IMG-LOGO

2025 මාර්තු මස 18 වන අඟහරුවාදා


භික්ෂූන් වහන්සේලා බුද්ධ ගයාවේ විරෝධතා

බුද්ධගයාවේ පාලනය, සම්පූර්ණයෙන්ම බෞද්ධ මණ්ඩලයකට භාරදෙන මෙන් ඉල්ලා, මහාබෝධි විහාරය අසල ආරම්භ කර ඇති උපවාසය දිගටම පැවැත්වෙන බවත්, ඉන්දියාවේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා බොහෝ දෙනකු මේ වනවිට එම උපවාසයට එක් වී සිටින බවත් වාර්තා වේ.

ඉන්දියාවේ සික්කිම් ප්‍රාන්තයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් මහාබෝධි විහාරයට වැඩම කළ අතර, උන්වහන්සේලා ද එම උපවාසයට එක් වුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පැවැසීය.

1949 වසරේ මහා බෝධි විහාර කළමනාකරණ පනත වෙනස් කරන්නැයි ඉල්ලමින්, බෞද්ධ භික්ෂූන් වහන්සේලා මෙසේ මහා බෝධි විහාරය අසල උපවාසය ආරම්භ කළේ පසුගිය පෙබරවාරි 12 වැනිදාය.

සිදුහත් බෝ සතුන් බුද්ධත්වයට පත් වුණු බුද්ධගයාව පිහිටා ඇත්තේ, ඊසානදිග ඉන්දියාවේ, බිහාර් ප්‍රාන්තයේ, ගයා දිස්ත්‍රික්කයේය.

වර්තමානයේ බුද්ධගයාව පාලනය කරන පාලක මණ්ඩලයට හින්දු භක්තිකයෝ පස් දෙනෙක් සහ බෞද්ධයන් සිවු දෙනකු අයත් වන අතර, උපවාසයට එක් වී සිටින භික්ෂූන් වහන්සේලාගේ ඉල්ලීම වී ඇත්තේ, බුද්ධගයාව පාලනය කරන එම පාලක මණ්ඩලය සම්පූර්ණයෙන් බෞද්ධයන්ගෙන් සමන්විත යුතු බවය. ඒ සඳහා 1949 වසරේ, මහා බෝධි විහාර කළමනාකරණ පනත වෙනස් කිරීම කළ යුතුය. 

භික්ෂූන් වහන්සේලා ආරම්භ කළ උපවාසයට සහාය පළ කරමින්, පසුගිය 14 වැනිදා පූනේ නගරයේ දී දැවැන්ත මහජන පෙළපාළියක් ද පැවැත්විණි. 



අදහස් (2)

භික්ෂූන් වහන්සේලා බුද්ධ ගයාවේ විරෝධතා

Sediris Tuesday, 18 March 2025 12:23 PM

ඉන්දියාවෙ කොන්දක් තියෙන මිනිස්සු ටික දෙනෙක් තාම ඉන්නවා දැකීමත් සතුටක්. අනගාරික ධර්මපාලතුමා ලංකාවෙන් ගිහින් ඔය ටික ඔහොම වත් බේර ගත්තෙ. නැත්තන් ඔය උතුම් ස්ථානය තනිකරම කෝවිලක් කරල තමයි උන් නවතින්නෙ.

:       4       18

Rata Perata Tuesday, 18 March 2025 12:33 PM

සාධාරණ ඉල්ලීමක්. ඉන්දියානු රාජ්‍යය මේ ඉල්ලීම ගැන සලකා බලයි කියලා හිතනවා.

:       4       15

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

ලංකාදීපය 19 වැනි වරටත් මහජන කිරුළ පළදියි
2025 මාර්තු මස 18 17 0

ජනප්‍රියතම පුවත්පතට හිමි ස්ලිම් කැන්ටාර් මහජන සම්මානය නොකඩවා 19 වැනි වරටත් ලංකාදීප පුවත්පත් හිමිකර ගත්තේය.


ලන්දේසීන් රැගෙන ගිය පුරාවස්තු 06ක් ආපසු දීමට සූදානම්
2025 මාර්තු මස 18 227 0

ලන්දේසි පාලන සමයේ මෙරටින් රැගෙන ගිය පුරාවස්තු 06ක් නැවතත් මෙරටට ලබාදීමට නෙදර්ලන්ත රජය සූදානම් බව ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති බොනි හෝර්බච් මහත්මිය (


ඊශ්‍රායලයේ ඉදිකිරීම් වැඩට ලාංකිකයෝ 54ක්
2025 මාර්තු මස 18 66 0

ඊශ්‍රායල් රජය හා ශ්‍රී ලංකා රජය අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම අනුව 2025 වසරේ ජනවාරි සිට මේ දක්වා ගත වූ කාලයේ ශ්‍රි ලාංකිකයින් 1154 දෙනකු ඊශ්‍රායලයේ ඉදිකිරීම


වැඩ වර්ජන කැඳවූ අයත් රෝහල්වල වැඩ
2025 මාර්තු මස 18 301 0

වැඩවර්ජනය කැඳවන ලද වෘත්තීය සමිති සාමාජිකයින් ද රෝහල්වලට ගොස් සිය සේවා සපයන බවට වාර්තා වන්නේ යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහ


අධිකරණ නියෝගය කඩ කළ වැලිකන්ද හිටපු ඕ අයි සී අල්ලන්නැයි නියෝගයක්
2025 මාර්තු මස 18 549 0

වැලිකන්ද පොලිසිය මීට මාස කීපයකට පෙර අත්අඩංගුවට ගත් එල ගවයන් විසිදෙනකු, සැකකරුවන් දෙදෙනකු සමඟ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම එළ ගවයන් රජයේ ගොව


ගුවන් ගමනට බාධා කළ විදෙස් තරුණයන් තිදෙනකුට අවවාද
2025 මාර්තු මස 18 562 0

ගුවන් ගමනකට බාධා කරමින් ශ්‍රී ලංකන් ගුවන් යානයක් තුළ කලහකාරී ලෙස හැසිරුනේ යැයි චෝදනා ලද පාකිස්තාන් ජාතික තරුණ සංචාරක මිතුරන් තිදෙනකුට දැඩිසේ අවවාද


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 394 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 901 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 331 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site