භික්ෂූන් වෙනුවෙන් නීති රීති මාලාවක් හඳුන්වා දෙමින් නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර මහා සංඝරත්නයේ අවසර නොගැනීම රජයේ යම් අතපසුවීමක් බව මෛත්‍රීපාල සිරිසේන ජනපති කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති අමරපුර විද්වත් සංඝ සම්මේලනයේ දී කීවේය.
එම කෙටුම්පත භික්ෂූන් වහන්සේලාට ඉදිරිපත් කර අදහස් ලබා ගැනීමට අපේක්ෂා කරන බව ද ජනපති කීවේය.
ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන
ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බය
මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්
ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.
නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.
තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘භික්ෂු පනත ගේනකොට අතපසුවීමක් වුණා‘
හේමන්ත Monday, 18 January 2016 03:37 PM
ඔබතුමා කරපු දේවල් ඔක්කොම එහෙම තමයි. දැන් නම් හැරෙන්න වත් බැහැ හොදටම පරක්කුයි. (ස)
කුමාර Monday, 18 January 2016 03:33 PM
පාර්ලිමේන්තුවේ මැති අැමති වරුන්ටත් නීති මාලාවක් ගෙනාවොත් හොඳ නේද? (ස)
වික්‍රම Tuesday, 19 January 2016 07:02 AM
ඔබතුමා ජනාධිපති කිරීමෙන් අපිටත් අතපසුවීමක් සිද්ධ වුණා! (බ)
විපුල Tuesday, 19 January 2016 07:04 AM
බෞද්ධ ආගමට සම්බන්ධවෙන පනතක් හදනකොට ප්‍රධාන භික්ෂුවහන්සේලා හවුල් කරගත්තේ නැත්නම් කාගෙන්ද මෙයට උපදෙස් ගත්තේ? (නි)
රුවන් Tuesday, 19 January 2016 07:05 AM
මොකද අනේ මේ වෙන්නේ? අයවැයේ ඉඳලා සෑහෙන වරදිනවනේ. (නි)
රාමනායක Tuesday, 19 January 2016 07:13 AM
ලොකුම අතපසුවීම තමයි ජනතාවට වෙලා තියෙන්නේ. (නි)
දම්මි Monday, 18 January 2016 04:00 PM
ඔච්චරටම අමතක වෙනවද? (නි)
ප්‍රසන්න Monday, 18 January 2016 04:07 PM
බජට් එකටත් ඕකමද දන්නෙ නැහැ වුණේ? (නි)
හිමාල් Tuesday, 19 January 2016 04:42 AM
අනේ මන්දා මට නම් මේවා තේරෙන්නේ නැහැ (නි)
සොපී Tuesday, 19 January 2016 04:43 AM
මේවා අපි රාජ්‍ය නායකයෙකුගෙන් බලාපොරොත්තු වන උත්තර නොවේ (නි)
මහින්ද සෞදි Tuesday, 19 January 2016 05:02 AM
ඔබලාට කිසි වැරදීමක්,අතපසු වීමක් වෙලා නැත.ඒ ටික වෙලා තියෙන්නේ මහජනයටයි.(ම)
අමා Tuesday, 19 January 2016 07:50 AM
ඔබතුමා ජනාධිපති කිරීමෙන් අපිටත් අතපසුවීමක් සිද්ධ වුණා! (ම)
ඉසුරු Monday, 18 January 2016 05:02 PM
අතපසුවීම් කා අතිනුත් වෙනවා (නි)
අප්පුහාමි Monday, 18 January 2016 05:19 PM
මම දැනගෙන හිටියේ නැහැ, මට අතපසු වුණා... මේ වගේ ප්‍රකාශ අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ (නි)
සේනක Monday, 18 January 2016 06:28 PM
