IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


මකුණාට එරෙහිව පේරාදෙණි සිසුහු අවි අමෝරති

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර වල මකුණන්  බෝ වීමෙන් ළමයින්ට නිදාගැනීමට  නොහැකිව බිම නිදාගන්නා බවත් සිසුන් කිහිපදෙනකු මකුණු උවදුර හේතුවෙන් රෝගාතුර වී ප්‍රතිකාර ගත්  බවත් ඒවා පිළිසකර කර මකුණු උවදුරට පිළියම් යොදන ලෙසත් ඉල්ලමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ විරෝධතා පා ගමනක්  අද (28)  පැවැත්විණි.

ශාස්ත්‍ර පීඨයේ සිට සනාතන මන්දිරය දක්වා පාගමනින් ගිය සිසුහු පාඨමාලා මුදලට විකිණීම නවතා දමන ලෙසත්, මකුණු උවදුර මර්දනය කරන ලෙසත්,  සියලු සුබ සාධන කටයුතු වලට වහා විසදුම් ලබා දෙන ලෙසත් සියලුම සිසුන් ට  නේවාසික පහසුකම් ලබා දෙන ලෙසත්, කළමනාකරන පීඨයට අවශ්‍ය කථිකාචාර්යවරුන්  ලබා දෙන ලෙසත්, සම සෞඛ්‍ය පීඨයේ සියලු අධ්‍යාපන  හා සුබ සාධන ගැටළු වහා විසඳා දෙන ලෙසත් ඉල්ලූහ.

pera_2016128532 pera_2016128533 pera_2016128539

 



අදහස් (0)

මකුණාට එරෙහිව පේරාදෙණි සිසුහු අවි අමෝරති

වසන්ත Friday, 29 January 2016 04:36 AM

හරක් පැටවුනේ නිවාඩු දවසක වතුර ටිකක් උණු කරලා තම තමන්ගේ ඇදන්, පුටු වලට දාගන්න. එතකොට මකුණු ටික මැරෙනවා. අනේ මෙහෙමත් බබාලා (ම)

:       0       0

වසන්ත Friday, 29 January 2016 04:50 AM

ප්‍රසන්න, දහස් ගනන් නේවාසිකාගාරවල හිටියට එක් අයකුට එක් ඇදකුයි මෙටිටයකුයිනේ තියෙන්නේ ඉතිං ඒක මොන විදියකින් හරි පිරිසිදු කරගන්න බැරිද, (ම)

:       0       0

වසන්ත Friday, 29 January 2016 04:50 AM

පසන්න, දහස් ගනන් නේවාසිකාගාරවල හිටියට එක් අයකුට එක් ඇදකුයි මෙටිටයකුයිනේ තියෙන්නේ ඉතිං ඒක මොන විදියකින් හරි පිරිසිදු කරගන්න බැරිද, (ම)

:       0       0

කරුණාපාල Thursday, 28 January 2016 03:46 PM

ලැජ්ජාවේ පණ යනවා මේවට? මෙහෙම උපාධි අපේක්ෂකයෝ ඉන්න රටකද අපි ජිවත් වෙන්නේ? තව ටික දවසකින් අනුන්ගේ වහලා ඉන්න කෘමි සතුන් ටික ඉවත් කරලා දෙන්න කියල රජයට බලකරලා උද්ඝෝෂණ කරයි. ලජ්ජා නැතිකම දැන් මෝඩ කමටත් වඩා දරුණු වෙලා වගෙයි. (බ)

:       0       0

ඔෂාන් Thursday, 28 January 2016 04:50 PM

මකුණු වදයට පිළියමක් අවශ්‍යයි (නි)

:       0       0

කසුන් Friday, 29 January 2016 06:01 AM

මේකේ කොමෙන්ට්ස් දාන හුග දෙනෙකුට පේරාදෙණිය හොස්ටල් ගැන කිසිම අවබෝධයක් නැති බව තේරෙනවා . ඒ අය හිතාගෙන ඉන්නේ ගෙදරක මකුණෝ ශුද්ද කරනවා වගේ කරන්න පුළුවන් කියල . එක හොස්ටල් එකක ළමයි 500 - 600 ඉන්නව . මෙට්ට කොට්ට 500- 600 එළියේ දානවා කියන එක ප්‍රයෝගික දෙයක්ද . කොහෙද ඔච්චර ඉඩ තියෙන්නේ . ගලහා පර දිගේද වේලන්නේ .අනික මෙට්ටවල මකුණෝ බෝ උනාම සුද්ද කරන්න බෑ . මොකද බිත්තර තියෙන්නේ ඇතුලේ . මුළු මෙට්ටේම පෙගෙන්න උණුවතුර දාන්නද කියන්නේ ?.(බ)

