IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


භූමි කම්පාවෙන් දුපතක් උපදී

පාකිස්තානයේ පසුගියදා සිදුවූ  මාරක භූමිකම්පාව අලූත්ම දුපතක් බිහි වී  ඇත.දකුණු පාකිස්තාන වෙරළේ මෙම දුපත දැකිය හැක.පසුගිය 24 වැනිදා රිට්ටර් මාපකයේ 7.8 ක ප්‍රබලත්වයෙන් යුත් භූමී කම්පාවක් හට ගත්තේය.

මෙම නව ගොඩබිම මතුව ඇත්තේ පකිස්තානයේ බලූකිස්තානය ආශි‍්‍රත මුහුදු පතුලේ කොටසක් ඉහළට එසවීය.භූමිකම්පාවේ ප‍්‍රබලතාවය නිසා මෙවැන්නක් සිදුවන්නට ඇතැයි භූ විද්‍යාඥයෝ කියති.

ගොඩබිම දිගින් අඩි 250 ක් පමණ වන අතර පළලින් අඩි 100 ක් හා උසින් අඩි 60 ක් පමණ වන්නකි.

මතුපිට මුහුදු පතුලේ තිබූ පාෂාණ ආදිය හදුනාගත හැකියි.ගොඩබිම  නැරඹිමට එන්නවුන් මේවා ස්මාරක ලෙස රැගෙන යමින් සිටින බව කියැවේ.ගොඩබිම මතුපිටින් ගිනි ඇවිලෙන සුළු වායුවක්ද උත්පාදනය වන බව පැවසේ.ගොඩබිම නැරඹිමට පැමිණි සමහර දෙනා ගොඩබිම මත සිට දුම්වැටි දැල්වීමට උත්සාහ කිරීමේදී ඒවා ගිනි ගෙන දැවී යයි.

කෙසේ වුවත් බළධාරීන් කියන්නේ ගොඩබිම වැඩිකල් පවතිනු නැති බවයි.එය නැවතත් මුහුදටම ගිලා බසී යැයි ඔවුන්ගේ අදහසයි.

භූමිකම්පාවේ බලපෑම නිසා මුහුදු පත්ලේ මඩ උඩට විසිවී ටෙනිස් පිටියක් තරම් වූ මේ දූපත බිහිවන්නට ඇතැයි පාකිස්තාන නාවික හමුදා භූ විද්‍යාඥ මොහොමඩ් ඩෙනිෂ් කියයි.

මෙවැනි ස්කන්ධ ඇතිවනුයේ පොළොවේ පසෙහි තද වී පැවති වායු වලින් මඩ උඩට විදීම නිසා යැයි පාකිස්තාන ජාතික භූකම්පන නිරීක්ෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ෂහිඩ් රාෆි කියයි.

මෙවැනි දූපත් බොහෝ කලක් තිබිය හැකි යැයි ද, එහි සංයුතිය අනුව අවසානයේ දී එය මූදේම ගිලී යන්නට ඉඩ ඇතැයි ද ඔහු කියයි.

මෙම දූපතෙන් භයානක ගෑස් විහිදෙන නිසා එහි නොයන ලෙස ඔහු මහජනයාට අවවාද කරයි.

දූපතේ පස් ශක්තිමත් නමුත් වායු බුබුළු මතුවන බවත් ඔහු කියයි.

මළ මසුන් එමි සිටි බවත් 1999 හා 2010 දී භූමි කම්පාවලින් මෙවැනිම දූපත් මතු වූ බවත් ඔහු පවසයි.



අදහස් (0)

භූමි කම්පාවෙන් දුපතක් උපදී

ශාන සෞදි Thursday, 26 September 2013 03:24 PM

අපරාදේ මේක ලංකාව කිට්ටුව උනානම් ඩයස්පෝරාවට දෙන්න තිබුනා. අලුත් මහා ඇමතිට ඊලම පිහිටුවා ගන්න. (ස)

:       0       0

ෂහිර් Friday, 27 September 2013 09:14 PM

රණා ඔබට ණුවන පහල වේවා කියා ප්‍රාර්ථනා කරනාවා හැර මට කලහැක්කෙ ඔබ වැනි අයට අනුකම්පාකිරීම පමණි. (අ)

:       0       0

සත්‍යපාල Thursday, 26 September 2013 11:00 AM

ඉන්දියාව කියාවිද දන්නේ නෑ මේකත් ඉන්දියාවට අයත් කෑල්ලක් කියලා.එහෙමත් කට්ටියක් තමයි ඉන්දියාව කියන්නේ. (ස)

:       0       0

චාමි Thursday, 26 September 2013 11:03 AM

තල භූ කාරක මතය අනුව, පෘථිවියේ නිර්මාණය, තල වල සාපේක්ෂ චලන අනුව ගොඩබිම් නිර්මාණය .ගොඩබිම් විනාශය සිදුවෙනවා. සමහර විට පාකිස්ථානයේ විනාශය හෝ සෞභාග්‍යය මෙතනින් ආරම්භ වීමට හැකිය. (නි)

:       0       0

මොහාන් Thursday, 26 September 2013 10:11 PM

රණා, ඔයා ගැන ආඩම්බරයි මට. (නි)

:       0       0

රොහාන් Thursday, 26 September 2013 11:17 AM

දැන්ම වැටකට වගේ පොල් ටිකක් හිටවගත්තනම් හොඳේ ...(දී)

:       0       0

නුවන් Thursday, 26 September 2013 10:27 PM

දෙවියන්ව මැව්වේ කව්ද කියලා මට දන්නා කෙනෙක් කියලා දෙනවද? (නි)

:       0       0

නිලූ Thursday, 03 October 2013 04:28 PM

ස්වභාව ධර්මයට පටහැනි වෙන්න අපිට පුලුවන් තමක් නැහැ.(නදී)

