IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


මංගලගේ චක්‍රලේඛය නවත්වන්න ජනපතිගෙන් උපදෙස්

මත්පැන් අලෙවිසැල් පෙ.ව 8.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘතව තැබීමටත්   කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමට  පනවා තිබූ තහනම ඉවත් කිරීමටත් කටයුතු කරමින් මුදල් ඇමැතිවරයා නිකුත් කළ චක්‍රලේඛය වහාම වලංගු කිරීමට උපදෙස් දුන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියයි.
 
ඒ අනුව හෙට සිට එම චක්‍ර ලේඛය අවලංගු කෙරෙණු ඇති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.  මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව කීවේ අද (14) පස්වරුවේ අගලවත්ත ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.
 
සාධාරණ සමාජයක් පිළිබඳ කතා කරනවා සේම සාධාරණ සමාජයක් ගොඩනැගීමට තමන් කැපවී සිටින බවද මෙහිදී ප්‍රකාශ කළ ජනාධිපතිවරයා රිය අනතුරක් සම්බන්ධයෙන් තම සහෝදරයා පොලිස් අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ තමන් පොලිසිය සමග එක් වචනයක් වත් කථා නොකළ බව ද පැවසීය. මෙරට ඉතිහාසය තුළ ජනාධිපතිවරයෙකුගේ, අගමැතිවරයෙකුගේ නොව ඇමතිවරයෙකුගේ ද සහෝදරයෙකු රිය අනතුරක් පිළිබඳ සිරභාරයට පත්වූවානම් ඒ තම සහෝදරයා පමණක් බවද කියා සිටියේය.



අදහස් (36)

මංගලගේ චක්‍රලේඛය නවත්වන්න ජනපතිගෙන් උපදෙස්

Muhan Sunday, 14 January 2018 12:42 PM

ඡන්දෙ කලේ නිසා මම තමයි පොර..

:       44       1559

Rata ft Sunday, 14 January 2018 12:46 PM

මත්බෝතල් මිල වැඩිකරනවා.. ගමේ මිනිස්සු කසිප්පුවලට ඇබ්බැහි වෙනවා. ගෙදර අඬදබර සිදුවෙනවා කසිප්පු නිසා... මරණ ගාණත් වැඩිවෙනවා.

:       158       138

දිලාන් Monday, 15 January 2018 04:29 AM

මෙතැනදී මංගල ඇමතිතුමා සහ ජනාධිපතිතුමා තීරණ අරගෙන තියෙන්නේ කාන්තාවට සම තැන දීමට හෝ සමස්ත සමාජයේ යහපැවැත්ම ගැන සිතා නොවෙයි. මත්පැන් නීති ලිහිල් කලේ මත්පැන් තවදුරටත් සාමාන්‍ය දෙයක් බවට පත් කොට අලෙවිය වැඩි කිරීමටයි. සමාජයේ ගෞරවනීය කොටසක් සේ සලකන කාන්තාවන් මෙයට සම්බන්ද කිරීමෙන් මෙය ඉබේම සිදුවෙනවා. එමගින් රජයේ බදු අදායම වැඩි කිරීම මංගලගේ අරමුණයි. නමුත් ජනාධිපතිතුමා දන්නවා මෙම තීරණය නිසා තමාගේ සහ රජයේ ප්‍රතිරූපයට හානියක් සිදුවන බව. ජනාදිපතිතුමා මුල සිටම ජනතාව ඉදිරියේ පෙනී සිටියේ මත්පැන් විරෝධියෙකු ලෙසයි. එතුමා දන්නවා මෙය ඒකාබද්ධ විපක්ෂයටත් මැතිවරණ වේදිකාවේ හොඳ මාතෘකාවක් වන බව. නව මත්පැන් නීති අවලංගු කළේ මෙම හේතුව නිසයි. සාමාන්‍යයෙන් සමාජයේ යහපත ගැන සිතා දේශපාලන තීන්දු ගැනීමේ අවස්ථාව අඩුයි.

