IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


මාගම්පුරෙන් නැව් වලට තෙල් සැපයේ

මාගම්පුර  වරායේ  නව ඉන්ධන ගබඩා සංකීර්ණය හා ඉන්ධන පර්යන්තය අද  පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ  මහතා අතින් විවෘත විය.

වරායට පැමිණෙන නැව්වලට ඉන්ධන සැපයීම අද සිට ඇරඹිණ.

හෙක්ටයාර 20 ක පමණ භූම් ප්‍රමාණයක මෙම ඉන්ධන ගබඩා සංකීර්ණය ඉදිකර ඇත.

  ඇමෙරිකානු ඩොලර් මිලියන 76ක විදයමින් ඉදිකොට ඇති නව ඉන්ධන ගබඩා සංකීර්ණය හා ඉන්ධන පර්යන්තයෙහි තෙල් ටැංකි 14 කින් යුත් ටැංකි පද්ධතියක් ඉදිකර අතර අතර  එහි සමස්ත ධාරිතාව ඝන මීටර් 80000කි.

ඉන්ධන පර්යන්තය නෞකා ඉන්ධන ටැංකි 08කින් ද ගුවන් යානා ඉන්ධන ටැංකි 03කින් ද එල්.පී. ගෑස් ටැංකි 03කින් ද සමන්විත වේ.

මෙම අවස්ථාවට දේශපාලනඥයින් ඇතුළු විශාල පිරිසක් එක් වුහ.



අදහස් (0)

මාගම්පුරෙන් නැව් වලට තෙල් සැපයේ

අජිත් කුරුණෑගල Tuesday, 24 June 2014 10:13 AM

මෙය විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය ව්‍යාපෘතියක්. කොටස් වශයෙන් නිම කිරීම සතුටක්. මොන පක්ෂයෙන් කලත් හොඳ දේ අගය කල යුතුය. වරායක් නිර්මාණය කිරීමේ එක පරිච්චේදයක් පමණයි මේ අප දකින්නේ. ඉදිරියට නැව් වලට අවශ්‍ය සියලුම සේවාවන්(අලුත් වැඩියා කටයුතු ආදී... ) ලබාදීමට වරායක් සමත් විය යුතුය. මෙම සියලු සේවාවන් ලබාදෙන තෙක් ජාත්‍යන්තර නැව් හම්බන්තොටට නොපැමිනේවි. ලංකාවට මෙම සේවාවන් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් සාධාරන මිලකට ලබා දීමට හැකීනම් බොහොමයක් නැව් හම්බන්තොටට පැමිනේවි. ඉන්ධන මිළදී ගැනීම ජාත්‍යන්තරයෙන් ලබා ගනීවී. කොළඔ වරායට අවශ්‍ය ඉන්ධන කොහෙන්ද කියල ඇයි කවුරුත් ප්‍රශ්න නොකරන්නේ ? (ස)

:       0       0

සිරිමෙවන් Monday, 23 June 2014 10:32 PM

චමිල කියනවා වගේ අපිට නය තියනවනේ ගෙවන්න .ඉතින් අජිත්, තව පටිය තද කලොත් මැරිලා යයි .නය ගෙවන්න බැරි වෙයි.(මුදී)

:       0       0

මහින්ද Monday, 23 June 2014 10:37 PM

ඔය තෙල් වල ප්‍රමිතිය කොහොමද දන්නේ නෑ. නැත්නම් නැව් ටික මුහුදේ නතර වේවි. (මුදී) .