:       0       0

ධම්ම Thursday, 26 September 2013 11:18 AM

ඔතන අපට ඊලම හදාගන්න බැරිවෙයිද? කාටවත් කරදරයක් නැහැ. (දී)

:       0       0

නීල් රණා Thursday, 26 September 2013 04:05 PM

කෙවින්, හැම ආගමක් ගැනම දැනගන්න පොත් කියෙව්වත් තමන්ගේ ආගම බුදු දහම දන්නේ නැහැ. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන යන පංචස්කන්ධයෙන් ඔබ ඇතුළු සමස්තය නිර්මාණය වී තිබෙන බැවින්, අවසාන විඥාන තලයේදී සියල්ල ගැන දැනුවත්ව සියල්ල ප්‍රඥාවෙන් මෙහෙයවන බව දැන්වත් ඉගෙන ගන්න. (ස)

:       0       0

රිෂාර්ඩ් Thursday, 26 September 2013 04:10 PM

කෙවින්-මම කිව්වේ තියෙන දේ විශ්වාස කරනවා හෝ නොකරනවා. ඒක ඔයාගේ කැමැත්ත හුඟක් වටිනවා ඔබ කරන දේ.මේ පොත අරන් කියවන්න (ලෝක අවසානයේ පෙර නිමිති.ඉහ්සාන් මව්ලවි) (ස)

:       0       0

නීල් රණා Thursday, 26 September 2013 11:37 AM

ලංකා-ඉන්දීය පොළෝ තලය ඔස්ට්‍රේලියාවෙන් හා ඇන්ටාක්ටිකාවෙන් වෙන්වී උතුරු දෙසට පාවී අවුත් යුරේසියානු හා අරාබියානු භූ තල සමඟ ගැටුණු පසු හිමාලය කඳු නිර්මාණය වුණා වගේම අපේ රටත් අලංකාර සාගරයකින් වටවී විශ්වයේ කේන්ද්‍රය බවට පත්වුණා. දැන් භූමි කම්පා හටගන්නේ එම භූතල මායිම් වල. ලෝකයේ වෙනත් කලාප වල ඩයිනෝසරයන් වැනි උරග විශේෂ පැතිරී සිටියත් ලංකා-ඉන්දීය පොළොව මුහුද මැද බොහෝ කාලයක් ආරක්ෂිතව පැවති බැවින් මානව පරිණාමයට හොඳ තෝතැන්නක් වුණා. ඒ නිසයි ආදම් ලංකාවේ බිහිවුණේ. එකලත් දිවයින පටු බිම් තීරයකින් ඉන්දියාව සමඟ සම්බන්ධ වී තිබුණු නිසා එය ආදම්ගේ පාලම ලෙස නම් වුණා. ඒත් මෑතකදී ඉන්දියාවට ආ කල්ලතෝනි හිතන්නේ එය රාමා හැදුවා කියලයි. (ස)

:       0       0

ධම්ම Thursday, 26 September 2013 11:39 AM

බලුකිස්තානයේ ඇති කඳු සහ පොළොවත් මේ වගේමයි. විශාල කඳු යායවල් දැක්කාම හිතෙනවා කළක් මේ පොළොව මුහුදෙන් යටවී තිබුනාද කියා.සමහර තැන් වල සිප්පි කටු බෙලි කටු ආදියත් මා දැක තිබෙනවා. වරක් මා මේ ගැන සභාවක කතා කළාම කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවා මේ සා විශාල කඳු මුහුදෙන් යටවී තිබුනා නම් දකුණු ඉන්දියාව ලංකාව ආදිය මොනතරම් මුහුදු ගැඹුරේ තියෙන්න ඇතිද කියලා. දැන් ඇස් පනාපිට පෙන්න තියෙනවා නේද සිදුවී ඇති දෙය. (ස)

:       0       0

නීල් රණා Thursday, 26 September 2013 11:41 AM

ලංකා-ඉන්දීය පොළෝ තලය ඔස්ට්‍රේලියාවෙන් හා ඇන්ටාර්ක්ටිකාවෙන් වෙන්වී උතුරු දෙසට පාවී අවුත් යුරේසියානු හා අරාබියානු භූ තල සමග ගැටුණු පසු හිමාලය කඳු නිර්මාණය වුණා වගේම අපේ රටත් අලංකාර සාගරයකින් වටවී විශ්වයේ කේන්ද්‍රය බවට පත්වුණා. දැන් භූමි කම්පා හටගන්නේ එම භූතල මායිම් වල. ලෝකයේ වෙනත් කලාප වල ඩයිනෝසරයන් වැනි උරග විශේෂ පැතිරී සිටියත් ලංකා-ඉන්දීය පොළොව මුහුද මැද බොහෝ කාලයක් ආරක්ෂිතව පැවති බැවින් මානව පරිණාමයට හොඳ තෝතැන්නක් වුණා. ඒ නිසයි ආදම් ලංකාවේ බිහිවුණේ. එකලත් දිවයින පටු බිම් තීරයකින් ඉන්දියාව සමග සම්බන්ධ වී තිබුණු නිසා එය ආදම්ගේ පාලම ලෙස නම් වුණා. ඒත් මෑතකදී ඉන්දියාවට ආ කල්ලතෝනි හිතන්නේ එය රාම හැදුවා කියලයි. (නි)

:       0       0

සජී Tuesday, 01 October 2013 06:08 PM

මෙතන අදහස් දමන නීල් රනා වගේ ආචාර්යතුමෙකුත් පසුගිය දවස්වල ලංකාදීපයේ අදහස් පලකළා, එයා දැන් ආගිය අතක් නැහැ. නීල් රනාටත් කවදා හරි වෙන්නේ ඒකම තමයි. (නි)

