IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


මීගමු ධීවරයෝ පාරට බසිති

පොට්සිටි නගරය තැනීමට මීගමු මුහුදෙන් වැලි ගනිතියි විරෝධය පාමින් මීගමු ධීවරයෝ පිරිසක් පුත්තලම-කොළඹ දුම්රිය මාර්ගය අවහිර කරමින් අද (17) පෙරවරුවේ සිට උද්ඝෝෂණයක නිරත වෙති.

හලාවත-පුත්තලම විකල්ප මාර්ග අවහිර කරමින් ඔවුහු විරෝධතාවයේ නියැලෙති

 



අදහස් (0)

මීගමු ධීවරයෝ පාරට බසිති

රොහාන් Tuesday, 18 October 2016 12:25 AM

දේශපාලන අතකොලු නොවී නීතිගරුක පුරවැසියන් ලෙස රට ගොඩනඟන්න උදව් වෙන්න. (නි)

:       0       0

සත්‍යයා Tuesday, 18 October 2016 01:54 AM

පණ්ඩිතයට ඒ දණ්ඩෙන් යන්නත් බැරිකොට පෝර්ට් සිටි වගේ මෙගා ව්‍යාපෘතියක් කරන්නේ කොහොමද? අටුව කඩලා පුටුව හදන වඩු බාස්ලා හා එකක් කඩතොළු හදාගන්නට ගොස් දෙකක් කඩතොළු හදාදුන් ආචාරිලාත් ලංකාවේ හිඟයක් නැහැ. (නි)

:       0       0

ටෙෂාන් Tuesday, 18 October 2016 02:48 AM

රවිඳු, වෙරළෙන් නෙමෙයිනේ ගන්නේ, මුහුද හාරලා ගන්නේ. එතකොට පාරිසරික සමතුලිතතාවය බිඳෙනවා. මුහුදේ ගැඹුර වැඩි වුණාම අර හිස්වෙන ප්‍රමාණයට ගොඩබිමෙන් තමා ඛාදනය වෙලා යන්නේ. එතකොට මේ මිනිසුන්ගේ ගෙවල් පවා යනවා. (නි)

:       0       0

හිමාල් Tuesday, 18 October 2016 03:32 AM

මුහුදෙන් වැලි ගන්න එක අද ඊයේ කළ දෙයක් නොවෙයි. හරියට වෙරළ ඛාදනය ගැන, මත්ස්‍ය සම්පත තිරසාරව නෙළාගන්න එක කරන කට්ටියක්නේ කෑ ගහන්නේ. අනික වැලි ගන්න එක ප්‍රශ්නයක් නම් ඒ හාරන කට්ටියත් එක්ක බේර ගන්න. පාර වහන්න ඕනෑ නැහැනේ. නැත්නම් අධිකරණයට යන්න. (නි)

:       0       0

ප්‍රදීප් Tuesday, 18 October 2016 04:19 AM

හොඳම වැඩේ කිසිම සංවර්ධනය වැඩක් නොකර ඉන්න එක. මෙහම හිතන මින්සුන් සිටින රටක් සංවර්ධනය කරන එක හීනයක් පමණි. (නි)

:       0       0

ඇන්තනි Monday, 17 October 2016 12:40 PM

අනිවාර්යෙන්ම මේ වගේ දෙයක් වෙනවා නම් විරුද්ධ වෙන්න ඕනෑ. මේ ව්‍යාපෘතිය හින්දා වාසි ලැබෙන්නේ, රැකියා ලැබෙන්නේ ඔය ධීවරයන්ට නෙමෙයි. මීගමුවේ මුහුද විනාශවෙලා මාළු සම්පත නැතිවුණාම ඔය පළාතේ ඉන්න විශාල පිරිසකට වෙන්නේ මුහුදේ පනින්න තමයි (නි)

:       0       0

රවිඳු Monday, 17 October 2016 12:47 PM

ඉතින් මීගමුවේ වෙරළෙන් වැලි ගන්නවා නම්, එතනට ගිහින් වැලි ගන්න අයව ගහලා එළවන්නකෝ, ජනතාවට පව් නොදී. (නි)

