IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


භූචලනය ලංකාව පුරාම?

සුමාත්‍රා දූපත් අසල ඇතිවූ භූමිකම්පාව ශ්‍රී ලංකාව පුරාවටම දැණුන බව අපේ වාර්තා කරුවෝ කියති. කතරගමට තත්පර 10ක් 12ක් හෙලවීම දැණුනු බව අපේ වාර්තාකරු දේවප්‍රිය කියයි. මාතර හෙලවීමත් සමග නගරයේ කඩසාප්පුවල වෙළෙඳුන් එළියට ආ බව අප වාර්තාකරු ක්‍රිෂාන් ජීවක ජයරුක් පවසයි. ගාල්ලේ සාජීව විරේවීර කියන්නේ දේපළ හානි හා ජීවිත හානි කිසිවක් වාර්තා වී නැති බවයි. තිස්සමහාරාමයේ රංජිත් සඳහන් කරන්නේ නගරයේ ගෙවල් දොරවල් තදින් හෙලවී ගිය බවයි. ඇමෙරිකා භූවිද්‍යා වාර්තාවලට අනුව රිච්ටර් මාපකයේ අගයන්වලට අනුව භූචලන වලින් ඇතිවන බලපෑම මෙසේය. 2.0ට අඩු - සුළු භූමිකම්පාවකි. සිදුවූ බව නොදැනේ. 2.0 - 2.9  ඇඟට නොදැනේ. මාපකවල සටහන් නොවේ. 3.0-3.9  සුළු භූමිකම්පාවකි. බොහොවිට දැනේ. එහෙත් හානියක් සිදුවන්නේ කලාතුරකිනි. 4.0-4.9  පොළවේ ගැටෙන හඬ ඇසේ. ලොකු හානියක් සිදුවිය නොහැකිය. 5.0-5.9 ප්‍රමිතියෙන් අඩු ගොඩනැගිලිවලට බරපතල හානි සිදුවේ. 6.0-6.9 ප්‍රභල භූමිකම්පාවකි. ඇතිවූ ස්ථානයේ සිට කිලෝමීටර් 28 දක්වා පෙදෙස විනාශ විය හැකියි. 7.00-7.09 විශාල ප්‍රදේශයක බරපතල හානි සිදුවිය හැකිය. 8.00-8.9 මහා භූමිකම්පාවකි. සිදුවූ ස්ථානයේ සිට කිලෝමීටර් සිය ගණනක් ඈත පෙදෙස්වලට බරපතල හානි සිදුවිය හැකිය. 9.00-9.9 කිලෝමීටර් දහස් ගණනක් දුර ප්‍රදේශවලට විනාශයක් සිදු විය හැකිය. 10+ මහාම භූමිකම්පාවකි. මෙතෙක් වාර්තා වී නැ. එවැන්නක් ඇතිවීමටද ඉඩකඩ නැත.



අදහස් (0)

භූචලනය ලංකාව පුරාම?

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සැබෑ අපරාධය ජනතා මුදල් බැංකු වල හිර කර තබා සිටීමයි
2025 අප්‍රේල් මස 28 91 0

මහජන වැඩට තියෙන මුදල් තැන්පත් ගිණුම් වල රඳවා ගෙන සිටීම අපරාධයක් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට තමා පෙන්වා දුන් බව හිටපු ජනාධිපති රනිල්


දුම්වැටි සමඟ ගුවන්තොටේදී අයෙක් මාට්ටු
2025 අප්‍රේල් මස 28 85 0

රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂ හතලිස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද(28 ) උදෑස


බෝගම්බර වැව පිරිසිදු කරයි
2025 අප්‍රේල් මස 28 323 0

මහනුවර බෝගම්බර වැව අද (28) පිරිසිදු කෙරිණි.


කැස්බෑව ප්‍රා.සභා ඡන්දය වළකන්නැයි ඉල්ලූ පෙත්සම විසිවෙයි
2025 අප්‍රේල් මස 28 207 1

පලාත් පාලන මැතිවරණයේදී කැස්බෑව ප්‍රාදේශීය සභාව වෙනුවෙන් තරඟ කිරීමට ජාතික ජන බලවේගය ඉදිරිපත් කරන ලද නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කරන ලෙසද සහ කැස්බෑව


ඡන්ද නීති කැඩූ අපේක්ෂකයෝ 30ක් පොලිසියට මාට්ටු
2025 අප්‍රේල් මස 28 116 0

මැතිවරණ නීතිය උල්ලංඝනය කළ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයෝ 30 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.


ත්‍රිරෝද-රන් බඩු කොල්ල කල්ලියක 4ක් අල්ලයි
2025 අප්‍රේල් මස 28 294 0

ත්‍රිරෝද රථ රියදුරන් කුලී ගමන් යන මුවාවෙන් රැගෙන ගොස් තියුණු ආයුධ පෙන්වා , යකඩ පොලු වලින් පහරදී ත්‍රිරෝද රථ සහ රන් භාණ්ඩ කොල්ලකෑමේ යෙදුණු සංවිධානාත්මක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 987 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 428 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 577 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site