(තිලකරත්න දිසානායක)
මහා සංඝරත්නයට අපහාස වන ලෙස ප්‍රකාශ සිදුකළ අමාත්‍යවරුන් වන මංගල සමරවීර සහ රාජිත සේනාරත්න මෙන්ම චතුර සේනාරත්න මන්ත්‍රීවරයා ගම්පහ ප්‍රදේශයේ කිසිඳු විහාරස්ථානයකට නොගැනීමට ගම්පහ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ විහාරාධිපති සංගමය අද (04)තීරණය කළහ.
ගම්පහ පහළගම විද්‍යරවින්ද පිරිවෙනේ විහාරාධිපති පහළගම සෝමරතන නාහිමි මෙම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ විහාරාධිපති සංගමයේ රැස්වීමෙහි මුලසුන හෙබවූහ.
ගම්පහ සාම මහා විහාරස්ථානයේ පැවති මෙම රැස්වීම අවසානයේදී විහාරාධිපති සංගමය විසින් ඒකමතිකව ගනු ලැබූ මෙම තීරණය ගම්පහ ප්‍රාදේශීය හා දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකම් තෝරපිටියේ ආනන්ද නාහිමියෝ මෙලෙස ප්‍රකාශ කර සිටියහ.
තවද උන්වහන්සේ සොඳහන් කර සිටියේ මෙම දේශපාලනඥයින් තිදෙනා ගම්පහ ප්‍රදේශයෙහි කිසිඳු විහාරස්ථානයකට ආගමික හෝ වෙනත් කිසිඳු උත්සවයක් සඳහා සහභාගි නොකර ගැනීමට ඒකමතිකව ගම්පහ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ විහාරාධිපති සංගමය විසින් ගනු ලැබූ මෙම තීරණය ඉදිරියේදී රටේ සියලුම විහාරස්ථානයන් මගින් ක්‍රියාත්මක කරනු ඇතැයි අදහස් කරන බවය.
එසේම මෙහිදී රටේ සියලුම ජාතීන්ට සාමුහිකත්වයෙන් පිළිගතහැකි සහ ක්‍රියාත්මක කළ හැකි පොදු නීති රීති මාලාවක් රට තුළ ක්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙළක් පාලන තන්ත්රය තුළින් ඉදිරියේදී ඇති කළ යුතු බවද උන්වහන්සේ ප්‍රකාශ කර සිටියහ.
දකුණු කොරියානු රැකියා සඳහා බඳවා ගැනීමේ E-9 වීසා ක්‍රමවේදය යටතේ නිශ්පාදන ක්ෂේත්රයේ රැකියා හිමිවූ 91 දෙනෙන් UL 470 දරණ ගුවන් යානයෙන් දකුණු කොරියාව බලා අද පිට
පුත්තලම අධ්‍යාපන කලාපයෙ උසස් පෙළ මධ්‍යස්ථාන දෙකක මහ වැසි හේතුවෙන් සිසුන්ට යම් බාධා එල්ල වු බව පුත්තලම කලාප අධ්‍යාපන අධ්යක්ෂ අර්ජූන අබේරත්න මහතා අද ප
පාදුක්ක වටරැක හල්බරාව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් වටලා රුපියල් කෝටි එකසිය පණහකට වැඩි වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් අත් අඩ
පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මේ දින වල පවතින අපොස උසස් පෙළ විභාග එළැඹෙන 27 28 සහ 29 යන තෙදින තුල නොපැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අම
උපකාරක පන්ති තහනම් කිරීමට කිසිදු තීරණයක් ගැන නැතැයිකැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (26) පැවසීය.
මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මංගලට - රාජිතට - චතුරට ගම්පහ විහාරස්ථාන තහනම්
gamini Tuesday, 04 June 2019 07:09 PM
සිංහල, දමිල, මුස්ලිම්, බර්ගර්, බෝරා මෙකි නොකී සිළුම ජාතිකයින්ට උඩරට, පහතරට සහ උතුර, කතෝලික හින්දු, මුස්ලිම් සියලුම ආගම් වලටත් මුළු ශ්‍රී ලංකාවටම බලපාන එකම පොදු නීති පද්දතියක් ස්ථාපිත කළයුතුය.
