IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


‘මේක නොම වම්බටු - නව සුංගම් අයවැයක්‘

“මේ අය - වැය ඉදිරිපත් කරන කොට මම හිතාගෙන හිටියේ අඩුම තරමින් අට වම්බටු-නව සුංගම් අය-වැයක්  කියලවත් කියන්න පුළුවන් වේවි කියලයි. නමුත් අය-වැය කතාව අහලා ඉවර වුණාම හිතුණා ‘මේක නොම වම්බටු - නව සුංගම් අය-වැයක් කියලා‘ යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තු සභා ගැබේදී මාධ්‍ය හමුවේ පැවසීය.

 ‘අට වම්බටු’ කියන්නේ වම්බටු ජාති 08යි. ‘නව සුංගම්’ කියන්නේ බදු වර්ග 09ක්. ‘8ක් දීලා ඒකට බදු වර්ග 9ක් ගහනවා’ කියන එකයි ඉන් කියැවෙන්නේ. මේක ජනතාවට කිසිවක් නොදී බදු පිට බදු ගැසූ අය-වැයක් බව පෙනුණා. මේක දුර්වල අය-වැයක්. ඒ නිසා අපි කියනවා මුදල් ඇමතිවරයාට, 2016 වගේ මේ සැරෙත් අය-වැය කිහිපයක් ගෙන එන්න හදන්න එපා  කියලා.” යැයිද වීරවංශ මහතා කීය. 



අදහස් (0)

‘මේක නොම වම්බටු - නව සුංගම් අයවැයක්‘

රන්ජිත් Saturday, 12 November 2016 10:42 AM

මේක හැදෙන රටක් නොවේ. (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස්් Saturday, 12 November 2016 10:54 AM

මන්ත්‍රී මාසික පඩියෙන් ඔය වගේ මන්දිරයක් හදාගන්න සූත්තරය අපිටත් කියලා දෙන්න .... (නි)

:       0       0

සුමුදු Saturday, 12 November 2016 12:45 PM

දැන් බලන්න අසේල කියනවා ලොක්කා හොරකම් කළා කියමුකෝ කියලා. ඒ කියන්නේ හොරකම් කළාට කමක් නැහැ කියලද. ඕක ගෝත්‍රික අදහසක්. මොකද නායකයින්ට ඕනෑ දෙයක් කරන්න පුළුවන් ගෝත්‍රික සමාජයක. (නි)

:       0       0

සුමුදු Saturday, 12 November 2016 12:47 PM

ප්‍රගීත්, එකී මෙකී නොකී ඔක්කොම කළ ජරා මිනිහෙක් ලක්ෂ ගානක් ඡන්ද ගන්නවා. ඕක කොහොමද විග්‍රහ කරන්නේ. ඔන්න ඔතනයි අපේ මිනිසුන්ට වරදින්නේ. ඔය වැරැද්ද නිසා ඔබගේ දරුවනුත් ඔවුන්ගේ දරුවනුත් ඔබට සැප තියමින් දුක්විඳිනු ඇත. (නි)

:       0       0

පරාක්‍රම Saturday, 12 November 2016 02:11 PM

කුඳ...කුඳ...කුඳ... ගත .............. තජ්ජිත් ..තොන්නාහ්.. තාඃ කියලත් කිව්වාලු. හැබැයි වම්බොටු කතාවට වැඩිය එ්කේ නම් මොකක්හරි තේරුමක් ඇති වගේ. මෙයාගෙන් ඇහුවොත් වෙන මොනවාහරි කියයි. වෙන කාගෙන්හරි අහලා බලන එක ඇඟට ගුණයි. (නි)

:       0       0

සහන Friday, 11 November 2016 12:41 PM

අනේ මෙය ඉතින් කටින් බතල හිටවන කෙනනේ . අපිට මතකයි මෙය කිව්වා ජාත්‍යන්තරයට තියෙන ප්ලග් එක ගැලෙව්වම අපි දියුණු වෙනවා කියල. මෙයාව පාර්ලිමේන්තුවට යවපු අයට තමයි මුලින්ම මෙය මේක කියන්න ඕන (අ)