:       0       0

ලියෝන් Thursday, 26 September 2013 11:46 AM

මේවා සර්වබලධාරි දෙයියන්ගේ වැඩ..භූමිකම්පාව එවා එමඟින් දූපතක් ලබා දුන්නා...වෙන කාටවත් මේ වගේ දේවල් කරන්න බෑ. (ස)

:       0       0

රිෂාර්ඩ් Thursday, 26 September 2013 11:51 AM

ලෝක අවසානයේ මෙවැනි දේවල් සිදුවීම පුදුමයක් නොවේ.කාලයක් යනවිට පොළොවේ ඇති සියලුම ස්වබාවික සම්පත් රත්රන්,මිනිරන්,ගංගා ගැලීමට ඉඩ ඇත. අහෝ මිනිසුනේ ඔබලා මේවා පස්සෙන් නොයන්න. එය නිෂ්ඵල ක්‍රියාවකි (නි)

:       0       0

මාටින් Thursday, 26 September 2013 04:39 PM

නිල් රණා, එතකොට ඉස්සෙල්ලම දෙවියෝ මැව්වේ බිත්තරේද, කුකුලාද,( කිකිලිද,) හරියට කිව්වොත් ලකුණු 100 ක් දෙනවා ඔයාට (ස)

:       0       0

මාටින් Thursday, 26 September 2013 12:02 PM

මොනවද නිල් රනා කියල තියෙන විකාරේ, හරිම සම්භාව්‍ය කතාවක්, කාටවත් තේරෙන්නෑ (අ)

:       0       0

නිල් රනා Friday, 27 September 2013 11:12 PM

රත්න, නිම්සර හා ෂහීර් නමින් ලියපු මෝඩ බෞද්ධයා, කවුරු හරි දෙන තුට්ටුවට ගොන් කතා කියන්න එපා.

:       0       0

ෆාරුක් Thursday, 26 September 2013 12:04 PM

අල්ලා දෙවිඳුන්ගේ ආශ්චර්යන්ට ස්තුති වේවා ! දෙවියන්ගේ මැවීම් අනර්ඝයි ! (ස)

:       0       0

දෙව්මිණි Tuesday, 01 October 2013 01:30 AM

නිල් රණා, පිස්සුද හැටිද? බුදු දහම කියන්නේ බුද්ධිමතුන්ට පමණක් ග්‍රහණය කර ගත හැකි දර්ශනයක්.සෑම දෙයක්ම තර්කානුකූලව විග්‍රහ කර ඇති විද්‍යාවක්.බුද්ධියෙන් විචාර ග්‍රහණය කරගත යුතුයි බුද්ධාගම.කොටින්ම බුද්ධාගම මෝඩයන්ට නුගතුන්ට අවබෝධ කර ගන්න බැහැ.මම කතෝලික වුණත් බුදු දහම පමණි එකම ඇත්ත. (නි)

:       0       0

දයා අලහකෝන Thursday, 26 September 2013 12:07 PM

. මෙවන් සිදුවීම්වලින් තමා කලින් කලට ලෝක සිතියම වෙනස් වෙන්නේ (අ)

:       0       0

ලක්ෂ්මන් ජයවර්දන Thursday, 26 September 2013 05:02 PM

මේවා අදට අලුත් දේවල්ද?සොයා නොගත්..,අලුතින් මතු වුනා වගේ පෙනෙන ග්‍රහලෝකත් ආවේ..? මේ සියල්ල ගැන බුදුන් වහන්සේ දේශනා කල ඇති බව මොහොතකටවත් අමතක කරන්නෙපා..තව තව ඉස්සරහට..''ධර්මයෙහි හැසිරෙන්න..ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් ආරක්ෂා කරදෙ..'' (ස)

:       0       0

නීල් රණා Thursday, 26 September 2013 05:02 PM

මාටින්, අයියෝ ලේසි ප්‍රශ්ණයක්නෙ අහන්නේ. ඉස්සෙල්ලම මැව්වේ කුකුලව මොකද කුකුල් මස් බිත්තර වලට වඩා රසවත්. තව තවත් කුකුලන් හදාගන්න ඕනෙ නිසා කිකිළිවත් බිත්තරත් මැව්වා. ඩිසායර් නැතිනම් ආසාව නිසයි සියල්ල මැවුණේ. මට ලකුණු 100 ම දෙන්න. (ස)

:       0       0

බණ්ඩාර Thursday, 26 September 2013 12:17 PM

දේව කැමැත්ත කියාවී ෂුවර්....... (ස)

:       0       0

නීල් රණා Thursday, 26 September 2013 12:19 PM

මාටින්, බොරුව දිය යට ඔබාගෙන සිටින රබර් බෝලයක් වගේ. අත හැරුණු විගස එහි ඇති පුහු හිස් බව ලොවට අනාවරණය වෙනවා. ඒ නිසා වහාම කළ යුත්තේ අනුරාධපුරයේ සුමන ගැමුණු හා ඔහුගේ දරුවන්ගේ සූර්ය දේව පිළිම සතර නිවැරදි ලෙස මුලදී පැවති ආකාරයට ස්ථාන ගත කිරීමයි. (ස)

:       0       0

ලක්මාල් සිංගප්පුරුව Thursday, 26 September 2013 05:12 PM

ඔයාල බොරුවට ආගම අල්ලාගෙන කෑගහන්නේ නැතුව විද්‍යාත්මකව යමක් ලියන්නකෝ, අපේ අනිත් අයටත් යමක් ඉගනගන්න. (නි)

:       0       0

නිම්සර Friday, 27 September 2013 04:56 PM

ඉර්ෂාඩ්ලා වගේ අය මවපු එක තම අල්ලා කරපු වරද?? (ස)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Friday, 27 September 2013 02:14 AM

