IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


භූමි මෙහෙයුම් සේවක හිඟයෙන් ගුවන් ගමන් පමා වෙයි

 

(දයාසීලි ලියනගේ)

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වැඩිම ආදායම ලබන භූමි මෙහෙයුම් අංශයේ සේවක හිඟය නිසා කටුනායක ගුවන් තොටුපොළ ගුවන් යානා පියසර කිරීම බෙහෙවින් ප්‍රමාදවී ඇති බව සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශ්‍රී ලංකන් ගුවන් සේවා වෘත්තීය සමිත් සභාපති ජනක විදානපතිරණ මහතා ප්‍රකාශ කළේ කොරෝනා අර්බුදය පැවැති කාලයේ ගුවන් යානා පැමිණීම බෙහෙවින් අඩු වූ නිසා භූමි මෙහෙයුම් අංශ සේවකයන් 400ක් ඉවත් කළ බවයි.

දැන් ගුවන්යානා පැමිණීම වැඩි වී ගුවන් තොටුපොළ කටයුතු යථා තත්ත්වයට පැමිණ ඇති නිසා භූමි මෙහෙයුම් කටයුතු කලට වේලාවට කාර්යක්ෂමව ඉටු කළ නොහැකි වීමෙන් ගුවන් යානා පිටත්වීමේදී ප්‍රමාදයක් සිදුවන බව ඔහු කීය.

මේ තත්ත්වය පිළිබඳව ජාත්‍යාන්තර ගුවන් සමාගම් ගණනාවක්ම පැමිණිලි කර ඇති අතර භූමි මෙහෙයුම්  කටයුතු කාර්යක්ෂමව කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ජනාධිපතිවරයගෙන් ඉල්ලා ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් කීය.

ගුවන් තොටුපොළේ භූමි මෙහෙයුම් කටයුතුවලින් වසරකට ඩොලර් මිලියන 100ක ආදායමක් ලබයි.



අදහස් (5)

භූමි මෙහෙයුම් සේවක හිඟයෙන් ගුවන් ගමන් පමා වෙයි

ravin Friday, 26 November 2021 05:18 PM

ආ ඔය තියෙන්නේ .. දැන් ඉතින් දේශපාලු හෙංචයියන් ටික රිංගයි ඕක ඇතුළට.. අස්කරපු වැඩ දන්න උදවිය කොන්ත්‍රාත් ක්‍රමයටද වැඩට ගන්නේ...

:       1       15

නුවන් Friday, 26 November 2021 05:23 PM

දැන්වත් ඔවුන් සියලුදෙනා නැවත සේවයේ පිහිට වන්න. ඔවුන්ට ඉතා අසාධාරණයක් සිදුවුණා..

:       0       16

ජයසුමනFriday, 26 November 2021 11:44 PM

මොකක්ද වෙච්ච අසාධාරණේ ? කොරොනා නිසා ලෝකෙම ගුවන් ගමන් නතර කරලා තිබුනා කියලා දන්නේ නැද්ද? වැඩ නැතිව ජනතා මුදල්වලින් පඩි ගන්න එක සාධාරණයිද ?

:       0       0

Nandalal DE SILVA - France Friday, 26 November 2021 11:47 PM

ඒක හොඳයි. එතකොට එම සේවයත් අත්‍යවශ්‍ය සේවාවක් බවට ගැසට් නිවේදනයක් මගින් දැනුම් දුන්නම වැඩේ ෂේප්.

:       0       0

arschfikaa Saturday, 27 November 2021 01:01 AM

දැන් ඉතින් අර 1974 උනාවගේ අනතුරු වැඩියෙන් එයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අමාත්‍යාංශ ලේකම්වරු පත් කරයි
2024 නොවැම්බර් මස 19 325 0

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධාන


නිහාල් ගලප්පත්ති කතානායක ධූරයට?
2024 නොවැම්බර් මස 19 2418 0

ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය


රවීගේ නිවෙසට ආරක්ෂාව
2024 නොවැම්බර් මස 19 1720 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.


ඩී.අයි.ජී. නාලකට එරෙහි විමර්ශනවලට කාලයක් දෙයි
2024 නොවැම්බර් මස 19 948 0

යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය


මැති සබේ නවක මුහුණු
2024 නොවැම්බර් මස 19 1127 0

බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන


ජනපති අනුර ඉන්ද්‍රජාලකයෙක්
2024 නොවැම්බර් මස 19 5151 3

ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27352 38


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 19583 11

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 388 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 654 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1879 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site