හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ජනාධිපතිගේ වෘත්තී සමිති උපදේශකයකු වූ භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු 2011 ඔක්තෝබර 08 වැනිදා සවස කොළොන්නාවේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ නඩු තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
ශිරාන් ගුණරත්න (සභාපති), පද්මිණී රණවක සහ එස් සී බී එන් මොරායස් යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩුව විභාගයට ගානිණි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු 11 දෙනෙක් මෙම නඩුවේ වගඋත්තරකරුවෝ වෙති.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අවට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ඇතැයි පොලිසිය කියයි.
අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) තවදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජල ටැංකියට කිසියම් රසායනික ද්‍රව්‍යයක් කලවම් වී ඇති බවට පැම්ණිල්ලක් ලැබී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි
රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
භාරත ලක්ෂ්මන් ඝාතන නඩු තීන්දුව අද
යමුනා Thursday, 08 September 2016 07:51 AM
හෙලිකොප්ටරයෙන්නේ එදා සිංගප්පූරු ගෙනිච්චේ. ස්වභාවික යුක්තියෙන් ගැළවෙන්න බැහැ. දුන් තීන්දුව අති විශිෂ්ටයි. අපිට සතුටුයි දැන්. යුක්තියට ජය! (නි)
බමුණුසිංහ Thursday, 08 September 2016 03:04 AM
මමත් මේ බලාගෙන ඉන්නේ තීන්දුව ලැබෙනතුරුයි (නි)
බුද්ධි Thursday, 08 September 2016 03:10 AM
අද කීයට විතරද මේ නඩු තීන්දුව දෙනවා ඇත්තේ? (නි)
සුමිත්‍රා බස්නායක Thursday, 08 September 2016 03:12 AM
බමුණුසිංහ, ඔබ වගේම මමත් එදා ඉඳලා බලාගන ඉන්නේ මොකක්ද අවසන් තීන්දුව කියලා. (නි)
දුමින්ද Thursday, 08 September 2016 03:27 AM
අවි ගත්තෝ අවියෙන්ම නසිති (ම)
උදය Thursday, 08 September 2016 03:47 AM
විත්තිය සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරන ලදී. බොරු පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේ වරදට පැමිණිලි පක්ෂය බන්ධනාගාර ගතකරන ලදී.(ම)
කේෂාන් අමන්ද Thursday, 08 September 2016 08:40 AM
රටට බලන් හිටියේ මේ නඩු තීන්දුව විසදුම එනකන්.(හේ)
කමල් Thursday, 08 September 2016 03:50 AM
නිතිය ගැන මහජන විස්වාසය තහුරු කරනු මැන! (ම)
ධම්මික Thursday, 08 September 2016 08:34 AM
සාධාරණ තීන්දුවක් (නි)
සම්පත් පතිරණ Thursday, 08 September 2016 04:07 AM
අන්තිමට වෙන්නේ විත්තිය නිදහස් වෙලා පක්ෂ සංවිධායකකමකුත් ලැබෙන එක (ම)