නීල් රනාගේ දැනුම හොදයි. නමුත් බෞද්ද ක්‍රිස්තියානි හින්දු සියල්ල පටලවාගෙන.ආදම් කොහෙද ලංකාවේ ඉපදුනේ? ආදම් කියන්නේ දෙවියන් වහන්සේ මුලින්ම මවපු මිනිසාගේ නමයි.ආදම්ගේ පාලම ලංකාවයි ඉන්දියාවයි අතර තිබුනට ආදම් ලංකාවේ දී මැව්වා කියලා කොහෙවත් නැහැ.විද්‍යාවයි දෙවියන්වයි ඇදගන්න එපා.විද්‍යාව යනු මිනිසුන්ගේ සොයාගැනීම් සහ නිර්මාණවල එකතුවක් (නි)

:       0       0

ජානක Thursday, 26 September 2013 12:26 PM

සුනාමි ඒවියයි කවුරුත් හිතුවද

:       0       0

අන්ස්ලාම් Thursday, 26 September 2013 12:34 PM

අම්මෝ! ඕක ජයලලිතට පෙනුනොත් සුං. (නි)

:       0       0

කුමාර් Saturday, 28 September 2013 02:04 AM

ෆාරුක්, ඔයාලගේ අල්ලාහ් මැවුම්කාර දෙවියන් වහන්සේ නොවෙයි (නි)

:       0       0

කෙවින් Thursday, 26 September 2013 05:59 PM

ලෝකය අවසානයේ පෙර නිමිති... කියවා තිබේ. ඉතාමත් ප්‍රාථමික පොතකි. බුදු දහමේ දේශනයන් ඉතාමත් ගැඹුරුය.ඒ වගේම අති විශිෂ්ට ලෙස ලෝකය පිළිබදව විග්‍රහ කර තිබේ. එය වෙන කිසිම ආගමක දක්නට නැත (නි)

:       0       0

මිලින්ද Thursday, 26 September 2013 12:44 PM

දූපතක් මැව්වම නම් අල්ලා දුන්නා කියන්න අය ඉන්නවා. නමුත් භූමි කම්පාවෙන් මැරිච්ච මිනිස්සු ගැන කතා කරන්නේ නැහැ (නි)

:       0       0

අන්ඩෲ Thursday, 26 September 2013 12:45 PM

මේ දූපත තමයි දෙමළ ඊලම. අන්තවාදී දෙමළුන්ට මම ආරාධනා කරනවා මේ දූපත අත්පත් කර ගන්න කියලා.හොඳ දෙමළ ජනතාව පමනක් ශ්‍රී ලංකාවේ සිටියාවේ. (දී)

:       0       0

ටිරෝන් සෙනෙවිරත්න Thursday, 26 September 2013 12:56 PM

මෝඩ මිනිස්සු.එතනටත් ගිහින් මොනවදෝ හොයනවා. ඕක කොයි වෙලාවෙ ආව විදිහටම යට යයිද දන්නෙ නෑ. කරුමෙටවත් ඕකෙ තෙල් එහෙම තිබුණා නම් පාකිස්තානෙටත් සොරිම තමා...... (ස)

:       0       0

නීල් රණා Thursday, 26 September 2013 06:43 PM

කෙවින්, බුදු දහමේ තියෙන්නේ ධාර්මික ආගමක ලක්ෂණ. ඊට හේතුව ගෞතම සිද්ධාර්ත ලංකාවට පැමිණ රාවණා පරපුරෙන් අපේ සූර්ය දේව දහම ඉගෙන ගැනීමයි. ඒ නිසයි බුදුන්ගේ හිස පිටුපස වෘත්තයක් හෙවත් රැස් වළල්ලක් තිබෙන්නේ. නමුත් ලංකාවේ පුලතිසි නිර්මාණය කළ ඉන්දියානු ඍෂිවර ආගම් වලත් තිබෙන්නේ සූර්ය දේව දහමයි. අපේ දහම රාවණා රජු අරාබියට හඳුන්වා දුන්නේ වෙනත් ලෙසකට. ඒ නිසා ඒබ්‍රහම් ආගම් නැගෙනහිර ආසියානු ආගම් වගේම ප්‍රායෝගික ජීවිතයත්, කලාපයේ ජීවන ක්‍රමයත් සමග වැඩියෙන් බැඳී තිබෙනවා. කෙසේ වුවත් ඔය සෑම ප්‍රධාන ආගමකම මූලික හරය ලංකාවේ සූර්ය දේව දහමයි. (නි)

:       0       0

නීල් රණා Thursday, 26 September 2013 01:04 PM

ධම්මගේ අත්දැකීම දුටුවහම මට මතක් වුණේ කොළඹ කේරි විද්යාලයේ අට වන ශ්‍රේණියේ ඉගෙන ගනිද්දී මට සිදුවූ ඇබැද්දියක්. ඒ සෙනෙවිරත්න නම් සමාජ අධ්‍යයන ගුරුවරයා ලෝක සිතියම ගැන පාඩමක් කරද්දී මම මගේම අදහසක් පංතිය ඉදිරියේ ප්‍රකාශ කිරීමෙන් සිදුවූ දෙයක්. ඒ අවස්ථාවේ සිතියම අධ්‍යයනය කරද්දී ක්ෂනිකව මට අවබෝධ වුණා ලෝකයේ ඇමෙරිකා සහ අප්‍රිකානු මහාද්වීප එකට හාවී තිබී කැඩී වෙන්වී ගොස් තිබෙන බව. (ඒ වනවිට ප්ලේට් ටෙක්ටොනික් යන භූතල න්‍යාය ලංකාවට ඇවිත් තිබුණේ නැහැ.) මා නැගී සිට එම අදහස හඬ නගා කිව්වා විතරයි. ගුරුවරයා ඇතුළු සියල්ලෝම මහ හඬින් සිනාසී පාසැල ඉදිපිට නවතන 150 අංගොඩ බසයට නගින්න කිව්වා. ඔන්න ඕකයි ලංකාවේ මිනිසුන්ගේ සැබෑ තත්වය. (ස)

