IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


‘මාගම්පුර/ මත්තල සුදු අලියන් කරන්න එපා‘ - අගමැති

ගිය රජය කාලයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හම්බන්තොට ඉදි කළ වරායථ ගුවන්තොටුපොළ ඇතුළු ව්‍යාපෘති වැඩියෙන්ම විවේචනය කළේ තමා බවත්, ඒත් මහජන මුදලින් ගොඩනැගූ එම යෝජනා ක්‍රම සුදු අලියන් වීමට ඉඩ නොතබන බවත් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා හම්බන්තොට දී ප්‍රකාශ කළේය.

සජිත් ප්‍රේමදාස හා නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරුන් ද, නිලධාරීන් ද සමඟ හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොට, අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාව, උද්භිද උද්‍යානය, පරිපාලන ගොනැගිලිසි සංකීර්ණය, සූරියවැව තොරතුරු තාක්ෂණ ගම්මානය හා සූරියවැව අන්තර්ජාතික ක්‍රීඩාංගනය පරීක්ෂා කළ අගමැති නිලධරයනට උපදෙස් දුන්නේ මෙම යෝජනා ක්‍රම වැඩට යොදාගෙන ආදායම ඉපයිය යුතු බවයි.

නිදසුනක් වශයෙන් සමුළු ශාලාව මංගල උත්සව වලට පවා ලබා දීමේ ඉඩකඩ සොයා බලන ලෙස ද ඔහු නිලධරයනට උපදෙස් දුන්නේය.

ඉන්දියා හා චීන ආයෝජකයන් මෙම පෙදෙස්වලට විශේෂයෙන්ම මත්තල වරාය ආශ්‍රිත කර්මාන්ත සඳහා ගෙන්වා ගැනීමේ ඉඩකඩ සොයා බලන ලෙස ද අගමැති ඔවුනට කියා සිටියේය.

RANHAMBAN-0221-01 RANHAMBAN-0221-02 RANHAMBAN-0221-03 RANHAMBAN-0221-04 RANHAMBAN-0221-05 RANHAMBAN-0221-06 RANHAMBAN-0221-07 RANHAMBAN-0221-08 RANHAMBAN-0221-09 RANHAMBAN-0221-10

 

 

 

(ජායාරූප හා වීඩියෝ රොමේෂ් ධනුෂ්ක සිල්වා)



අදහස් (0)

‘මාගම්පුර/ මත්තල සුදු අලියන් කරන්න එපා‘ - අගමැති

සත්‍යපාල Sunday, 21 February 2016 02:42 PM

කොහොමද මහින්දගේ වැඩ.....? අතිවිශිෂ්ටයි සර්... (නි)

:       0       0

අමා Sunday, 21 February 2016 02:56 PM

සමහරුන්ට ගලේ පහරපු බළලුන්ට වුණු දේ දැන් වෙලා තියෙන්නේ (නි)

:       0       0

අසෝකා Sunday, 21 February 2016 03:03 PM

මට නම් මේකේ අදහස් බලනකොට දුකත් හිතෙනවා. කොයි රජයෙන් කළත් ඕවා ගොඩනගන්නේ මහජන මුදල් වලින්. අනිත් රටවල් විශේෂයෙන් යුරෝපය , ඇමරිකාව වගේ රටවල් දියුණු වුණේ මහජන මුදලින් හදන දේවල් මොන රජය බලයට ආවත් ඒවා ඉදිරියට ගෙනයන නිසා. නමුත් අපේ රටේ මේ ආණ්ඩුවෙන් හදන දේ ඊළගට එන ආණ්ඩුවෙන් නතර කරනවා. ඉතින් කොහොමද රටක් විදියට ඉදිරියට යන්නේ? (නි)

:       0       0

නිහාල් Sunday, 21 February 2016 02:58 PM

බලය ගන්න එක එක කතා කියනවා. බලය ලැබුනහම කියපු බොරු වක්‍රාකාරයෙන් සාධාරණීකරනය කරනවා. ඒක තමයි ලංකාවේ දේශපාලනය. ඡන්දදායකයා හැමදාම රැවටෙනවා. (නි)

:       0       0

නිම්මි Sunday, 21 February 2016 03:18 PM

කවදාහරි මේ රටට ඉතුරු වෙන්නේ එතුමා කළ දේවල් විතරයි. දැන් ඉන්න අය දන්නේ කියවන්න විතරයි. (නි)

