IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


‘‘භාරත ඝාතනයේ පරීක්ෂණ අවසන්’’

ජනාධිපති උපදේශකවරයකු වූ භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඇතුළු සිවු දෙනකු කොලොන්නාවේ ඡන්ද ගැටුමකදී මරා දැමීම සම්බන්ධ පරීක්ෂණ අවසන් කළ බව රහස් පොලිසිය කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්නද අල්විස් මහතාට දැන්වීය. එහෙත් සැකකාර පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වාගේ ශාරීරික හා මානසික තත්ත්වය අනුව ඔහුගේ කටඋත්තර ලියා ගත හැකිවේදැයි නොදන්නා බවද රහස් පොලිසිය කීවේය. නඩු භාන්ඩ පිළිබඳව රජයේ රසපරීක්ෂක වාර්තාවද ලැබී ඇත. පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ දියණිය හිරුනිකා උසාවියට අපහාස වන ප‍්‍රකාශ කරතියි සීඞී තැටි හා පුවත්පත් වාර්තා ඉදිරිපත් කරමින් ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා කීවේය. පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ බිරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ උපුල් කුමාරප්පෙරුම මහතා පැවසූවේ එවැනි පැමිණිලි විභාග කිරීමට මහේස්ත‍්‍රාත් උසාවියට බලයක් නැති බවයි. ලිඛිතව කරුණු දක්වන ලෙස දෙපාර්ශවයට නියෝග කළ මහේස්ත‍්‍රාත් සැකකරුවන් යළි රිමාන්ඞ් කර ජුනි 19 වැනිදාට නඩුව කල්තැබීය.



අදහස් (0)

‘‘භාරත ඝාතනයේ පරීක්ෂණ අවසන්’’

හනුම Tuesday, 05 June 2012 05:38 PM

උගුරට හොරා බැහැ කිව්වට ඕනම දෙයක් කරන්න දැන් පුළුවන්නෙ...

:       0       0

තේජා Tuesday, 05 June 2012 05:47 PM

මෙතන වැරදි හිරැණිකා.. අනිත් අය සේරම හරි...

:       0       0

සුදීර Thursday, 07 June 2012 08:13 AM

මෙහෙමත් රටක්

:       0       0

අසේල Tuesday, 05 June 2012 06:35 PM

තුච්ච දේශපාලනය.

:       0       0

ආචාර්ය සෑම් අයියා Tuesday, 05 June 2012 06:53 PM

බලන් ඉන්න ලබන සැරේ ජන්දේ ලැබෙයිද කියල????

:       0       0

කරෝලිස් Wednesday, 06 June 2012 10:37 AM

අනේ අපිත් දුන්නනේ බොලවු මේ ඇත්තන්ට ඡන්දේ

:       0       0

රංජිත් මංජුල Tuesday, 05 June 2012 07:35 PM

තේජ කඩේ ගියාට කමක් නෑ.. මල්ල අමතක කරන්න එපා...

:       0       0

සරෝජ් Thursday, 07 June 2012 08:54 AM

සොබා දහම පළිසන් දෙයි

:       0       0

අමිල කටුනායක Tuesday, 05 June 2012 09:16 PM

මේකත් ජනරාල් කෙනෙක්ගේ මැතිවරණ කේස් එකක්නේ.

:       0       0

අමිල Wednesday, 06 June 2012 01:21 PM

ලංකාවේ පොලීසිය ගැන ලැජ්ජයි......

:       0       0

දයා, සෞදියේ සිට Wednesday, 06 June 2012 01:57 PM

අවි ගත්තෝ අවියෙන්ම නැසේ . මේවා මිනිස් සංහතිය තියෙන තුරා වලංගු කියමන්....

:       0       0

දනුශ්ක Tuesday, 05 June 2012 10:52 PM

තෝර මාඵ අල්ලන්න පොලීසියත් බයයි....හාල්මැසසොනම් ඉක්මනට අල්ලනවා...