:       0       0

ඉසුරන්දි Monday, 23 June 2014 09:50 AM

කොහොම කොහොමෙන් හරි ඔය තෙල් ලින් තියෙනවයි කිව්ව මන්නාරම් බොක්කේ වැඩත් මෙහෙම පටන් ගත්තා නම් නේද හොද.(නදී)

:       0       0

සඳුන් Monday, 23 June 2014 10:42 PM

කලින් වරාය විවෘත කලේ තෙල් නැතුවද? මම හිතුවේ ඒ කාලේ නැව් එන්න බැරි වුනාට තෙල් එහෙම ඇති කියලා. (මුදී)

:       0       0

විජය Monday, 23 June 2014 04:21 PM

ලංකාව දියුණුවෙන් දියුවට පත් වේවා (දී)

:       0       0

ජෝන් Monday, 23 June 2014 10:34 AM

ඔය ටැංකිවලට පුරවන්න තෙල් දෙන්නේ කොහොමද මහත්තයෝ. (නදී)

:       0       0

කරුනාරත්න Monday, 23 June 2014 04:31 PM

කාටවත් දොස් කියන්න බැහැ හොද වැඩක් (දී)

:       0       0

තිලක් ඩුබායි Monday, 23 June 2014 10:42 AM

නය ගෙවන්නේ කව්ද? (නදී)

:       0       0

පාලිත Monday, 23 June 2014 10:47 AM

එක තමයි හරි ක්‍රමය, හැදුව පිරිත් කිව්වා, විවෘත කලා. ඇමතිලා වැඩක් නැ. නැත්තන් පාරේ බෝක්කුව හදන්න රු,50,000යි, විවෘත කිරීමේ උත්සවේට රු.100,000යි. පිටරටවල් වල පාලම්, පාරවල්, හදල විවෘත කිරීමේ උත්සව තියෙනවා අපි නං දැකල නැ මේ තරම්. (නදී)

:       0       0

චම්පික Tuesday, 24 June 2014 12:23 AM

ලංකාද්වීපයට ජය වේවා! (නි)

:       0       0

චමිල Monday, 23 June 2014 11:20 AM

ඔහොම හරි ඕකෙන් වැඩක් ගන්න එක ශ්‍රී ලාංකිකයෝ හැටියට අපිට සතුටුයි . කොළඹට එන නැව් ටික බලෙන් හරවල එවන නිසා දැන් නැව් ටිකකකුත් එනවා ඇති (නදී)

:       0       0

නිසාර් Sunday, 22 June 2014 10:55 PM

කොහෙන්ද ඔය තෙල් ගෙනෙන්නේ? (නි)

:       0       0

ප්‍රනාන්දු Monday, 23 June 2014 11:46 AM

මේ වැඩේ හොඳයි. අපේ සතුට. මේ වගේම රටේ නීතියත් සාදාරනවා ක්‍රියාත්මක කරන්ඩ. ජයවේවා. (නදී)

:       0       0

වසන්ත Monday, 23 June 2014 05:48 PM

ඔබතුමාට මේ පිනම ඇති! (නි)

:       0       0

ලන්කා Monday, 23 June 2014 11:57 AM

තෙල් ගන මීටර 80,000 ට ඩොලර් මිලියන 80. ගන මීටර 1000 ට ඩොලර් මිලියනයයි, ගන මීටරෙකට ඩොලර් 1000, ලීටරෙකට ඩොලර් එකයි. කොහොමද ටිකිරි මොලේ (නදී)

:       0       0

ඩික්සන් Sunday, 22 June 2014 11:55 PM

ජය වේවා! (නි)

:       0       0

සමන්ත Sunday, 22 June 2014 11:56 PM

දැන් මාගම්පුර වරාය බලන්න විපක්ෂයේ කට්ටිය එන්නේ නැද්ද? (නි)

:       0       0

නිශ්ශංක Monday, 23 June 2014 05:57 PM

දිනෙන් දින මගේ රට දිනේවා! (නි)

:       0       0

බිහාර Monday, 23 June 2014 05:58 PM

අපිට හරිම සතුටුයි (නි)

:       0       0

නිරෝෂ් Monday, 23 June 2014 06:02 PM

දිනේවා මගේ මාතෘ භූමිය සදා! (නි)

:       0       0

දීපාල් Monday, 23 June 2014 12:08 AM

ජයවේවා ශ්‍රී ලංකා! (නි)