ධනුෂ්කTuesday, 04 June 2019 11:56 PM
අනිවාර්යෙන්ම එය කල යුතුයි. ඒ වගේම ජාතීන් වශයෙන් පලාත් වශයෙන් වෙන් වූ දේශපාලන පක්ෂ ද අහෝසි කල යුතුයි. පාසල් පද්දතියත් පොදු පාසල් කල යුතුයි.
echathuri Tuesday, 04 June 2019 08:55 PM
අන්තවාදීන්ගේ පල්ලියේ දොර ඇරලා දෙමු මංගලට...
lalith Tuesday, 04 June 2019 09:10 PM
හාමුදුරුවනේ ඔය නීතියෙන් පහරක් වදින්න ඔය කට්ටිය අව්වට වැස්සට ඇරෙන්න පන්සල් ගිය මිනිස්සුද? නෑනේ?
Chanak los angeles Tuesday, 04 June 2019 10:33 PM
ඒක පුදුම නීතියක්නේ ... මෙය බුදුදහමේ හරයට සම්පුර්ණවම එරෙහිවීමක් ..එදා බුදුන් දවස බුදුදහමට එරෙහිව මොනතරම් විරුද්ධවාදීකම් කළාද එවිට බුදුන් ගත්තෙත් මෙවැනි ක්‍රියා මාර්ගයක්ද ? කෙනෙක් වැරදි මාර්ගයේ යනවානම් පුද්ගලයාව ප්‍රතිෂේප නොකර ඔහුව හරි මාර්ගයට ගැනීමට බුද්ධ පුත්‍රයන් දක්ෂ වෙන්න එපාය ..
BamunuarachchiWednesday, 05 June 2019 03:33 PM
පන්සල් රැකගැනීම භික්ෂූන් වහන්සේලාගේ වගකීමයි. එමනිසා මේ හදිසි අවස්ථාවේදී බෞද්ධ විරෝධීන් පන්සල් වලට ගෙන්වා නොගැනීම භික්ෂූන් වහන්සේලාගේ වගකීමයි. මොවුන් සමග ජමාඩ් ත්රස්තයින්ද පැමිණීමට බොහෝදුරට ඉඩ ඇත. අපේ හාමුදුරුවනේ මොවුන්ට පාන්සකුලය වත් දෙන්න එපා.
NimalFriday, 07 June 2019 07:43 AM
හරි මාර්ගයට ගන්න පුළුවන් නපුරෙක්ව, දුෂ්ටයෙක්ව, ඒත් මේ වගේ අයව නෙමෙයි .
asanka Tuesday, 04 June 2019 11:22 PM
හොඳ ප්‍රවණතාවක්. රටේ අනිකුත් විහාරස්ථාන වලටත් මෙය ව්‍යාප්ත වේ යයි සිතමි.
රාජුන් Tuesday, 04 June 2019 11:37 PM
මේක යකාගේ වැඩක්නේ! බුදුහාමුදුරුවෝ නම් දේශනා කරලා තියෙන්නේ නහී වේරේන වේරානි කියලයි.
nimal Wednesday, 05 June 2019 12:01 AM
කියන්න ලේසියි. කිව්වම හරි ජනප්‍රියයි. හැබැයි හොදට කල්පනා කරලා හදන්න වෙයි. අපේ රටේ ප්‍රශ්ණවලට ගෙනාපු විසදුම් බොහොමයක් අළුත් ප්‍රශ්ණ ඇති කළා. ගැටලු ඇති තැන් විතරක් වෙනස් කළොත් හොදයි. මොකද පාරම්පරික නීති රටේ පොදු නීතිය උල්ලංඝණය නොකරනවා නම් සහ අනෙක් ජන වර්ගවලට ගැටලුවක් නොවේ නම් වෙනස් කරන්න හදිසි වෙන්න එපා.
Chandana Wednesday, 05 June 2019 12:13 AM
මංගලගේ ප්‍රකාශය වැරදියි.... ඒක විවාදයක් නැහැ... ඒත් පංසලකට ඇතුල්වීම තහනම් කළ හැකිද?? බුදුරජාණන් වහන්සේ අංගුලිමාලලා, දේවදත්තලාටවත් එහෙම කළාද?