:       4       11

NuwanMonday, 15 January 2018 12:22 PM

මේක සැලසුම් සහගත දෙයක් වගේ මට නම් පේන්නේ. ඉස්සෙල්ලම කාන්තාවන්ට මත්පැන් සඳහා නිදහස දෙනවා. ඊට පස්සේ මිනිස්සු මේකට බනිනවා. ඔන්න එතකොටම ජනාධිපති ඒක අවලංගු කරනවා. ජනපති රටේ කාන්තාවන්ගේ වීරයෙක් වෙනවා. ඡන්ද ගොඩ වැඩි වෙනවා! කොහොමද ටිකිරි මොළේ?

:       0       30

menna Sunday, 14 January 2018 12:47 PM

කාන්තාවන් වුණා කියලා වෙනසක් නැහැ. බොන්න ඕනේ නම් බොන්න දුන්නට මොකද වෙන්නේ? කරන්න ඕනේ දේ නොකර සීමා පනවන්න ගියාම, අසහනය ආතතිය වැඩි වෙනවා. තරබාරුව වැනි අවලස්සන වෙන්නෙත් අනවශ්‍ය ලෙස සීමා පනවන හින්දා. ගෘහ සේවිකාවෝ කියලා පිටරටට විකුණන්න පුළුවන්. මත්පැන් බොන්න, ඒවා විකුණන්න බැහැ. මහා විහිළු කතාවක්නේ.

:       381       501

kap Sunday, 14 January 2018 12:59 PM

මේවා තමයි ගැලරි ටෝක්... දෑන් මේ ලංකාවේ ඔක්කොම නොබී ඉඳියි 10 - 9 කලා කියලා. නැත්නම් ගෑණු නොබී ඉඳියි නීතිය වෙනස් කළා කියලා. ගම්වල ගැහැණු බර ගාණක් ඔය බොරු ස්පා කියන තැන්වල ඉන්නවා. අන්න ඒවයි නවත්තන්න ඕනෑ. නිකන් මෝඩ කතා කියලා අපිව රවට්ටන්න එපා...

:       2       1318

pathiranaSunday, 14 January 2018 01:31 PM

අනේ මන්දා මේ විකාරවලට රැවටෙන මෝඩයොත් අපේ රටේ ඉන්නවානේ... තව අවුරුදු පනහකටවත් අපේ ඡන්ද දායකයෝ මේවට නොරැවටී ඉඳිවි කියලා හිතන්න අමාරුයි.

:       0       175

Hafeel Sunday, 14 January 2018 01:01 PM

ඔබතුමා පොලීසියට බලපෑම් නොකිරීම පිළිබඳව අගය කළ යුතුයි. නමුත් ගෝලයෝ ප්‍රසිද්ධියේම පොලිසියට බලපෑම් කරනවනේ. අපි මාධ්‍යවලින් දැක්කනේ... සාගලගෙන් ඇමතුමක් පොලිස්පතිට දාපු එක... ගෝලයොත් මට්ටු කරන්න. නැත්නම් ඔබතුමා කරන කැපවීම නොවටිනා දෙයක් වේ.

:       2       147

BamunuarachchiMonday, 15 January 2018 02:04 PM

එයට් ගෝලයෝ නැත. ඒ බලයට අවේ තනිවම තරඟ කරය ගෝලයෝ කියන අය වෙනස් උනයි ඉයලා එයාගේ ජනදිපතිකම නැතිවන්නේ නැත. එයාගේ ගෝලයෝ රටේ ජනතාවයි.

:       0       0

Bamunuarachchi Sunday, 14 January 2018 01:09 PM

ඔන්න කඩුවෙන් වැඩ ගන්න කදිම අවස්ථාවක්... හරියට වැනුවොත් නම් කැපෙයි.

:       1       143

Sri Lankan Sunday, 14 January 2018 01:14 PM

මෙහෙමත් කෙනෙක් ජනාධිපති වුණානේ...

