IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


භාණ්ඩාගාර ලේකම් සාක්කියට

රුපියල් කෝටි 39900 ක වැටි බදු වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු දේශීය ආදායම් කොමසාරිස් අගම්පෙඩිගේ ඤණසිරි ද සොයිසාට එරෙහි නඩුවේ සාක්කියට භාණ්ඩාගාර ලේකම් අචාර්ය පී.බී. ජයසුන්දර ලබන 23 වැනි දා කැඳවන ලෙස කුමුදිනී වික්‍රමසිංහ කොළඹ මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළාය. දේශීය ආදායම් කොමසාරිස් ඒ.ඒ.  විජේපාල මහතා ලබන 24වැනි දා සාක්කියට කැඳවන ලෙසද නියෝග කැරිණි. ඔවුන් නියෝජනය කරමින් පැමිණ සිටි දෙදෙනාගේ සාක්කියෙන් වැඩක් නැතැයි විත්තියේ නීතිඥ ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා කීවේය. සොයිසා හැර  සෙසු සැකකරුවෝ මීට කලින් වරද පිළිගත්හ. ඒ අනුව ඔවුනට සිර දඬුවම් හා දඩ නියම විය.



අදහස් (0)

භාණ්ඩාගාර ලේකම් සාක්කියට

බන්දුල Tuesday, 02 July 2013 08:13 AM

කව්ද අචිනි කුමාරයාණන් වහන්සේලා? දන්නවා නම් කියන්නකෝ.ඔයා අදහස් කරන්නේ කවුද කවද කියල දන්නවා. බොරු තියරි දාන්න එපා නංගි. කටට පනුවෝ දායි.ඔයා අඩු ගානේ මේ වංචාව වුන කාල සීමාව ගැනවත් දන්නවද? (නි)

:       0       0

දේශපිය Tuesday, 02 July 2013 08:27 AM

පොඩි ආයතනයක ශත ගානක් වුනත් නියමෙට විගණනය කරන නිළධාරින් මෙතනදි මොකද කළේ? ඔය සල්ලි අපේ.ඒවා අයකරගන්න ක්‍රමයක් වහාම හදන්න. (නි)

:       0       0

අස්මිත් Tuesday, 02 July 2013 09:00 AM

දැයට කිරුලෙත් මේ හා සමාන දුෂණ සිදු කරනවා! ජනතාවට කවදද හදවතින් නිදහස් නිවහල් දිවියක් ගෙවිය හැක්කේ ?? (නි)

:       0       0

චූලා Tuesday, 02 July 2013 01:56 PM

මේ නඩුව ඔබේ මගේ නඩුකාර හාමුදුරුවන්ගේ නීතිඥයන්ගේ තුන් වෙනි පරම්පරාව පවා විභාහග කරනවා ඇත. හේතුව මේ රටේ නම ලංකාව.(නදී)

:       0       0

සුපුන් Tuesday, 02 July 2013 09:31 AM

මේ කෝටි 39000 තනියම ගසා කාලා නැතුව ඇති මෙයා... මෙයාව රැක බලා ගෙන කිරිපොවන දේශපාලකයන්ටත් මෙයින් වැඩි කොටසක් ගිහින් ඇති. එහෙම තමා ලංකාවේ නිලදාරී මාෆියාවේ වැඩ. (නි)

:       0       0

වීරසිංහ Tuesday, 02 July 2013 01:57 PM

අල්ලා දෙවිදුනේ, අරාබි වසන්තයක් මෙහාටත් ඉක්මනින් එවත්වා! (දී)

:       0       0

සුධීර Monday, 01 July 2013 06:55 PM

රුපියල් කෝටි 39900 ක් අම්මෝ රුපියල් 39900 නැති මිනිස්සු කොයි තරම් ඉන්නවද? මේ යක්කු මේ සල්ලි වලට මොනාද කරන්නේ?(නදී)

:       0       0

අචිනි Monday, 01 July 2013 06:57 PM

දැයට කිරුළෙන් කුමාරයාණන් වහන්සේලා මීට වැඩියෙන් වංචා කරනවා ඒවාට දඩුවම් නැද්ද.?(නදී)