:       0       0

බමුණු ආරච්චි Thursday, 28 January 2016 04:52 PM

බොරුවට කෑ ගහන්නේ, සුද්ද කරගන්න බැරිද කොට්ට මෙට්ට? (නි)

:       0       0

ගයාන් Thursday, 28 January 2016 04:58 PM

මෙයාලා මේ ගත් තීරණය එච්චර හොඳ එකක් නෙමෙයි වෙන්න ඇති. ඒත් සිසුන් 5600කට තියෙන හොස්ටල් 17ක මකුණො ඉවත් කරන එක ලෙහෙසි පහසු කටයුත්තක් නෙමෙයි. ඕක තනියම අයින් කර ගන්න පුලුවන් නම් මෙහෙම උද්ඝෝෂණ කරන්න ඕනෑ නැහැ. (නි)

:       0       0

තිස්ස Friday, 29 January 2016 06:09 AM

කෑවම වේදනාව දන්නේ ළමයින් විතරයි (ම)

:       0       0

ෆොන්සේකා Friday, 29 January 2016 06:24 AM

මමත් කැම්පස් ගිය කෙනෙක් හැටියට කියන්නේ ඔය ළමයි කවදාවත් ශ්‍රමදානයක් දාල කැම්පස් එක සුද්ද කරලා තියෙනවද? කැම්පස් එකට තීන්ත ගාන්න කීයක් හරි එකතු කරලා දීල තියෙනවද? (ම)

:       0       0

උපුල් Thursday, 28 January 2016 05:30 PM

මෙවැනි කාරණා වලට උද්ඝෝෂණය කරන එකේ වරදක් මා දකින්නේ නැහැ. ඒ වගේම “රටේ ජනතාවගේ දහදිය මහන්සියෙන් ලබාදෙන නිදහස් අධ්‍යාපනයෙන් උපරිම ප්‍රයෝජනය ගනිවු! පිස්සු නැටීම නවතා මහන්සියෙන් උගනිවු!" කියලා මිනිස්සු පෙළපාලි යන තැනට වැඩේ නොකරගන්න එකත් ඔයාලගේම වගකීමක්. (නි)

:       0       0

ද සිල්වා බර්ලින් Thursday, 28 January 2016 08:25 PM

මේවා දැකලා මට හිනහා වෙන්නද අඬන්නද කියලා හිතාගන්න බැහැ (නි)

:       0       0

දුමින්ද Friday, 29 January 2016 02:02 PM

පොඩ්ඩක් හොයලා බලන්න විශ්ව විද්‍යාලවල ළමයි සමාජයට කොපමණ සමාජ සත්කාර කරනවද කියල.එතකොට තෙරිවී.මොකද දේශපාලකයෝ වගේ පෝස්ටර් ගහගෙන ඒවා කරන්නේ නැහැනේ. (කෞ)

:       0       0

දුමින්ද Friday, 29 January 2016 02:26 PM

ෆොන්සේකා මහත්තයෝ ඔය කැම්පස් ගිය කාලේ තීන්ත ගන්න සල්ලි එකතු කරලා දුන්නද ? ශ්‍රමදාන දාල සුද්ද කළාද?(බ)

:       0       0

අසංක Sunday, 31 January 2016 07:58 AM

අපිත් බැරිම තැන තමා පාරට බැස්සේ. අවුරුදු ගානක් තිස්සේ මෙම ප්‍රශ්නය තියෙනවා. කාටවත් කියන්න බැහැ. මකුණො මර්දනයට මොකුත්ම නොකර අපි උඩ බලා ඉන්නවා කියලා කියනවා. මකුණො කන අපිටනෙ අමාරුව තියෙන්නේ. උණු වතුර වත්කරනවා, මෝර්ටීන් ගහනවා. මොනවා කළත් වැඩක් නැහැ. බැරිම තැන තමා පාරට බැස්සේ. තේරුම් ගන්න බලන්න (නි)

