IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මගීන් දාහක යානයක් එයි?

ඇමෙරිකාවේ බොයිං සමාගම බොයිං 797 නමින් අධිවේගී දැවන්ත යානයක් රහසේ නිපදවතියි වෙබ් අඩවි රැසක් කියයි. ඇතැම් වෙබ් අඩවි පවසනුයේ එය බොරුවක් බවයි. බොයිං සමාගම  ඒ ගැන කිසිවක් කියා නැත. පැයට කිලෝමීටර් 1046 ක සුපිරි වේගයෙන් කිලෝමීටර් 16000ක් පියාසර කළ හැකි බව කියන මේ යානයේ මගීන් 1000කට ගමන් කළ හැකියැයි ද කියති.  යානයේ මෙම රහස හෙළිවූයේ ආධුනික කැමරා ශිල්පියකු අත්හදා බැලිමේ අවස්ථාවක් ඡායාරූපගත කිරීමත් සමගය.ඇමෙරිකාවේ ගුවන් හා අජටාකාශ පරිපාලනයේ ලැංලි පර්යේෂණායතනය හා එක්ව ගුවන් යානයේ රාමුව හා පියාපත් නිර්මාණය කැර ඇත.  පියාපත් අඩි 265ක් දිගය. බොයින් 747 යානයේ පියාපතක දිග අඩි 211කි. බොයින් 797 කවදා මංගල ගමන අරඹනු ඇද්දැයි තවම නොපැහැදිලිය.



අදහස් (0)

මගීන් දාහක යානයක් එයි?

අමල් Thursday, 10 May 2012 01:36 PM

අපිට තියෙන යානා ඔක්කොම මාසික කුලියට ගත්ත ඒවා නේද? බොරු පුරාජේරු එපා අනේ

:       0       0

සන්ජය Friday, 11 May 2012 05:23 AM

ශ්‍රී ලංකාව ශතවර්ෂ කීපයකට පෙර තිබුණේ කොහොමද කියලා බැලුවහම අද අපිට වෙලා තියෙන්නේ මොකද්ද කියලා හිතෙනවා http://jshirantha.blogspot.com/2012/01/how-sinhalaya-was-by-robert-knocks.html

:       0       0

ස්ටෙෆාන් Friday, 11 May 2012 07:44 AM

2012 චිත්‍රපටිය වගේ ලෝක විනාශය නිසා මෙය හැදුවද දන්නේ නෑ

:       0       0

ලලිත් Thursday, 10 May 2012 03:47 PM

කෙනත්., සත්තකින්ම ඇත්ත... අපේ අය කවදා සත්‍ය දකීද ? අන්දයන් එකා පිටුපස එකා යන්නාක් මෙන් ඔහේ ඉබා ගාතේ යනවා.

:       0       0

දිනේෂ් Friday, 11 May 2012 10:11 AM

කෝ, මේක කොහොමද හරවන්නේ

:       0       0

ඒ.ඒ. Tuesday, 15 May 2012 12:08 PM

බුදුරජාණන් වහන්සේ හින්දු බව කෙනත්ට අමතක වෙලාද මන්දා

:       0       0

සලා Wednesday, 09 May 2012 07:28 PM

http://www.truthorfiction.com/rumors/b/b797.htm

:       0       0

ප්‍රසන්ත දර්ශන Saturday, 12 May 2012 08:19 AM

ආප් පුද්ගලික බස් එකක සේවකයෙක් දැම්මනම් ඕකට 1500ක් පුරවයි

:       0       0

සුප්රා Wednesday, 09 May 2012 07:30 PM

ගූගල්, ජී මේල් වර්ජනය කරම් නේද?

:       0       0

අංගෝ ආච්චි Wednesday, 16 May 2012 10:47 PM

අනේ අපේ ගමේ ඔක්කොම අත්තොන්ට දඹදිව වදින්න යන්ට මෙහෙව් එකක් තිබුනොත් පංකාදු පහයි, අහල ගං හතකම එව්වෝ ගෙන ගිය හැකි! ඔන්න ඔහේ ලෝබ නැතුව අපේ ගමටත් එකක් එවන්න, අර දරහවක් වගේ ලොරි බාගෙට වැඩ හොද හැඩයි නොවැ! සාදු සාදු! අපේ පින්වත් කෙනත් මහත්තය කගේ කාගේත් ඇස ඇරෙන ලෙස කතා කොරනවා, ඔය මහත්තයට බොහොම පින් මයේ දෙයියෝ!

