IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


මේක දුෂ්කර ගමනක ප‍්‍රතිඵලයක්

 

රණවිරු ස්ටාර්, තෙවැනි අදියරේ කිරුළ මෙවර හිමිකර ගනු ලැබුවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තුෂානි පෙරේරාය. රාජ්‍ය ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ ඩයලොග් ආසියාටා සංවිධානය කළ ජාතික රූපවාහිනිය විකාශය කළ ‘‘රණවිරු ස්ටාර්’’ තරු කිරුළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට උරුම කරදුන් මේ ගගන තාරකාවිය සමග අපි මොහොතකට දොඩමළු වෙමු.

තුෂානි, ගායන හැකියාව උරුම කරගත් ඔබ ගුවන් හමුදාවට එක්වුණේ ඇයි?
පාසල් කාලයේ ඉඳලාම මගේ ආසාව සහ හැකියාව තිබුණේ ගායන අංශයටයි. 2004 වසරේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තූර්ය වාදක කණ්ඩායමේ ගායන ශිල්පිනියක ලෙස සේවයට එක්වීමට වාසනාව ලැබුණා. එතැන් සිට ආ ගමන තමයි මේ.

 


ඇයි ගායිකාවක වීම සඳහා ගුවන් හමුදා තූර්ය වාදක කණ්ඩායමටම එක් වෙන්න හිතුවේ?
පාසල් කාලයේදී පාසලේ තූර්ය වාදක කණ්ඩායමේ හිටියා. එක්තරා අවස්ථාවක කණ්ඩායම් නායිකාව ලෙසද කටයුතු කළා. ඒ පසුබිම සහ හමුදා සේවයට ඇති ගරුත්වය නිසා එලෙසින් එක්වෙන්න ඇති.

 


තවත් තරු තරග රටේ  ඕනෑ තරම් පැවැත්වෙනවා. ඇයි ‘‘රණවිරු ස්ටාර්’’ සඳහාම ඉදිරිපත් වුණේ?
සාමාන්‍ය සේවයකට වඩා අපි නීතිxරීති පද්ධතියක් යටතේ විනයගරුකව කටයුතු කරන්නෙ. ඉතින් ඒ දේවල්වලට අදාළව තමයි කටයුතු කරන්න වෙන්නෙ. ගුවන් හමුදාවේම සංවිධානයෙන් කළ මිෂන් වන් සහ ටූ තරගය නියෝජනය කළා. ඒ නිසාම විදේශ සංචාරයක් යන්නත් ලැබුණා. රණවිරු ස්ටාර් පළමු සහ දෙවැනි අවස්ථා මග හැරී ගියත් තුන්වැනි වටය සඳහා ඉදිරිපත් වන්න  ඕනෑ කියලා හිතුවා. විශේෂයෙන්ම අපි වගේ ආධුනිකයින්ට ලැබෙන විශේෂ අවස්ථාවක් වගේම, පුද්ගලිකව මා හිතන විදියට එය ගෞරවනීය අවස්ථාවක්.

 


අවසන් පස්දෙනා අතරට තේරුණාම මොන වගේ හැඟීමක්ද තිබුණෙ?
කිරුළ ගැන හිතුවෙ නැහැ. නමුත් කුඩා කාලයේ ඉඳලාම ගීතය ජීවිතයට සමීපව තිබූ නිසා මටත් හැකියාවක් තියෙන බව තේරුම් ගියා. නමුත් තරගයක් දෙන්න  ඕනෑ කියන සිතිවිල්ලත් තිබුණා.

