(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
හෝමාගම මාගම්මන ප්‍රදේශයේ දෙමහල් නිවසක ඉකුත් 25 දා රාත්‍රි පහළ මාලයේ කාමරයක ඇතිවූ ගින්නෙන් පිළිස්සුම් තුවාල ලබා බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සය හැවිරිදි දියණිය ද මියගොස් ඇති බව කහතුඩුව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ හෝමාගම මාගම්මන පදිංචිව සිටි රිතුෂි රණසිංහ නමැති සය හැවිරිදි දියණියක බව පොලීසිය කියයි .
මෙම ගින්න ඉකුත් 25 දා රාත්‍රී 8.30 පමණ හෝමාගම මාගම්මන ප්‍රදේශයේ දෙමහල් නිවසක පහළ මාලයේ කාමරයක් තුළ සිදු විය.
සිද්ධිය වන අවස්ථාවේදී මියගිය සය හැවිරිදි දියණියගේ මව පියා වැඩිමහල් සොහොයුරිය කාමරය තුළ තුළ සිට ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහල සහ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරිණි .
සිද්ධියෙන් සය හැවිරිදි දියණියගේ පියා එදිනම මියගිය අතර මව පසුදින මියගිය බවත් වැඩිමහල් සොහොයුරිය සිද්ධියෙන් දින තුනකට පසුව මිය ගොස් තිබුණි .
මෙම ගින්නෙන් ලසන්ත බුද්ධික 47, (පියා) කාලිකා දේවී 35 , (මව) සහ කාවින්දි රණසිංහ 19, (වැඩිමල් සොයුරිය) මිය ගොස් තිබූ අතර ඔවුන්ගේ මෘත දේහයන් පිළිබඳ අවසන් කටයුතු ඉකුත් දා දියගම මල් ශාලාවකදී පැවැත්වුණි .
තුවාල ලැබූ සය හැවිරිදි දියණිය රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් ඇති අතර මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කෙරිණි.
පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.
නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී
අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මාගම්මන ගින්නේ සහ හැවිරිදි දියණියත් මියයයි
Karl Monday, 04 July 2022 09:11 AM
ඔබ සැමට නිවන් සුව..... යලිත් මෙවන් බිමක නොඉපදේවා....
සෙනෙවිරත්න Monday, 04 July 2022 04:44 PM
තෙල් අර්බුදයේ නොපෙනෙන භයානක අතුරුඵලයක්, නිවසෙහි ඉන්ධන ගබඩා කිරීමේ ආදීනව ගැන නිසියාකාරව සමාජය දැනුවත් කරන්න.