:       0       0

රූපවතී Sunday, 21 February 2016 03:24 PM

මේවට අපි රැවටෙන්නේ නැහැ. අපිට ඕනෑ මහින්ද මහත්තයාමයි. (නි)

:       0       0

චමින්ද Sunday, 21 February 2016 03:49 PM

මෙයයි නියම බුද්ධිමත්කම (නි)

:       0       0

චමල්කා Sunday, 21 February 2016 03:46 PM

මේවා කියලා විතරක් නම් මදි (නි)

:       0       0

ටානි Sunday, 21 February 2016 03:57 PM

හොඳ කතාවක් (නි)

:       0       0

ජනහිත Sunday, 21 February 2016 06:56 AM

ඇත්තටම හොඳ අදහසක් නේද අහන්න ලැබුනේ. (ර)

:       0       0

බෙනට් Monday, 22 February 2016 11:42 AM

දැන් ඉතින් කරන්න තියෙන්නේ ඒ කාලේ මහින්ද කරපු මහා පරිමාන වැඩ බලන්න සාක්කු දෙකේ අත් දෙක ඔබාගෙන රට වටේම ගිහින් ඔය වගේ මොනවා හරි කියන එක තමයි .. අපි නම් හිතුවේ ඡන්දෙට කලින් ගහපු කයියේ හැටියට දිනන දාට පහුවෙනිදා ඉඳල ඇමරිකන් , එංගලන්ත ප්‍රංශ ජර්මන් ආයෝජකයෝ , සංචාරකයෝ මේ රටට පෝලිමේ එයි කියල .. දැන් බලද්දී මෙයා ඉන්දියන් චීන ආයෝජකයන්ට අඬගහනවා.. (බ)

:       0       0

සෂි Sunday, 21 February 2016 06:56 AM

හොඳ දේවල් වෙනස් කරන්න ඕන නැනේ. (ර)

:       0       0

සෂි Sunday, 21 February 2016 07:08 AM

මොකද්ද ඒ වෙනස.? (ර)

:       0       0

අනුර Sunday, 21 February 2016 07:08 AM

සමහරු මෙතන පුම්බගෙන හරියට ඒගොල්ල කරපු දේවල් වගේ පෙන්නුම් කරාට මොකද මුළු රටම දන්නවා කවුද කරේ කියලා. (ර)

:       0       0

නාමල්-නිව්යෝක් Monday, 22 February 2016 10:11 PM

අපිත් මෙයාලට දුන්න තමයි. ඒත් පසුගිය කාලේ කරලා තිබෙන සංවර්ධන වැඩත් එක්ක සසදලා බලනකොට යහපාලනේ කළ වැඩක් නැති බව තේරෙනවා. අපිට වැරදුනා කියල හිතෙනවා වෙලාවකට.පක්ෂේ මොකක් වුණත් අපේ රට ගොඩ ගන්නේ නැත්නම් ඒ පක්ෂෙන් අපිට වැඩක් නැත. (බ)

:       0       0

සුරංග Sunday, 21 February 2016 07:08 AM

ඔය එන්නේ වටින් ගොඩින් පොල් පැලේ කාගෙන. (ර)

:       0       0

කුමාර් Sunday, 21 February 2016 04:27 PM

කවුරුත් දැනගන්න ඔය මිනිස්සු බොරුවට දැඟලුවට මේවා ඉස්තරම් ආයෝජන. (නි)

:       0       0

පුලාරා Monday, 22 February 2016 10:33 PM

ඔය වරාය හදන්න හදපු හැම වෙලාවේම එදා හිටපු නායකයන්ට රටවල් කිහිපයකින් ( ඉන්දියාව, සිංගප්පුරුව) බලපෑම් ආව මේක කරන්න එපා කියල. හේතුව ඔවුන්ගේ වරායවලට එයින් පහරවදින නිසා. 1990 ගණන්වල ජපානය සල්ලි දෙන්න ගියත් සිංගප්පුරුවේ බලපෑම නිසා අන්තිමේදී එම මුදල් හම්බන්තොටට නොදී ගාලු වරායට දුන්න. මේකයි සත්‍ය. නමුත් මහින්ද සුපුරුදු විදිහට බලවතුන්ගේ බලපෑම්වලට යටත්නොවී මේකත් කළා. අන්තිමට මහින්ද ගෙදර යවන්නට මේ රටවල් උපරිම බලපෑම් කළා. ඒ තමයි ලෝක දේශපාලනේ. අන්තිමට අපි අපේ රට ගොඩගත් එකාට වැටෙන්න ගහනවා.හිරේ යවන්න බලනවා. රූකඩ ආණ්ඩු තියන එක විදේශයන්ට වාසී සහගතයි. (බ)