විජිත් Wednesday, 05 June 2019 11:06 AM
චන්දන මල්ලි,මේ අය දේවදත්තලාටත් වඩා එහා ගිහින්නේ.බුදුන් වහන්සේ මේ දවස්වල වැඩ හිටියානම් මේ අයට ඒ කියන්නේ 225 ටම උන් වහන්සේව දකින්නවත් අවස්ථාවක් ලබාදෙන්නේ නැතිවේවි. ඒ කියන්නේ ඉහත අත්මවලදී මේ අය කරලා තියෙන එකම එක පිනක් නිසා තමයි මේ ලංකාවේ බිහිවන්නේ. එදා සිටම කර ඇත්තේ පව්කාර වැඩ. යන තැනකටවත් වැඩක් වෙන්න පින් කලේ නැහැ. කරපුතරම් කලෙත්, කරන්නෙත් නස්කුනි වැඩ. දැන් මේ අයගේ පින් එකවුන්ට් එක බිංදුවයි. පව් එකවුන්ට් එක කෝටියයි. ඉතින් බුදුන්වහන්සේ මුණ ගැහුනත් වැඩක් නැහැ. පෙර පින් බින්දුවයිනේ. කෙලින්ම අපායට. අවීචි මහ නරකාදියට.
reks Wednesday, 05 June 2019 12:25 AM
උතුරට විතරක් තියෙන තේසවලාමේ නීතියත් ඉවත්කලයුතුයි.
Darshana Wednesday, 05 June 2019 12:33 AM
ඉතා හොද ක්‍රියාමාර්ගයක්...
aananda Wednesday, 05 June 2019 01:07 AM
බුදුන් දෙසූ ධර්මය මෙය නොවේ.
ගාමිණී Wednesday, 05 June 2019 01:12 AM
බොහොම හොඳ තීරණයක්. ඒ වගේම විනය විරෝධී වැඩ කරන, විවිධ අපරාධ දූෂණ චෝදනාවන්ට ලක්ව සිටින භික්ෂූන්ව සංඝ සමාජයෙන් නෙරපන්න ක්‍රමවත් වැඩපිලිවෙලකුත් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ප්‍රධානත්වයෙන් ඇරඹුවොත් තවත් හොඳයි.
ranjith Wednesday, 05 June 2019 01:35 AM
හොද තීරණයක් පන්සල් වලට ඒමට සුදුසු වන්නේ ධර්මයෙහි පිහිටන ඇත්තෝ හොරකම් දුෂණ වංචා රට පාවාදීම් කරන මේ කිසිම කෙනෙකුට පන්සල් දොර වහන්න ඕනේ බොරුවට සිංහල බුද්දාගම කරේ තියන් එන බොහෝ නායකයන් ගේ ධර්මානුකූල දිවි පැවැත්මක් නැත.
mp Wednesday, 05 June 2019 01:35 AM
චාරයක් නැති අයට කටකලියාවක් දැමීම අත්‍යවශ්‍යයි.
Janahitha Wednesday, 05 June 2019 01:56 AM
අවසරයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලා ගත් තීරණය රටේ ජාතියේ පැවැත්ම සඳහා ගත් තීරණයකි. මෙයට මගේ වන්දනාමය ස්තුතිය පුද කරමි. කිසිම ආගමික ස්ථානයකට හෝ ආගමික කටයුත්තකට ඔවුන් වැද්ද නොගත යුතුයි.
Janahitha Wednesday, 05 June 2019 01:56 AM
අවසරයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලා ගත් තීරණය රටේ ජාතියේ පැවැත්ම සඳහා ගත් තීරණයකි. මෙයට මගේ වන්දනාමය ස්තුතිය පුද කරමි.කිසිම ආගමික ස්ථානයකට හෝ ආගමික කටයුත්තකට ඔවුන් වැද්ද නොගත යුතුයි.
