(ටී.කේ.ජී.කපිල )
මීගමුව , ගල්කන්ද හංදිය ප්‍රදේශයේ 60 පුද්ගලයෙකුට වෙඩි තබා මරා දැමීමට යොදා ගත් යතුරු පැදිය අද(11 ) දහවල් කටුනායක , අමන්දොළුව , අලුත් හේන පාරේ අතුරු මාර්ගයක දමා ගොස් තිබියදී මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ .
මෙම වෙඩි තැබීම ඊයේ (10) රාත්‍රී 07.00 ත් 07.10 අතර සිදු වී තිබූ අතර ඉන් පැය දෙකකට පමණ පසුව මේ යතුරු පැදිය පිළිබඳ තොරතුරු මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය වෙත ලැබී තිබුණි .
මීගමුව සහකාර පොලිස් අධිකාරී රත්නායක මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් , සීදුව පොලිසියේ නිලධාරීන් ද , රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද මෙම ස්ථානයට පැමිණ පරීක්ෂණ සිදු කළහ .
එසේම මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට අනුබද්ධිත " නීරෝ " නැමැති ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ සුනඛයා යොදා ගෙන , එම යතුරු පැදියේ තිබූ ඇගිලි සළකුණු ඇසුරෙන් ද විමර්ශන කටයුතු සිදු කළ අතර , වෙඩික්කරුවන් එම ස්ථානයේ යතුරු පැදිය දමා පා ගමනින් පළා ගොස් ඇති බව පොලිසිය විසින් අනාවරණය කර ගත්හ .
ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා එක් දින ශ්‍රී ලංකා නිල සංචාරයක් සදහා (04 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේ
විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් අත් බෑගයේ දමාගෙන සිය සැමියා සමඟ තීරෝද රථයේ යමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී රහස් ප
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota) මහත්මිය ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමා
වාද්දුව පොහද්දරමුල්ල වෙරලේ පිරිමි නිරුවත් මළසිරුරක් පාවෙමින් තිබෙන බව වාද්දුව පොලිසිය පවසයි .
ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉරාන තෙල් පිරිපහදුවලට පහර දීම පිළිබඳව සාකච්ඡා කළ බවත් කෙසේ වෙතත් එම ප්‍රහා
ප්‍රබල සූර්ය ගිනිදැල්ලක් හේතුවෙන් අප්‍රිකාවේත් යුරෝපයේත් සන්නිවේදන කටයුතුවලට බාධා එල්ල විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මීගමුව වෙඩිතැබීම සිද්ධියේ යතුරුපැදිය හමුවෙයි