:       0       0

දහම් Sunday, 21 February 2016 07:18 AM

පුදුමයි නේද? හිතා ගන්නවත් බැහැ නේද? කොටි පරාද කල එකත් පුදුමයි නේද? හිතා ගන්නවත් බැහැ නේද? මහින්දට යන යන තැන ජය ගෝසා. හිතා ගන්නවත් බැහැ නේද? (ර)

:       0       0

මහින්ද සෞදි Sunday, 21 February 2016 07:23 AM

ලිඳෙන් වතුර බීල ගඟට ආවඩන්න එපා. (ර)

:       0       0

රවී Sunday, 21 February 2016 04:53 PM

බුද්ධිමත් නායකයෙක් එහෙම තමයි කළයුතු. තැන ගැළපෙන්නේ නැති වුණාට රටට වරායවල් සහ ගුවන් තොටුපොළවල් අවශ්‍යයි. ඒ ළඟ කර්මාන්තපුර ඇතිවෙද්දී ඔය දෙකම ප්‍රයෝජනවත් වෙයි. කවුරු කළත් ගිය වියදම උපයන්න ඕනෑ. (නි)

:       0       0

නිලානි Sunday, 21 February 2016 07:37 AM

රටට වැඩක් වෙන දේකට අපේ සහයෝගය. (ර)

:       0       0

සන්තුෂ් Sunday, 21 February 2016 05:09 PM

උපන් ගමන් දරුවන් ඇවිද්දවන්න බැහැනේ. ඒ වගේම තමා වරාය හා ගුවන්තොටුපළත්. ඒක නොදැන නෙමෙයි පසුගිය කාලයේ සමහර දේශපාලනඥයින් මේවාට අවමන් කළේ. මෙම ව්‍යාපෘතිවල නියම ඵලය 2020 දී විතර බලාගන්න පුළුවන්. එදාට මහින්දට මිනිස්සු දේවත්වයෙන් සළකාවි. (නි)

:       0       0

අසාද් Sunday, 21 February 2016 07:46 AM

ඇත්ත විය යුත්තේ එයමයි. මහජන මුදල් වලින් ගොඩ නැගු ව්‍යප්පෘති රටට පලදායි ලෙස කළමනාකරණය කිරීම රජය සතු වගකීමකි. ගිය ආණ්ඩුවෙන් සිදු නොවුණු ඒ දේ මේ ආණ්ඩුවෙන් හරි විය යුතුය. (ර)

:       0       0

මහේෂ්-සෞදි Sunday, 21 February 2016 07:39 AM

මාගම්පුර ගුවන් තොට කෙසේ වෙතත් වරයා නම් සුදු අලියෙක් නොවේ . ඒ සම්බන්දයෙන් සියලු ගෞරවය හිටපු ජනාදිපති තුමාට දෙන්න ඕන. කෙසේ වෙතත් ඔබ තුමා දුරදර්ශි නායකයෙකු ලෙස මේ දේවල් රටට හිතකර ලෙස කළමනාකරණය කල යුතුය. (ර)

:       0       0

චරිත් Sunday, 21 February 2016 07:53 AM

හොද අදහසක්. කර්මාන්ත පුර දැම්මොත් අඩුමගානේ කාර් හරි ගෙන්න ගන්න පුළුවන්. (ර)

:       0       0

නිලාන් Sunday, 21 February 2016 07:54 AM

හොඳ වැඩකට අපගේ සහයෝගය. (ර)

:       0       0

කමල් Sunday, 21 February 2016 06:44 PM

රටට ආදායමක් ඵන විදිහට සංවර්ධනය කළයුතුය. මොකද 2050 වෙනකම් පොළිය සමඟ ණය වාරික, ජනතාවට බදු මුදල් ගෙවන්නට සිදුව තිබෙනවා (නි)

