IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


මිගමු- කොළඹ විද්‍යුත් දුම්රියක්

ලංකාවේ පළමු විද්‍යුත් දුම්රිය පද්ධතිය ඉදිකිරිමේ කොන්ත්‍රාත්තුව මලයාසියා සමාගමකට  දීමට  යයි.

මීගමුවේ සිට කොළඹ කොටුව දක්වා විද්‍යුත් දුම්රිය මාර්ග පද්ධතියක් ගොඩනැගීම   සඳහා ශ්‍රී ලංකා රජය සමඟ ගිවිසුමකට එළඹ තිබෙන්නේ මැලේසියාවේ එයාර් එක්ස්ප්‍රස්- එයාර් ඇන්ඩ් රේල් කම්පැනි  ප්‍රයිවට් ලිමිටඩ් සමාගමයි.

ශක්‍යතා වාර්තාවට   ඩොලර් මිලියන  5 ක පමණ මුදලක් ආයෝජනය කරන අතර   රජයෙන් අනුමැතිය හිමිවූ පසුව ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතය.

විද්‍යුත් දුම්රිය මාර්ගයේ දුර ප්‍රමාණය කිලෝ මීටර් 42 කි. කටුනායක ගුවන් තොටුපොළේ සහ කොළඹ කොටුවේ   පර්යන්ත දෙකක් ඉදිකරන අතර දුම්රියට පිවිසුම් ස්ථාන බෝපිටියේ සහ කෙරවලපිටියේ ගොඩනැගීමට සැලසුම් කර ඇත.

බෝපිටියේ පිවිසුමට ආසන්නව අක්කර 150 ක ඉඩම්   මිලදී ගනිමින් සියලු පහසුකම් සුපිරි නගරයක් ඉදිකිරීමට සැලසුම් කර ඇත. මේ සියලු ඉදිකිරීම් 2018 වසර අවසන් වනවිට අවසන් කිරීමට සැලසුම් කර තිබේ.

 

 

 

 



අදහස් (0)

මිගමු- කොළඹ විද්‍යුත් දුම්රියක්

රිශාන්ත උඩවත්ත Monday, 21 September 2015 11:54 AM

මේ ඔක්කොම තියෙන්නේ අනාගතේ වෙන දේවල්නේ .හරියට අර ලංකාවේ තෙල් හම්බ වෙන්ව වගේ. අද නෙමෙයි හෙට .වෙන්වන ම බොහොම හොඳයි (අ)

:       0       0

උදිත මදුමල් පෙරේරා Monday, 21 September 2015 11:55 AM

අනේ වාසනාවන් (අ)

:       0       0

උදිත මදුමල් පෙරේරා Monday, 21 September 2015 11:54 AM

අනේ වාසනාවන් (අ)

:       0       0

ඉමේෂ් Tuesday, 22 September 2015 01:35 AM

දුම්රියේ විදුලි බිලත් අපේ බිලට ලස්සනට එයි. තාම බැරි වුණා විදුලි බිල අඩු කරන්න. දවසම විදුලිය නැහැ හිටි ගමන් කිසිම දැනුම්දීමක් නැතුව. කරුණාකරලා විදුලි බිල අඩු කරන්න. (නි)

:       0       0

විජයබාහු Monday, 21 September 2015 12:11 PM

තවත් මහින්ද චින්තනයට ඇතුලත්ව තිබු වැඩක්. හොඳයි හොඳයි කවුරු උනත් කමක් නැ මහින්ද චින්තය ක්‍රියාත්මක කරනවානම් රටට හොඳයි (බ)

:       0       0

පුබුදු Monday, 21 September 2015 12:17 PM

දැන්නම් මේ මාර්ගය දුම්රිය හැමදාම ප්‍රමාදයි ? (බ)

:       0       0

පිටිපන Tuesday, 22 September 2015 02:47 AM

ලයිට් ගියාම මිගමු- කොළඹ පයින් තමයි. තියෙන කෝච්චිය වෙලාවට දුවන්නේ නැතිව (ම)

