IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


භික්ෂු විනයට නීති පනවන්න ගිහියට බැහැ

භික්‍ෂු විනය රැකීම සඳහා කතිකාවත් හා පනත් ගෙන ආ යුත්තේ මහ නා හිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා පරිදි භික්‍ෂූන් වහන්සේලා විසින්ම බවත් බුද්ධ නීතියට මිස ගිහියන් විසින් ගෙන එන නීතියකට භික්‍ෂූන් වහන්සේලා යටත් කරගැනීමට ඉඩ නොදිය යුතු බවත් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.

රට, ජාතිය, ආගම වෙනුවෙන් පෙනී සිටින භික්‍ෂූන් වහන්සේලාට නීති පනවා නිහඬ කර රජයට හිතවත් නපුංසක නිකායක් බිහිකරගැනීමට රජය ක‍්‍රියාකරන බව පෙනෙන්නට ඇතැයි කී ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ භික්‍ෂූන් වහන්සේලාගේ වැරදි පමණක් දකිනා පාලකයින්ට අන්‍ය ආගමික යාඥාවලදී සිදුවන පුද්ගල මරණ ආදිය නොපෙනෙන්නේ දැයි තමන් ප‍්‍රශ්න කරන බව ද කියා සිටියහ.

ඉදිරියේ දී කිසිම හේතුවක් මත අධිකරණයට නොයා සිටීමට තමන් තීරණය කර ඇතැයි කී ඥානසාර හිමියෝ එය රජය විසින් ගෙනඒමට යන භික්‍ෂු විනය කතිකාවතට විරෝධය පෑමක් ලෙස සිදුකරන බව ද ස`දහන් කළහ.

රජය විසින් විනය නීති පනවන්නේ නම් එය සියලූ ආගමික නායකයින්ට බලපාන අයුරින් කළ යුතුයැයි කී උන්වහන්සේ භික්‍ෂූන් වහන්සේලා විසින් සිදුකරන වැරදි සම්බන්ධයෙන් පියවර ගැනීම ස`දහා සංඝාධිකරණයක් පිහිටුවන ලෙස ඉල්ලා සිටින බවද කියා සිටියහ.

එසේ නොකර විනය පනත් ගෙන එන්නට යන්නේ බටහිර අවශ්‍යතා මක බව ද ඥානසාර හිමියෝ පැවසූහ.

වරදාන වරප‍්‍රසාද වෙනුවෙන් පාලකයින්ට සමීප වී සිටින භික්‍ෂූන් වහන්සේලා ශාසනයේ පිරිහීමට හේතු වී ඇති බවත්,  බෞද්ධයින් වෙනුවෙන් කෙලින් තීරණ ගන්නා සංඝ නායකත්වයක් සොයාගත යුතු කාලයක් උදා වී ඇති බව ත් උන්වහන්සේ කීහ.

කෙසේ වෙතත් භික්‍ෂූන් වහන්සේලාට නීති පනවන්නට ගෙන එන පනත සම්මත කළහොත් එයට සහය දෙන මන්ත‍්‍රීවරුන්ගේ පාංශූකූලයටවත් භික්‍ෂූන් වහන්සේලා නොයනු ඇතැයි ද ඥානසාර හිමියෝ කීහ.

උන්වහන්සේ මේ බව පැවසුවේ කිරුලපන පිහිටි බොදුබල සේනා මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

DSC_1156 DSC_1172 DSC_1221



අදහස් (0)

භික්ෂු විනයට නීති පනවන්න ගිහියට බැහැ

සේන Thursday, 14 January 2016 12:54 PM

ඔබ වහන්සේගේ කතාවට මමත් එකගයි අපේ හාමුදුරුවනේ. (ර)

:       0       0

එළුවපොල Thursday, 14 January 2016 12:58 PM

භික්ෂුන් වහන්සේට විනය නීති රීති පැනවිය හැක්කේ බුදුරදුන්ට පමණි. ඒ ඒ නිකායවල මහනායක හිමිවරු භික්ෂු පාලනයට සුදුසු වැඩ පිළිවෙලක් සකස් කළ යුතුයි. (ර)