:       525       218

sena Sunday, 14 January 2018 01:16 PM

මේවාද ජනාධිපතිවරයෙක් මැදිහත් වියයුතු වැඩ? අනේ මන්දා මෙයාලාත් එයාට විහිළු චාන්ස් දෙනවනේ..

:       14       191

MP Sunday, 14 January 2018 01:25 PM

ඉතා හොඳ තීරණයක්. මත්වතුර භාවිතය, මාතෘ පෞරුෂය එහෙම පිටින්ම විනාශ කර දැමීමකි.

:       170       460

Missaka Sunday, 14 January 2018 01:25 PM

මෙතුමාට වැඩ කරන්න දුන්නේ නැහැ කියලා නහයෙන් අඬනවා. ඒ වගේම මංගලටත් හොඳ වැඩක් කරන්න යනකොට අකුල් හෙලනවා. මේවා සවුත්තු වැඩ....

:       4       239

manoj Sunday, 14 January 2018 01:28 PM

සාධාරණ සමාජයක් බිහි කරන්න විධායක ජනපතිවරයා විදියට මීට වඩා කොච්චර වැඩ කොටසක් කරන්න පුළුවන්ද?

:       0       1096

rama Sunday, 14 January 2018 01:51 PM

මතට තිත.., ඒ වුණාට ශ්‍රී ලන්කන් එයාර් අහස්යානයේ ඉඳලම විකුණන්නේ අරක්කු විස්කි තමයි...

:       15       2

gunarathna Sunday, 14 January 2018 02:07 PM

මංගල ඔය ගැසට් එක කැන්සල් කලොත් ඉර පායන්නේ බටහිරෙන්..

:       0       56

sena Sunday, 14 January 2018 03:07 PM

මේක මහ විහිළු පාලනයක්. කෙනෙක් නීතිය දානවා. අනිකා එය අවලංගු කරනවා. මොකක්ද මේ ප්‍රති පත්තිය? ඕව කරකර පම්පෝරි ගහගහ 2021 වෙනකම් රට හදන්නයි කතාව? රටේ අවාසනාවට සිදු වුණු දෙයක්..

:       0       125

RaveendraMonday, 15 January 2018 03:47 AM

ඔබගේ නිවැරදි අදහස් සමග අපද එකග වන්නෙමු. මෙහි වඩාත් හාස්‍ය වන්නේ "මැතියෙක් ඇමතියෙක්" උන පලියට තම තමන්ගේ අභිමතය පරිදි චක්‍රලේකන ඉදිරිපත් කළහැකිද ???? එ් පිළිබදව අදාල අංශ සමග හෝ කිසිවකු සමඟ මත විමසන්නේ නැද්ද ?? අඩු තරමින් හොදද නරකද යන්න වත් විමසීමට තරම් මොලයක් මේ අයට නැද්ද ????

:       1       37

Sampath Sunday, 14 January 2018 03:07 PM

රට කොතෙන්ටද යන්නේ?

:       7       23

nuwan Sunday, 14 January 2018 03:12 PM

ජනාධිපතිතුමනි, ඔබතුමා ඔයිට වඩා හිතලා වැඩකරන්න. කාන්තාවන්ට සම තැන දෙමු...

:       24       68

mohini Sunday, 14 January 2018 05:20 PM

ජනාධිපතිතුමා මේ තීරණයට හේතු පෙන්වාදෙන මෙන් ඉල්ලා සිටිමි.

:       0       9

jayasekara Monday, 15 January 2018 04:22 AM

මංගල ඔය තීරණය ගන්නකොට...ඔබ තුමා කොහෙද දන්නේ නැහේ හිටියේ......

:       0       3

Senarath Monday, 15 January 2018 04:42 AM

කියක් ඔට්ටුද ? අන්තිමට මංගල ගෙනාපු යෝජනාව තමයි ක්‍රියාත්මක වෙන්නේ. මෙයා කියාවි "මමත් පත්තරෙන් දැක්කේ කියලා"

:       0       109

Chandra Monday, 15 January 2018 05:48 AM

රටම සුරා කාපු ඒවාට කිසිම දඩුවමක් නැහැ අද වෙනතුරු . රටත් බංකොලොත් , මේ ක්‍රියාවලිය තමයි ලංකාවට අඩුවකට තිබුනේ .