:       0       0

කිත්සිරි Thursday, 28 January 2016 10:19 PM

අපිටත් ඔය ප්‍රශ්න තිබුණා. අපි මකුණන්ට බෙහෙත් ගෙදරින් අරන් එන්නේ. ලැජ්ජයි මල්ලි (නි)

:       0       0

සේන Thursday, 28 January 2016 12:43 PM

මොන විහිලුවක්ද - මකුනෙක් මරාගන්න ශිෂ්‍ය සටන් (බ)

:       0       0

ප්‍රසන්න Thursday, 28 January 2016 10:29 PM

ලංකාවේ බොහොමයක් දෙනෙකුට රාජ්‍ය විශ්ව විද්‍යාල වලට යන්න වෙන්නේ නැහැ. ඒ නිසා බොහොමයක් අදහස් වල කුහකත්වය සහ ඊර්ෂ්‍යාව ගැබ්වෙලා තියෙනවා. මේවගේ වෙලාවට විශ්ව විද්‍යාල සිසුවන් පහතට දාලා සියුම් සතුටක් ලබනවා. සමහරුන්ට මේ වගේ දේවල් ගැන දැනීමක් නැහැ. මේ වගේ ශිෂ්‍ය නේවාසිකාගාර, හිර ගෙවල් වගේ තැන් වල කෘමි වසංගත, බෝවෙන රෝග පැතිරීමේ හැකියාව වැඩියි. ඒවාට තිබෙන විද්‍යාත්මක විසඳුම් ගැනීම පාලන අධිකාරියේ වගකීමක්. දහස් ගණනක් ජීවත්වෙන නේවාසිකාගාරවල කොට්ට මෙට්ට අවුවට දාන එක ප්‍රායෝගික විසඳුමක් නෙමෙයි (නි)

:       0       1

ජිහාන් Thursday, 28 January 2016 12:53 PM

මේ ළමයින්ට වෙන වැඩක් ඇත්තේම නැද්ද?(හේ)

:       1       0

පිටබැද්දර ජයා Thursday, 28 January 2016 10:44 PM

විලි ලැජ්ජයි! නිකන් හැමදේම දෙන නිසා වෙන්න ඇති මේ සෙල්ලම්. මකුණෙක්වත් වඳ කරගන්න බැරි කොටසක්ද මේ උගතුන් කියලා රටට බිහිවෙන්න යන්නේ? වටිනා කාලය කා දමමින් පෙළපාලි යන වෙලාවේ කට්ටිය එකතුවෙලා ඇඳන් මෙට්ට ටික එළියට අරන් ගසලා දාලා උණු වතුර ටිකක් දාලා ඇඳන් ටික හේදුවා නම් ඉවරනේ (නි)

:       0       0

ෂෙහාන් Thursday, 28 January 2016 12:54 PM

මේකට කුමක් හෝ පිළියමක් ලබා දෙන්න.(හේ)

:       0       0

පෙරේරා Thursday, 28 January 2016 12:54 PM

මකුණ අපිරිසිඳු කම නිසා බෝවෙන සතෙක්.(හේ)

:       0       0

මුදිත- පැරිස් වි.විද්‍යාලය Thursday, 28 January 2016 11:43 PM

මෙයාලද ලංකාවේ සරසවි සිසුන්? (නි)

:       0       0

චන්දන Thursday, 28 January 2016 11:43 PM

තියෙන කම්මැලිකම. තම තමන්ගේ ඇඳුම් ටික, කොට්ට,මෙට්ට ටිකත් දෙමව්පියන් ඇවිල්ලා හෝදලා දෙනතුරු බලා ඉන්නවා ඇති. (නි)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 28 January 2016 01:10 PM

නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන විදෙස් රටවලට රැකියාවට යන අයගෙන් සහ එම දැනුමෙන් අධික ලෙස රට තුල උපයන්නන්ගෙන් අධ්‍යාපනයට දුප්පත් රටවැසියන් ගෙවූ මුදල බදු ක්‍රමයකට ලබාගෙන නැවත අධ්‍යාපනයටම යොදවන්න.(කෞ)

:       0       0

දයා Thursday, 28 January 2016 01:17 PM

මුන්ට වෙන වැඩක් නැද්ද මන්ද (කෞ)

:       0       0

රාධා Friday, 29 January 2016 12:59 AM

පිරිසිදුව සිටීමෙන් මෙය පාලනය කළහැක. සතියකට දවසක්වත් කොට්ට මෙට්ට අව්වේ දමන්න. (නි)

