IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


’’භාරකාර ආණ්ඩුවක් නැත්නම් අපි ආණ්ඩුවෙන් යනවා’’

(ඩයනා උදයංගනී)

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්‍ෂ සමඟ සාකච්ඡා කර භාරකාර ආණ්ඩුවක් යටතේ රට පාලනය කිරීමට පියවර ගත යුතු බවත්, එසේ නොකළොත් තමන් ආණ්ඩුවෙන් ඉවත් වන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත ලිපියක් යොමුකරමින් දැනුම් දී ඇත.

ඉදිරි සතිය තුළ එම වැඩපිළිවෙල ඉටු නොවන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනා දරනු ලබන ආණ්ඩුවේ සියලු තනතුරුවලින් ඉවත් වී පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇතැයි ද එම ලිපියෙහි දැක්වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රධාන ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ අත්සනින් ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති එම ලිපියේ මෙසේ ද සඳහන්ය.



අදහස් (16)

’’භාරකාර ආණ්ඩුවක් නැත්නම් අපි ආණ්ඩුවෙන් යනවා’’

Chalana Sunday, 03 April 2022 06:38 PM

කොහේ ගියත් ටොපිය හම්බ වෙනවා...!

:       4       53

Perera Sunday, 03 April 2022 06:50 PM

ආණ්ඩුවෙන් දැන් ගියාට ආණ්ඩුවේ හිටපු කාලේ කරපු කෙළිවලට, ජනතාවගෙන් ගැලවිල්ලක් නම් නැහැ...

:       2       46

ගමේ එකාලා Sunday, 03 April 2022 06:54 PM

පවුල් පාලනේ උදවිය හැරෙන්න අනික් හැමෝම යනවා නම් තමයි හොඳ...

:       2       17

Saman Sunday, 03 April 2022 06:59 PM

කට්ටියට පගා ගහන්න ක්‍රම හොයනවාද? මේ ඔක්කොම එකයි... මේ සැරේ ජවිපෙට දීලා බලමු...

:       11       39

පැරකුම්Sunday, 03 April 2022 07:39 PM

වැඩක් නෑ ඒ අයත් එච්චර තමයි. මේ රට ගොඩගන්න නම් රටට ආදරය කරන දරදඬු පාලනයක් අවශ්‍යයි...

:       25       20

යෝගා Sunday, 03 April 2022 07:40 PM

ජවිපෙට අයර්ලන්තයෙනුත් ඡන්ද හම්බවෙයි මගෙ හිතේ..!

:       24       12

BamunuarachchiMonday, 04 April 2022 12:16 PM

1989 අපායට ගිය හාදයොත් චන්දෙ දේවි. ඒත් අපි දෙන්නේ නැහැ.. හොඳටම ෂුවර් කබලෙන් ලිපට වැටෙනවා

:       0       0

BamunuarachchiMonday, 04 April 2022 12:26 PM

මොකද කතා කොරන්නේ දීලා බලමු කියලා අඩමානෙට කතා කොරන්නේ? ෂුවර් නැහැ නේද ? ඕක තමයි අපිටත් තිබෙන ප්‍රශ්නය. බැංකු අධිපති කම කරන්නෙත්, ජනාධිපතිකම කරන්නෙත්, අගමැතිකම කරන්නේත්, මුදල් ඇමතිකම කරන්නෙත් අනුර කියන හාදයාද? කටේ හැකර කම තිබුනාට රටක් ගෙනියන්න ලෙහෙසි නැහැ

:       0       0

ලක්සිරි පැරිස් Sunday, 03 April 2022 07:20 PM

අපේ රට කෑවා. දේශපාලුවන්ට දෙන්න ටොපි...!

:       0       18

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 03 April 2022 07:35 PM

භාරකාර ආණ්ඩුවක් පත්කොට තවතවත් දේශපාලකයන් එකතුකරගෙන හදනා කැඳ හැලියකින් රටේ මුදල් තව තවත් නාස්ති වෙනවා. මෛත්‍රීපාල ඇතුළු සෙට් එකත් එක්ක මොන මඟුලක් වත් හරියට කරන්න බැහැ. හරියට වැඩක් කරන්න දෙන්නේ නැහැ. රට කාපු හැමදාම බලයේ ඉන්නට වලිකන මේ කණ්ඩායම අනිවාර්යයෙන්ම ගෙදර යැවිය යුතුමයි.