:       0       0

KANDEPOLA Monday, 15 January 2018 06:02 AM

මංගලගේ චක්‍රලේඛයෙන්වත් මෛත්‍රීගේ අවලංගුවෙන්වත් රටට ඒ හැටි බලපෑමක් වෙයි කියලා හිතන්න බෑ. බොන කෙනා කීයට ඇරියත් කීයට වැහුවත් බොනවා. මතට ඇබ්බැහි වෙච්ච කාන්තාවන් කෙලින්ම තැබරුමට නොගියට කොහොම හරි ගෙන්නාගෙන බොනවා. ඊට වඩා දේශපාලනඥයෝ හැටියට මේ රටට කරන්න ගොඩක් දේවල් තියෙනවා. මේවා ඡන්ද බලාගෙන කරන මෝඩ චූන්.

:       0       29

sam Monday, 15 January 2018 06:31 AM

මේ චක්‍රලේඛන කැබිනට් මණ්ඩලයේ සාකච්චා කරලා කැබිනට් අනුමැතිය ඇතුව සිදු කරන දේවල් . කැබිනට් රැස්වීමේදී මේවාට විරුද්ධ නොවී ඊට පසුව විධායක බලතල වලින් චක්‍රලේඛන අවලංගු කරන්නේ ජනතාව රැවටීමටයි . කලින් ලොක්කාත් හිතාගෙන හිටියේ ජනතාව රැවටිලා කියලයි. නමුත් අවසානයේදී රැවටිලා තිබුනේ එතුමායි . මෙතුමාටත් ඒ ආනිසංසෙම තමයි .

:       0       56

gunarathnaMonday, 15 January 2018 07:04 AM

කොපමණ දේවල් කීවද මෙයිට ඉස්සරවෙලත්... මේවා ඡන්දෙ බලාගෙන කියන දේවල්... සමහරවිට ඡන්දෙ පහුවෙලා ආපහු කමක් නැහැ මංගල කියන්නටත් පුළුවන්.

:       0       50

සෙනෙවි Monday, 15 January 2018 07:00 AM

සුරාමේරය ,දුරාචාරය, කාම මිථ්‍යාචාරය ,සහ ප්‍රවර්ධනය සඳහා ඇමති වරයෙක් රටට අවශ්‍ය නෑ.

:       7       117

Ensinaa Monday, 15 January 2018 07:14 AM

නිලධාරීන්ගේ වැඩලු... අපි ඉල්ලුවද?

:       0       0

de silva berlin Monday, 15 January 2018 08:10 AM

මේ වැඩෙන් පෙනෙන්නේ කැබිනට් තීරණ පත්තරෙන් වැටුනට පස්සේ ඔබතුමා ක්‍රියාත්මක වෙන බව... ජනාධිපතිතුමනි, කරුණාකරලා යම් පනත් කෙටුම්පතක් කැබිනට් මණ්ඩලය හරහා යම් ඇමතිවරයෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඉස්සෙල්ලා රටේ නායකයා වන ඔබතුමාගේ අනුමැතියට ඉදිරිපත් කරන්න කියන්න. මෙතනින් පෙනෙන්නේ ඔබතුමාගේ නායක කමේ දුර්වලතාවයයි. අනිත් එක කාන්තාවන් මත්පැන් මිලදී ගත්තම ඇති වැරැද්ද මොකක්ද? ලංකාවේ කාන්තාවෝ මත්පැන් බීලා පාරේ කෝලාහල කරගන්නවද? මිනීමරා ගන්නවද? නැහැනේ.. ලංකාවේ කාන්තාවන්ට සමතැන දෙනවා නම් කැමති කෙනෙකුට මත්වතුර මිලදී ගැනීමේ අයිතියක් තියෙන්න ඕනේ? කාන්තාවන් බියර් බෝතලයක් වයින් බෝතලයක් මිලදී ගත්තම මොකක්ද ඇති වැරැද්ද?