:       0       0

මහානාම - කඳාන Monday, 21 September 2015 12:48 PM

සුබ පැතුම් , ඉතාමත් හොද කාලින යෝජනාවක් , මේ යෝජනාව සහ කොළඹ පිටත වට රවුම් අධිමාර්ගය මා එවකට හිටි ප්‍රවාහන ඇමති ජයරාජ් ෆේර්නාන්දෝ පුල්ලේ ඇමති තුමාට යෝජනා කලේ 1998 ජනවාරි 1 වෙනිදා . මේ සමග මා යෝජනා කළා කොළඹ සිට මිගමුව දක්වා , කොළඹ සිට රත්මාලාන දක්වා , කොලමබ සිට කඩවත දක්වා හා කොළඹ සිට මහරගම දක්වා අධිවේග මාර්ග ඉදිකරන ලෙස , මට නිකන් අපහාසෙට වගේ හිනා වෙලා මගේ යෝජනාව සිනාවෙන් prathikshepa කළා . නමුත් අද මේ දේවල් යාතාර්ත්යක් වන්නයි යන්නේ . මේ වගේ වියාපෘති , ජාතික වියාපෘති ලෙස හා අනාගත ආයෝජන ලෙස සලකා , විදේශ ආදාර , ආණ්ඩු ප්‍රතිපාදන හා මහජන මුදල් ( උදා . කොළබට ඇතුළු වීමේ ගාස්තු ලෙස දැන් වුවද සුළු ගානක් අයකළ ගත හැක හා යුතුයි ? ). නැවතත් කියන්නේ පක්ෂ පාට බෙදා නොසලකා , අඩුපාඩු ගැන නොසලකා සහයෝගය ලබා දිය යුතුයි . ඒ වගේම මා යෝජනා කල තවත් දෙයක් නම් , ශ්‍රී ලංකාවේ ප්‍රවාහන තදබදය අඩු කිරීමට , ප්‍රවාහන පද්ධතිය දියුණු කිරීමට නම , දුම්රිය බස් හදුන්වා දිය යුතුයි , මේ යෝජනාව පසුගිය විශේෂ ව්‍යාපෘති ඇමතිතුමාටත් කිව්වා. හොදම උදාහරණ . ජපානය ටෝකියෝ වටා යන යමනොතේ විදුලි දුම්රිය , සහ අභ්‍යන්තර රවුම් අධිවේගී මාර්හය , මිලානෝ නගරය වටා යන අධිවේගී මාර්ගය (බ)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Tuesday, 22 September 2015 03:45 AM

බලල කාගේ උනහම මොකෝ හොඳට මියෝ අල්ලනවනම්. (බ)

:       0       0

උදිත් Monday, 21 September 2015 02:23 PM

වැඩේ හොදයි, එ්ත් ඕව හදන්න කලින් තියෙන කොච්චි ටික හරියට දුවගත්තොත් නරකද? (බ)

:       0       0

රත්න Monday, 21 September 2015 02:27 PM

අපේ ලංකාවේ විදුලි බලය බොහෝ වෙලාවට නැතිවෙන නිසා කෝච්ච්ය තල්ලු කරගෙන යන්න කව්රු හරි පත් කරන්න වෙයි. (බ)

:       0       0

ෆාරා Monday, 21 September 2015 02:39 PM

ඉදි කිරීමට කලින් කව්රු හෝ ඇමති කෙනෙක් ඇතුළුව ඉංජිනේරු කණ්ඩායමක් සමග ඩුබායි මෙට්‍රෝ දුම්රිය ගමනය සහ පර්යන්තය වහාම බලා අදහස් හා ක්‍රම එයින් බලා ගන්න, එහි ප්‍රධාන කොන්ත්‍රාත්කරුවන් 3 ගෙන් එක අයෙක් ලාංකිකයෙකි. (බ)

:       0       0

ඉසුරන්දි Tuesday, 22 September 2015 04:26 AM

මෙවැනි දෑ විය යුතු දේවල්. (බ)

:       0       0

ප්‍රියාල් Tuesday, 22 September 2015 04:41 AM

අර චන්ද්‍රිකා නෝනා මුල් ගලක් තිබ්බ පිළියන්දල ගුවන් පාලමකට එ්කනම් තිබ්බ තැනවත් හොයාගන්න බෑ (බ)

:       0       0

සමන් වසන්ත Monday, 21 September 2015 03:25 PM

ඒක ඇත්ත ෆාරා. ඩුබායි මෙට්‍රෝ මගේ ව්‍යාපෘතියක් ලංකාවට ඉතා ප්‍රයෝජනවත්. ප්‍රධාන නගර යා කරමින් විදුලි දුම්රිය පද්ධතියක් නිර්මාණය කර දුම්රිය ස්ථාන වලට මගින් ගෙනයන බස් සේවාවක් ඇතිකළ යුතුයි. එමගින් ප්‍රධාන නගර අතර මගී ප්‍රවාහන බස් රථවල අවශ්‍යතාවය නැති වන අතර මාර්ග තදබදයද අඩුවෙනවා. බලමු ඉතින් ඔක්කොම එකවර කරන්න බැහැනේ. නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය යොදාගත හැකියි. සාර්ථක වෙන්න කියල සුභ පතනවා. (අ)

:       0       0

ඔෂාන් Monday, 21 September 2015 04:16 PM

හරිම සතුටුයි (නි)

:       0       0

මහානාම - කඳාන Monday, 21 September 2015 04:37 PM

ෆාරා, සමන් වසන්ත, හොඳ යෝජනාවක්. ඉතාමත් කාලෝචිතයි.මේ ව්‍යාපෘතිය රටට ආයෝජනයක් ලෙස සළකා, කඩිනම් කළයුතුයි (නි)

:       0       0

රන්ජිත් Tuesday, 22 September 2015 07:36 AM

නියමයි (ම)

:       0       0

කින් බෙනට් Monday, 21 September 2015 11:52 PM

නියමයි. හැබැයි කළොත් තමයි. මුල්ගල් පැලනොවී වැඩේ වෙයිද කියලා බලමුකෝ (නි)

:       0       0

ගයාන් Monday, 21 September 2015 11:52 AM

2012 නෙ ඕක අත්සන් කළේ. දැන් කළා වගේ කියන්නේ. (බ)

:       0       0

දුමින්ද Monday, 21 September 2015 11:53 AM

පරිසර හිතකාමී සංවර්ධනයක් වේවා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 363 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 460 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 99 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 660 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 165 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 935 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14555 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 139 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 94 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site