:       0       0

අජිත් Wednesday, 06 June 2012 01:24 AM

දුමින්ද ගැන හොද කියන අය ඉන්නවනම් මාත් එක්ක විවාදයකට එන්න කියලා මම සෘජුවම අභියෝග කරනවා

:       0       0

සුභාෂිණි Wednesday, 06 June 2012 02:30 AM

අනේ කාවද මේ රවට්ටන්නේ?

:       0       0

නිලන්ත Wednesday, 06 June 2012 07:46 AM

නරක අයට උදවු කරන අයට කොහොමත් සිහිය නෑ

:       0       0

ආර් ඒ ඩී ඒ Tuesday, 05 June 2012 04:44 PM

මේවා හොද පාඩම්... මේ විත්තිකාරයා වගේම පෑමිනිලිකාරයත් කලහාකාරී ලෙස තමා කටයුතු කලේ... අන්තිමට එක් අයෙක් ජීවිතයෙන් වන්දි ගෙවද්දි අනෙක් කෙනා අබ්බගාත වෙලා ඉන්නවා... අවි ගත්තෝ අවියෙන්ම නෑසෙති කියන්නේ මේක නිසා තමා... අනේ අනිච්චා....

:       0       0

ජී ම හෑ Tuesday, 05 June 2012 05:26 PM

නඩුත් හාමුදුරුවන්ගෙ - බඩුත් හාමුදුරුවන්ගෙ

:       0       0

අසංග Tuesday, 05 June 2012 05:29 PM

මේක මේ දුමින්දගෙන් පලි ගන්න බලාගෙන ඉන්න වැඩක් නේද? උසාවියට අගෞරව කරන්න එපා...

:       0       0

මෙල්බන් වැසියා Tuesday, 05 June 2012 05:34 PM

දකුනු ආසියාවේ ආශ්චර්ය

:       0       0

ප්‍රීනා Wednesday, 06 June 2012 09:33 AM

උසාවියට යනවයි කියන්නේ, මග හිටියොත් තෝ නසී, ගෙදර ගියොත් අඹු නසී වගේ වැඩක්

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම හෙටින් ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 30 23 0

මහ මැතිවරණ ඡන්ද විමසීමේදී තැපෑලෙන් ඡන්දය දීමට අපේක්‍ෂිත සියලූම තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ අයඳුම්පත් බාර ගැනීම හෙට (01) දිනයෙන් ආරම්භ වේ.


අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධයක්
2024 සැප්තැම්බර් මස 30 209 0

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර එහි අඩංගුව තිබූ ප්‍රශ්න කිහිපයක් පිටතට යාම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ඉවත් කර නැවත එම විභාගය පවත්වන ලෙස ඉල්ලමින් ⁣ශි


ගඟට පැන්න අයගේ දිවි බේරේ
2024 සැප්තැම්බර් මස 30 406 0

මාතර මහානාම පාලම මතින් නිල්වලා ගගට පැන ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටි පුද්ගලයකුගේ ජීවිතය බේරු ගැනීමට යුද හමුදා සාමාජිකයන් පිරිසක් අද (30) උදෑ


විමල්ගේ නඩුවේ සාක්කි විමසීම ඔක්. 28
2024 සැප්තැම්බර් මස 30 486 0

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවුයේ යැයි චෝදනා ලත් ජාතික නිදහස් පෙරමුණේ පාර


ව්‍යවස්ථා සභාවේ ජනපති නියෝජිතයා විජිත
2024 සැප්තැම්බර් මස 30 292 0

අමාත්‍ය විජිත හේරත් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත් කරනු ලැබීය.


හොරණ රෝහල අසල කානු පද්ධතිය අපිරිසිදු වෙලා
2024 සැප්තැම්බර් මස 30 166 0

හොරණ දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට දැඩි අපිරිසිදු තත්ත්වයක පවතින බව එහි සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව පවසති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38188 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25143 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 829 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 293 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site