:       3       37

Kcn Sunday, 03 April 2022 07:52 PM

බැසිල්, කබ්‍රාල් ඉන්න තැනකට අකුණු වැසි ලැබේවා...!

:       0       34

BamunuarachchiMonday, 04 April 2022 12:20 PM

කබ්රාල් බැංකුව මකොල්ල කෑවටද? දන්නා තේරෙන මගුලක් කතා කොරනවා හලෝ. නොදන්නා මගුල් කතා නොකර. අල්ලපු ගෙදර ජෙප්ප බීගෙන කෑගහනකොට කියන ඒවා මේ ගොයියත් කියෝනව

:       0       0

ravin Sunday, 03 April 2022 07:56 PM

හිටන්ගේ කෙහෙල් කොළේ බත් කන්න වෙන්නැති. මම දක්ෂයා කියලා අනපු ඇනිල්ල තාම මුළු රටටම දිරාගන්න බැරිව තියෙන්නේ. තවත් පවු නොදී තමතමුන් හොරකම් කළ සල්ලි ටික රැකබලා ගත්තා නම් තමයි වඩාත් හොඳ..!

:       2       24

jagath Sunday, 03 April 2022 08:12 PM

තවත් ආණ්ඩු සාදන්නට යාමෙන් සිදුවන්නේ ඇමතිකම් වලට පොර කෑම පමණි. එවැනි දෙයකින් රටේ ප්‍රධානම ප්‍රශ්නය වන විදේශ ණය අඩු වන්නේ නැහැ.

:       2       26

Appuhami Sunday, 03 April 2022 09:04 PM

භාරකාර ආණ්ඩුව ආවත් ඉන්නෙ ජනතාව හිඟන්නන් බවට පත්කල ඔය රැලමනේ. .විහිලු.

:       0       0

Gamaya Monday, 04 April 2022 06:45 AM

අනේ නුබලාගේ කයිය විතරයි. ලැජ්ජයි. වැඩියෙන් ගෙවන පැත්තට යන්න ඔට්ටු අල්ලන අහිකුන්ටක රැලක් වගෙයි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 128 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 670 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


හඳුන්නෙත්ති මහජනතාවට අමාත්‍යාංශයේ දොර අරියි
2024 නොවැම්බර් මස 25 1022 0

වසර හතරකට පසු කර්මාන්ත අමාත්‍යාංශයේ මහජන දිනය අද ඇරැඹිණි.


මෙන්න මහා අපරාධයක්
2024 නොවැම්බර් මස 25 1404 1

මීට වසර 31කට පෙර වැසී ගිය කන්තලේ සීනි සමාගම සතුව සක්‍රීය තත්වයේ තිබූ යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් මේවන වට විනාශ වී දිරාපත්ව ඇති අයුරු එහි ගිය අපට දැක


තෙවන ලෝක යුද්දයට එරෙහිව බෞද්ධයෝ පෙළ ගැසෙති
2024 නොවැම්බර් මස 25 1080 0

ලෝකය තුළ යළි හිස ඔසවමින් පවතින යුද මානසිකත්වය මුළුමනින්ම තුරන් කර, සාමකාමී ලෝකයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ඉන්දියාවේ බුද්ධගයා පූජා භූමියේ ශ්‍රී මහ


කලපුවේ සැඟවුණු මල් කැකුලිය
2024 නොවැම්බර් මස 25 2087 2

මිගමුව කලපුවේ කුඩා ධීවර යාත්‍රාවක් පෙරළී යාමේන් අතුරුදහන් වු පියා හා දියණියෙගේ සිරුරු අද දහවල් මිගමුව මුන්නක්කරේ සිරිවර්ධනපුර කලපු තිරයේ තිබියදී ස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 526 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 736 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2060 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site