(තිලකරත්න දිසානායක)
පුගොඩ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්රථයක් , මගීන් සමග දෙල්ගොඩ ප්‍රදේශයේ නවතා එහි රියදුරා මත් ද්‍රව්‍ය ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් , අභ්‍යන්තර පරීක්ෂණයක්ද සිදු කරන බව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ගම්පහ දිස්ත්‍රික් (2) කාර්යාලය සදහන් කරයි.
මේ වන විට අදාල බස්රථය ධාවනයේ යෙදවීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බව පැවසූ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ගම්පහ දිස්ත්‍රික් (2) කළමනාකාර තිලක් වීරසිංහ මහතා ඉදිරි ක්‍රියා මාර්ග ගන්නා බවද කීය.
පසුගිය දිනෙක මගීන් සහිත බස් රථයක් නවතා එහි රියදුරා මත් ද්‍රව්‍ය භාවිතා කිරීම පිනිස ගොස් ඇති බවට පොලීසියට ලද තොරතුරක් මත රියදුරා අත් අඩංගුවට ගෙන තිබිණි.
දකුණු කොරියානු කිවිඳියක, කෙටිකතාකාරියක මෙන්ම නවකතාකාරියක ද වන හැන් කන්ග්, මෙම 2024 වසර සඳහා නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවාය.
මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව
එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ
කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (
මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර
විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
මගීන් සමග බසය මඟ නවතා රියැදුරා කුඩු ගහන්න ගිහින්
Lakmal Saturday, 28 October 2023 09:23 PM
මේක දැක්කාම ලංකාවේ පොදු ප්‍රවාහන සේවයේ ගුණාත්මක බව ගැන ලොකු කලකිරීමක් දැනෙනවා. මත්ද්‍රව්‍ය නොගත්තත්, මොවුන් බස් එකේ හෝල්ට්වල නවත්තගෙන මිනිස්සුන්ව පැය ගණන් රස්තියාදු කරනවා. සෙනග ඉන්න වෙලාවෙ හරක් පටවනව වගේ මිනිස්සුන්ව ගෙනිහින් පුළුවන් තරම් සල්ලි හොයනවා. හවස හයෙන් පස්සේ බස් නෑ. පුද්ගලික බස් සේවය නියාමනය කරන එක අදාල බලධාරින්ගේ වගකීමක්. ඔවුන් මුකුත්ම කරන්නේ නෑ...
Dinesh Sunday, 29 October 2023 07:55 PM
මගීන් සමග බසය පිරවුම්හල්වලට ඇතුල් කර ඉන්ධන ලබාගැනීම නතර කළ යුතුයි.