IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


මැකෝ මෛත්‍රීට කොත්මලේ පිට්ටනිය දෙයි

ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 14 වැනි දා පැවැත්වීමට නියමිත රැළිය සඳහා කොත්මලේ නව නගරයේ පිහිටි මහජන ක්‍රීඩාංගනය ලබා දෙන ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා නුවරඑළිය තේරීම්භාර නිලධාරීට ලිඛිතව දැනුම් දී ඇත.

එම රැලිය කොත්මලේ මහජන ක්‍රීඩාංගනයේ පැවැත්වීමට කළින් අවසර දී තිබූ අතර පසුව එය අවලංගු කළ බව කියමින් එජාපයේ නීති ලේකම් මැතිවරණ කොමසාරිස්ට දන්වා තිබිණි.



අදහස් (0)

මැකෝ මෛත්‍රීට කොත්මලේ පිට්ටනිය දෙයි

මාලක Tuesday, 09 December 2014 10:37 AM

මැකෝ පිට්ටනි සොයා දීම මැතිවරණ නීතියක්ද? එය මැකෝට අයිති වැඩක්ද ? (හේ)

:       0       0

සමන්ති Tuesday, 09 December 2014 10:34 PM

සමහරු පිට්ටනි තියාගෙන ඉන්නේ මොනවගේ වැඩවලටද දන්නෙ නැහැ (නි)

:       0       0

ලලිත් Tuesday, 09 December 2014 01:37 PM

මැකෝගේ රාජකාරිය පිට්ටනි හොයා දීම කියල මම දන්නේ නැනේ. (ර)

:       0       0

ප්‍රියාන් Wednesday, 10 December 2014 01:05 AM

කමක් නැහැ. සාධාරණයක් වෙන්න එපායැ (නි)

:       0       0

අමන්දා Tuesday, 09 December 2014 01:52 PM

වැල යන පැත්තට තමයි මකොත් මැස්ස ගහන්නේ. (ර)

:       0       0

සිරිනිමල් - හඟුරන්කෙත Tuesday, 09 December 2014 07:30 AM

මේ යන ක්‍රමයට විපක්ෂයට රැස්වීමක් තියාගන්න පිට්ටනියක් වෙන්කර දීමට මැකෝ මැදිහත් වෙන්න වෙන්නේ, (හේ)

:       0       0

පද්මිණි Tuesday, 09 December 2014 01:59 PM

අනේ, ප්‍රජාතන්ත්‍රවාදයේ මහිමය?(හේ)

:       0       0

කටුගස්තොට Tuesday, 09 December 2014 07:40 AM

කොමසාරිස්තුමනි ඔබට ගොඩක් පින් (බ)

:       0       0

හසිත් Tuesday, 09 December 2014 07:41 AM

දැන් මහජන ක්‍රීඩාංගනය පුද්ගලික වෙලාද එතකොට ? (නදී)

:       0       0

සෑම් Tuesday, 09 December 2014 07:44 AM

"රැවුලයි" කැඳයි දෙකම බේරාගන්න එපායැ. (නදී)

:       0       0

බටන්ගල Tuesday, 09 December 2014 07:47 AM

ඔය තියෙන්නේ ක්‍රම සහ විධි.(නදී)

:       0       0

අශාන් Tuesday, 09 December 2014 07:48 AM

මේක යකාගේ ප්‍රජතන්ත්‍රවාදයක්නේ. මෙහෙව් පාලනයකට ආවඩන මිනිස්සුත් ඉන්නවනේ තවමත්. (බ)

:       0       0

දිලාන් Tuesday, 09 December 2014 07:49 AM

රැස්වීම් තියන්න පිට්ටනිය දෙන්නේ නැති නම් අවලංගු කල හේතුව දන්වන්න ඕන නේද ? (ර)

:       0       0

සදුන් Tuesday, 09 December 2014 07:51 AM

මැකො මෙදා පාර වැඩේට බැහැල වගේ. නියමයි. සධාරණ මැතිවරණයක් තියන්න. (ර)