:       1       0

සිසිර Thursday, 28 January 2016 01:27 PM

මකුනෙක් මරාගන්න බැරි උපධිකාරයෝ ටිකක්නේ මුන්. මේ වගේ අය ලොකු තැන් වලට‍ ආවමත් ඔහොමමයි (බ)

:       0       0

ඉසුරු Thursday, 28 January 2016 01:27 PM

දයා, ඔයාට ඕව තේරෙන්නෑ. කැම්පස් ගිහින් හොස්ටල් ඉදල මකුනොත් එක්ක ඉදපු අය තමා ඒකෙ අමාරුව දන්නේ. (බ)

:       0       1

රුචිර Thursday, 28 January 2016 01:43 PM

පොල්ලක් අරන් ගේට්ටුව ළඟ හිටියානම් ඔක්කොම මකුණෝ අල්ලගන්න තිබුනා.(හේ)

:       0       0

සුමනපාල Friday, 29 January 2016 02:25 AM

ඔය විරෝධතා පාගමන් වලට නාස්ති කරන කාලය සහ ශ්‍රමය යොදා දවසකින් ඔය සියලුම නේවාසිකාගාරවල සිටින සියලු මකුණන් තුරන්කර දැමිය හැක. අනේ අපේ උගත් පරපුරේ බුද්ධිමත්කම! (නි)

:       0       0

දුමින්ද Thursday, 28 January 2016 01:53 PM

මකුණු නිදහසට වැට (හේ)

:       0       0

ජෙහාන් Thursday, 28 January 2016 01:56 PM

අනිත් රටවල් වල ළමයින්ට මකුනේක්වත් ලැබෙන්නේ නැහැ. ඔක්කොම උසස් අධ්‍යාපන වියදම් තමන්ම කර ගන්න ඕන. හැම දෙයක්ම රටෙන් බලාපොරොත්තු වෙන්න එපා. ඔයගොල්ලන් අඩු ගානේ සමාජයට , ප්‍රජා සත්කාරයක් හෝ ස්වෙච්චා සේවයක් කරනවාද ඉගෙන ගන්නඅතරේ, ? (හේ)

:       0       0

ගලබඩ Thursday, 28 January 2016 02:16 PM

නිදහස් අධ්‍යාපනය හිමි විය යුත්තේ යම් තීරක අඩු අාදායම් ලබන්නන්ට පමණි. ඉතිරි අය තම පවුලේ අාදායමට අනුපාතව ගෙවීමක් කරන ක්‍රමයක් ඇති කළ යුතුය. සෞඛ්‍ය සේවය සම්බන්ධවද මෙවැනිම ක්‍රමයක් අනුගමනය කළ හැකිය.(බ)

:       0       0

කනිෂ්ක Friday, 29 January 2016 02:52 AM

මකුණෝ මරන්න උණු වතුර ටිකක් දාන්න. නැත්නම් කොට්ට මෙට්ට දවසක් අව්වේ දාලා තියන්න. පොතේ දැනුම තිබුණට මදි මොළේ නැත්නම්. විහිළුවක් වෙන්න එපා සමාජය ඉස්සරහා (නි)

:       0       0

ඩිලාන් Thursday, 28 January 2016 02:18 PM

දැන් මකුණෝ අයින් කරන වැඩෙත් රටේ අනිත් මිනිස්සු කරලා දෙන්න ඕනද ? තව මොනවද අතට පයට ඕන ? (බ)

:       0       0

සිල්වා බර්ලින් Thursday, 28 January 2016 02:25 PM

පුටු මකුණෝ වැනි සතුන් ඇතිවෙන්නේ කොට්ට මෙට්ට අවුවේ නොදමිමත් අපිරිසිඳු කමත් නිසා , මේකට විසදුම උද්ගෝෂණ කිරීම නොව ආසන්නයේම ඇති සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය සම්බන්ධ කරගෙන ඔවුන්ගේ උපදෙස් ලබාගෙන තම නේවාසිකාගාර පිරිසිඳු කරගැනීමය , උද්ගෝෂණ කිරීමෙන් මකුණන් පලා නොයේ . මේ ගොල්ල ලෑස්තිවෙලා ඉන්නේ හැම එකටම උද්ගෝෂණ කරන්න බලාගෙන (බ)

