සෑම බන්ධනාගාරයකම භාවනා වැඩසටහන් ඇරඹිමට පියවර ගන්නා බව අධිකරණය ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. “සිපිරි ගෙයින් දහම් මඟට” ලෙස එම වැඩසටහන නම් කර ඇත.
නිදහස ලැබී සමාජගත වීමට ආසන්නව සිටින රැදවියන් ඉලක්ක කරගනිමින් භාවනා වැඩසටහන් පැවැත්වෙයි. භාවනා පුරුදු පුහුණු කිරිමේ දැනුමින් හෙබි ස්වාමින් වහන්සේලා මේ සඳහා සහභාගි කරවා ගනු ලැබේ.
“දින දහයක් පුරා වැඩසටහන පැවැත්වෙයි” මෙහි සමාරම්භක වැඩසටහන රැදවියන් හතළිස් හත්දෙනෙකුගේ සහභාගිත්වයෙන් වැලිකඩ බන්ධනාගාරයේ දී සිදුවිය.
කොස්ගම ධම්ම සොභා විපස්සනා භාවනා මධ්‍යස්ථානය බදුල්ලවල සීලරතන , මාකොළ සුමංගල , පොළොන්නරුවේ මහානාම හිමිවරු එය මෙහෙය වුහ.
එම ස්වාමින් වහන්සේලා බන්ධනාගාරයේ නේවාසිකව වැඩ වසමින් රැදවියන්ගේ ආහාරපාන දානය වළදමින්, බිම සැතපෙමින්, එම රැදවියන් සමඟම එක හා සමානව වාසය කරමින් භාවනා වැඩසටහන ක්‍රියාත්මක කළේය. මෙමගින් ඉතා උසස් ප්‍රතිළුල ඇමැති විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.
ශ්රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය
වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.
මොනරාගල බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් වෑන්රථයක් ත්‍රීවීල්රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සි
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.
නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
භාවනා උගන්වන හිමිවරු හිරේ යති
චදිල් Tuesday, 19 May 2015 07:49 AM
ඉතා අගනා දෙයක්, එයාලව නිසි මගට ගැනීමට උපකාරී වන එක දෙයක් පමණි, ඒ වගේම සමාජයේ සිදුවන්න වූ අසධාරනයන අවම කිරීමත් කලයුතු වෙයි මන්දයත් හුගක් දෙනා බන්ධනාගාරගත වීමට සිදුව ඇත්තේ ඔවුන්ට මේ සමාජයෙන්ම වෙන අසදරනකන් නිසා බව අපි දන ගත උතුටුයි. (ර)
චමිල-පානදුර Tuesday, 19 May 2015 08:05 AM
අති විශිෂ්ට ක්‍රියාවක්, ඉහළින් අගය කරමි. (බ)
කැකණදුරේ ධම්මසිරි හිමි - චීනය Tuesday, 19 May 2015 09:19 AM
සංවිධායකයන්ට හා සහභාගිවූවන්ට මගේ ආශිර්වාදයමේ වැඩසටහන නිවස සමග එක්ව සංවිධානය කළ යුතුයි ඒ අයට මානසිකව නිවසේ අය සමග සාමාන්‍ය ජීවිතය ගත කිරීමට මනස සැහැල්ලු කරගැනීමට එය වැදගත් (බ)
දීපාල් නිරෝෂ් Tuesday, 19 May 2015 02:18 PM
අැත්තටම යහපාලන අංගයක්, ඉදිරියටම ගෙනයමු. (නි)
රොෂාන්ත සිල්වා Tuesday, 19 May 2015 03:09 PM
දැන් භාවනා උගන්වන හිමිවරු ඉන්නවාද? ඔක්කොම පාරේ උද්ඝෝෂණ කරනවා බාගයක් පාර්ලිමේන්තුවේ මොකක්ද මේ කවද්ද සියලුම හාමුදුරුවන් දේශපාලනයෙන් ඉවත් වෙන්නේ (බ)
රන්ජන් Tuesday, 19 May 2015 07:21 AM
ඉතා විශිෂ්ට අදහසක් (නි)
දුමින්ද Tuesday, 19 May 2015 07:29 AM
මිනිසා හදා රට හදමු.(හේ)
අනුර Tuesday, 19 May 2015 07:33 AM
කාලෝචිත වැඩක් රටේ සදාචරය ගොඩනගන්න බෞද්ධ දර්ශනය තුලින් කරන්න පුළුවන් වැඩ අනන්තයි සමාජයේ යහපත වෙනුවෙන් ස්වාමින් වහන්සේලා කැපවීම අගය කරනවා නිර්මල බුදුදහම සියලු දෙනාහට වටහා ගැනීමට ශක්තිය ලැබේවා.(හේ)