:       0       153

de silva Monday, 15 January 2018 10:20 AM

ලෝකේ ප්‍රථම රාජ්‍ය නායිකාව අපේ රටේ කාන්තාවක්.. අපේ රටේ කාන්තාවක් අවුරුදු 10කට වැඩිකාලයක් විධායක බලතල දරමින් රට පාලනය කළා. තත්වය මෙසේ තිබියදී කාන්තාවන්ට මත්වතුර මිලදී ගැනීම තහනම් කරන්නේ මොන පදනමක සිටද? මේ කාන්තාවන් අඩු තක්සේරුවකින් සැලකීමක්. මෙහෙම කරනකොට ලබන පළාත් සභා ඡන්දේදි කාන්තාවෝ ශ්‍රීලනිපෙට ඡන්දෙ දේවිද?

:       0       71

Chandrika Monday, 15 January 2018 11:58 AM

අපේ අයිතිය අපිට දෙන්න. අපි විස්කි ටිකක් බිව්වහම අමාරුද?

:       5       55

chandani da silva Tuesday, 16 January 2018 08:44 AM

රටේ ජනාධිපතික‍ම, අගමැතිකම, අගවිනිසුරුකම වැනි භාරධුර තනතුරු දරන්න කන්තාවන්ට පුලුවන්නම් , රටේ විශ්ව විද්‍යාල වලින් පිටවන උපාධිධාරින්ගෙන් වැඩි හරිය කාන්තාවන් නම් , අපි මත්පැන් බිල පාරේ කලකොහලාහල කරගන්නේ නැත්නම් , අපි මත්පැන් මිලදී ගත්තම , පානය කරහම එකේ ඇති වැරැද්ද කුමක්ද ? කිසිම පදනමක් නොමැතිව අපිව දෙවෙනි පන්තියේ පුරවැසියන් ගේ තත්වයට ඇද දමන ඔබගේ තීරණය වහා හකුලා ගන්නේ නැත්නම් ඔබ සභාපතිත්වය දරන පක්ෂයට ලබන ඡන්දෙදි අපි ඡන්දය නොදෙමු .

:       0       49

BamunuarachchiTuesday, 16 January 2018 10:27 AM

චාන්දනී කාන්තාව ඔබ ඔය කීව පදවි වලට වඩා බොහොම උසස් පදවියක් උසුලනවා ඒ තමයි මව් පදවිය. තැබෑරුමට එන බීමත් කොල්ලෙක් එසේ මව් පදවිය උසුලන තම මව් වගේ කෙනෙකුගෙන් අක්කේ මට තව බාගයක් දෙන්න කියා ඉල්ලනවිට ගැහැනියක් ඔබ ඉහත කී තනතුරු දැරීමේ ඇති උදාරකම මොකක්ද? මුදලට ඕනෑම ජරා වැඩකට අනුබල දෙන දේසපාළුවන් සිටින මේ රටේ මෙවැනි දෙයක් සිරිසේන මහතා කලේ මව් පදවියේ ගෞරවය රැකීමටය. ඔබ ඔය කී පදවි වලට කාන්තාව සුදුසු නිසා, ලොව පැරණිම රැකියාවටත් ඇයට ඉඩදිය යුතුයි කියා ඔබ කියනවාද? මත්පැන් විකිණීමත් පැරණිම රැකියාව හා සමානය. මව් පදවිය අරක්කු තැබෑරුමට තල්ලු කරන්න එපා.

:       0       0

minipe Tuesday, 16 January 2018 07:31 PM

මම හිතාගෙන හිටියේ නිතිය සැමටම පොදු දෙයක් කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩූමෝ කොටසේ නාය යෑම යළි සක්‍රිය වේ
2024 නොවැම්බර් මස 24 182 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි


අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 1229 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 3904 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 1034 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 1530 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 1158 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 511 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2039 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site