:       0       0

කේ.සිරි Friday, 29 January 2016 03:40 AM

මේ ළමයි පිකටින් කරන වෙලාව තුළදි තමන් නිදාගන්න ඇඳන් ටික හොඳට සුද්ධ පවිත්‍ර කරගෙන මකුණන්ට පාවිච්චි කරන බෙහෙත් ටිකක් දාලා ‍ දවසක් ‍මහන්සිවෙලා පිරිසිදු කර ගත්ත‍ොත් නරකද? මේ අය හරිම ලෙහෙසි ක්‍රමයක් හොයාගෙන. හැම එකටම පිකටින් (නි)

:       0       0

සිසිර Thursday, 28 January 2016 02:44 PM

මේක සමහරවිට විජාතික කුමන්ත්‍රණයක් වෙන්ඩ පුළුවන්. (බ)

:       0       0

ඇසළ Thursday, 28 January 2016 02:48 PM

හැම දාම ගද යන්න නාල පිරිසිදුව රෙදී හෝදලා ඉන්න පුරුදු වෙනවා. අැද ඇතිරිල්ලක් හත් අවුරුදකට වත් හෝදන්නේ නැති වුනාම මකුණෝ නෙමෙයි අලිත් බෝවෙනවා. ඔය උද්ගොෂණ කරන වෙලාවේ හොස්ටල් එකේ බඩු ටික එලියට දාලා පිරිසිදු කරලා අරගෙන ඉන්නවා බලන්න අපේ බදු මුදල් කන්නේ නැතුව. කක්කුස්සි යන්න පුළුවන් තනියම පස්ස හොද ගන්න බැහැ වගේ වැඩක් තමයි මේක. තමුන් උගතුන් යයි හිතා ගන්න පිරිසක් විසින් ලෝකය හිනැස්සිම. (බ)

:       0       0

දේවි Thursday, 28 January 2016 03:13 PM

අහන්නත් ලැජ්ජයි දරුවනේ.මේක රෝහලක සිටින ලෙඩ්ඩු කිව නම් ප්‍රශ්නයක් නැත.මොකද එ් අය ලෙඩ්ඩු නිසාත් බාල මහලු වසයෙන් නොයෙක් වයස් කාණ්ඩවලට අයත්වන නිසාත්.නමුත් තරුණ ජවසම්පන්න ඔබට තම තමන්ගේ ඇඳේ සිටින මකුණෝ විනාශ කරගන්න බැරිනම් මේ රටට අනාගතයේදී කාගෙ පිහිටද? (බ)

:       0       0

උදාකර Thursday, 28 January 2016 03:13 PM

මෙතන කමෙන්ට්ස් වල එක එක කතා කීවට ඕකේ හිටපු අපිනේ දන්නේ අමාරුව. මම අන්තිම අවුරුදු 2ම නිදා ගත්තේ බිම. මකුණෝ වසංගතයක් කිවම, ඒ එකෙක් නෙවෙයි. එක මෙට්ටෙක ඉන්නවා 100ක් 200ක්. ලංකාවේ කැම්පස් ගිය ළමයි ගැන මාර ඉරිසියාවක්නේ තියෙන්නේ සමහරුන්ට. කිසි ප්‍රශ්නයක් නෙතුව ඉගෙන ගන්න තියනවනම් ළමයි පාරට බහින්නේ නැ. (බ)

:       0       0

සරත් Friday, 29 January 2016 04:08 AM

නිකන් අධ්‍යාපනය දුන්නනම් මේක තමයි වෙන්නේ (ම) .

:       0       0

විද්‍යා Thursday, 28 January 2016 03:32 PM

මකුණොයි උකුණොයි එක්ක සාකච්ඡා කරන්න. හමුදුරුවරුනේ සත්ව අවිහිංසාව අගය කරන්න. (බ)

:       0       0

නුවන් Friday, 29 January 2016 04:25 AM

අපටත් ඔය ප්‍රශ්නේ තිබ්බ එක නිවාඩු දවසක ඔක්කොම එකතුවෙලා ෆුල් සුද්දයක් දැම්ම එකෙන්ම ඔය කරදරේ ඉවර වුණා අපරාදේ අපට ඒ කාලේ මේක කරන්න තිබ්බේ (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2316 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1521 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2304 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 555 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3209 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37179 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24489 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 627 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site