 


බොහෝ ‘‘තරු’’ තෝරන වැඩසටහන් අතරින් ඔබ ‘‘රණවිරු ස්ටාර්’’ තරගය ගැන හිතන්නෙ කොහොමද?
මට හිතෙන විදියට, සිංහල සංගීතයට, සාහිත්‍ය වටිනාකම සහ අපේ හැඩය ඉස්මතු කෙරෙන ප‍්‍රාසාංගික වැඩසටහනක් ලෙසයි මා එය දකින්නෙ. මාත් පුද්ගලිකව ඒ සාහිත්‍ය රසය සහ අපේ දේශීය හැඩයට කැමතියි. එහි ඇති විශේෂත්වය එයයි. වෙනත් භාෂාවලින් සහ ඒ ස්වභාවය අනුව ගී ගැයීමේ හැකියාව තිබෙනවා. ඒත් අපේ නිර්මාණ කලාවට මම ආසයි.

 


කුඩා කාලයේදී මුලින්ම ගීයක් ගැයූ මොහොත මතකද?
එතකොට මම හිටියෙ තුන්වැනි පංතියේ. අපේ පංති භාර ගුරුතුමිය වුණේ කුසුම් රේණු මාතාවයි. දවසක් එතුමිය ගීතයක් ගයන්න පුළුවන් අය ඉන්නවා නම් ඉදිරියට එන්න කීවා. මාත් ඉදිරියට ගියා. මට මතක හැටියට එදා ගායනා කළේ ‘‘චූටි බටිත්තනි, චූටි කුරුල්ලනි පියාසලා අහසේ’’ ගීතයයි.

 


ඉන්පසු මතකයේ රුඳුණු අවස්ථා මොනවාද?
වයස අවුරුදු 15දී විතර පාසලේ පැවැත්වූ ප‍්‍රසංගයකදී කලාශූරී ලතා වල්පොල මහත්මිය ගැයූ ‘‘මන රංජන දර්ශනීය ලංකා ’’ ගීතය ගායනා කළා. ඒ සමගම නව ජවයක් ලැබුණා. නමුත් ප‍්‍රථම
ප‍්‍රාසාංගික අත්දැකීම ‘‘රණවිරු ස්ටාර්’’ තරගාවලියයි.

 


‘‘රණවිරු ස්ටාර්’’ තරගය සඳහා ඔබ විවිධ ගීත ගායනා කළා. ඒ අතරින් ඔබ වඩාත් හොඳින්ම ගායනා   කළ ගීතය ලෙස ඔබට දැනිච්ච ගීතය කුමක්ද?
ලතා වල්පොල මහත්මිය ගැයූ ‘‘රොන් සොයා පියඹන සමනලියක සේ’’ ගීතයයි.

 


ඒ නිසාමද ඒ ගීතය රණවිරු ස්ටාර් අවසන් නිමේෂය සඳහා තෝරා ගත්තෙත්?
සහතිකෙන්ම ඔව්.

 

 


මේ සියලූ ගීත අතරින් ඔබගෙ හදවතට වඩාත් දැනිච්ච ගීතය කුමක්ද?
සිංහල, බටහිර, හිංදි බොහෝ ගීතවලට ප‍්‍රියයි. ඒ අතරින් ලතා වල්පොල මහත්මියගේ ‘‘හීන හතක් මැද විමනක් සැදුවයි’’ ගීතයට බෙහෙවින් ප‍්‍රියයි.

 

 

තුෂානි ඔබ කොහොම කෙනෙක්ද?
බොහොම සැහැල්ලූවෙන් සරලව ජීවත් වෙන්න කැමති කෙනෙක්. ජීවිතයට බලාපොරොත්තු තියෙනවා. ඒත් පොදි බැඳගත් බලාපොරොත්තු නැහැ. කොහොමටත් නිදහසට හරි ආසයි. සංගීතය තමයි මගේ ජීවිතය.

 


ජීවිතයට ආදරය අවශ්‍යයි නේද?
ඔව්, මේ වන විට මම විවාහ ගිවිස ගෙන තිබෙන්නෙ. සැමියා කෝප‍්‍රල් රංජන් රෝහණ. සේවය කරන්නෙත් ගුවන් හමුදාවේයි.