:       0       0

අස්මිත් Monday, 01 July 2013 07:06 PM

වැට් බදු වංචා වලට වැරදි කරුවන් සිරගත වුනත් ඒ හා සමාන කොතරම් බදු වංචා වාර්තා වුනාද, නමුත් ඔය මුදල් හෝ පාඩු නැවත ලබා ගැනීමට හැකියාවක්/අවස්ථාවක් ලැබී තිබෙනවද?(නදී)

:       0       0

රජිත් ඉතාලි Monday, 01 July 2013 07:53 PM

පාන් කාලක් ගන්ඩ සල්ලි නැති මිනිස්සු ඉන්න රටක් පොල් ගෙඩියක් හොරකන් කලහම හිරේ දාන රටක් වැට්බදු වංචාව කෝටි39900ක්?දෙවියනි ඔබ කොහිද ?(නදී)

:       0       0

නිලන් Monday, 01 July 2013 07:58 PM

දෙයියන්ට ඔප්පුවිච්චාවේ කෝටි රුපියල් 39900 හොරකම් කරලා ? (අ)

:       0       0

සදුනි Monday, 01 July 2013 08:21 PM

කෝටි 39900ක් ??බින්දු වැඩි වෙලාද.(අ)

:       0       0

නීල්-රානා Monday, 01 July 2013 08:32 PM

හැමවිටම වරද පිළිගන්න අය පමණක් ලෝකේ හිටියනම් උසාවි කටයුතු ඉතා පහසුයි. එසේ නොවන විත්තිකරුවන්ට එරෙහිව සාක්කි විභාග කොට නිවැරදි තීන්දුව ලබාදේවි. කෙසේ නමුත් වැට්බදු වංචාව නිසා රජයට සංවර්ධනය සඳහා යොදාගත හැකිව තිබු විශාල මුදලක් අහිමිවී තිබීම කණගාටුදායකයි.(නදී)

:       0       0

ක්වින්ටස් Monday, 01 July 2013 09:17 PM

වට බදු, මොන බදුද? මම නම් කියන්නේ තව ටිකක් බදු වැඩි කරන්ඩ ඕනා. විශේෂයෙන්ම ලොකු කොම්පැනිවලට. විදුලි බිලටත් වැට් බදු වැඩි කරන්ඩ. රජයට සල්ලි මදි රට දියුණු කරන්ඩ.(නදී)

:       0       0

ඩී.උපුල් Monday, 01 July 2013 09:32 PM

ඇර සොයිසා! (අ)

:       0       0

ඩෙනම් Monday, 01 July 2013 09:36 PM

ඔන්න බලන්න , ගහනවානම් මේ වගේ ගැහිල්ලක් තමා ගහන්න ඕනේ ,(අ)

:       0       0

සමන් Monday, 01 July 2013 10:41 PM

මමනම් කරන්නේ හැමොමෝ ඉදිරියේ හිස ගසා දානවා .(අ)

:       0       0

තිලක් ඩුබායි Tuesday, 02 July 2013 12:01 AM

මෙහෙම ගසා කාමක්නම් අම්ම මුත්තා කාලෙදිවත් මමනම් දැකල නැහැ.(අ)

:       0       0

පෙරේරා Tuesday, 02 July 2013 12:24 PM

අසමින් ..ආගම දහම හොදට අදහන..උදේ හවස අල්ල මතක් කරන ඔයාලගේ කෙනෙක් තමඊ මේකේ මහා මොලේ..(අ)

:       0       0

රණවීර Tuesday, 02 July 2013 01:34 AM

අපේ රටට ඕනෑ අරාබි රටවල නීතිය. (නි)

:       0       0

චන්දන විරාජ් නානායක්කාර ගම්පහ Tuesday, 02 July 2013 06:28 AM

මෙය මුළුමහත් ගණකාධිකාරී ක්ෂේත්‍රයටම බලවත් කැළලකි. ලංකාවේ විගණන මීට වඩා පුළුල් විය යුතුය. (නි)

:       0       0

වරුණ Tuesday, 02 July 2013 07:21 AM

හොරුන්ගෙත් හොරු කම්බා හොරු කියලා පැරැන්නෝ කිව්වේ කට කහනවට නොවෙයිනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 888 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 316 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 4024 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1445 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 692 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2446 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37797 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site