:       0       0

මතු Tuesday, 15 May 2012 01:19 PM

ඇමරිකන් මිනිහ නියම මොලකාරයා......

:       0       0

ජගත් Wednesday, 09 May 2012 08:52 PM

අලුතෙන් ගුවන්තොටුපළවල් හන්න වෙයි.

:       0       0

කෙනත් (USA ) Wednesday, 09 May 2012 09:14 PM

උත්සාහය, නීතිගරුක බව, තමන්ගේ දක්ෂතා නිසා දියුණු වෙන ජාතියක්. අපි නැකතට මුල්තැන දෙන, හදහන් උස්සන් පාරවල් පුරා දුවන, තමන්ගේ එකම උරුමය උන බුදු දහමට නිගා කරමින් හින්දු ඇදහිලි වැලදගත්තු, අද කිසි හව්හරණක් නැතිව පෙර ඉතිහාසය කබල්ගාමින් සිටින කොන්ද කැඩුන ජාතියක් වීමේ කෙදවාචිකය අපිව තව තවත් පහලටම අදාල දානවා. අභිමානය ගිලිහුන අපිට ඉතිරිව ඇත්තේ ලොව දියුණු වෙන ජාතීන්ට අපහස හා වයිර කිරීමත් , දියුණු වෙන්න හදන අපේ අයට වල කැපීමත් පමණයි. බලන්න ඇස ඇර අද සිංහල බෞද්ධයං ඉතාම අල්පයි. වැඩිපුර ඉන්නේ සිංහල හින්දු ජාතියක්. කේන්දර, නැකත් ග්‍රහචාර අල්ලගත්තු ගමන් මිත්‍යාව වලදගත්ත වෙනවා , තිසරණයෙන් බැහැර වෙනවා. තිසරනයවත් නැත්නම් බෞද්ධ කියන්න බැහැනේ. තිසරනයවත් නැතුව මිත්‍යා ඇදහිලි විශ්වාස වැලදගත්තු කෙනාට තියෙන්නේ මරණින් මතු උපත් දෙකක් පමණක් බව භාගවතුන් වහන්සේ පෙන්වා දෙනවා, ඒ තිරිසන් යෝනිය හෝ නිරය පමණක් බව පැහැදිලිව කියා දී තිබෙනවා. ඉතින් මෙහෙම අගාදය කර යන බහුතරයක් ඉන්න රටක අධ්‍යාත්මික පැත්ත වගේම ලෞකික සැපයත් පිරිහිලා යනවා. අපි පිරිසිදු සද්ධර්මය ඉගෙන ගෙන, ශ්‍රද්ධාව වඩමින්, තිසරණයෙහි පිහිටියොත් මිත්යවන්ගෙන් බැහැර වෙනවා, පින් රැස්කරගනිමින්, වීර්යවන්ත වෙමින්, ගුණ දහමින් දියුණු වෙමින්, උත්සාහයෙන් වැඩ කොලොත් අපිටත් නැගී ඉන්න පුළුවන්. බලන්න අද අපි නැකත් බලන්නේ නැතුව වැසිකිළියක්වත් හදන්නේ නෑ, හැබැයි බහුතරයක් ඉන්නේ බාගෙට හදපු ගෙවල් වල, උගත් ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ දැනුමට පයින් ගහල ජෝතිෂ්‍ය හා කේන්දර බදාගෙන ගොඩනැගිලි හදන්න යනවා, එතකොට බටහිර රටවල් තට්ටු සිය ගණන් ගොඩනැගිලි ගැහුවේ කේන්දර නැකත් බල බලාද? අපි පාරට බහින්න කලින් නැකත් රාහු දිශා බලනවා , මාර්ග අනතුරු වැඩිම රට ලංකාව. මේක මුළු රටම වෙලාගත් වසංගතයක් වෙලා දැන්, මාධ්‍යය හරහා මේ මිත්‍යාවට මහා පිටුවහලක් ලැබෙනවා, කොටින්ම කෙනෙක් පැවිදි කෙරන්නෙත් කේන්දර බලල, නැකතට , අයි එතකොට රහත් වෙනවද? කෙනෙක් මැරෙන කොට හොද නැකතක් බලල මැරුනොත් එය සුගතියේ යනවද? නැහැනේ, කර්මනුරුපව භාවය සකස්වෙන තැන උපදිනවා. අපි මුලින්ම මේ මිසදිටු ධර්මයන්ගෙන් මිදෙන්න ඕන, බුදුරජාණන් වහන්සේ සීලස්කන්ධ වග්ගයේ මෙවන් නැකත්, ග්‍රහ ඇදහිලි හදුන්ව දෙන්නේ 'තිරිසන් විද්‍යාවන්" යන නමින්. මොකද ඒවා පුද්ගලයා කාර්ම පල අවබෝධයෙන් බැහැර කරනවා, අපායගාමී කරනවා. මේවා බැහැර කරලා තිසරණයට අවොත් අපි දිඋනු වෙයි, නැත්නම් මේ යන විධිහට විනාසයක් තම වෙන්නේ.