:       0       0

නාලක - කටාර් Friday, 27 September 2013 06:53 AM

සමහරු අදහස් පළකරන්නේ .'යන්නේ කොහෙද? මල්ලේ පොල්' වගේ. හැම දේකටම ආගම ජාතිය පටලවගන්න මෝඩයෝ. (නදී)

:       0       0

නීල් රණා Thursday, 26 September 2013 01:07 PM

ධම්ම ගේ අත්දැකීම දුටුවහම මට මතක් වුණේ කොළඹ කේරි විද්‍යාලයේ අට වන ශ්‍රේණියේ ඉගෙන ගනිද්දී මට සිදුවූ ඇබැද්දියක්. ඒ සෙනෙවිරත්න නම් සමාජ අධ්‍යයන ගුරුවරයා ලෝක සිතියම ගැන පාඩමක් කරද්දී මම මගේම අදහසක් පංතිය ඉදිරියේ ප්‍රකාශ කිරීමෙන් සිදුවූ දෙයක්. ඒ අවස්ථාවේ සිතියම අධ්‍යයනය කරද්දී ක්ෂනිකව මට අවබෝද වුණා ලෝකයේ ඇමෙරිකා සහ අප්‍රිකානු මහාද්වීප එකට හාවී තිබී කැඩී වෙන්වී ගොස් තිබෙන බව. (ඒවන විට ප්ලේට් ටෙක්ටොනික් යන භූතල න්‍යාය ලංකාවට ඇවිත් තිබුණේ නැහැ.) මා නැගීසිට එම අදහස හඬ නගා කිව්වා විතරයි ගුරුවරයා ඇතුළු සියල්ලෝම මහ හඬින් සිනාසී පාසැල ඉදිපිට නවතන 150 අංගොඩ බසයට නගින්න කිව්වා. ඔන්න ඕකයි ලංකාවේ මිනිසුන්ගේ සැබෑ තත්වය. (අ)

:       0       0

ශ්‍රී Thursday, 26 September 2013 06:57 PM

මුස්ලිම් ජාතික භූ විද්‍යාඥ මොහොමඩ් ඉහත කියා තිබෙනවා මෙම දුපත නිර්මාණය වීමේ විද්‍යාත්මක හේතුව. ඒත් මෙහි අදහස් දක්වා ඇති සමහර අය කියනවා මේක දේව නිර්මාණයක් කියලා. ඒකෙන්ම තේරෙනවා මොවුන්ගෙ ලොකය හා සත්වයා පිළිබද ඇති බුද්ධියෙහි තරම. (නි)

:       0       0

බන්ඩා Thursday, 26 September 2013 01:21 PM

ඒකනම් තේරුණා නීල් රණා ..අතිශය සම්භාව්‍ය කතාවක්. හැබැයි රබර් බොලේ හිල් කරලා දිය යට එබුවනම් ආයේ උඩ එන්නේ නෑ (අ)

:       0       0

කෙවින් Thursday, 26 September 2013 07:14 PM

නීල් රණා, ඔබගේ උගත්කම ගැන මම කණගාටු වෙනවා. (නි)

:       0       0

සහන Wednesday, 02 October 2013 09:19 PM

අනේ නීල් රනා ඊට කලින් නරකද අර අංගොඩ බස් එකට නැගලා බැලුවොත්... එහෙම නැත්නම් ඔබ කරුණාකර රැකියාවක් සොයා ගන්න අනුන්ගේ සල්ලි වලින් කොමෙන්ට් දමමින් දවස කාල අනිත් අයගේ වෙලාවත් නාස්ති නොකර .. මොන අදහස කිව්වත් ඔබේ චින්තනය බටහිර කතෝලික චින්තනයයි. මොකද ඔබ කතෝලිකයෙක්..ඔබ හිතන් ඉන්නේ දෙවි කෙනෙක් මේක මවල පාලනය කරනවා කියලයි.. ඒ නිසා ඔබ සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්දයි. කරුණාකර ඔය ඉන්න රටකට වෙලා ඉන්න සුද්දන් ඔබට උගන්වපු දේවල් වමාරමින් කීකරුව ඉන්න හොදේ (දී)

:       0       0

සමහන් Wednesday, 02 October 2013 09:22 PM

බටහිර විද්‍යාවට වහල් උන නීල් රණවක , පන්චේන්ද්‍රයන්ට ගෝචර නොවන දෙයක් නැති බටහිර විද්‍යාව සරණ යමින් අදහයි, නමුත් ඔහු නොපෙනෙන දෙවි කෙනෙක් තමා ඇතුළු ලොව මවා පාලනය කරන බවක් අදහයි. අනේ මෙහෙමත් බත්කන .......(දී)

:       0       0

නදීෂා Wednesday, 02 October 2013 09:26 PM

නීල් රණවක හිතන්නේ එය විද්‍යාව පහලකරවන්නේ නොපෙනෙන දේව වාදයකට මිනිසුන් බැද දැමීමෙන් කියල. එයාමයි ලොකුම අන්දකාරය. මටනම් පෙනෙන්නේ මෙය අපාය සහයක මාර බලවේගයක් විදිහට. තවත් නාකි වෙන්න කලින් කසාදයක්වත් කොරගත්තොත් නරකද. (දී)

