IMG-LOGO

2025 අප්‍රේල් මස 05 වන සෙනසුරාදා


මීගමු හිටපු බන්ධනාගාර අධිකාරීගේ වරෙන්තුවේ තීන්දුව සඳුදා

 

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

හිටපු මීගමුව බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ මහතා අත්අඩංගුවට ගැනීමට නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වළකාලන අතුරු නියෝගය ලබා දෙනවාද නැද්ද යන තීන්දුව ලබන සඳුදා (27)  ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය අද (24) නියම කළේය.

රැඳවියකුගේ පරිහරණය සඳහා ශීතකරණයක් දුන්නැයි චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් , තමාට එරෙහිව නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක වීම බලරහිත කරන්නැයි ඉල්ලා  මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරිවරයා ගොනු  කළ රිට් පෙත්සම අභියාචනාධිකරණ සභාපති ඒ.එච්.එම්.ඩී.නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන් ගෙන් යුතු විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දෙන ලදී.

එසේම අනුරුද්ධ සම්පායෝ මහතා ගොනු කළ නව පෙත්සම් සම්බන්ධයෙන් වැඩිදුර කරුණු තහවුරු කිරීමද ලබන සඳුදාට කල් තැබිණි.

නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා කියා සිටියේ මීට පෙර මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරිවරයා ගොනු කළ පෙත්සමේ ශීර්ෂය සහ ඇතැම් කොටස් සංශෝධනය කරමින් නව පෙත්සම් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මූලික විරෝධතාවයක් ඉදිරිපත් කළේය.

මේ අතර පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය මහතා කියා සිටියේ සිය සේවාදායකයා සම්බන්ධයෙන් වන වරෙන්තුව ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ තාවකාලික පොරොන්දුවක් ලබා දෙන්නැයි ඉල්ලා සිටියද එය ලබා දීම විනිසුරු මඩුල්ල විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.

ඉදිරිපත් කළ කරුණු සැළකිල්ලට ගත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම සම්බන්ධයෙන් වන අතුරු නියෝගය ලබා දෙනවාද නැද්ද යන නියෝගය ලබන සදුදාට කල් තැබිණි.

තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු මීගමුව බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ මහතා ගොනු කළ රිට් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එස්. එම්. මොහොමඞ්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය, නීතිපතිවරයා සහ අපරාධ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කාර හිටපු බන්ධනාගාර අධිකාරිවරයා සිය පෙත්සමින් කියා සිටින්නේ මිගමුව බන්ධනාගාරය තුළ රිමාන්ඩ් බාරයට පත්කර තිබූ රැඳවියකුට ශීතකරණයක් ලබාදීමේ සිද්ධියක් මුල් කරගෙන තමන්ව ඉකුත් මැයි මස 27 වන දා කළුතර බන්ධනාගාරයටත් ඉන් අනතුරුව කොළඹ බන්ධනාගාරය වෙතත් මාරු කිරීමට පියවර ගැනුණු බවත් , ඉන්පසුව වැඩතහනමට ලක් වූ බවය.

ඉන් අනතුරුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමාට එරෙහිව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තමාව අත්අඩංගුවට සඳහා වරෙන්තුවක් ලබා ගැනීමට සූදානම් වන බවට තොරතුරු ලැබී තිබෙන බවද පෙත්සම්කරු සිය පෙත්සමේ සදහන් කර ඇත.

බන්ධනාගාර ආඥා පනතේ 196 වන වගන්තිය යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවෙකුට අවශ්‍යතාවයක් මතු වූ විට ඉලෙක්ට්‍රොනික් උපකරණ සපයා දීමේ නීතිමය හැකියාවක් පවතින බව පෙන්වා දෙන පෙත්සම්කාර බන්ධනාගාර අධිකාරිවරයා ඒ අනුව ශීතකරණයක් සැකකරුවෙකුට ලබා දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමට පොලිසිය දරන වෑයම නිතියට පටහැනි බවද පෙත්සම්කරු කියා සිටී.

ඒ අනුව තමා අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයා විසින් උපදෙස් නිකුත් කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් ,  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත්, පෙත්සම්කරු සිය රිට් පෙත්සම මගින් අභියාචනාධිකරණය ඉල්ලා සිටී. 
⁣ 
පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය මහතා පෙනී සිටියේය.

නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය  සොලිස්ටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා ද අධිකරණය හමුවේ පෙනී සිටියේය.



අදහස් (0)

මීගමු හිටපු බන්ධනාගාර අධිකාරීගේ වරෙන්තුවේ තීන්දුව සඳුදා

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කෝටි 1000 මත්ද්‍රව්‍ය සමඟ ධීවරයන් හතක් අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 05 284 0

මෙරට ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය තොගය වන රුපියල් කෝටි 1000ක් පමණ වෙළඳ වටිනාකමක් තිබෙන අයිස් සහ හෙරොයින් මත්කුඩු තොගයක් ධීවරයන් හත් දෙනකු සමඟ ගැඹුරු මු


වැලිකඩ තරුණයාගේ සිද්ධිය සීඅයිඩියට
2025 අප්‍රේල් මස 05 424 0

වැලිකඩ පොලිස් භාරයේ සිටියදී රෝහල් ගත කිරීමෙන් අනතුරුව සැකකරුවෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැ


ඉන්දීය අගමැති විපක්ෂ නායක හමුවෙයි
2025 අප්‍රේල් මස 05 278 0

මෙරට සංචාරයක් සඳහා පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් අද (5) කොළඹ දී සිදුවිය.


දේශබන්දු යෝජනාවට පක්ෂ රැසකින් රතු එළියක්
2025 අප්‍රේල් මස 05 5779 5

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයෙන් නෙරපීමේ යෝජනාව ගෙන එන ආකාරය ස්ථාවර නියෝගවලට පටහැනි බව සඳහන් කරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂවල නායකයින් පාර


මෝදි- අනුර එක්ව ලංකාවේ දැවැන්ත වැඩ තුනක් අරඹයි
2025 අප්‍රේල් මස 05 2305 5

ඉන්දියානු රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති 3ක වැඩ ආරම්භ කිරීම සහ විවෘත කිරීම ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ සහභ


සහන කණ්ඩායම මියන්මාරයට පිටත් වෙයි
2025 අප්‍රේල් මස 05 712 0

භූමි කම්පාවෙන් විපතට පත් මියන්මාරයේ ජනතාවට සහන සැලසීම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයන් විසි හය දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය සහ සහන සේවා කණ්ඩායම විශේෂ ගු


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 272 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 424 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 936 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site