:       0       0

මහේන් Tuesday, 09 December 2014 07:53 AM

අපොයි මෙහෙමත් ප්‍රජාතාන්ත්‍රික රටක් !(හේ)

:       0       0

චරිත Tuesday, 09 December 2014 07:56 AM

දැන් මහජනතාවට පොදු ස්ථාන පාවිච්චි කරන්න තහනම් ද ? (හේ)

:       0       0

සමරසේකර Tuesday, 09 December 2014 08:06 AM

අපිත් එනවා ඔබේ සහායට කොත්මලේට (නි)

:       0       0

බණ්ඩා Tuesday, 09 December 2014 11:33 AM

මැකෝ දන්නවා හුළඟ හමන පැත්ත . (අ)

:       0       0

සේන Tuesday, 09 December 2014 08:12 AM

සාධාරණය ඉෂ්ට කරන්න නම් මැකෝතුමා අවශ්‍යමයි (නි)

:       0       0

තුෂාර Tuesday, 09 December 2014 08:16 AM

මහජන ක්‍රීඩාංගනය කාටත් පොදුයිනේ (නි)

:       0       0

සිසිර Tuesday, 09 December 2014 08:22 AM

අද සාධාරන මැතිවරණයකට පහසුකම් ලබා නොදුන්නහොත් එය අපිට පමණක් නොව අපේ තව පරම්පරා ගණනාවක දු දරුවන්ට කරන අපරාධයකි. හෘද සාක්ෂියට එකඟව වැඩකළහොත් සියලු රටවැසියන්ගේ ආශිර්වාදයට ඔබතුමා නිසැකවම පත්වනු ඇත. (නි)

:       0       0

මහීපාල Tuesday, 09 December 2014 11:49 AM

ජය නියතයි.(හේ)

:       0       0

නිමල් Tuesday, 09 December 2014 08:41 AM

මේ සිද්ධිය දිහා බලනකොට ප්‍රජාතන්ත්‍රවාදය නෑනේ.(හේ)

:       0       0

උපාලි Tuesday, 09 December 2014 08:43 AM

මැතිවරණ කොමසාරිස්තුමා ගත් එඩිතර තීරණය ගැන නිදහස්ව හිතන සියලුම දෙනා ඔබට ගෞරව කරනු ඇති. ගරා වැටෙන ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට කොයිතරම් දුරට ඔබට දිගින් දිගටම මැදිහත් වෙන්න සිදුවේදැයි හිතාගන්නත් අමාරුයි. (නදී)

:       0       0

සුනෙත් Tuesday, 09 December 2014 08:44 AM

දැන් මැකෝ හොඳද ? (නදී)

:       0       0

ගමගේ Tuesday, 09 December 2014 08:48 AM

ඒ උනාට පැරදුනාට පස්සේ කියාවි මැකෝ ආණ්ඩුවේ ඉත්තෙක්, මැතිවරණය දූෂිතයි කියා (නදී)

:       0       0

අමල් Tuesday, 09 December 2014 08:48 AM

මැකෝ හිතුවට වඩා හොඳ කෙනෙක් නේද ? (නදී)

:       0       0

උදාර Tuesday, 09 December 2014 08:49 AM

එක අතකින් සාධාරණයි. මෙහෙම වෙන්නත් ඕනා (නදී)

:       0       0

දයා Tuesday, 09 December 2014 08:51 AM

මැකෝ පිට්ටනි සොයා දීම මැතිවරණ නීතියක්ද? එය මැකෝට අයිති වැඩක්ද  ? (නදී)

:       0       0

ප්‍රදීප් ජයගොඩ Tuesday, 09 December 2014 09:05 AM

ඔබ සියලු දෙනා යමක් තේරුම් ගන්න කාලය ඇවිත් (බ)

:       0       0

චමී Tuesday, 09 December 2014 09:07 AM

සැමට සමානව සලකනවා කියන්නේ මේකද ? ලැබෙන්න තියන එකත් නැතිවයනවා මේ වැඩ වලින්. (නදී)