:       0       0

මාටින් Thursday, 26 September 2013 01:34 PM

නිල් රනා ට පොඩි කාලේ ඉදලම මේ අසනීපය තිබිලා තියෙනවා එහෙනම්. දැන් වුණත් 150 අංගොඩ බසයට ගොඩ වුණා කියලා ඔයාට අවාසියක් වෙන එකක් නැහැ (නි)

:       0       0

නීල් රණා Thursday, 26 September 2013 07:24 PM

ශ්‍රී, ගේ අදහස වැරදියි. යමෙක් විද්යාත්මකව යම් සිදුවීමක් විස්තර කරන්නේ විද්‍යාව පදනම්වී තිබෙන පංචේන්ද්‍රියන්ට හසුවන සීමාවන් තුල ක්‍රියාත්මක වන විශ්වයීය නියම හා ධර්මතා වලට අනුකූලවයි. පංචේන්ද්‍රියන්ට හසු නොවන දේ විශ්වයේ බොහොමයි. විද්‍යාව ඒවා ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. විශ්වයෙන් 73% ක් සෑදී තිබෙන්නේ අඳුරු ශක්තියෙන්. 23% ක් අඳුරු පදාර්ථ වලින්. අපට පෙනෙන ඉර, හඳ, තරු, ග්‍රහලෝක සියල්ලම විශ්වයෙන් 0.4% ක් වැනි ඉතා අංශු මාත්‍රයක් පමණයි. මේ අල්පය ගැන පවා විද්‍යාව සතු දැනුම අල්පමාත්‍රයි. (නි)

:       0       0

සෆ්රාස් Wednesday, 02 October 2013 09:30 PM

ජලීල් සකීර් නායක විනාඩියක් ඇතුලත කියන බොරු ගැන සාක්ෂි ඇතුව ඔප්පු කල වීඩියෝවක් පවා යු ටියුබ් එකේ ඉතා ජනප්‍රියව ඇත එයත් බලන්න. අනෙක ඔහු ලංකාවට ආපු වෙලේ ලංකික මුසලීම් අහපු ප්‍රශ්න මගහරිමින් අමාරුවේ වැටුන හැටිත් එහි තිබෙනවා.(දී)

:       0       0

අෂ්රෆ් Thursday, 26 September 2013 01:34 PM

නීල් රණා, ඇත්තටම උඹේ වයර් මාරු වෙලාද බං? (ස)

:       0       0

සංජු Thursday, 26 September 2013 07:27 PM

දෙවියන්ගේ මැවීමේ තරම කොහොමද? (නි)

:       0       0

රුචිර Thursday, 26 September 2013 01:38 PM

නීල් රණා,ඇත්තටම ඔයාට පිස්සුද? (නි)

:       0       0

රනිල් Thursday, 26 September 2013 01:44 PM

මල වදේ...ඔන්න කොටින්ට ඕකවත් දීලා දාමු....පිල්ලේ නෝනාට සනීපෙට නින්ද යන්නත් එක්ක ....... (ස)

:       0       0

කෙවින් Thursday, 26 September 2013 01:46 PM

විශ්වයේ සිදුවෙන හැමදෙයක්ම අල්ලා දෙවිඳුන්ගේ මැවීම් ලෙස, මුස්ලිම් අය හිතනවා.ඒ වගේම ඔවුන්ට කුඩා කාලයේ සිට මෙවැනි දේවල් ඔවුන්ගේ ආගමෙන් උගන්වනවා. (නි)

:       0       0

ධම්ම Thursday, 26 September 2013 02:01 PM

නීල් රණාගේ අන්තිම වාක්‍යයට මා එකඟ නැහැ. ලංකාවේ මිනිසුන්ගේ සැබෑ තත්වය එය යැයි ඔබ සිතනවා නම් මට කියන්න තියෙන්නෙත් ඒ පන්තියේ අය ඔබට කිවූ දෙයමයි. මා එම ප්‍රශ්නයට ලක් කලේ ග්‍රීක, බ්‍රිතාන්‍යය සහ පකිස්තානුවන් විසින්. (ස)

:       0       0

නීල් රණා Thursday, 26 September 2013 02:03 PM

කෙවින්, මෝඩ බෞද්ධයෝ විතරයි හිතන්නේ හැමදේම සිදුවන්නේ ඉබේ කියලා. ඒත් ඔවුනුත් ජීවිතේ හැම ප්‍රශ්ණයකදීම රහසේ උපකාර ඉල්ලන්නේ දෙවියන්ගෙන්. ඊට පස්සේ ලෝකෙට පරකාසෙට එලිපිට දෙවියන් හෙලා දකිනවා. මේ විශ්වයේ ගසක කොළයක් සෙලවීමේ සිට සියල්ල සිදුවන්නේ අවශ්‍යය කෙගේ දැනුවත්කම ඇතිවයි. (ස)

:       0       0

සුද Friday, 15 November 2013 06:02 AM

හිටියොත් හොදට හැදී දෙවියොත් නමට වදී... මිනිසත්කමට වැඩිය දෙවි කෙනෙක් නැත (නි)

:       0       0

රිෂාර්ඩ් Thursday, 26 September 2013 02:08 PM

කෙවින්- දහමේ මේවා තියෙන හින්ද කියන්නේ එකේ කොටසක් තමා මං ඉහලින් සඳහන් කලේ... (ස)

:       0       0

සෑම් Thursday, 26 September 2013 02:11 PM

අම්මේ! ඇත්තටම ධම්ම සහ නීල් රනා මහාචාර්යවරු දෙන්නෙක්ද? මම නම් ඕවා ගැන හරියටම දන්නේ නැහැ. මට මතකයි සමාජ අධ්‍යයන පාඩම උගන්නද්දි මට පොත උඩ නින්ද ගිහින් අපේ ගුරුතුමාගෙන් ගුටි කෑවා. (නි)