:       0       0

කසුන් Monday, 23 June 2014 12:26 AM

කොච්චර හොඳද? (නි)

:       0       0

අජිත් Monday, 23 June 2014 12:25 PM

මිනිසුනේ කෑම හරි ගණන් කියා කියා කුහක විදිහට බැන බැන ඉන්නේ නැතුව මේවට සතුටු වෙයල්ලා. හැමෝටම අමාරු තමා. රට දියුණු වෙනකල් ඉවසීමෙන් ටිකක් පටි තද කරගෙන ඉන්න පුරුදු වෙන්න. මේ කැපකිරීම කරන්නේ අපේ දරු පරපුර වෙනුවෙන්නේ.(නදී)

:       0       0

ඉන්දික Monday, 23 June 2014 12:29 PM

ලංකා, මම හිහන්නේ මොනවා හරි පෑගිලා වගේ. පොඩ්ඩක් පස්ස හැරිලා බලන්න. තමන්ගේම මොකක් හරි දෙයක් පැගිලද කියලා (නදී)

:       0       0

ප්‍රසාදිනී Monday, 23 June 2014 01:25 AM

සුභ පැතුම්! (නි)

:       0       0

යසන්ත Monday, 23 June 2014 06:30 PM

මොනතරම් දියුණුද මගේ රට? (නි)

:       0       0

බණ්ඩාර Monday, 23 June 2014 12:59 PM

අර කැප් එකක් දා ගෙන බුදුන් වදින්නේ කවුද ?, (අන්තිම පින්තුරයේ ) (නදී)

:       0       0

විමුක්ති Monday, 23 June 2014 06:55 PM

මගේ රටට තෙරුවන් සරණයි! (නි)

:       0       0

හෂාන් Tuesday, 24 June 2014 05:57 AM

ජය ශ්‍රී! (නි)

:       0       0

එරංග Tuesday, 24 June 2014 05:59 AM

අපේ දරු පරපුර වෙනුවෙන් කරනා මෙම මෙහෙවරට ස්තූතියි! (නි)

:       0       0

ශෙහාන් Monday, 23 June 2014 04:06 AM

බලන්න, කොච්චර සතුටු වෙන්න පුලුවන්ද? (නි)

:       0       0

ශානක Monday, 23 June 2014 04:06 AM

මේක තමයි ආශ්චර්යය (නි)

:       0       0

සිසිල් Monday, 23 June 2014 04:08 AM

දැන් එතකොට නැව් එන්නේ නැහැ කියලා කෑගහපු අය මොකද කියන්නේ? ඔබතුමාට බුදු සරණයි! (නි)

:       0       0

චමිල Monday, 23 June 2014 01:43 PM

අජිත්, අපේ දරු පරපුර වෙනුවෙන් මෙන කැපකිරීම ද මෙයා, ඒ ගොල්ලන්ට තමයි ඔය ගන්න නයටික ගෙවන්න තියෙන්නේ (නදී)

:       0       0

සමන් සුජීව Monday, 23 June 2014 04:10 AM

ගොඩක් අයට තවමත් මෙහි වටිනාකම පෙනෙන්නේ නැහැ (නි)

:       0       0

සමන් Monday, 23 June 2014 01:45 PM

අජිත් ඔයා කිව්වවත් නොකිව්වත් පටි තදකරගෙන තමා ඉන්න වෙලා තියෙන්නේ. වෙන විසදුමක් නැහැනේ (නදී)

:       0       0

සමන් Monday, 23 June 2014 04:14 AM

පාට කණ්ණාඩි ගළවා බලන්න (නි)

:       0       0

සමන් Monday, 23 June 2014 04:15 AM

කුහක මිනිසුන්ට නම් කවදාවත් මේවා බැලුවා කියලා සතුටුවෙන්න බැහැ (නි)