:       0       0

ප්‍රියාන් Saturday, 12 November 2016 09:13 PM

විමල් අන්තර්ජාලයේ ලංකාදීපය බලනවද දන්නේ නැහැ නේද? (නි)

:       0       0

පෙරේරා Saturday, 12 November 2016 09:16 PM

අනේ අපේ විමලේට ආඩපාලි කියන්න එපා. හොඳක් කියන්න කවුරුවත්ම නැද්ද? (නි)

:       0       0

අෂිකා Friday, 11 November 2016 03:07 PM

මට නම් දැන් මේ ලංකාවේ කොයි දේශපලකයවත් එකයි,,මොවුන් කවුරු වුණත් අවරුදු10 කලින් හොයල බැලුවොත් පට්ට හිගන්නෝ, එත් දැන (අ)

:       0       0

සුනිල් Friday, 11 November 2016 04:07 PM

ඔහෙලා ඉසේ කෙස් ගාණටත් වඩා ණය ගත්තේ නැතිනම් මේ බජට්ටුව වම්බොටු නෙවි කුකුල් මස් බජට්ටුවක් වෙනවා. (අ)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 11 November 2016 04:08 PM

ඔබතුමාලගේ කාලෙ ගෙනාපු අයවැයත් අට වම්බටු නව නොවෙයි නවසිය සුංගම් බව දැන් මතක නැතුව වගේ ඒකාලේ වැට් බද්ද සියයට 20 ක් වුණා නේද (අ)

:       0       0

සුනිල් Friday, 11 November 2016 04:12 PM

ලංකා පෙරේරා මහත්තයට අමතක වූ දෙයකුත් තියෙනවා. හෙජින් සුදුව මොකද අමතක වුණේ? ඒගොල්ලෝ සුදු කෙළියට දැන් අපි නේ ඒවා ගාවන්න ඕනි. (අ)

:       0       0

ටෙනිසන් Friday, 11 November 2016 05:01 PM

අනේ මන්දා මෙයාලගේ විකාර! (නි)

:       0       0

රත්නායක Friday, 11 November 2016 05:02 PM

මේකෙ අදහස් දාලා තියෙන ගොඩක් අයට විමල්ට බනින්න තියෙනවා නම් ඕනෑ බද්දක් ගෙවන්න ලෑස්තියි වගේ පේන්නෙ. අයවැයේ බර විමල්ටයි පහුගිය අාණ්ඩුවටයි බැනලා ෂේප් කරන්න හදන්න එපා. ඒගොල්ලො ඡන්දෙන් පැරැද්දුවෙ හොඳ අයවැයක් මේගොල්ලො ගෙනෙයි කියලා තමයි. (නි)

:       0       0

බණ්ඩාර කුවෛට් Friday, 11 November 2016 06:30 PM

8 පාස් මිනිහෙකුගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තුවිය නොහැකිය (අ)

:       0       0

සඳුන් Sunday, 13 November 2016 05:15 AM

අට වෙනිදා ඡන්දෙන් මේගොල්ලෝ පැරැද්දුවා කියලා ලෝකේ රටවල් තමන් දීපු ණය මුදල් ආපහු එපා කිවුවේ නැහැනේ. තව තව හොරකම් කරපුවා විතරයි නතර කෙරුවේ. පරණ ණය ගෙවන්න මේ රජයට මුදල් අවශ්‍යයි. හොරුන්ගෙන් ඒ මුදල් ආපහු අයකර ගත්තොත් නම් රජය ගොඩ. මෙයාගේ මාළිගාවත් හරි නම් රජයෙන් වෙන්දේසි කරන්න ඕනෑ (නි)