:       0       0

පී රත්නායක Wednesday, 09 May 2012 09:22 PM

එය සත්‍යයකි.

:       0       0

අනුරාධ Thursday, 10 May 2012 07:29 PM

කෙනෙත් මහත්තයා සදහන් කරලා තියෙන දේවල් සේරම නිවැරදියි.අද අපිට යහපත් මාර්ගය කියා දෙන්න ඉන්න හාමුදුරුවරු පවා කේන්දරේ කරේ එල්ල ගෙන වැරදි පාරවල යනවා

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Thursday, 10 May 2012 07:31 PM

තාක්ෂණය කොපමණ දියුණු වුවත් එය මානව වර්ගයාගේ යහපත තකා භාවිතා කළ යුතුය. නැතහොත් දියුණු වන තාක්ෂණය නිසා මානව වර්ගයාට සිදුවන්නේ යහපතක් නොව විනාශයකි. බුදුදහම හා තාක්ෂණය යනු එකක් නොව දෙකකි. තාක්ෂණය කෙතරම් දියුණු වුවත් බෞද්ධ ප්‍රතිපත්ති නියමාකාරයෙන් ආරක්ෂා කරන්නේ නම් අපට දියුණු යැයි සම්මත රටවලට වඩා ඉදිරියට ගිය හැකියි.හැබැයි නියම දියුණුව නම් ගොඩනැඟිලි, පාරවල් රට පුරා හදන එක විතරක්ම නෙවෙයි. මිනිසාගේ ආකල්පත් ඒ සමඟම හැදෙන්න ඕන. නියම දියුණුව ඇති වන්නේ එවිටයි. අපට ජාත්‍යන්තර ගගණ තාක්ෂණය සමඟ තරඟ කරන්න මානව සම්පත් තිබුණත් ඊට ඇවැසි තාක්ෂණ පහසුකම් හා මුල්‍ය ශක්තිය නැහැ. ආකල්ප සමඟ භෞතික දියුණුව පිණිස වෑයම් කරන්නේ නම් අනාගතයේ අපේ රවේද එබඳු යානා නිපදවිය හැකි වේ යැයි සිතමි.

:       0       0

ඩිලාන් Tuesday, 15 May 2012 11:04 PM

අපි කරන්න ඕනෙ අපිටම බැන ගන්න එක නෙවෙ..අපිට පුලුවන් උපරිමය රට වෙනුවෙන්,ජාතිය වෙනුවෙන්,ආගම වෙනුවෙන් සිදු කිරිමයි..අනුන්ගෙ හෝ තමන්ගේ වැරදි වලට බැන බැන හිටියට රටක් කවදාවත් දියුනු වෙන්නෙ නැ..අපි නිවට ජාතියක් කියල කියා ගත්තට වැඩක් නැ...මුලින්ම අපේ උපරිමය අපි ඉටු කරමු..අපෙ දියුනුව තියෙන්නෙ ඇමරිකාවෙවත් රුසියයාවෙවත් නෙවේ. අපි ලගයි..

:       0       0

පොතුපිටිය Monday, 14 May 2012 11:01 PM

ඉන්දියාවේ හැදුවනම් පළමුවෙන්ම ගන්නේ අපි තමයි.....