:       0       0

නීල් රණා Friday, 27 September 2013 09:17 AM

බොහෝ දෙනෙක් සියල්ල පටලවා ගෙන සත්‍ය නොදකින්නේ තමන්ගේ මිත්‍යාදෘෂ්ටිය හේතුකොට ගෙන තමන්ගේ මමත්වය තුල සිරවී, විශ්වයේ නා නා විධ බහුත්වයක් දකින නිසයි. ලෝකයේ වසන සියලු මිනිසුන්ගේ හෝමෝ සේපියන්ස් සේපියන්ස් ආධිතමයා එක් අයෙක් බව ජාන විද්‍යාත්මකව සොයාගත් ඇත්තක් වගේම සියලු ප්‍රධාන ආගම්වල ආරම්භයත් ඒකයි. ඒ ලංකාවේ සූර්ය දේව දහමයි. බහුත්වයට පත්වූ බව මායාත්මකව හෙවත් සාපේක්ෂව දිස්වෙන විශ්වයේ ආරම්භය සිදුවන්නේත් ඒකීයත්වයකින්. ඒ නිසා මැවුමට පෙර සිටි තනි කෙනාමයි මැවුමෙන් පසු බහුත්වයට පත්වී තිබෙන බවක් සාපේක්ෂව දර්ශණය වන්නේ. පංචේන්ද්‍රියන්ට හසුවන විශ්වයේ බහුත්වය මායාවක් හෙවත් සාපේක්ෂතාවක් මිස යථාර්තයක් නොවේ. බටහිර සාපේක්ෂතාවාදය අයින්ස්ටයින් ඉදිරිපත් කළේ 20 වන සියවසේදී වුවත් රාක්ෂ හෙවත් ලක් සූර්ය වංශය සතුව එම දැණුම තිබුණේ මීට වසර දහස් ගණනකට පෙරයි. එබැවින් ඉක්මනින්ම සුමන ගැමුණු රජුගේ සහ ඔහුගේ දරුවන්ගේ සූර්ය දේව පිළිම යථා පරිදි ස්ථානගත නොකළහොත් දරුණු ප්‍රති විපාක වලට නිසැකවම මුහුණ දෙන්නට සිදුවෙයි. (ස)

:       0       0

කාන්ත Thursday, 26 September 2013 02:18 PM

ෆාරුක් හරි. දෙවියෝ ඕක මවලා තියෙන්නෙ ඔයාලා වගේ අයට. (නි)

:       0       0

රත්න Friday, 27 September 2013 02:49 PM

නීල් රණා , සූර්යග්‍රණයකට අසු වෙලා වගේ හිරු දෙවියෝ ගැන කිය වන්නේ. මිත්‍යා දෘෂ්ටිකයගේ ඔලුවට එන එන දේවල් කීප වතාවක්ම ලියනවා අදහසක් කියා ගන්න. (ස)

:       0       0

නීල් රණා Friday, 27 September 2013 09:19 AM

බොහෝ දෙනෙක් සියල්ල පටලවා ගෙන සත්‍යය නොදකින්නේ තමන්ගේ මිත්‍යා දෘෂ්ටිය හේතුකොටගෙන තමන්ගේ මමත්වය තුල සිරවී, විශ්වයේ නා නාවිධ බහුලත්වයක් දකින නිසයි. ලෝකයේ වසන සියලු මිනිසුන්ගේ හෝමෝ සේපියන්ස් සේපියන්ස් ආදිතමයා එක් අයෙක් බව ජාන විද්‍යාත්මකව සොයාගත් ඇත්තක් වගේම සියලු ප්‍රධාන ආගම්වල ආරම්භයත් එකයි. ඒ ලංකාවේ සූර්ය දේව දහමයි. ඒනිසා මැවුමට පෙර සිටි තනි කෙනාමයි මැවුමෙන් පසු බහුත්වයට පත්වී තිබෙන බවක් සාපේක්ෂව දර්ශනය වන්නේ. එබැවින් ඉක්මනින්ම සුමන ගැමුණු රජුගේ සහ ඔහුගේ දරුවන්ගේ සූර්ය දේව පිළිම යථාපරිදි ස්ථානගත නොකළහොත් දරුණු ප්‍රතිවිපාක වලට නිසැකවම මුහුණදෙන්නට සිදුවෙයි. (නි)

:       0       0

නීල්-රානා Wednesday, 02 October 2013 10:49 AM

මිහිමත උපදින කවුරුත් කවදා හරි යනවා. එහෙම යනදාට මම යන්නේ මව්බිම ආක්‍රමණිකයන්ගෙන් බේරාගෙන ජනතාව අවිද්යාවෙන් මුදාගත්තට පස්සෙයි. (නදී)

:       0       0

නීල් රණා Wednesday, 02 October 2013 10:53 AM

මිහිමත උපදින කවුරුත් කවදා හරි යනවා. එහෙම යනදාට මම යන්නේ මව්බිම ආක්‍රමණිකයන් ගෙන් බේරාගෙන ජනතාව අවිද්‍යාවෙන් මුදාගත්තට පස්සෙයි. (ස)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Thursday, 26 September 2013 02:34 PM

පොලොව පලාගෙන යන්නෙත්, මුහුද දෙබෑ වෙලා උඩට එන්නෙත්, එවැනි සිදුවීම් වලින් ජීවිත හානි වෙන්නෙත්, මුස්ලිම්වරුන් ඉන්න රටවලමයි. ඔවුන්ට දඬුවම් දෙන්නේ ස්වභාව ධර්මයයි. (ස)