:       0       0

ප්‍රනාන්දු Monday, 23 June 2014 02:04 PM

අජිත් මහත්තයෝ මගේ පටිය මීට වඩා තද කරන්ඩ අමාරුයි. අර පින්තුරේ ඉන්න කළුතර පැත්තේ ඇමතිතුමා දිහා බලන්ඩ හිට්යේ කොහොමද, දැන් ලස්සනේ බෑ. (නදී)

:       0       0

සිසිර Tuesday, 24 June 2014 07:11 AM

දිනේවා ශ්‍රී ලංකා! (නි)

:       0       0

සමනළ Monday, 23 June 2014 02:41 PM

ලංකා කියන විදිහට අපි ඉවත දමන සැමන් ටින් වල දාල තෙල් දෙමු නේද. අනේ ලංකාගේ ටිකිරි මොලේ. (නදී)

:       0       0

සමන්ත Monday, 23 June 2014 06:26 AM

ජ්‍යෙෂ්ඨ මැති ඇමැතිවරුන්ට ආරාධනා කර නැද්ද මේ සතුටුදායක අවස්ථාවේ? කවුරුත් පෙනෙන්න නැහැනේ (නි)

:       0       0

අනුර Tuesday, 24 June 2014 08:21 AM

කවදාවත් ලංකාවේ නොවුන මේවා දැක්කාම සන්තෝස වෙන්න ඕනේ (දී)

:       0       0

බමුණු Monday, 23 June 2014 06:55 AM

"දැන් එතකොට නැව් එන්නේ නැහැ කියලා කෑගහපු අය මොකද කියන්නේ?" නැව් ආවයි කියල කව්ද කියන්නේ. වාහන ගෙනෙන නැව් තමයි එන්නේ (නදී)

:       0       0

බමුණු Monday, 23 June 2014 06:57 AM

ඔය ඉන්නේ සෙනග සූ ගාලා .(නදී)

:       0       0

බමුණු Monday, 23 June 2014 06:59 AM

'ගොඩක් අයට තවමත් මෙහි වටිනාකම පෙනෙන්නේ නැහැ" මොකද නැත්තේ අපි දන්නවා ඩොලර් කෝටි ගණන් වියදම් උන බව. (නදී)

:       0       0

වසන්ත Tuesday, 24 June 2014 08:42 AM

බමුණු මහත්තයෝ ඔයාට වෙන වැඩක් නැද්ද (දී)

:       0       0

බමුණු Monday, 23 June 2014 07:12 AM

"කුහක මිනිසුන්ට නම් කවදාවත් මේවා බැලුවා කියලා සතුටුවෙන්න බැහැ" අපි සතුටු වෙනවා යෙදවූ කෝටි ගණන් මුදල් එ් අාකාරයටම වැඩට යෙදිල රටට ප්‍රයෝජනයක් වෙනවා නම් (නදී)

:       0       0

බණ්ඩාර Tuesday, 24 June 2014 08:42 AM

ලෝකෙම අපි ගැන කතා වෙනවා (දී)

:       0       0

තදුෂි Monday, 23 June 2014 03:14 PM

නියමයිනේ (දී)

:       0       0

සමන් සංජීව Monday, 23 June 2014 08:10 AM

කටමැත දොඩවන්න නම් ඕනෑ තරම් ඉන්නවා. ඒත් මේ වගේ දෙයක් කරන්න නම් කව්රුත් නැහැ.(නදී)

:       0       0

සමන් සුජීව Monday, 23 June 2014 08:12 AM

අඩුපාඩුම හොය හොයා ඉන්න එපා. මොනවා හරි රටට වැඩක් කරපල්ලා (නදී)

:       0       0

පරා Monday, 23 June 2014 08:51 PM

මෙහි වටිනාකම අද නෙවෙයි හෙටයි, මොකද එහෙම කියන්නේ , මම වැඩ කරන්නේ යු .ඒ . ඉ. ඔයිල් කම්පනියක නිසා . (අ)

:       0       0

සමන් සුජීව Monday, 23 June 2014 08:13 AM

දැන් දකුනට මොනවද අඩු (නදී)