Jothi Wednesday, 05 June 2019 02:11 AM
ඉතා හොඳ තීරණයක්. මෙය කල යුතුව තිබුනේ ලංකාව නිදහස ලබාගත් සමයේ
lkvidu Wednesday, 05 June 2019 02:18 AM
ඒ වගේම මේගොල්ලන්ට පන්දම් අල්ලන අයටත් ඔය තහනම ගෙන්න ඕන.
indika Wednesday, 05 June 2019 02:21 AM
බොහොම හොදම තීරණයක් ගම්පහ විතරක් නොවී ලංකාවේම පන්සල් මේ තුන් දෙනාට තහනම් කරන්න ඕනි.
lakvidu Wednesday, 05 June 2019 02:22 AM
අයියෝ මෙහෙමත් අපරාධයක්! දැන් ඒ උපාසක මහත්තුරු හතරපෝයට සිල්ගන්නේ කොහොමද?
ranga Wednesday, 05 June 2019 03:14 AM
ගම්පහට පමණක් නොව ලංකාවටම බලපාන පරිදි ක්‍රියාත්මක කල යුතුයි.............
THARINDU Wednesday, 05 June 2019 03:23 AM
ඉතා හොද තීරණයකි.... අනික් පන්සල් පල්ලි ඇතුළු ආයතන වලත් රට පුරා ක්‍රියාත්මක කල යුතුය..
kumara Wednesday, 05 June 2019 03:23 AM
වැඩේනම් හොදයි
saman Wednesday, 05 June 2019 03:33 AM
මොවුන් ප්‍රසිද්ධ ස්ථානවලට ආවම ගල් ගහල එලවන්න ..... හූ කියන්න ජනතාව එකතුවෙන්න ඕනි දැන් 225 නැහැ දැන් ජනතාවගේ හදවත් තුළ - අපි දැන් එතනට එන්න ඕනි...
Sanath Wednesday, 05 June 2019 03:39 AM
ඇයි ? කිරිඇල්ල , අනුර කුමාර......
p hewawasam Wednesday, 05 June 2019 03:41 AM
රට මුහුණ දේ ඇති තත්ත්වය හමුවේ දේශපාලකයන් ගේ විනය සදාචාරය හැදීම අනිවාර්යයි. මහා සංඝරත්නය මේ ගත්ත නිවැරදි තීරණය මුළු රටේම පැතිරේවා.
abu abhi anvar Wednesday, 05 June 2019 03:52 AM
කාට නැති උනත් කමක් නැහැ අපේ මංගල උතුමාණන්ට නම් එන්න දෙන්න අනේ
ramsi Wednesday, 05 June 2019 03:56 AM
කරන්න ඕන ඒක නෙවෙයි, සෙට් එකටම හැම ඉරිදාම දහම් පාසල් එන එක අනිවාර්ය කරන එක.
Indhika Wednesday, 05 June 2019 04:00 AM
කොහොමත් මංගල පන්සල් යන්නේ නැහැනේ.
Romesh Wednesday, 05 June 2019 04:32 AM
හොද තීරණයක්! රාජිත සහ ඔහුගේ පුතා කොලඹ ආනන්ද මාතාවගේ සේවෙනේ හැදු වැදුණු බවක් පෙන්නේ නැත. තාත්ත ඡන්ද වෙනුවෙන් මෙවැනි ප්‍රකාශයන් කරන බව පෙනේ. ජනතාවට සබැ ආදරයක් ඇති බවක් පෙන්නුම්කරන්නේ නැත. පුතා ගැන නම් කතාකරල වැඩක් නෑ. ගම්පහ ජනතාවෙනි මෙවැනි අයට නැවත ඡන්දය දෙන්න එපා!
Amila Wednesday, 05 June 2019 05:10 AM
මන්ත්‍රීලා මැති ඇමතිලා වාහන ගනිද්දී සද්ද නැත. පඩි සහ විශ්‍රාම වැඩි කරගද්දී සද්ද නැත. අලුත් බදු ක්‍රමයක් ගෙනත් මිනිස්සු සූරාකද්දී සද්ද නැත. දේශිය ආර්ථිකේ ශක්තිමත් කරගන්න සද්ද දාන්නේ නැත. මේ කරන්නේ විහිලු සැපයීමයි. මාලු කන්නේ නැති මිනිස්සුන්ට මාලු කඩේ එන එක තහනම් කරා වගේ වැඩක් මේක.