:       0       0

යසපාල Tuesday, 23 February 2016 01:42 PM

හොඳ කතාවක් (නි)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Sunday, 21 February 2016 08:15 AM

හොද දෙයක් කියලා තියනවා. එහම තමයි වැඩ කරන්න ඕන. මහින්ද හදුපු දේවල් කියලා වල් වැදෙන්නේ දෙන්නේ නැතුව එයින් ප්‍රේයෝජනයක් අරගන්න ඕන. (ර)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 21 February 2016 08:16 AM

කතාවනම් ඇත්ත , කවුරු හැදුවත් මේවා රටේ සල්ලි අනාගත දරු පරපුරට යහපත් ගෞරවනිය දිවියකට මේවා ආයෝජනය විය යුතුයි. (ර)

:       0       0

ජස්ටින් Sunday, 21 February 2016 08:30 AM

දියුණු කර භාවිතයට අරන් අදායම් ලබන ඒකතමා යහපාලනය. ඔබලාට ජය.! (ර)

:       0       0

විපුල Wednesday, 24 February 2016 03:55 AM

මේවා සුදු අලි කළේ හිටපු විපක්ෂේ කට්ටිය. දැනුත් කරන්නේ ඒකම. රටට වැඩක් කරනකොට හිනාවෙනවා බලය ලැබුනම කරගන්න බැහැ (බ)

:       0       0

රුවන් Wednesday, 24 February 2016 03:59 AM

මේවා බලන්න ආවට මේවායෙන් වැඩක් වෙයිද? (නි)

:       0       0

දහම් Sunday, 21 February 2016 08:35 AM

හිතාගන්නවත් බැහැ නේද? (ර)

:       0       0

අකලංක Sunday, 21 February 2016 08:49 AM

හොඳ වැඩක්. (ර)

:       0       0

දම්මික Sunday, 21 February 2016 08:49 AM

මම මේ ටික කියන කොට මට බැන්නා. මම කිව්වේ මේක කොච්චර මුදල් නාස්තියක් කරලා කරපු ඉදිකිරීමක් උනත් එකෙන් ප්‍රයෝජන නොගෙන ඉන්නේ නැහැ කියලා. (ර)

:       0       0

අරුණ Sunday, 21 February 2016 08:50 AM

ඇඟිලි ගහන දෙයක් නැහැ මේ තමයි ඉදිරි අනාගතය ගොඩ නගන්න් කල දේ. සංවර්දනය හොදින්ම පේනවනේ. (ර)

:       0       0

ප්‍රියාන් Sunday, 21 February 2016 09:02 AM

ඒ දවස් වල කරපු කියපු දේවල් දැක්කම දැන්නම් හිනා නොවීම බැහැ. (ර)

:       0       0

ගුණසිරි Sunday, 21 February 2016 09:10 AM

රාජ්‍ය නායකයෙක් ඉදිරිය දෙස බැලිය යුත්තේ ඔය කල ප්රෙකාශය ආකාරයෙන්මයි පෙර රාජ්‍ය නායකයොත් එලෙස කලා නම් අද අපි දිනුම් . (ර)

:       0       0

කසී Sunday, 21 February 2016 09:23 AM

මේවා අහනකොට හිනා යනවා. (ර)

:       0       0

සත්‍යපාල Sunday, 21 February 2016 09:36 AM

කොහොමද මහින්දගේ වැඩ ? අති විශිෂ්ඨයි සර්. (ර)

:       0       0

ජිම් Sunday, 21 February 2016 09:42 AM

ඉතා අනගි කියමනක් ජයවේවා.! (ර)

:       0       0

චන්දි Monday, 22 February 2016 03:28 PM

හොදම කොමෙන්ට් එක ටෙනිසන් ගෙනි (බ)

:       0       0

පෙරේරා Monday, 22 February 2016 12:02 AM

හොඳයි අපි බලමුකෝ... (නි)

:       0       0

රොහාන් Monday, 22 February 2016 03:48 PM

අනාගත ශ්‍රී ලංකාවේ අගමැති නිමල් සිරිපාල මැතිදුන් තමයි ..(බ)

:       0       0

සොයිසා Sunday, 21 February 2016 11:08 AM

මේ අර ප්ලේන් එන්නේ එයාර් පෝට් එකයි නැති නැව් නැති හාබර් එකයි නේද? (ර)