:       0       0

සමන් සංජීව Monday, 23 June 2014 08:15 AM

දකුනේ මිනිස්සු හරිනම් ජනාධිපතිව අදහන්න ඕනේ.(නදී)

:       0       0

ගිහාන් Monday, 23 June 2014 08:29 AM

කෝ මේ මිලාන් පැත්තේ ඇත්තෝ? ඩුබායි තිලක් බණ්ඩලා කෝ.? මේවා ගැන කුහක කමින් බලන්න එපා. බමුණෝ කියන කතා අහන්න කවුරුත් නැහැ. (නදී)

:       0       0

ජීවන්ත Monday, 23 June 2014 03:26 PM

ඉතාමත් සුභ පුවතක් (දී)

:       0       0

ප්‍රශාන් Tuesday, 24 June 2014 09:17 AM

සන්තෝසයි, සුභපැතුම් ශ්‍රී ලංකා (දී)

:       0       0

වනිගතුංග Monday, 23 June 2014 09:17 PM

මගේ රටට ජය වේවා! (නි)

:       0       0

ධර්ම Monday, 23 June 2014 08:38 AM

මේවා හදපු එකට අපි සතුටුයි. එ්ත් මේක පටන් ගත්ත නිසා හම්බන්ටතොට ඉඩම් අහිමි උණු අපිට තුට්ටු දෙකේ වන්දියක් දීපු එක අසාදාරණයි . අපිට අහිමි උණු ඉඩම් සහ නිවාස සදහා සාදාරන වන්දියක් ලබාදෙනු.(නදී)

:       0       0

තිලා Monday, 23 June 2014 09:04 AM

දැන් උත්සව නවත්තල වැඩ වැඩ පටන් ගමු . කැඩිච්චි නැව් මගම්පුරට වරෝ , තෙල් ලාබයි , වතුර ලාබයි ,එළවලු ,මාළු, අපිලග තියෙනව , සාදාරන මිල ගණන් , ,,,, හොදයි නේද අදහස? (දී)

:       0       0

විකි Monday, 23 June 2014 09:06 AM

සුබ පැතුම් ..! හැමදෙයකටම අකුල් හෙලන අයට දැන් මොනවා හිතෙනවා ඇත්ද .... කොටසින් කොටස ගොඩ නගන්න ඕනි සේරම එක සැරේට කරන බැහැනේ ජය වේවා ..! (දී)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 23 June 2014 09:08 AM

ඇමෙරිකානු ඩොලර් මිලියන 76ක විදයමින්........කජු ඇට කොස් ඇට නෙමෙයි.අනාගත දරු පරම්පරාව ගෙවන්න ඕනේ. (දී)

:       0       0

සුනෙත් Tuesday, 24 June 2014 09:39 AM

බමුණු හරියටම තොපිය දාගෙන තියෙන්නේ.. (දී)

:       0       0

ටිකිරි බන්දා Monday, 23 June 2014 09:10 AM

චීනය විසින් කරන ලද තවත් නය වියාපෘතියක්.(දී)

:       0       0

මිහිරි Monday, 23 June 2014 09:12 AM

ලංකාවේ ආශ්චර්ය (දී)

:       0       0

ආනන්ද Tuesday, 24 June 2014 09:42 AM

බමුණු..ඇදයක් හොයන කෙනාට ඕනෑ තරම් ඇදකුද තියනවා කියන්න..එත් මිට කලින් මේවගේ දේවල රටේ උනාද කියල ඔබතුම අපට කියන්න.. (දී)

:       0       0

අජිත් කරුණාරත්න ලියනගේ Monday, 23 June 2014 09:16 AM

විපක්ෂේ කට්ටිය කොහොමද එන්නේ ඕක බලන්න. ගැහිලි කාරයෝ ගහනවනේ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 1 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 7 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 155 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 533 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2879 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1495 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37526 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24719 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 691 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site