බුද්ධි Thursday, 08 September 2016 04:08 AM
අපි ඉතින් කොයිතරම් බලාගෙන හිටියත් අපිට ඕන කෙනාම වැරදි කාරයා කරන්න උසාවියකට බැහැනේ....විත්තිය ඉන්නවා...පැමිණිලි පක්ෂය ඉන්නවා...දෙගොල්ලන්ටම හොඳ නීතිඥ තැන් ඉන්නවා...දෙපැත්තෙන්ම කෙස් පැලෙන තර්ක ගේනවා....ඔක්කොම දිහා බලලා විනිසුරු මඩුල්ල තීරණය කරනවා කාටද හොඳම නීතිඥ කට්ටිය හිටියේ කියලා...ඔන්න ඕක තමයි සිද්ධ වෙන්නේ....(ම)
කුමාර මෙන්ඩිස් Thursday, 08 September 2016 04:22 AM
තීරණය ගැන පොදු ජනතාව විමසිල්ලෙන් සිටියි (ම)
මහේෂ් Thursday, 08 September 2016 09:08 AM
මේවා අහිංසක මිනිස්සු රවට්ටන නාට්‍ය නොවේවා! නැත්නම් නීතිය තිබ්ුණාටත් වඩා වල්වදීවී. (නි)
පිටබැද්දර ජයා Thursday, 08 September 2016 04:47 AM
දෙපැත්තම හයි කාරයෝ නිසා තීන්දුව ගැන දැන්ම කියන්න අමාරුයි , ඉර හඬ වගේ විස්වාසයි මේ මිනීමැරුමට අපි ඔහෙලා වගේ කෙනෙක් අහු වුණා නම් කොළ නැති ගහ අනිවා (ම)
දිලිප් Thursday, 08 September 2016 05:00 AM
බුද්ධි ඔබ කියූ දේ පරිදිම සැබෑ ප්‍රයෝගික ස්වරුපයත් ඔය ලෙසයි. (ම)
අංගොඩ ලාල් Thursday, 08 September 2016 05:16 AM
නීතිය සහ යුක්තිය ඉටුවීම එකවර සිදුවන අවස්ථා නැතිවාම නොවේ. එහෙත් ඉතා විරලය . මේ නඩුව නීතිය ඉටුවේ යැයි ජනතාව බලාපොරොත්තුවෙන තවත් එක ආන්දෝලානාත්මක නඩුවකි . කෙසේ නමුත් භාරත ඝාතනය වුන බවත් දුමින්ද සිල්වා එයට සම්බන්ධ බවත් සැබෑය. දෙපාර්ශයේ තර්ක විතර්ක හා හෙළිවුණ කරුණු අනුව පමණක් තීන්දුව ලැබෙන බව අප තේරුම් ගත යූතුය. (බ)
අරුණ Thursday, 08 September 2016 05:41 AM
කරන කලට පව් මිහිරිය මී සේ... (නි)
කහවලගේ Thursday, 08 September 2016 09:15 AM
හිනාවෙලා යන්නේ හරියට ජනතවට ජීවිත කැපවීමෙන් රට ගොඩනඟන්න උත්සාහ කළ ජන නායකයින් හැටියට කියලා හිතාගෙන වෙන්න ඇති (නි)
ජනහිත Thursday, 08 September 2016 05:42 AM
අධිකරණයේ සාධාරණත්වය ගැන කවුරුත් අවධානය යොමුකර ඇති බව පෙනේ. (නි)
රවිඳු Thursday, 08 September 2016 05:57 AM
නඩු තීන්දුවෙන් කිහිප දෙනෙක් ජීවිතන්තන්තය දක්වා හිරේට යයි. කොහොම වුණත් වැරදිකරුවන්ට දඩුවම් දිය යුතුයි. (ම)
උපාලි Thursday, 08 September 2016 06:02 AM
දුමින්ද නිදොස්කොට නිදහස් කරලා ලබන මැතිවරණයෙන් නාම යෝජනා ලබාදෙනතුරුයි අපි නම් මේ බලාගෙන ඉන්නේ (නි)
සුමුදු Thursday, 08 September 2016 05:56 AM
ලංකාවේ චෝදනාලාභියෙකු වරදිකරු වීමේ අනුපාතය 4%යි. ශීලාචාර රටවල මේක 80%ක් විතර වෙනවා. මේ පදනමේ සිට බල විට මේකේ තීන්දුව ගැනත් හිතන්න පුළුවන් (නි)
ලකී Thursday, 08 September 2016 06:18 AM