අසංග Wednesday, 05 June 2019 05:16 AM
බෞද්ධ ධර්මය මුලු විශ්වයටම පොදු බව දන්නෙ නැතුව ඇති.....
Gallage Wednesday, 05 June 2019 05:41 AM
අනේ සාදු ... එනක්න දෙන්න එපා...
Keppetipola Wednesday, 05 June 2019 05:47 AM
ඉතා හොඳ පියවරක්. රට විනාශ කරන මුලික අයගෙන් තුන්දෙනෙක්. එක්කෝ මොවුන් හිරේ දැමිය යුතයි. නැතිනම් රටෙන් පන්න දැමිය යුතුයි. මොවුන් රටට ශාපයක්.
Palitha Wednesday, 05 June 2019 05:58 AM
මහසඝ රැවනට බොහොම පින්.. මේ රට සාසනේ රකිනවාට.... ලංකාවෙම ඔහොම කරන්න
Nimal Wednesday, 05 June 2019 06:40 AM
ඒ කියන්නේ බෞද්ධ විහාරස්ථාන කියන්නේ ආණ්ඩුව කරන මේ කියපු හැම ක්‍රියාවක් දිහාම බලන් ඉඳල ඒවට විරුද්දව ක්‍රියත්ම වෙන්න ඕන තැනක් කියලද, අදාළ දේට, හරි ක්‍රියා මාර්ගයක් ගත්තම එකෙත් වැරද්දක් හොයනවා, ආණ්ඩුව කරන හැම වැඩක් දිහාම බලන් ඉඳල ඒවාට තහනම් දාන්න නෙවෙයි පන්සල් තියෙන්නෙ,
අනුර බණ්ඩාර බාලසූරිය Wednesday, 05 June 2019 07:05 AM
අපෙ ගරු ස්වාමින් වහන්සෙලාට බොහොම පිං සිදුවෙවා. එවැනි තීරනයක් ගැනීම සම්බන්දව මට සමාවෙන්න ඕනෙ පලමුවෙන් අපි සිංහල නිසා හරිම ඉක්මනට සියලුදෙම අමතක වෙනවා අපෙ හාමුදුරුවනේ කලින් කුඩු කිය කිය අල්ලන අතරෙ මදුස් නිසා ඒක අමතක උනා මදුෂ් කිය කිය ඉන්න අතරෙ බෝම්බ පිපිරෙව්වා දැන් ඒකත් අමතකයි.
pradeep Wednesday, 05 June 2019 07:16 AM
මේ මොන විහිලුද ? මෙහෙම බැලුවොත් ලංකාවේ 25% ටවත් පන්සල් යන්න දෙන්න වෙන්නේ නැත.
vipula Wednesday, 05 June 2019 07:26 AM
ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට සිදුවුණු මේ සිද්දිය බොහොම වැදගත්. යහපාලනය කියා බලය ලබාගෙන අන්තිමේදී පන්සලේ හතර මායිමේ එන්න බැරි වුණා. මේ අය දැන් මුස්ලිම් පල්ලි වලට ගන්න එක්කක් නැතිවේවි.
janaka Wednesday, 05 June 2019 08:17 AM
රටක් ජාතියක් ආගමක් නැති මේවගේ එවුනට ඇත්තේ සල්ලි හම්බකරන අරමුණ විතරයි . ලංකාවේ මිනිස්සු හරිම අවසානවන්තයි . අපිට අපේම කියල නායකයෙක් නැහැ. ලංකාවේ ජනතාව මේවගේ සාතන් ල නම් නැවත පාර්ලිමේන්තුවට එවන්නේ. රටටත් ජනතාවට අබ සරණයි.
