හම්බන්තොට මාගම්පුර වරායට යුරෝපයේ සිට අධි සුඛෝපභෝගී සංචාරක මගී නෞකාවක් අද (15) පැමිණියේය.
නෞකාවෙන් පැමිණි සංචාරක මගීහු 200 ක් මාගම්පුර වරායෙන් බැස යාල, බුන්දල, කතරගම, උඩවලව යන ස්ථාන නැරඹීම සඳහා පිටත්ව ගියහ.
ලෝක සවාරියක නිරත වී සිටින මෙම සංචාරකයින් රැගත් අධි සුඛෝපභෝගී එම්.එස් යූරෝ නෞකාව මගීන් 380 ක් ප්‍රවාහනය කිරීමේ පහසුකම් පවතී.
විශ්‍රාමික සුවයෙන් පසුවෙන යුරෝපයේ සංචාරක මගීහු ලෝකයේ විවිධ රටවල සංචාරයේ නිරත වෙති.
උතුරු පළාත් අාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.
ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි
සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්
කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ
කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.
සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද දහවල් (23) අභාවප්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මාගමට සල්ලිකාරයෝ 200 ක් එති
විජයබාහු Tuesday, 15 December 2015 12:09 PM
මම නම් කියන්නේ අපි ඕකෙත් හාල් දාමු. (ර)
උපුල් Tuesday, 15 December 2015 12:28 PM
රටට අදායම් ලබාගන්න පුළුවන් හැම මාර්ගයක් ගැනම සිතා බලා රටේ ආර්ථිකය සකසන්න ඕනේ. එක එකාගේ වැරදි හොය හොයා හිටියා හොඳටම ඇති. දැන් බලන්න ඩොලර් එක කීයද කියලා. අපනයනයට වඩා ආනයනය වැඩියි. රටට මුදල් ගලා එන මඟක් හදා ගත්තේ නැත්නම් තව තවත් අගාධයට යනවා සිකුරුයි. මත්තල ගුවන් තොටුපොලත් සංචාරකයෝ ගෙන්නන්න පුළුවන් තැනක්. ඒ හරහා යාල, බුන්දල, කතරගම, උඩවලව යන ස්ථාන නැරඹීම සඳහා ඔවුන් යොමුකරන්න පුළුවන්.(හේ)
ජයරත්න Tuesday, 15 December 2015 01:05 PM
උපුල් ඔබ නිවෑරදී. (හේ)
නුවන් සමරවික්‍රම Tuesday, 15 December 2015 07:55 AM
ඕකත් හොද අවස්ථාවක් වරායෙන් ප්‍රයෝජන ගන්නවානම් (බ)
රොෂාන් Tuesday, 15 December 2015 08:15 AM
හොඳ පණිවිඩයක් (බ)
සුසන්ත Tuesday, 15 December 2015 04:30 PM
හෆීල්, වරායක් ගුවන්තොටක් හදපු ගමන් නැව්, ගුවන්යානා එන්නේ නැහැ. නැව් ගමන්, ගුවන් ගමන් සැළසුම් කරන්නේ අවුරුදු ගානක් ඉදිරියට. ඉතින් ඒවගේ ආයෝජනයකින් ප්‍රතිඵල ගන්න කල්යනවා. මේවා ඉතා ඉහළ ව්‍යාපෘති. අපේ රටේ ජනතාවට ඒවායේ අගය නොතේරුනාට තව අවුරුදු 10කින් බලන්න මහින්ද කළ සංවර්ධනයේ ප්‍රතිඵල (නි)
ස්ටැන්ලි Tuesday, 15 December 2015 08:48 AM
දැන් නෞකාවක් අවොත් ඒකෙ එන්නේ සල්ලිකාරයෝ - ඉස්සර නෞකාවක් අවොත් ඒකෙ ආවේ හිපියෝ අනේ මෙහෙමත් රටක් (ම)
චතුර Tuesday, 15 December 2015 04:42 PM
හම්බන්තොට වරායට කට්ටිය බැන්නා. දැන්වත් තේරෙනවද වටිනාකම? ඕවා හැදුවේ අදට විතරක් නෙමෙයි, අනාගත පරපුරටත් එක්ක. බඩ ගැන විතරක් හිතන අයට ඕවා තේරෙන්නේ නැහැ. (නි)
සොපි Tuesday, 15 December 2015 09:09 AM
කල් ගත වෙන විට තමයි මෙවැනි මහා පරිමාණ ආයෝජන පල දරන්නේ. (ස)
සොපි Tuesday, 15 December 2015 09:09 AM
කල් ගත වෙන විට තමයි මෙවැනි මහා පරිමාණ ආයෝජන පල දරන්නේ. (ස)
මගලි Tuesday, 15 December 2015 09:09 AM
සුද්දෝ ටිකට දෙවියන්ගේ පිහිටයි බලාගෙන. (ස)
හෆීල් Tuesday, 15 December 2015 09:24 AM
හොඳ වැඩක්. පහුගිය රජය මේක ඉදිකළාට ප්‍රයෝජන ගන්න ඔවුන්ට නොහැකි වුණා.(ම)
ලංකා Tuesday, 15 December 2015 09:31 AM
ඩුබායි වල කාන්තාර වලින් ප්‍රයෝජන ගන්න හැටි දැක්කම අපිට ලංකාවේ සම්පත් වලින් ප්‍රයෝජන ගන්න බැරි කියල හිතෙනවා. කරුණාකර දැන්වත් මේවාට ආර්ථික සැලැස්මක් හදන්න. බදු රහිත ප්‍රදේශයක නීති සදා යටිතල පහසුකම් දියුණු කර කර්මාන්ත නගරයක් සාදන්න සේවකයන් ලංකාවෙන් ලබා ගත යුතු.(ම)
ජයරත්න Tuesday, 15 December 2015 10:05 AM
නොබෝ දිනකින් ම මාගම්පුර වරාය ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ආදායම් මාර්ගයක් බවට පත්වී ලාංකිකයන් දස දහස් ගණනකට රැකියා අවස්ථා උදා කරනු ඇත. අවාසනාව යනු අද දින එදෙස සුබවාදීව බැලිමට නොහැකි වන ලෙස අපේ ජනතාවගේ සිත් කුහක වී තිබීමයි. (ම)
නන්දලාල්-ප්‍රංශය Wednesday, 16 December 2015 11:55 PM
කෝටිපති සංචාරකයන් රැගෙන හම්බන්තොට මාගම්පුර වරායට යුරෝපයේ සිට පැමිණි අධි සුඛෝපභෝගී සංචාරක මගී නෞකාව පිළිගැනීමට හිටපු ලොක්කෝ එහෙම ආවද? මීට ඉස්සර මේ වරායට ආවේ බඩු නැව් විතරක් නේද? (නි)
ජනක Tuesday, 15 December 2015 10:24 AM
මට හිනා යනවා... (ර)
ගිම්හාන වෙදගේ Tuesday, 15 December 2015 10:31 AM
මම නම් කියන්නේ අඩු තරමින් ලේවායේ ලුණු ගබඩා කරන්න ඔය වරාය පාවිච්චි කලානම් ඔයිට වඩා ප්‍රයෝජනවත් කියලා. (ර)
අමල් Tuesday, 15 December 2015 10:32 AM
ඔය එන්නේ නැව් නෑ කිව්වට. (ර)