පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ප‍්‍රචාරණ කටයුතු සිකුරාදා (14) මධ්‍යම රාත‍්‍රී 12 ට අවසන් වන බැවින් ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය හරහා කිසිදු පක්ෂයක්, කණ්ඩායමක් හෝ අපේක්ෂකයෙකු ප‍්‍රවර්ධනය වන ආකාරයේ කාර්යයන් සිදු කිරීමෙන් වළකින්නැයි මැතිවරණ කොමසාරිස්වරයා ඉල්ලා සිටී.
මැතිවරණ ප‍්‍රචාරණය අවසන් වීමෙන් පසුව එළැඹෙන තෙදින තුළ මැතිවරණ ප‍්‍රචාරණ වලින් වැළකී සිටි යුතු බැවින් මැතිවරණයට අදාළ පැමිණිලි හා සිද්ධි පිළිබද පැමිණිලි තමන් වෙත හෝ පොලිස් නිලධාරීන් වෙත පමණක් ඉදිරිපත් කරන්නැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා ඉල්ලා සිටී.
මැතිවරණ දෙපාර්තමේන්තුවේ ෆේස්බුක් පිටුව හරහා මෙම ඉල්ලීම සිදු කර ඇති අතර ෆේස්බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවි හරහා සිදු කරන දෑ නීතියක් මඟින් නැවැත්විය නොහැකි බැවින් මැතිවරණ කොමසාරිස් මෙම ඉල්ලීම කර තිබේ.
ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරිමත් සමග (21) දින මධ්‍යම රාත්‍රියේ සිට (22) දින දහවල් 12 දක්වා පනවා ඇති ඇදිරි නිතිය නුවරඑලිය දිස්ත්‍රික්කය පුරා ආරක්ෂක අංශ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මැකෝ නොකෙරෙන දෙයක් කියයි
දිමුත් Thursday, 13 August 2015 10:28 AM
අපේ අය කියන දේම අහයි. (ම)
සජිත් Thursday, 13 August 2015 11:26 AM
"දැලෙන් සුලන් බදිනට තැත් කරනු වැනී"කිව්වලු.(ම)
නාමල් Thursday, 13 August 2015 06:59 AM
අපේ අය මේවා අහයිද? (නි)
උපුල් Thursday, 13 August 2015 07:30 AM
මැකෝගේ ඉල්ලීම පරිදි හෙට සිට කිසි එකෙක් මාගේ ෆේස්බුක් පිටුවේ දමන වාර්තා කියවීමෙන් වළකින ලෙස ඉල්ලමි.(ම)
යමුනා Thursday, 13 August 2015 07:53 AM
මැතිවරන කොමසාරිස්ගේ ඉල්ලීම පරිදි අප විසින් පේස්බුක් ගිනුම් වල පල කරන දේශපාලන ප්‍රචාරන දැන්වීම් හෙට සිට නොබලා සිටින ලෙස පේස්බුක් හිතවතුන්ගෙන් ඉල්ලා සිටිමි.(නදී)
පිටබැද්දර ජයා Thursday, 13 August 2015 08:10 AM
අනේ මැකෝ ප්ලීස් මේකනම් කරන්න එපා , ඊට වඩා හොඳයි ඒ දවස් තුන අපේ අත් දෙක පස්සට කරලා ගැට ගහල ඇස් බැඳලා කන්න කට විතරක් ඇරලා තිබ්බනම් (බ)
ලංකා Thursday, 13 August 2015 08:15 AM
මට එකක් තේරෙන්නේ නැහැ. එතකොට ප්‍රචාරය කරලා තියෙන එවුවට මොකද කරන්නේ...? (බ)