:       0       0

රොක්සි Friday, 15 January 2016 01:53 AM

බුදුන්වහන්සේගේ නියමයන් පිළිපදින්න කැමති නම් පිඩු සිඟා වඩින්න. පන්සල්වලම ඉන්න එපා. රැකී රක්ෂා කරන්න එපා. මේ වගේ අය බිහිවුණේ නිසි කල ශාසන ශුද්ධියක් නොකෙරුණ හින්දයි. ධර්මදර විනයදර භික්ෂූන් වහන්සේලාගේත් ශාසනයේත් බෞද්ධයන්ගේත් යහපත තකා දුස්ශීල මහණුන් සසුනෙන් නෙරපමු! (නි)

:       0       0

දීපාල් නිරෝෂ් Thursday, 14 January 2016 01:16 PM

මේ කතාවේ ඇත්තක් තිබෙනවා, මෙවැනි නීති පනවන්නේ නම් සියලු ආගමික නායකයන්ට බලපාන පරිදි විය යුතුයි. (බ)

:       0       0

යෝනුස් Friday, 15 January 2016 01:56 AM

නීති කියන දේ බෞද්ධ භික්ෂුන්ට රජය විසින් ගෙනඒම කරනවා කියලා කවුද කියන්නේ? මම නම් හිතන්නේ මේ සෑම කථාවක්ම සාමාන්‍ය ජනයා කුලප්පු කරන ප්‍රකාශ (නි)

:       0       0

සොපි Thursday, 14 January 2016 01:18 PM

මෙතුමා කියන්නේ ඇත්ත .රටේ සිංහල ,දමිල ,මුස්ලිම් ඇතුළු සමස්ත ජනතාව සහ සැම ආගමක් රැකෙන්නේ භික්ෂු සාසනය රැක ගතහොත් පමණයි (බ)

:       0       0

මනෝජා.-පැරිස් Thursday, 14 January 2016 01:25 PM

එහෙමයි අපේ හාමුදුරුවනේ. (ර)

:       0       0

අරවින්ද අල්විස් Thursday, 14 January 2016 01:25 PM

එහෙමයි කියලා හාමුදුරුවරු කරන හැම දේම බලන් ඉන්නත් බෑ. (ර)

:       0       0

ජෝන් Friday, 15 January 2016 02:11 AM

දේශපාලකයින් රටේ දැවෙන ප්‍රශ්න වලට විසඳුම් සොයනවා වෙනුවට ආගම් වලට මැදිහත්වීමට යාමද අනවශ්‍ය වැඩකි. ජනතාව තනිවම පාරට බැස්සොත් නැවත අවුලක් වියහැක. (නි)

:       0       0

සනත් ගුනවර්දන ස්විස් Thursday, 14 January 2016 01:28 PM

භික්ෂු විනයට නීතියක් තිබේනම් වඩා වටිනවා. (ර)

:       0       0

මනෝජ් Thursday, 14 January 2016 01:38 PM

කෝ ඉතින් හාමුදුරුවොවත් විනය කතිකාවත් කරන්නේ නෑනේ. (ර)

:       0       0

මලික් Friday, 15 January 2016 02:26 AM

සමහර පුජ්‍ය පක්ෂය තමන්ට අයිති භූමිකාව මොකද්ද කියලා දන්නේ නැත්නම් මාර්ගඵල නොලැබූ පුහුදුන් ගිහියන්ගෙන් කුමක් බලාපොරොත්තු වෙන්නද? වාහන බලපත්‍ර දුන්නාට වරදක් නැහැ, මහා කරුණාවෙන් මග යන උපාසිකාවන් එයට නංවා ගැනීම කැපයි කියලා කවුරුවත් ඊළඟට වදාරන්නේ නැත්නම්. එහෙත් එහෙම වෙන්නේ නැති නිසා තමයි අනාගතය දැක බුදුන් වහන්සේ විනය නීති රීති පැනෙව්වේ. (නි)

:       0       0

ස්ටැන්ලි Thursday, 14 January 2016 01:53 PM

අපේ මහා නා හිමි වරු කෙලින් ඉන්නවනම් මේවා මෙහෙම වෙන්නේ නැහැ (බ)