:       0       0

වින්සන්ට් Friday, 11 November 2016 06:44 PM

මෙහි සමහර අයගේ අදහස් දකින විට මට නම් හිතෙන්නේ අපි තවමත් අර ගස් ගල් වලට වන්දනා මාන කරන යුගයක ඉන්න බවකි. ධනපති කොටස් දෙකක් සැප විඳීමට නම් තව කොටසකට පරිප්පුවක් කන්නට සිදුවෙනවා නියතය. "අට වම්බොටු" කෑවත් " නව සුංගම්" කෑවත් ඒවා කන්නේ කියන අය නම් නොවේ. වැඩ පෙන්නා සැප වින්ඳත්, වැඩ නොපෙන්වා සැප වින්ඳත් එකම සැප සම්පතකි. "අපි තෙලෙන් කිරෙන් කන්නෙමු. ජනතාවට ලේවකන්නවත් දීම සඳහා අපේ සටන" බව මේ දේශපාලකයන් නොකියන්නේද? (අ)

:       0       0

හිමාල් Friday, 11 November 2016 05:59 AM

කුස්සිය පැත්තේ ගිහිල්ලා බිරිඳගෙන් වෙන්න ඇති ඔය වම්බ‍ටු එළවළු කතාව අහගන්න ඇත්තේ. (බ)

:       0       0

ලංකා පෙරේරා Friday, 11 November 2016 06:02 AM

ඔහේගේ ලොක්ක ගහපුවා, ගත්තු ණය එහෙම ඔහේ ගෙවනවාද ?...ගහපු ගෙවල් එහෙම ආණ්ඩුවට දෙනවාද ? (බ)

:       0       0

ලියෝන් Friday, 11 November 2016 06:11 AM

ගෙදර ජාත්‍යන්තර කුමන්ත්‍රණ (බ)

:       0       0

ඉසුරු Sunday, 13 November 2016 07:19 AM

සුමුදු, රට පාවා දෙනකොට නිහඬව බලා ඉන්න අයද එතකොට හොඳ? කෝප් වාර්තාව අමතකද? (නි)

:       0       0

දිලිප් Friday, 11 November 2016 06:20 AM

පෙර ගෙන ආ අයවැය වලදී ප්‍රතිචාර පළ කල හැටි අපට මතකය. බන්ධුල මහත්මය වගේම මෙයත් ගණිත පාඩම් වලට දක්ෂයින්නේ. ජනතාව නොමග යවන ප්‍රකාශ වැරදි සහගතය.එකම කාසියක දෙපැත්තක් බව ජනතාව වටහාගෙන හමාරය. ඉදින් මෙම ප්‍රකාශයන් තනි චුන් වලට කදිමය. (බ)

:       0       0

හර්ෂ Friday, 11 November 2016 06:22 AM

දැන් ගෙදර නැති වෙන්නේ වම්බටු අට අට වෙන්න ඇති (බ)

:       0       0

අසේල Friday, 11 November 2016 06:23 AM

ලොක්ක හොරකම කරපුවගෙන් එකක් කියන්න පුලුවන්ද ලංකා පෙරේරා, ලොක්ක හොරකම් කළාම කියමුකෝ... එ්ත් ඒ මනුස්සය රටට දැනෙන්න වැඩක් කළා, යහපාලනෙන් මොනාද කළේ.... බදු ගහල ගහල කෑම වේලටත් කෙලව්වා. භාණ්ඩාගාරේ බෑනට දුන්නා, ඒ ගැන කතා කරන්නේ නැත්ද (බ)

:       0       0

සජී Friday, 11 November 2016 06:25 AM

බදු ගහන්නේ හැමෝටම. සමහරු කථා කරන්නේ එයාලා බදු වලින් නිදහස් වගේනේ (බ)

:       0       0

අජිත් පෙරේරා Friday, 11 November 2016 06:33 AM

වම්බොටු කතාව බිරිදගෙන් වෙන්න ඇති. අනෙකනම් බෙර පදයක් වගේ අප්පා. (බ)

:       0       0

ශිවා Friday, 11 November 2016 06:36 AM

මෙයාට තියන මුදල් සහ ගෙවල් කොහෙන්ද, කොහමද මෙයාව බෝඩිම ඇතුලට දල මෙයාගේ ගෙවල් , මුදල් සිල්ලම රජයට පවරා ගන්න ඕනේ (බ)