:       0       0

උදය Wednesday, 09 May 2012 11:08 PM

උඩ යන ගමක්.

:       0       0

සමන් පෙරේරා Thursday, 10 May 2012 12:05 AM

අපිත් දැන්ම එකක් ඔර්‍ඩර් කලොත් නරකද?

:       0       0

සෙනරත් Thursday, 10 May 2012 12:20 AM

මේවා ගොඩබස්සන්න අලුතෙන් ගුවන්තොටුපළවල් හදන්න වෙයි. අනතුරුත් වැඩිවෙයි

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Saturday, 12 May 2012 10:59 AM

මේ වගේ යානාවක් හොඳයි අපේ ටගේ රටක පොදු මඟී ප්‍රපවාහන කටයුතු සඳහා.නමුත් අර කිව්වා වගේ මේකේ පටවන්න පුළුවන් ප්‍රමාණය වගේ කීප ගුණයක පිරිසක් දාවී තමයි

:       0       0

කුමාර Sunday, 13 May 2012 08:14 PM

අනාගතේට ඉතාම වැදගත්

:       0       0

අසන්ක Wednesday, 16 May 2012 12:20 AM

අයියෝ ප්‍රශ්නයක් නෑ.ඔන්න මම එකක් ඕඩර් කළා

:       0       0

ගැලක්සි Thursday, 10 May 2012 09:04 AM

කෙනත් ගේ අදහසට මමත් එකඟයි. අනුන්ගේ ඕපාදුප වලට ඇස්දල්වගෙන ඉන්න ජාතියකට හරියන්නේ නෑ. තමන් දියුණු වෙනවා මිසක්. අද රටේ තියෙන ලොකුම විනාසය තමා ගුණ ධර්ම පිරිහුණ මිනිසුන් තාරකා හරහා සැප සම්පත් බලාපොරොත්තු වීම.

:       0       0

හේමන්ත Thursday, 10 May 2012 09:09 AM

සාමාන්‍ය මගී ගුවන් යානයක්වත් ගන්න බැරි අපිට ඔහොම එකක් ගන්න ජීවිත කාලෙදිවත් බැරිවෙයි

:       0       0

ෆාරු Thursday, 10 May 2012 09:25 AM

ෂා නියමයිනේ

:       0       0

සුනන්ද Thursday, 10 May 2012 09:30 AM

කෙනෙත් නියම ‍බෞද්ධයෙක්

:       0       0

සිංහල මෝඩයා Thursday, 10 May 2012 09:46 AM

කෙනත් කියන්නෙ ඇත්ත

:       0       0

අතුල Sunday, 13 May 2012 09:58 PM

පාඩු උණත් කමක් නෑ කියලා අපිත් ගමුද එකක්

:       0       0

අතුල වීරසිංහ Sunday, 13 May 2012 09:58 PM

පාඩු වුණත් කමක් නෑ. අපි ගමුද එකක්?

:       0       0

මිණිමුතු Thursday, 10 May 2012 09:57 AM

කෙනත් ගේ අදහසට මමත් එකඟයි.අපේ අයට තනිකරම පිස්සු

:       0       0

අතුල වීරසිංහ Sunday, 13 May 2012 09:57 PM

පාඩු උනත් කමක් නෑහැ අපිත් ගම්මුද එකක්?

:       0       0

අබරං ආතා Thursday, 10 May 2012 10:32 AM

http://www.hoax-slayer.com/boeing-797-hoax.shtml

:       0       0

කීර්ති Thursday, 10 May 2012 10:42 AM

කෙනෙත් හරියටම හරි

:       0       0

මිනෝලි Thursday, 10 May 2012 10:46 AM

කෙනෙත් හරියටම හරි.මේවා වෙනස් වෙන්න ඕනි අපේ පන්සල් වලින්.විභාගයක් ළං වුණාම, විවාහය ළං වුණාම පිරිත් නූල් බදින්න පන්සල් ගිහින් මදි.තමන්ගේ හිතත් සන්සුන් වෙන්න ඕනි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 583 0

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 114 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 909 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1018 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 2836 2

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1772 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 25449 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23413 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 389 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site