම බුදුකුලයේ කෙනෙක්.. (දී)

:       0       0

සම්පත් දර්ශන Saturday, 14 June 2014 10:44 AM

නැහැ..දැන් පවතින සමාජය ක්‍රමය අනුව රට වෙනුවෙන් දර්මය වෙනුවෙන් සාදාරනය වෙනුවෙන් භික්සුවක් මේ ආකාරයෙන් ඉදිරියට පැමිණිය යුතුයි (දී)

:       0       0

චමිලා Friday, 13 June 2014 08:30 PM

ඇත්ත හොඳ අදහසක් (නදී)

:       0       0

ඉන්දු අම්බලන්ගොඩ​ Friday, 13 June 2014 08:38 PM

භික්‍ෂුව බෳද්ධ සමාජයේ ඉහලම ස්ථරයයි. වැරදි නිවැරදි කිරීම හා අනුසාශනා කිරීම අප භික්‍ෂුව ගෙන් බලාපොරොත්තු වන සමාජ ශෝධනයයි. දේශපාලනිකව පිල් බෙදීම රෘජු ප්‍රථිපත්ති රැකීමට භාදාවකි. සංඝයා භේදවන පාප කර්මයකි. (නදී)

:       0       0

දෙවිනුවර ජයසිරි ලියනගේ Saturday, 14 June 2014 11:05 AM

හාමුදුරුවෝ දේශපාලනයට ඇවිත් මටත් පන්සල එපා වෙලා ඉන්නෙ ඒක බොහොම වැදගත් අදහසක් (දී)

:       0       0

රමසි Friday, 13 June 2014 08:43 PM

පැවිදිවෙනකොට කියනවා 'සබ්බ දුක්ඛ නිස්සරණ...' (සියලු දුක් නැතිකිරීම පිණිස) කියලා. දැන් තියෙන විදියට කෙනෙකුට හිතෙනවද දන්නේ නැහැ ඒ කියන්නේ පාර්ලිමේන්තුවට යන එක කියලා. (නදී)

:       0       0

සම්පත් Friday, 13 June 2014 08:46 PM

එ්ක මතක් වෙලා තියෙන්නේ සොබිත හාමුදුරුවෝ ජනාධිලතිවරණයට එනවා කීවට පස්සේ (නදී)

:       0       0

සේනාරත්න Saturday, 14 June 2014 11:30 AM

අද හාමුදුරුවරු තමන්ගේ පැවිදි වීමේ පරමාර්ථ පසෙක තබා වෙන ක්‍රමවලින් පටු ජනප්‍රියවීම උදෙසා දේශපාලනයට එනවා .එකක්වත් හරියට කරන්නේ නැහැ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 1317 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 807 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1880 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 481 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2773 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37157 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24473 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 188 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 623 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site