:       0       0

සෙන්දනායක Friday, 11 November 2016 06:40 AM

අයියෝ විමල්.... ඔයගොල්ල කවද්ද හොඳක් දැක්කේ (බ)

:       0       0

සුලෝචනා Friday, 11 November 2016 06:59 AM

අභිරහස් මිනි මැරුම් ගැනත් කතා කළා නම් නේද වටින්නේ ? (ම)

:       0       0

සත්‍යයා Saturday, 12 November 2016 12:28 AM

කුණු වෙච්ච අතීත වලට උරුම කම් කියන පක්ෂ බදාගෙන ඔවුනේගේ කුණු හෝදන්න හදනවා වෙනුවට ශ්‍රී ලංකා දේශපාලනයේ විමල් වැනි පුද්ගලයෙකුගේ භූමිකාව කුමක්ද කියා අපි සැවොම එක්වී තීරණයකට එමු. විමල් වම්බටු වල තරම දැන ගත්තේ එයාගේ නෝනා ගෙන්ද නැතිනම් තරුණ මෙහෙකාරියකගෙන්ද කියන එක නැතිනම් 8 ඉලක්කම ට සාප කරනවාද කියන එක අප විසින් සාමුහිකව ගොඩ නැංවිය යුතු පොදු ජන විඥානයට අදාළ වන්නේ නැහැ. (අ)

:       0       0

ජනහිත Friday, 11 November 2016 07:13 AM

මොන අය වැය ගෙනාවත් එකේ බරපතලකම දැනෙන්නේ සාමාන්‍ය ජනතාවටනේ. (ම)

:       0       0

රාජසිංහ Saturday, 12 November 2016 12:51 AM

මෙයාට හැමදාම වම්බටු වෙන්න ඇති ගෙදර හදන්නේ. මොකද කියල බැලුවා නම් නරකද හැමදාම කඩේ විතරක් යන්නේ නැතුව. (අ)

:       0       0

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Friday, 11 November 2016 07:35 AM

පාර්ලිමේන්තුවක් තුල මන්ත්‍රී වරයෙක් කරන කතාවක් නෙවෙයි කරලා තියෙන්නේ.(ම)

:       0       0

නුවන් Friday, 11 November 2016 07:42 AM

ලංකා පෙරේරා, ඔබ ගැන කණගාටුයි. නිකන් ගැලරියට කතා කරන්න එපා. එහෙමනම් බැදුම්කර වංචාවෙන් ගහපු සල්ලි ඔහේ ගෙවනවද? මේක ජනතාවට බර පටවපු අය වැයක්. මෙහෙම ආර්ථිකය හදන එක ලොකු වැඩක් කියල හිතන්ඩ එපා. (බ)

:       0       0

ප්‍රණීත් Friday, 11 November 2016 07:42 AM

ලංකා වගේ අය ඉන්නකන් හැමදාම බොරුව තමයි. ගැහුවනන් අල්ලපල්ලකෝ බෙරිහන් නොදී.පුදුම කන්දොස්කිරියාවක්නේ.. (බ)

:       0       0

පිටිගල Saturday, 12 November 2016 02:03 AM

මෝඩකම ප්‍රදර්ශනය කළ කතාවක් (නි)

:       0       0

චන්ද්‍රා Saturday, 12 November 2016 03:19 AM

ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ. (නි)

:       0       0

බන්දුල Friday, 11 November 2016 08:09 AM

තමුන්ට කෝටි ගණන් වටිනා මාළිගා හදන්න මුදල් ලැබුනේ කොහොමද කියන්නකෝ ..... (නි)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 12 November 2016 03:26 AM

පළාත් පාලන ඡන්දයේදී තරුණ ඡන්දය ඉල්ලන්න සැළසුම් කරලා නේද ටැබ් දෙන්න සැළසුම් කළේ (නි)

:       0       0

රාහුල් Saturday, 12 November 2016 03:28 AM

තියන්න වටින්නෙ නැහැ මේ කට (නි)