:       0       0

ශ්‍රී Thursday, 26 September 2013 08:56 PM

නීල් රණා ඔබ ගේ තේරුම්ගැනීම හා අවබෝධය පිළිබද ඇතිවන්නෙ බලවත් කණගා‍ටුවක්. මාගෙ අදහස බලධරයා විසින් කපාකොටා තිබීමත් නකනගා‍ටුවට කාරණයක්. පංචේන්ද්‍රයන්ට අරමුණු වන දැනුමට එහාගිය හරි විද්‍යාවට එහාගිය දැනුමක් හා බුද්ධියක් තියන සර්වබලධාරි දෙවිකෙනෙක් ඉන්න බවද ඔබ කියන්නේ. මම කියනේ එහෙම කෙනෙක් නොවන බවයි. තමතමන් අදහන දෙවියන් වෙනුවෙන් මිනීමරාගන්න ලෝකෙක ඇයි ඔයතරම් බලයක් තියන දෙවිවරු මිනිසුන් ඉදිරියේ හීනෙන් වත් පෙනී නොසිටින්නෙ? එහෙම දෙවියෙක් ඉන්නවන්ම් කොහොමද මෙතරම් අපරාධ ලෝකයේ සිදුවන්නෙ? ආගමික පොත්වලට වහල් නොවී බුද්ධියෙන් ලෝකය හා සත්වයා දෙස බලන්නට නීල් රණාට ශක්තිය හා ධෛහිර්ය ලැබේවායි මම ප්‍රාර්ථණාකරනවා.(නදී)

:       0       0

ජනක වෙල්ලප්පුලි Thursday, 03 October 2013 09:52 PM

මට හිතෙන විදියට මෙතන පැමිණ තිබෙන්නේ ගිනි කන්දක මුලික ලක්ෂණ මේ ගිනිකන්දේ කට තමා උඩට මතු වී තිබෙන්නේ (නදී)

:       0       0

උත්තරා Thursday, 26 September 2013 02:44 PM

ඕක කම්පාවට කලින් අඩි 10-12 යට තියෙන්න ඇත්තේ. (ස)

:       0       0

රිෂාර්ඩ් Friday, 27 September 2013 09:43 AM

කෙවින් - ප්‍රථමික පොත් කියවන්නන් උඩට එනවා. ඒක හරි නේ. ඔබ පොත හරියට කියවලා නැහැ. මං කිව්වේ නැහැ ඒක ඉතා ගැඹුරු එකක් කියලා. ඒක නිකන් අත්මිටක් පමනයි. මට පේන්නේ පොත් ඔක්කොම අරගෙන එක පොතක් පමණක් කියවනවා වගේ. (ස)

:       0       0

ජලීල් Saturday, 28 September 2013 10:51 AM

කෙවින්, ඔබේ දැනුම තව දියුණු කරගැනීමට දොස්තර සාකීර් නායක් ගේ දේශනයන් බලන්න (යූ .ටියුබ් හි ඇත ) (දී)

:       0       0

ලක්මාල් සිංගප්පුරුව Thursday, 26 September 2013 03:13 PM

මම කැමති ඔය දුපත ගැන අදහසක් දක්වන්න.පෘථිවි අභ්‍යන්තරයේ තියන භූ තැටි නොහොත් ප්ලේට් .තිරස් හේ සිරස් චලන වලට ලක් වෙනවා එකට හේතුව පෘථිවි අභ්‍යන්රයේ ඇතිවන තාප සංවහන ධාරා .එතකොට ප්ලේට් එකකට එකක් හැප්පෙනවා .ඒකට තමා කියන්නේ භූමි කම්පා කියලා .ඔය වෙච්ච භූමි කම්පාව තිරස් චලනයක් ඒ නිසා ඔය අලුත් දුපත හටගත්තේ .පීඩනය නිසා තෙරපුණු පාෂාණ කොටස් ඔය මතු වෙලා තියෙන්නේ .ඕක ආගම වලට සම්බන්ධ කරන්න එපා . තල භූ කාරක මතය අනුව, පෘථිවියේ නිර්මාණය, තල වල සාපේක්ෂ චලන අනුව ගොඩබිම් නිර්මාණය .ගොඩබිම් විනාශය සිදුවෙනවා. (ස)

:       0       0

මධූ ෂෙරීනා Thursday, 26 September 2013 03:16 PM

නීල් රනා කවුද ඔයාට කිව්වෙ බොද්ධයෝ මෝඩයෝ කියලා.කොහේවත් යන ප්‍රශ්න වලට ආගම් භේද ගාවගන්න එපා. (ස)

:       0       0

නීල් රණා Thursday, 26 September 2013 10:57 AM

ලංකාව කිට්ටුව දූපත මතු වුණා නම්, සුනාමියෙදි හිඳුනු මූදු පතුල අල්ලගන්න කට්ටිය පොරකෑවා වගේ, අලුතෙන් මතුවුණු දූපත අයිතිකර ගන්නත් මිනිස්සු රණ්ඩුවෙයි. (නි)

:       0       0

කෙවින් Thursday, 26 September 2013 03:23 PM

රිෂාර්ඩ්- නීල් රණා .මම ඉන්නේ කුවේට් වල. මම මුස්ලිම්, බෞද්ධ, කතෝලික, හින්දු වගේ ආගම් කියවලා තියෙනවා. මම ඒවා කියවන්න කැමැතියි. ඒ හැම ආගමකම මෙවැනි දේවල් කියලා තියෙනවා.ඔබලා දන්නේ නැති උනාට . නමුත් හැම දෙයක්ම අල්ලා හෝ වෙනත් දෙවි කෙනෙක්.නිසා සිදුවෙනවා කියා මම විස්වාස කරන්නේ නැහැ. (ස)

:       0       0

සශිමා Thursday, 26 September 2013 03:24 PM

ද්‍රවිඩ ඊළම ඕන අයට ඔන්න චාන්ස් එකක්. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 598 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 689 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 2161 2

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1578 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 1516 3

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 1771 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 24805 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23350 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 382 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site