මම නම් තුනෙන් දෙකක්ම බර නිදහස්වෙන තීන්දුව පැත්තට (නි)
ලුම්බිණි Thursday, 08 September 2016 06:22 AM
නඩු තීන්දුව දෙන්නේ උසාවියේ ඉදිරිපත් කළ තර්ක අනුව වැරැද්ද කළ බව ඔප්පු කළාද නැද්ද යන්න මත විනා වැරැද්ද කළාට නොවෙයි. (නි)
රොහාන් Thursday, 08 September 2016 06:24 AM
මම නම් කියන්නේ දුමින්ද නිදහස් වෙනවා. දුමින්ද වෙඩි තැබූබවට සාක්කි නැහැ. අධිකරණයෙන් නිදහස් වුණොත් ඔහු දේශපාලනයට නැවත එනවා. සමහරවිට මහින්දගේ පැත්තෙන්. එ්කේ කිසි වරදක් නැහැ. මොකද මහින්ද කිව්වේ නැහැනේ මේ දෙන්නට රණ්ඩුවෙන්න කියලා. (නි)
ලහිරු Thursday, 08 September 2016 06:26 AM
හැබැයි මේක හරියටම තීරණය කරන්නේ ස්වාභාවධර්ම උසාවිය කියලයි මම නම් හිතන්නේ (නි)
නිශාන්ත Thursday, 08 September 2016 06:34 AM
අනේ අපේ දුමින්ද සර් කොහොම හරි බේරෙන්න ඕන. අපේ රට පාලනය කරන්න දුමින්ද උතුමා වගේ අයව ඕන දෙයියනේ (බ)
සෙන්පති Thursday, 08 September 2016 10:16 AM
රාජපක්ෂ මහත්තයා වරද්දාගත්තේ මෙන්න මේ වගේ අය ආරක්ෂා කරන්න ගිහිල්ලා. (නි)
මහේෂ් ඩුබායි Thursday, 08 September 2016 06:49 AM
අනේ මේ මොනවද වෙන්නේ? අාය මෙයාට නඩු දාල? මට කිසි දෙයක් මතක නැහැ. (බ)
චාමර Thursday, 08 September 2016 10:50 AM
ජනතා මුදලින් යැපෙන මෙයාලා රෝස මල් වගේ. සාමාන්‍ය ජනතාවගේ බඩවල් පිටට ඇලිලා (නි)
උදය Thursday, 08 September 2016 07:00 AM
මින්පෙර සිදුවුණ දේවල් වලට වෙනස් යමක් සිදුනොවනු ඇත (නි)
බමුණු ආරච්චි Thursday, 08 September 2016 07:01 AM
ලකී, ඔන්න එ්ක අනික් පැත්තට ගියා. මට නම් හරිම සන්තෝෂයි (නි)
බමුණු ආරච්චි Thursday, 08 September 2016 07:10 AM
රොහාන්, මහින්ද නොකී ඒවා බොහොමයක් වෙලා තිබෙනවා. ඒවා එතුමාගේ අවාසියට හිටියා. මේකත් එකක්. (නි)
රන්ජිත් Thursday, 08 September 2016 07:05 AM
සාධාරණ තීන්දුවක් (නි)
වල්පොල Thursday, 08 September 2016 12:26 PM
මෙම තීන්දූවෙන් අප ඉගෙන ගතයුතු එකම පාඩම වන්නේ බලය ඇති කළ බලයෙන් අන්ධව හැසිරී දැන දැන අමාරුවේ වැටිමය. අද ඔහුට ඔහු පමණයි. (ර)
දිද්දෙනිය Thursday, 08 September 2016 07:33 AM
නීතියේ සාධාරණත්වය දැකගත හැකි නඩු තීන්දුවක් (නි)
අබේරත්න Thursday, 08 September 2016 07:37 AM
මමත් මේ නොයිවසිල්ලෙන් බලාගෙන ඉන්නේ (නි)
සිල්වා Thursday, 08 September 2016 07:39 AM
අයි තුන්දෙනාම එකම තීන්දුව නොදුන්නේ? රටම දන්නවා. ගමක් ඇස් දෙකෙන් දුටුවා. අනේ මන්දා! (නි)
සිරි Thursday, 08 September 2016 07:45 AM
මෙතන අදහස් දාපු අය තාමත් අන්ධවෙලා කියල පේනවා අදහස් වලින්ම. සාධාරණ තීන්දුවක් (නි)