:       0       0

සැමුවෙල් Tuesday, 09 December 2014 04:41 PM

ජනවාරි වලින් පස්සේ කවුරුවත් අවශ්‍ය වෙන එකක් නැහැ පිට්ටනි හොයලා දෙන්න. රටම එතුමාට බාරයි (නි)

:       0       0

අසංක Tuesday, 09 December 2014 09:13 AM

මැකොත් එහෙනම් දන්නවා වැල යන්නේ කොයි බටද කියල. යනවිදිහට අපිත් මැස්ස ගහමු. (බ)

:       0       0

කසුන් Tuesday, 09 December 2014 09:19 AM

අද හම කෙනෙක්ම කියන්නේ මෛත්‍රී මහත්තයා දිනේවා කියලා තමයි (දිල්)

:       0       0

සුදෙල්මි Tuesday, 09 December 2014 12:20 PM

අපිත් එනවා ලංකාවට ඔබතුමාට ඡන්දෙ දෙන්න (නි)

:       0       0

නාමල් Tuesday, 09 December 2014 09:46 AM

මේක පුදුම ප්‍රජතන්ත්‍රවාදයක්නේ! සැමට සමානව සළකනවා කියන්නේ මේකද?රටවල මානව හිමිකම් සංවිධාන කියලා දෙයක් තියෙනවා නේද? අපේ ලංකාවේ ඒවා නිදිද? (නි)

:       0       0

ජයන්ත Wednesday, 10 December 2014 05:45 AM

වැරැද්දක් කරනවිට එය වැරද්දක් ලෙස දැකිය යුතු වගේම හොඳක් කරන විට එය හොඳක් ලෙසත් දැකීමට අපි පුරුදු පුහුණු විය යුතුය. නමුත් පුද්ගලයෙක් ජීවිතයේ වැඩිපුර වැරදි කලොත් ඉතිහාසයේ ඔහුව කුනු කුඩයට විසිවන්නේ නරක පුද්ගලයෙකු ලෙස බව කවුරුත් සිතා බැලීම වටි. (නදී)

:       0       0

බිමල් Tuesday, 09 December 2014 09:57 AM

මේකවත් නොතේරෙන බන්දුල පෙරේරා වගේ අය තමයි බහුතරය කියන ඡන්දදායකයෝ. මාධ්‍යයටවත් නිදහසක් නැති කල තව කතා කුමටද? ලංකාදීපෙට පින්සිද්ධ වෙන්න බන්දුලලාට අදහස් දක්වන්නවත් පුළුවන්. (නි)

:       0       0

උපාලි Tuesday, 09 December 2014 06:05 PM

මැ.කො. කරලා තියෙන්නේ ජනාධිපති වරණ නීතිය අනුව කළ හැකි සහ කළ යුතු දෙයක්. ඒක එතුමාගේ 'රාජකාරියක්'. දැන් සමහරු එතුමාව 'හුළං හමන පැත්තට' තල්ලු කරලා ඔහුව දේශපාලන ගැත්තෙක් කරන්න හදනවා. අනේ අපේ මිනිස්සු! (බ)

:       0       0

යසිත් Tuesday, 09 December 2014 06:05 PM

රටක මැතිවරණ කොමසාරිස්ට රැස්වීමක් තියන්න තැන හොයල දෙන්න වෙලා.මහින්ද චින්තනය මේකද? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 239 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 8 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 481 1

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


ඇඟලුම් සේවකයා ළඟ උණ්ඩ පහක් යෙදිය හැකි රිවොල්වරයක්
2024 ඔක්තෝබර් මස 02 209 0

මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.


ඕස්ට්‍රේලියා මහකොමසාරිස් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 02 389 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි


ඩෙංගු මඩින්න කියුබා සහය
2024 ඔක්තෝබර් මස 02 792 0

ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38592 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25395 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 276 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 939 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site