IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


මීගමුව රෝහල රත්වෙයි

මීගමුව මහ රෝහලේ යකඩින් ඉදිකල විකල්ප ගොඩනැගිලි 03 හී  වාට්ටු තුළ රෝගින්ට හෝ වෙනත් කිසිවකුටවත්  එහි සිටිය නොහැකි තරමේ  අධික උෂ්ණයක් පවතින බවත්  මේ හේතුවෙන් අවම උෂ්ණත්වයක් යටතේ තිබිය යුතු ඹෟෂධ රාශියක් විනාශ වී යන බවත් එහි වෛද්‍යවරු කියති.

මහජන මුදල් මිලියන ගගනක් අපතේ යවමින් මනා කළමණාකාරිත්වයකින් තොරව  කඩිමුඩයේ රෝගින් වෙනුවෙන් යයි කියා  කෙටි කලකදි ඉදිකළ යකඩ සැකිලි සහිත දෙමහල් නව ගොඩනැගිලි තුනේ දහවලට රත්වෙන යකඩ සැකිලි  මගින් රාත්‍රීයට පිටකෙරෙන රෂ්මිය නිසා රෝගින් සිටින  සියලු  වාට්ටු පෝරණු තරමට පත්ව ඇතැයිද ඊයේ දහවල් වන විට  පැවති උෂ්ණත්වය රෝගියකුට සුදුසු නොවන මට්ටක් බවද කියති.

ප්‍රතිකාර සේවා මුර සදහා සිටින  වෛද්‍යවරුන් සහ හෙද මණ්ඩලය ඇතුළු පිරිස් පීඩාවට සහ අධික වෙහෙසට පත්වීම නිසා  රෝගින් වැඩිදෙනෙකුට ප්‍රතිකාර කිරීමට තිබෙන අවස්ථාව මගහැරි ඇති බව ද ඔවුහු කියති.

Negombo20160428_102926 Negombo20160428_1029262 Negombo20160428_1029263 Negombo20160428_1029264 Negombo20160428_1029265

 



අදහස් (0)

මීගමුව රෝහල රත්වෙයි

දාබරේ Friday, 29 April 2016 03:16 AM

ලංකාව වැනි උෂ්ණාධික රටවලට යකඩයෙන් තනන ගොඩනැගිලි නොගැලපේ.(ම)

:       0       0

කරුණාජිව Friday, 29 April 2016 04:46 AM

මෙවැනි ගොඩනැගිලි ගැලපෙන්නේ ගබඩා කිරීමේ කටයුතු වලට ඖෂධ නොවේ. ඉංජිනේරුවන් ගේ යෝජනාවක් නොවෙන්න පුළුවන්.(ම)

:       0       0

බුද්දික Friday, 29 April 2016 06:03 AM

දැන්වත් පරිසරය ගැන මීට වඩා හිතමු, එක මිනිහෙක් එකතුවෙලා එක පැලයක් රෝපණය කරමු,රස්නේ වැඩි ඉර ලගින් යන නිසාම නොවේ, වායුගෝලයේ ඇති කාබන්ඩයොක්සයිඩ් අඩුකරන ජාතික වැඩපිළිවෙලකට යන්න ඕන.තනි තනිව හැකි පමණින් දායක වෙමු හැමෝම, ඉබේම රස්නේ අඩු වෙලා යයි, (ම)

:       0       0

රජින්ද Thursday, 28 April 2016 04:52 PM

අවුරුදු ගානක් තිස්සේ අපි හැම විධියකින්ම රජය දැනුවත් කරනවා මේ රටේ ඉදිකිරීම් සදහා එක ප්‍රමිතියක් නීත්‍යානුකුලව තිබිය යුතු බවත්, නොඑසේනම් එම ඉදිකිරීම් සම්බන්ධව නීත්‍යානුකුල පියවර ගැනීමට අවසර තිබිය යුතු බවත්. නමුත් ඒ කිසිවක් කිසිවෙකුගේ හෝ අවධානයට මේ වනතෙක් යොමු නොවීම ඛේදවාචකයක්. (ර)

:       0       0

ජයසිරි Thursday, 28 April 2016 11:37 PM

තෝසේ හදපල්ලා උඹල දුන්න ඡන්දෙට හොද වැඩේ (බ)

:       0       0

විකී Friday, 29 April 2016 01:05 AM

වායු සමීකරණය කරන්න . එතකොට සීතල වේවි (බ)

:       0       0

රංජිත් Friday, 29 April 2016 01:18 AM

මීගමුව රොහලේ ඔය කියන ගොඩනැගිල්ල , හදිසියේ ගොඩ නගපු එකක් නේද? රස්නෙ මුළු ලංකාවට ම බලපාන නිසා රෝහලට තාවකාලික විදුලි පංකා ටිකක් දැම්මොත් හොද නැද්ද ? බෙහෙත් නරක් වෙනවා කියල කියන්නේ , ඔය රෝහල ඇතුලේ බෙතෙත් ටික රත් වෙන්නේ නැතිව තියාගන්ඩ වෙන තැනක් ඇත්තෙම නැද්ද ? (බ)

:       0       0

රොකි Friday, 29 April 2016 01:25 AM

සේවකයන් එකතුවෙලා දිගටම අයිස් ගැහුවාම කූල් වේවි! (ම)

:       0       0

චානක Friday, 29 April 2016 01:29 AM

අනේ පුළුවන් ඉක්මනට, හරි විසඳුමක් දෙන්න, පව් අසරණ රෝගීන් (ම)

:       0       0

දුමින්ද Friday, 29 April 2016 02:10 AM

වෙනසින් කල වෙනසක් (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

IIFA හොඳම නළුවා ෂාරුක්
2024 ඔක්තෝබර් මස 01 9 0

24 වැනි අයිෆා IIFA - International Indian Film Academy Awards සිනමා සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් පසුගිය දා අබු ඩාබි හිදී පැවැත්විණි. IIFA යනු ඉන්දියාවෙන් පිට පැවැත්වෙන ඉන්දීය සම


ලෝක ළමා - වැඩිහිටි දිනය අදයි
2024 ඔක්තෝබර් මස 01 13 0

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන


මාර්බර්ග් වයිරසය රුවන්ඩාවේ පැතිරේ
2024 ඔක්තෝබර් මස 01 35 0

‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි


ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 50 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 101 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


ඊශ්‍රායලයට පුළුවන් තරම් සම්බාධක දාන්න ඕනෑ
2024 ඔක්තෝබර් මස 01 122 0

ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38318 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25246 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site