:       0       0

බණ්ඩාර Friday, 11 November 2016 08:14 AM

අසේල, අක්කර 16 මල්වානේ මාළිගාව, මාතර බ්‍රවුන්සින් කන්දේ බංගලාව, දෙහිවල මන්දිරය ...... එතකොට මේවා ඔයාගෙද? මොකද ජනවාරි 8 ඡන්දෙන් පස්සේ මේවට අයිතිකාරයෝ නැහැ (නි)

:       0       0

බණ්ඩාර Friday, 11 November 2016 08:15 AM

අන්න ඒකනම් හොඳ බෙර පදයක් වගෙයි (නි)

:       0       0

ප්‍රසන්න Friday, 11 November 2016 08:17 AM

මොකද ඒගමන මේ වම්බඩු මතක්වෙලා තියෙන්නේ (නි)

:       0       0

සෑම් Friday, 11 November 2016 08:24 AM

සෙන්දනායක, හොඳක් කරන්ඩ එපායැ කියන්න. එකම හොඳේ වොක්ස්වැගන් පැදලා පැදලා එපාවෙලා හිටපු අපිට ඉලෙක්ට්‍රික් කාර් දෙන්න හදන එක. ටැබ් එකනම් බේබදු තාත්තලා විකුණගෙන කසිප්පු ගහයි. අනිත් දෙමව්පියෝ ඉන්ටෙර්නට් බිල ගෙවලා හාන්සි වෙයි. (නි)

:       0       0

බුද්ධික Friday, 11 November 2016 08:24 AM

සත්ව ආහාර මිල අඩු කළා නම් "ෂා මරු වම්බටු නොම සුංගම්" කියයි. (නි)

:       0       0

පෙයරිස් Friday, 11 November 2016 08:24 AM

අපිටත් පිස්සු හැදෙනවා මෙයාගේ කතා අහලා (නි)

:       0       0

යෙනුර Saturday, 12 November 2016 04:20 AM

රෑට කමු අපි වම්බටු වම්බටු වම්බටු පෙති බැඳලා... (නි)

:       0       0

සමන් Saturday, 12 November 2016 04:24 AM

ඔයාට කොහෙන්ද සල්ලි හම්බවුණේ අර ගේ හදන්න? ලෝන් එකක්ද? මොන බැංකුවෙන්ද ගත්තෙ? නැත්නම් කවුරුහරි දුන්නද? (නි)

:       0       0

රොකී Friday, 11 November 2016 08:36 AM

ඒ ගමන මොනවද මේ කියවන්නේ? (නි)

:       0       0

දිනෙත් Friday, 11 November 2016 08:39 AM

මෙයා සෑහෙන්න වම්බටු වර්ග ගැන දන්නවා වගේ... (නි)

:       0       0

තිළිණ Friday, 11 November 2016 08:38 AM

බදු බරින් බෙල්ලම හිරකරලා තියෙද්ද්ත් සමහරු මේ ආණ්ඩුවට කඩේ යනවා. අලුත් බදු නිසා පුද්ගලික සමාගම් සහ ව්‍යාපාර නැත්තටම නැතිවෙන තැනට දාලා. ඒවායේ වැඩ කරන මිනිස්සුත් පාරට වැටෙන තැනට දාලා. එ්ත් අපේ මෝඩයන්ට තාම තේරිලා නැහැ. (නි)

:       0       0

සුසිල් Saturday, 12 November 2016 06:46 AM

ජේ වී පි එ‍කෙන් බිහිවුණ පුද්ගලයෙක්ද කියලත් හිතෙනවා (නි)

:       0       0

අශාන් Friday, 11 November 2016 10:23 AM

අසේලවගේ අය හැමදාම හිතන්නේ අයවැය කියන්නේ මිනිස්සුන්ට සහන දෙන එකක් කියල. මේක අනාගතය ගැන හිතපු අයවැයක්.හොද යෝජනා ගොඩක් තියෙනවා. ජනතාවගෙන් බදු නොගහ රටක් හදන්න බැහැ. අපි ඉන්න රටවල තියෙන බදු දැක්කනම් ඔයාල වහ කයි. (අ)