:       0       0

ජගත් Thursday, 14 January 2016 02:01 PM

අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ හරියටම හරි අපි ඔබවහන්සේට යොදබල යොදා ශක්තිය ප්‍රර්ථනා කරනවා රට ජාතිය වෙනුවෙන් කතාකරන එකට ඉතිහාසයේත් අපේ රට බේරා ගත්තේ භික්ෂුන් වහසේලා අදත් එසේම සිදුවෙති අපි සිතමු. අපේ ප්‍රශ්නයනම් හැම දෙයක්ම සිදුවෙන්නට ඉඩහැර මහා නායක ස්වාමීන් වහන්සේලා නිහඩ මොකද (බ)

:       0       0

සහන් Thursday, 14 January 2016 02:22 PM

මේ වගේ අය නිසා වෙන්න ඇති ඔය විනය නීති . බීගෙන රිය පැදවීම පරුෂ වචන භාවිතය. හාමුදුරුවනේ අපි හොද නම් ඕවට බයවෙන්න ඕනේ නැහැ. (බ)

:       0       0

අප්පුහාමි Thursday, 14 January 2016 02:26 PM

නීති එපා වරප්‍රසාද දීපල්ලා (බ)

:       0       0

ඈන්ජලෝ Friday, 15 January 2016 03:04 AM

ඇත්තටම මෙය හින්ද තමයි මේ දේ පනවන්න වෙලා තියෙන්නේ , (අ)

:       0       0

පෙරුමාල් Friday, 15 January 2016 03:22 AM

මේ නීති ගේන්නෙ නිකාය වල මහානායක ස්වාමීන් වහන්සෙලාගේ උපදෙස් සහ අනුමැතිය ඇතුව තමයි. හොරෙන් වාහන පදවල අනතුරු සිදුකරපු චීවරධාරින් ඇයි කලබල වෙන්නෙ?(ම)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Saturday, 16 January 2016 07:38 PM

ඒ නිසාද‍ පාර්ලිමේන්තුව වටලන්න හදන්නේ? (නි)

:       0       0

රොකී Thursday, 14 January 2016 03:05 PM

මහාවංසය වත් කියෝලා නැතිවා වගෙයි. පැරණි රජවරු කිහිප දෙනෙක්ම නීති දාලා විතරක් නෙවි, දුසිල් මහනුන්ට හංවඩු ගහලත් තියනවා. සංඝමිත්‍රගේ කතාව කියවල බලන්න. වැඩි දෙයක් එපා, පොළොන්නරුවේ කතිකාවත ගැනවත් දන්නේ නැද්ද? නිකම් මෝඩ ගිහියන්ව රවටන්න ලෑස්ති වෙන්න එපා හාමුදුරුවනේ. අද සංඝ සාසනේ හොඳටම පිරිහිලා. දුසිල් මහනුන් එලවා දමන්න ක්‍රමයක් තිබිය යුතුයි! (බ)

:       0       0

සංජීව Thursday, 14 January 2016 03:20 PM

සංඝ සමාජයේ සමහරුන් සිවුරේ පිහිටෙන් කරන නොමනා දේවල් ගිහි සමාජය ඉවසුවා හොඳටම ඇති. නීතියෙන් පාලනය නොකළොත් වැඩි කාලයක් නොයා අත පය උස්සන් එන සමහර හාමුදුරුවරුන්ට ඒ විදිහටම සලකන්න ගිහියන්ට වෙනවා කියන එක මේ යන විදිහට අනිවාර්යයි (බ)

:       0       0

දේවි Thursday, 14 January 2016 03:19 PM

අපේ පන්සලේ හාමුදුරු දෙනමටනම් මේ පනතේ කිසිම වගන්තියක් බලපාන්නේ නැත.උන්නාන්සේලා බුද්ධ නිතිය අනුව කටයුතු කරති.මෙය බලපාන්නේ බුද්ධ නීතියෙන් පිට පැන්න අයටයි. (බ)

:       0       0

බණ්ඩා Thursday, 14 January 2016 03:40 PM

කතෝලික ආගමේ පාස්ටර්ල කියල කව්රුත් නැහැ .නොදන්නා දේ ගැන වලිගෙ පාගාගෙන කියවන්න එපා (බ)

:       0       0

කුමාර Thursday, 14 January 2016 03:56 PM

නීතිය කාටත් එක හා සමාන විය යුතුයි (බ)