 

 


මේ හමුවෙදි අන්තිමට ඔබට මොනවද කියන්න තියෙන්නෙ?
මෙය ඇත්තටම නොසිතපු මොහොතක්. මේ කිරුළ ලබන්න බොහෝ දෙනෙක් උදව් කළා. විශේෂයෙන්ම ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මැතිඳුන්ට ස්තූතිය පුදන්න  ඕනෑ. අපට මේ වගේ අවස්ථාවක් ලැබුණේ එතුමාගේ සංකල්පය නිසයි. ඊළඟට අපේ ගුවන් හමුදාපතිතුමා ඇතුළු සෙසු නිලයන් දරණ සමස්ත ගුවන් හමුදාවටත්, මගේ ගමේ ජනතාවටත්, රටේ ජනතාවටත්, මගේ ආදරණීය දෙමාපියන් මෙන්ම මට ශිල්ප කියාදුන් ගුරුවරු සියලූ දෙනාටම ගෞරවණිය ස්තූතිය පුද කරනවා. මෙය මල් යහනාවක් මතින් ආ ගමනක් නෙවෙයි. දුෂ්කර ගමනක ප‍්‍රතිඵලයක්.

 

 

 



අදහස් (0)

මේක දුෂ්කර ගමනක ප‍්‍රතිඵලයක්

අජිත් Wednesday, 21 August 2013 06:12 PM

සුභපතනවා ඔබට

:       0       0

අජිත් Wednesday, 21 August 2013 06:12 PM

සුභපතනවා ඔබට

:       0       0

ගයාන් Friday, 30 August 2013 05:04 PM

දයාබර නංගී, අපේ පාසැල ගෙනත් චුට්ටක් හරි මතක් කළා නම් හොදයි නේද? ඔබට සුබ පැතුම්! (නි)

:       0       0

සරත් Thursday, 22 August 2013 10:24 PM

සුභ පැතුම්.(නදී)

:       0       0

කුමාරිහාමි Wednesday, 07 August 2013 06:13 PM

හරිම අහිංසක පෙනුමක් තියෙන්නේ. මේ ෆොටෝ වල හැටියට මේ නෝනගේ කොණ්ඩේ ටිකයිනෙ දිග. අච්චර ලොකුවට කොණ්ඩේ බැන්දේ කොහොමද? ද්විත්ව උසස්වීමක් ලැබීම කොතරම් වටිනවාද? රියලිටි තරගෙකින් දිනන එක යුද්දෙදි දෙවරක් මැරෙනවා හා සමානයි. එච්චරටම මහන්සි වෙන්න ඕනෑ. (නි)

:       0       0

සමන් Sunday, 25 August 2013 07:58 PM

නදී ඔබට මගෙන් සුභ පැතුම්.(නදී)

:       0       0

ප්‍රියන්ග Saturday, 10 August 2013 08:38 AM

නුඹලාට හොඳ අනාගතයකට මගෙන් සුභ පැතුම් (අ)

:       0       0

ඉන්ද්‍රානි Monday, 19 August 2013 08:25 AM

සුභ පැතුම් සමඟ සුභ අනාගතයක් (නි)

:       0       0

සිල්වා Tuesday, 27 August 2013 11:25 AM

සංගීත දිවියේ ඉදිරියටම පියනගන්න සුභ පැතුම්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුල මරණයෙන් කෙළවර වෙයි
2024 සැප්තැම්බර් මස 25 125 0

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක


අවුරුද්දේ දියණිය මැරී යැයි මව අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 256 0

අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.


නව ආරක්ෂක ලේකම්ගේ රිය වගුරු බිමකට පෙරැළෙයි
2024 සැප්තැම්බර් මස 25 1377 0

නව ආරක්ෂක ලේකම්වරයාට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබූ ඩිපෙන්ඩර් රථය වැලිකඩ පාර්ලිමේන්තු පාරේ ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ආසන්නයේ දී අද(25) අලුයම


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 54 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 12496 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 6092 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36618 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24234 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 178 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 541 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 230 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site