:       0       0

ඉන්ද්‍රා Friday, 11 November 2016 10:30 AM

ඔබතුමාලගේ කාලේ හොද අයවැයක් ලබා දුන්නද ?කෝක ආවත් එකයි .එහෙට මෙහෙට කරකවල ඇමති මණ්ඩලයට සහන ටික දැනෙන්න හදා ගන්නවා .ඔබල කරෙත් මේ ටිකම තමා (අ)

:       0       0

රත්න Friday, 11 November 2016 10:34 AM

විමල් වීරවංස කියන්නේ මානසික රෝගියෙක් ... මෙයා කියන දේවල් .. මෙයාලගේ උදාහරණ හිතල ,කල්පනාකරලා බලනකොට අපිට අපිට තේරුම්ගන්න පුළුවන් මෙයාල අද කොයි වගේ තත්ත්වයකද ඉන්නේ කියල මෙයාලට දැන් හරියටම පිස්සු හැදිලා .. තව ටික දවසකින් අපිට දැනගන්න පුළුවන් වෙයි අලුත් අයවැය කොයිතරමට ජනතාවට හිතකර විදිහටද හදල තියෙන්නේ කියල . තව දුරටත් ලංකා පෙරේරා අහපු ප්‍රශ්නවලට මෙතන කිසි පිළිතුරක් ලැබිල නැහැ (අ)

:       0       0

බෙනට් Friday, 11 November 2016 10:49 AM

අනිවාර්යෙන්ම වම්බටු ජාති 8 ගැන දැනගත්තේ ගෙදර උන්දැගෙන් වෙන්න ඕන . (අ)

:       0       0

උපාලි Friday, 11 November 2016 10:50 AM

මේකේ ප්‍රතිචාර දාල තියෙන වැඩි දෙනෙක් මඩකරියන් මෙපමණ කලක් ගිහිල්ලත් අල්ලපු හොරකමක් නෑ එත් පුරුද්දට හොරු හොරු .කියනවා අවුරුදු 5 යනකම් ඕව තමා අපිට අහන්න වෙන්නේ (අ)

:       0       0

ප්‍රගීත් Friday, 11 November 2016 11:00 AM

88-89 කලේ මිනි මරල ,ඊට පස්සේ කප්පරක් හොරකම් කරලා ,උප්පැන්න දෙකක් තියාගෙන ඉදල , පාස්පෝර්ට් දෙකක් පාවිච්චි කරලා ,ගෙදර ඇතුලේ කොල්ලෙකුට ගහල මරල එකී නොකී ජරා වැඩ ඔක්කොම කරලා කිසි දෙයක් දන්නේ නැති සුදනා වගේ ඉන්න මේ වගේ අය ඉන්නකම් ශ්‍රී ලංකාදීපයට සෞභාග්‍ය උදාවන්නේ නැත ,(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ධීවර ජනතාවට විශේෂ නිවේදනයක්
2024 ඔක්තෝබර් මස 11 7 0

පුත්තලම සිට කොළඹ ,ගාල්ල මාතර හරහා හම්බන්තොට දක්වා ක්‍රියාත්මක සියලුම ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේ


රත්නපුර ලැයිස්තුවෙන් දමිතාගේ නම හැලෙයි
2024 ඔක්තෝබර් මස 11 2112 5

තමන් මෙවර රතනපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කරන බව දමිතා අබේරත්න මහත්මිය පැවසුවත් ඇගේ නම රත්නපුර දිස්ත්‍රික්කයට බාරදුන් සමගි ජන බලවේගයේ මහ මැ


කෙහෙළිය වන්දි ඉල්ලා ගොනු කළ පෙත්සම ඉල්ලා අස් කරගනී
2024 ඔක්තෝබර් මස 11 1707 0

ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම


දිස්ත්‍රික්ක 10කට නාය අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 11 367 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 33 කට අද ( 11 ) පෙරවරුවේ සිට නාය යෑමේ අනතුරුඇඟ


පාලමකින් එගොඩ වෙන්න ගිය අයෙක් අතුරුදන්
2024 ඔක්තෝබර් මස 11 618 0

පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදන් වී ඇතැ


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 776 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39893 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25898 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 125 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 398 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1275 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site