:       0       0

ඇසළ Thursday, 14 January 2016 04:06 PM

රොනී පොළොන්නරුවේ කතිකාවත දැන් අපිට නියමෙට පේනවා. අවුරුද්දක් තිස්සේ දැක්ක ලස්සන කියල නිම කරන්න බැහැ. ඒ උනත් ඌ අපේ මිනිහෙක්. (බ)

:       0       0

චින්තක Thursday, 14 January 2016 04:51 PM

අනේ අපි දන්නෙ නැහැ ඕවා (නි)

:       0       0

ජයරත්න Friday, 15 January 2016 06:31 AM

අපේ හාමුදුරුවරු අද කරන විනය විරෝදී කටයුතු දිහා කල්පනා කරලා බලනකොට මේ නීති ක්‍රියාත්මක කිරීම කාලෝචිත සහ බුදු දහමේ ඉදිරි පැවැත්ම ඉතාම අවශ්‍ය දෙයක්. ස්වාමින්වහන්සේලා අද හිතු හිතු කරනවා. උදේ ඉඳන් හවස් වෙනකන් දේශපාලන පක්ෂ වලට කඩේ යනවා. මාද්‍ය සාකච්චා පවත්වල අරයට මෙයට චෝදනා කර කර ඉන්නවා. භික්ෂුන්වහන්සේලගේ කාර්ය භාරය මිනිසුන්ට ධර්මය කියාදෙමින් යහමගට ගැනීමට කටයුතු යෙදීම පමණක් විය යුතුය. (බ)

:       0       0

රංග Friday, 15 January 2016 06:52 AM

අතීතයේ කතිකාවත් කළේ මහා පැරකුම් වැනි ත්‍රිපිටකය කුඩා කල පටන් අධ්‍යයනය කළ රජවරු. නමුත් අද? (නි)

:       0       0

සන්තුෂ් Thursday, 14 January 2016 05:08 PM

සිවුරට මුවා වී දේශපාලනයේ නිරත සියළුම භික්ෂූන් සසුනට නොගැළපෙන බව මගේ විශ්වාසයයි. වත්මන් භික්ෂු සංස්ථාවේ පිරීහීමට දායක වූ අයට එම පාපයෙන් කිසිදා මිදිය නොහැක. බෞද්ධ භික්ෂුව තුළ තිබිය යුතු ශික්ෂාකාමී බව සංවර බව විනාශ කර ජාත්‍යන්තරයට භික්ෂුවකගේ ස්වරූපය පිළිබඳ සාවද්‍ය මතයක් ඇතිවන ලෙස කටයුතු කරන ඇතැම් සංවිධාන බුදු සසුන මෙන්ම බුදු දහමද විනාශ කිරීමට අන්‍ය ආගමිකයින්ට වඩා දායකවන බව සඳහන් කරමි. භික්ෂුවක් තුළින් වෛරයත් අසංවර බවත් ප්‍රකට වේ නම් ඒ බෞද්ධ භික්ෂුවක් නොව භික්ෂු ප්‍රතිරූපකයෙක් වේ. (නි)

:       0       0

රෝහණ කුමාර් මෙන්ඩිස් Thursday, 14 January 2016 05:08 PM

එතකොට වෙනම පොලිසියක් පත්කළේ පසුගිය ආණ්ඩුවෙන්. එතකොට ඇයි නිහඬව හිටියේ? (නි)

:       0       0

මහින්ද සෞදි Thursday, 14 January 2016 05:31 PM

නිර්භීතව කතාකරන සංඝයා වන්සේලා මෙරටට සම්පතකි. (නි)

:       0       0

භාතිය Thursday, 14 January 2016 05:31 PM

අපේ පන්සලේ හාමුදුරුන්ට නම් මේ පනතේ කිසිම වගන්තියක් බලපාන්නේ නැත. උන්නාන්සේලා බුද්ධ නීතිය අනුව කටයුතු කරති. මෙය බලපාන්නේ බුද්ධ නීතියෙන් පිටපැන්න අයටයි. (නි)

:       0       0

ටිරෝන් Thursday, 14 January 2016 05:38 PM

කවුරුහරි කමක් නැහැ මේක ඉක්මණින් කළයුතුයි (නි)

:       0       0

බන්දුල Thursday, 14 January 2016 05:32 PM

අනේ සංසාරේ! (නි)