විජේරත්න Wednesday, 05 June 2019 08:32 AM
බුදු හාමුදුරුවොත් ඔහෙම කළා ද? අඩු ගානෙ දේවදත්තවත් පන්සලෙන් එලෙව්වෙ නෑ නේද හාමුදුරුවනේ. අජාසත්තට පන්සල තහනම් කලේ නෑ නේද? ලංකාවෙ හාමුදුරුවරු ගෞතම බුද්ධ ශාසනේ නොවන නිසත් ඔවුන් සිංහල බුද්ධ ශාසනයේ නිසත් ඔහොම කිරීමේ වරදක් නෑ
sirimal Wednesday, 05 June 2019 09:14 AM
අවුලක් නැහැ. මේ මිනිස්සු කොහොමත් " වොයිස් කට් " දෙන්න බලාගෙන පන්සල් යන අය නෙවෙයිනේ.
dayan Wednesday, 05 June 2019 09:38 AM
දැන් හාමුදුරුවරු වෛරය උපදින දේවල් තමයි මිනිසුන්ට කියා දෙන්නේ. මේවා හරි නැහැ.
සෙනෙවි Wednesday, 05 June 2019 09:44 AM
මේ අයට විතරද පන්සල් තහනම්? පන්සල් තහනම් වියයුතු භික්ෂුන් කොපමණ සිටිනවාද? රටේ සමහර අය කරන සහ කළ වැරදි ගැන කොපමණ කට පියාගෙන ඉන්නවද?
ravi Wednesday, 05 June 2019 09:57 AM
දැන් අපේ රටේ " බුද්ධ ධර්මය " දේශපාලන මතවාදයකට ... පරිවර්තනය වෙමින් පවතිනවා ..!!!
San80 Wednesday, 05 June 2019 11:34 AM
මේවා නිකන් සංදර්ශන විතරයි. බලන්න තව දින කීපයකින් හාමුදුරුකෙනෙක්ම ලොකු උත්සවයක් පන්සලේ තියල මොවුන්ට ආරාධනා කරලා පිළිගන්නේ නැද්ද කියල.
මහකන්දේ විජිතසිරි හිමි Wednesday, 05 June 2019 12:26 PM
බ්‍රහ්ම දණ්ඩනය, පත්ත නික්කුජ්ජන කර්මය තමයි මේ මංගලට දී ඇත්තේ...
jinasena Wednesday, 05 June 2019 01:03 PM
බුදුන් වහන්සේගේ ධර්මයට අනුව යන සංඝරත්නයද මේ තහනම් නියෝග ගේන්නේ? මේකද බුද්ධ දර්ශනය? නෑ මේක මහින්ද රාජපක්ෂ දර්ශනය...
kanika Wednesday, 05 June 2019 01:09 PM
මේකද බුද්ධ දර්ශනය? බුදුන් වහන්සේ ගේ ධර්මයට අනුව යන සංඝ රත්නයද?
BamunuarachchiThursday, 06 June 2019 10:39 AM
කාලයේ හැටියට දේවල් වෙනස්විය යුතුයි. මොවුන් ත්රස්ත්රයන්ට වඩා භයානකය.
tisara Wednesday, 05 June 2019 01:12 PM
මිනිසුනි, ගම්පහ ඔය කියන පන්සල්වලට යන එක ගැන අපි දහස් වාරයක් හිතමු.
kirihodaa Wednesday, 05 June 2019 01:21 PM
එතකොට අධිකරණ නියෝග පන්සල් වලිනුත් දෙන්න පුළුවන් ද නොදන්නා නිසයි අහන්නේ
BamunuarachchiThursday, 06 June 2019 12:19 AM
මේ දෙන්නේ සංගාධිකරණයෙන්.
Madhurika Wednesday, 05 June 2019 01:33 PM
පන්සල් වලට විතරක් නෙවෙයි, මොන දේකටවත් දේශපාලකයෝ අවශ්‍ය නැහැ. ලංකාවේ තමයි දේශපාලකයෝ ඉස්සර කරගන්නේ හැම දේකටම. .
යාපා Thursday, 06 June 2019 02:08 AM
ජාතීන් අතර වෛරය ඇතිකර හෝ බලය රැක ගැනීමට උත්හස කරන අය රටෙන්ම අතුගා දැමිය යුතුයි.....
siri Thursday, 06 June 2019 08:30 AM
මේ අයට ගම්පහ වගේම මෙල්බන් වලටත් එන්න අපි ඉඩ තියන්නේ නැහැ.