:       0       0

සුපුන් Friday, 26 February 2016 02:25 AM

වී ගබඩා කළේ සුදු අලියා කළු කරන්න ඕනෑ නිසා වෙන්න ඇති. (නි)

:       0       0

ශනිත් Sunday, 21 February 2016 11:41 AM

බුද්දිමත් තීරණයක්. (ර)

:       0       0

කුමාර දහනායක Sunday, 21 February 2016 12:00 PM

බොහොම හොඳ තීරණයක් .රටේ අද දවසේ සිදුවන දේශපාලන හැලහැප්පිලි එක්ක තව අවුරුදු කීයකට මෙවැනි සංවර්දන කටයුතු සිදුවේද කියා කියන්න බෑ එනිසා තිබෙන දෙය රැකගෙන එය තවතවත් වර්ධනය කරගැනීම ඉතාම හොඳ දෙයක්. (ර)

:       0       0

ශාන්ත Monday, 22 February 2016 01:35 AM

මොන ආණ්ඩුවක් හැදුවත් දැන් හදලා ඉවරයි. අවසානයේදී මේවට ගෙවලා තියෙන්නේ, ගෙවන්න වෙන්නේ මේ රටේ දුප්පත් ජනතාවගේ සල්ලි. ඒක නිසා ආණ්ඩුවට වගකීමක් යුතුකමක් තියෙනවා මේවායෙන් සල්ලි උපද්දවන්න. එහෙම නොකළොත් මේවා අටවලා සල්ලි ගසාකාපු අයගේ චෝදනා සනාථ වෙනවා. බොහොම හොඳ පියවරක් අගමැතිතුමනි. (නි)

:       0       0

සරත් සෞදි Sunday, 21 February 2016 12:24 PM

කාටද ආඩම්බර අපේ නායකයාගේ වැඩ අති ගරු මහින්ද මැති තුමා. (ර)

:       0       0

බමුණු Sunday, 21 February 2016 12:55 PM

මනින්ද මහතාගේ ඉඳිකිරීම් පාච්චල් කලාට එම ඉඳිකිරීම් තිබෙන්නේ කොහෙද කියා සොයනවා වගෙයි. (ර)

:       0       0

අනිල් Sunday, 21 February 2016 01:08 PM

මේකනම් හොඳ දෙයක්. (ර)

:       0       0

නයන Sunday, 21 February 2016 01:10 PM

සරත් ඔබ හරි. (ර)

:       0       0

මිලී Monday, 22 February 2016 03:05 AM

ශාන්ත..දුප්පත් ජනතාවගේ නෙමෙයි ..රටේ වැඩ කරන ජනතාවගේ සල්ලි..(බ)

:       0       0

සුමිත්‍රා බස්නායක Sunday, 21 February 2016 01:54 PM

පේනවා නේද මහින්දගේ වැඩ. මේවා කොහොම කරාද කියලා හිතෙනවා නේද. (ර)

:       0       0

ටෙනිසන් Monday, 22 February 2016 10:46 AM

තිලක් ඩුබායිට මොකක් වෙලාද සද්ද නැත්තේ . (ර)

:       0       0

දීපාල් නිරෝෂ් Sunday, 21 February 2016 02:28 PM

දැන් කළයුත්තේ මෙම ව්‍යාපෘති රටට ධනයෝජන මාර්ග බවට පත් කරගැනීමයි. ඒකට පක්ෂ විපක්ෂ භේද අවශ්‍ය නැහැ. (නි)

:       0       0

ප්‍රදීප් Sunday, 21 February 2016 02:33 PM

මේවා මහජන මුදලින් කළ දේවල් මිසක් කවුරුත් පුද්ගලික මුදල් යොදවා නැත. රටේ මුළු ජනගහණයම කෝටි ගණන් ණය වීමෙන් එක පළාතක් සංවර්ධනය කර ඇත. මේ පළාතේ අධික අවුවට පිච්චෙන නිසා සංචාරක ආකර්ශනයක් නැත. පළාතේ අමුද්‍රව්‍ය යොදාගෙන කුඩා කර්මාන්ත කළහැකියි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 498 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 235 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3234 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1153 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 598 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1993 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37770 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24906 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 226 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 735 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site