කලින් නම් කිවුවේ අපේ ගමන බොහොම හිමින් කියලා. එතකොටත් වරදිනවද? අනේ මන්දා! (නි)
හේවා Monday, 18 January 2016 07:31 PM
සුද්දන්ගේ කාලෙදිවත් බුද්ධාගමට නීතිරීති දැම්මේ නැහැනේ. ඉතින් මේ වැඩේ ගැන නැවත හිතුවොත් හොඳ නැද්ද? (නි)
මහින්ද සෞදි Monday, 18 January 2016 08:08 PM
දැන් එතකොට මෙය කරන්නේ කාගේ උවමනාවකටද? (නි)
ජනහිත Monday, 18 January 2016 08:54 PM
හතුරා අපි දන්නවා. එහෙත් මිතුරු වේශයෙන් එන හතුරා වැඩේ ඉවර වෙනතුරුම දැනගන්න අමාරුයි. බුදුබණේත් තිබෙනවනේ " අප්පමාදෝ අමතපදං - පමාදෝ මච්චුනෝ පදං" කියලා. (නි)
එච්. පද්මපෙරුම Monday, 18 January 2016 09:08 PM
මේ සුළු කාලය තුළදී රජය කළ සුළු සුළු වැරදි එකතුකළා නම් විශාල කුණුගොඩක් වගේ වෙයි. (නි)
යොහාන් Monday, 18 January 2016 09:23 PM
ඒක නම් ලොකු අතපසුවීමක් (නි)
ප්‍රනාන්දු Monday, 18 January 2016 10:28 PM
මේ පනත් ගෙනෙනවාට වැඩිය හොඳ නැද්ද ජනතාවගේ කුසගින්න ගැන හිතුවා නම්? (නි)
දුමින්ද Monday, 18 January 2016 01:06 PM
වම කරන දෙය දකුණ නොදනීද. (ර)
රත්නේ Monday, 18 January 2016 01:06 PM
පහු වෙද්දී තව මොනවා අතපසු වෙලා තියේවිද දන්නේ නැ. (ර)
ලසන්ත Monday, 18 January 2016 01:37 PM
අතපසුවීම මිනිස් ස්වබාවයක්. නමුත් එ්ක පිළිගෙන නිවැරදි කර ගැනීම බොහොම යහපත් දෙයක් (බ)
දීපාල් නිරෝෂ් Monday, 18 January 2016 01:37 PM
මෙහෙම අතපසුවීම නම් අතී භයානකයි, ඇත්තටම මෙහෙම පනතක් ගේනවා කියල අතිගරු ඔබතුමා දැනගෙන හිටියද? නැත්නම් යෝජිත ව්‍යවස්ථාවත් මේ වගේ නොදැනුවත්වම සම්මත වේවි. (බ)
ඉන්දික Tuesday, 19 January 2016 02:11 AM
ලංකාව වගේ රටක මේ වගේ දේවල් නිතරම වෙනවා. පස්සේ කියනවා අපිට වැරදුනා/අතපසුවුණා කියලා. (නි)
අතුල Monday, 18 January 2016 01:38 PM
එතකොට අර විල්පත්තුව කපන කෙනා ළඟ ඉදිද්දීත් දන්නේ නැහැලු නේද? (බ)
ගමගේ Monday, 18 January 2016 01:50 PM
විෂය භාර ඇමතිතුමාට ආචාර්ය උපාධි දෙකක් තියෙන නිසා බුද්ධ භාෂණය පිළිබඳව තමා තරම් උගත් භික්ෂුන් වහන්සේලා නැතෙයි කියල හිතාගෙන වෙන්නැති සංඝරත්නයේ අවසර නොගන්න ඇත්තේ. (බ)
අධිකාරී Monday, 18 January 2016 02:24 PM
රටක් පාලනය කරන එක අමාරුයි කියල තේරෙනවා නේද.(කෞ)
සුසන්ත Monday, 18 January 2016 02:28 PM
හොරු, මංකොල්ලකාරයෝ, මත්ද්‍රව්‍ය වෙළෙන්දෝ, පාතාලයෝ, මිනීමරුවෝ ථෙරවාද භික්ෂුන් වහන්සේලාට විනය නීති සම්මත කිරීම ඉතිහාසයේ ලොකුම විහිලුව (කෞ)
රාජා Tuesday, 19 January 2016 03:58 AM
කිසිම දෙයක් එක පාර හරියට කර ගන්න බැරි ආණ්ඩුවක් සහ නායකත්වයක්. මේගොල්ලන් ත්‍රස්තවාදය කෙළවර කරන්න ගියා නම් ඒකත් අතපසු වීමෙන් බැරි වුණා කියාවි. (ම)
රමණි Tuesday, 19 January 2016 04:00 AM
මොනවාද වරද්දගන්නේ නැතුව කරගන්න පුළුවන්? (ම)