:       0       0

රොමේෂ් Monday, 17 October 2016 01:41 PM

පොර්ට් සිටි කියන්නේ දේව සාපයක්. මේ ආණ්ඩුවත් බලයට එනකම් කෑගැසුවා මේක කිසිම පාරිසරික අධ්‍යනයකින් තොරව ආරම්භ කරපු ව්‍යාපෘතියක් එනිසා නවත්වනවා කියල. දැන් ඒ මිනිස්සුම ආයේ පටන් අරගෙන කරගෙන යනවා. පරිසරය වනසමින් කරන සංවර්ධනයෙන් ලැබෙන ප්‍රතිලාභය මේ සඳහා කරනු ලබන ආයෝජනය සහ අනාගතයේදී මුහුණපෑමට සිදුවන විපාකයන්ගේ අගය යම්කිසිලෙසකින් මැනිය හැකිනම්, එහි අගයට බොහෝසෙයින් පරස්පරයි. හොඳම උදාහරණෙ තමයි රතුපස්වල කර්මාන්තශාලාව, එකෙන් මුලින් ගමේ මිනිස්සුන්ට රැකියාවල් ලැබුන. මිනිස්සුන්ගේ අතට සල්ලි ආවා. සංවර්ධනයක් තිබුණා. නමුත් පහුවෙද්දී ඒ මිනිස්සුන්ට බොන්න වතුර ටිකත් නැති වුණා. ඒ මිනුස්සුන්ම පාරට ඇවිල්ල කිව්වා කර්මාන්තශාලාව වහන්න කියල. (අ)

:       0       0

වි. ජයපාල Monday, 17 October 2016 03:06 PM

මේ අයගේ ප්‍රධානම අරමුණ මහජනතාව පීඩාවට පත්කිරීමයි (හේ)

:       0       0

රොමේෂ් Monday, 17 October 2016 04:08 PM

ජයපාල.. තුවාලේ තියන මනුස්සයට තමයි වේදනාව. ඔයාගේ රස්සාවටත් මොනයම් විදිහක තර්ජනයක් අවොත් ඔයා කරන්නෙත් මේ ටිකම තමයි. මේ මිනිස්සු වැරදි නැත්තේ, මේ ඔව්න්ගේ පළමු ප්‍රයත්නය නොවන නිසා. මොවුන් ගොඩක් දේවල් කෙරුව මේ වෙනුවෙන්, පසුගිය ආණ්ඩුව පෙරලද්දීත් මේක ලොකු සටන් පාඨයක්. (අ)

:       0       0

ටේෂාන් Monday, 17 October 2016 04:17 PM

ජයපාල මේ ගොල්ලෝ දිනපතා ජීවත් වෙන්න ගන්න දුක දකිනවනම්, ඔහොම කියන්නේ නෑ.(අ)

:       0       0

රොහාන් Tuesday, 18 October 2016 08:22 AM

වැලි කනින්නේ ගැබුරු මුහුදේ ගොඩබිම නෙවේ ඩුබායි වල මුහුද ගොඩකරලා ඕනේ තරම් නගර හදලා තියනවා එතකොට ඒ මිනිස්සුත් මෙහෙම් පාරවල් වහගෙන උද්ගෝෂණ කලානම් මේ තරම් ඉදිරියට යන්න පුලුවන්ද අපිට වෙලා තියෙන්නේ හැම දෙයක්ම දේශපාලනේ වෙලා පාරවල් වහල සාමාන්‍ය ජනජීවිතයට හානි කරපුහම රට තවත් පස්සට යනවා මිසක් ලැබෙන දෙයක් නැහැ. (ර)

:       0       0

අතුල Monday, 17 October 2016 05:00 PM

අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි
2024 ඔක්තෝබර් මස 10 25 0

ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය


දිස්ත්‍රික්ක තුනකට නාය යාමේ අනතුරු ඇඟවීම්
2024 ඔක්තෝබර් මස 10 74 0

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද (10) පස්වරුව දක්වා බල පැවැත්


වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 1811 0

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර ද


සයිබීරියාවට පනින්න ගිය බංගලදේශ ජාතිකයන් 08 ක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 493 0

කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු අද(10 ) උදෑසන


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 85 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 432 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39701 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25813 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 8 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 372 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1230 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site