:       0       0

දනුක Thursday, 14 January 2016 05:40 PM

රොනී සමඟ මමත් ඉන්නවා. දුස්ශීල මහණුන් පන්නමු. අපි නමස්කාර කරන්නේ බුදුන්වහන්සේ දේශනා කළ ධර්මයටයි. බුදුන්ගේ ධර්මයට ගරුකරන, පිළිපදින සංගයා වහන්සේලාට මිසක් චණ්ඩින්ට,කම්සැප සොයන්නන්ට නොවෙයි. අපේ පන්සලෙත් ඔය කියන යන්තර මන්තර කරන, වශී කරන, හූනියම් කරන හාමුදුරු කෙනෙක් හිටියා. ගමේ කට්ටිය එකතුවෙලා ගහලාම පැන්නුවා. (නි)

:       0       0

ලියොන් ගුණවර්ධන Thursday, 14 January 2016 05:38 PM

ථෙරවාදී බුදු දහමක් ඇති අපේ රටේ භික්ෂුන් වහන්සේලා බුදුරදුන් පනවා ඇති විනය නීති හොඳින් දන්නවා ඇති බව නොරහසකි. නමුත් විනය කටයුතු කෙරෙන බවක් නොපෙනෙන නිසා ගිහියන්ට මැදිහත්වීමට සිදුවී ඇත (නි)

:       0       0

චින්තක Thursday, 14 January 2016 05:46 PM

ඔබ වහන්සේට මාගේ නමස්කාරය! (නි)

:       0       0

රාජු Thursday, 14 January 2016 07:27 PM

එහෙනම් ඔබවහන්සේලා මේ ගැන සුදුස්සක් නොකරන්නේ ඇයි? (නි)

:       0       0

භාතිය Thursday, 14 January 2016 07:53 PM

ගිහියා කරනතෙක්ම බලාසිටියේ ඇයි? (නි)

:       0       0

අසාද් Saturday, 16 January 2016 08:02 AM

ඔක්කොම දේසපාලන හස්තයෝ බවට පත් වෙලා. ලංකාවේ කිසිම ආගමකට සාමය කඩාකප්පල් වෙන ලෙස හැසිරීම තහනම් කල යුතුයි. මෙය හැම ආගමකටම පොදුවිය යුතුයි. (ර)

:       0       0

ඉසුරු Thursday, 14 January 2016 08:34 PM

නමුත් ගිහියන් කරන්න ඕනෑ වැඩ භික්ෂූන් කරන එකත් වැරදියි නේද? (නි)

:       0       0

ලුම්බිණි Thursday, 14 January 2016 11:06 PM

නීති පනවනවට විරුද්ධ හාමුදුරුවරු නීති කඩනවට නම් කිසිම විරුද්ධතාවයක් පෙන්වන්නේ නැහැ. (නි)

:       0       0

සුරංග Thursday, 14 January 2016 12:21 PM

කතාව ඇත්ත. අතීතයේ ඉඳන්ම සමහරු දත කනවා. ඒ ඒ අය දන්නවා අතීතයේ ඉඳන් එහෙට මෙහෙට වැනෙන කොන්ද සැරින් සැරේ කෙලින් කරේ හාමුදුරුවරු කියලා. (ර)

:       0       0

රාජසිංහ Friday, 15 January 2016 01:03 AM

හාමුදුරුවරු දේශපාලනය කරනකොට ගිහියන් හාමුදුරුවන්ගේ කාර්යය කිරීම නොවැළැක්විය හැක. දෙගොල්ලොම තමන්ට අයිති වැඩේ කරනවා නම් මේ ප්‍රශ්න උද්ගතවන්නේ නැත (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුල මරණයෙන් කෙළවර වෙයි
2024 සැප්තැම්බර් මස 25 129 0

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක


අවුරුද්දේ දියණිය මැරී යැයි මව අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 265 0

අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.


නව ආරක්ෂක ලේකම්ගේ රිය වගුරු බිමකට පෙරැළෙයි
2024 සැප්තැම්බර් මස 25 1418 0

නව ආරක්ෂක ලේකම්වරයාට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබූ ඩිපෙන්ඩර් රථය වැලිකඩ පාර්ලිමේන්තු පාරේ ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ආසන්නයේ දී අද(25) අලුයම


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 54 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 12510 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 6099 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36620 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24234 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 178 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 541 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 230 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site