IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


මීගලෑවෙන් පැහැරගත් දරුවා සොයා ගනී : පොලිසිය දරුවා මවට භාර දෙයි

දින හතරකට පෙර මීගලෑවේ නිවසකින් පැහැර ගත් සිව් හැවිරිදි දිනිඳු යශේන් ඒකනායක දරුවා රහස් පොලිසියෙන් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. සැකකරුවන් හඳුනා ගත් බව ද ඔහු පවසයි.

දරුවා ලබා දීමට රුපියල් කෝටියක කප්පමක් ඉල්ලූ බවට පොලිසියට තොරතුරු ලැබී තිබිණි.

පැහැරගත් දරුවා බළලුවැව කැළැවේ සිටිතියි ලැබුණු ඔත්තුවක් ඔස්සේ සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩාමක් ද  කැලය  බලා යන්නට සූදානමින් සිටියදි මෙම දරුවා ඇඹෝගම ප්‍රදේශයට ගෙනැවිත් දමා ඇතැයි පොලිසිය කියයි.

සාමාන්‍ය ඇඳුමින් සැරසුණු පොලිස් නිලධරයෝ, බුද්ධි අංශ  සහ රහස් පොලිසිය වළල්ලක් සේ  ප්‍රදේශයම වටකරගෙන සිටි නිසාත්  අපරාධ කරුවන්ට  පැන යන්නට අවස්ථාව ලැබී නැත.

දරුවා පැහැරගත් පිරිස දරුවගේ පියාගෙන්  රුපියල් කෝටියක  කප්පමක් ඉල්ලා ඇතත් කප්පම් නොදී  දරුවා බේරා ගැනිමට පොලිසිය යෙදු උපක්‍රම සමත් විය

දරුවාගේ මව තම දරුවා හඳුනාගත්තාය. සහකාර පොලිස් අධිකාරීවරයා  දරුවා සොයා ගන්නා විටත් දරුවාගේ මව පොලිස් කණ්ඩායම සමඟ එහි ගොස් සිටි බව පොලිසිය කියයි.

fefe

 

 



අදහස් (0)

මීගලෑවෙන් පැහැරගත් දරුවා සොයා ගනී : පොලිසිය දරුවා මවට භාර දෙයි

ලසිත් Friday, 01 August 2014 11:52 PM

කරුණාකර මේ තක්කඩියන්ගේ ඡායාරූප පළ කරන්න. අපිත් බලා කියාගන්න එක හොඳයි. කාගේ හරි අනුහසින් නිදහස් වෙලා ආවොත් අපේ ගෙවල් වල ළමයින්වත් ආරක්ෂා කරගන්න. (නි)

:       0       0

අජිත් Saturday, 02 August 2014 12:07 AM

නැවතත් මේවා නොවෙන්න සැකකරුවන්ට උපරිම දඩුවම් දෙන්න ඕනෑ. (නි)

:       0       0

මනෝජ් කුමාර රණවක Saturday, 02 August 2014 12:29 AM

මමත් තාත්තා කෙනෙක්. මේක ලොකු සැනසීමක් හිතට. දෙවියන්ට පින්සිදු වේවා! (නි)

:       0       0

නදී Saturday, 02 August 2014 12:35 AM

ගොඩක් පින් (නි)

:       0       0

අශාන් Saturday, 02 August 2014 01:00 AM

දරු පැටියා යහතින් සිටීම ගැන දෙවියන්ට ස්තුති වේවා! (නි)

:       0       0

ගලපිටමඬ Saturday, 02 August 2014 05:49 PM

පැහැරගෙන ගිය පිරිස කොටුකරගත්තා නම් ඒ තක්කඩි ගැන වචනයක්වත් පළ නොකරන්නේ ඇයි? තුන්වන පාර්ශවයක මැදැහත්වීමක් නිසා ද? (දී)

:       0       0

සම්පත් Saturday, 02 August 2014 05:49 PM

නරකද මේ කට්ටිය අවි පෙන්නන කියා එක්ක ගියොත් ? රෝහණ මහතයෝ ? (දී)

:       0       0

මංජුල Saturday, 02 August 2014 01:31 AM

ගොඩක් සතුටුයි ළමයා හමුවීම ගැන (නි)

:       0       0

සත්‍යයා Saturday, 02 August 2014 01:41 AM

බලනකොට අපේ පොලිසිය බොහොම හොඳයිනේ. මෙන්න මෙහෙම තමයි වැඩ කරන්න ඕනෑ. ජය වේවා ! (නි)

:       0       0

ඩෙකන් Saturday, 02 August 2014 01:47 AM

මේ වගේ පහත් කප්පම්කරුවන් වෙනුවෙන් රටේ නීතිය වෙනස්කර හෝ දරුණු දස වද දී කටයුතු කිරීමට ක්‍රියා කළ යුතු කාලය එලඹ ඇත. (නි)

:       0       0

සුනිල් Saturday, 02 August 2014 01:48 AM

ලංකාවේ මේ සිදුවන දේවල් අප්‍රිකාවේ ගෝත්‍ර වලවත් සිදු නොවන තරම්. මෙසේ වන්නේ ඉතාම පහත් තත්වයට වැටී ඇති දේශපාලන කුඩු සංස්කෘතිය නිසා බව අවධාරනයෙන් කියමි. (නි)

:       0       0

මලිත් Saturday, 02 August 2014 01:51 AM

ශ්‍රී ලංකා පොලිසියෙන් විශිෂ්ට වැඩක් (නි)

:       0       0

ශිලා Saturday, 02 August 2014 08:32 AM

ලේ නෑකමින් නෑදෑය වූ පමණින් නෑදෑය කියන කෙනා ඇඟේ ගාවා ගන්න සංස්කෘතියට පයින් ගසා තමන්ට හිතවත් කියන කෙනෙක් පමණක් පවුලේද නැද්ද කියා බේදයක් නැතිව බටහිර මෙන් ආශ්‍රය කරනවා නම් මෙවැනි තමන්ගේ කියන උදවියගෙන් එන ප්‍රශ්න අඩු කර ගත හැක. (දී)

:       0       0

පාලිත් Saturday, 02 August 2014 01:51 AM

මම කලින්ම සැකයට කිව්වා මේක මේ පවුල දන්නා කියන කෙනෙක් ගේ වැඩක් වෙන්න ඇති කියලා. ඥාති කෙනෙක් සම්බන්ධයි කියල තියෙන්නේ. තමන් දෙයියන්ගේ පිහිටෙන් කාලා ඇඳලා ඉන්නවා නම් , පවුල සමගි නම්, දරුවන් හොදින් ඉගෙන ගන්නවා නම්, ඉස්සෙල්ලාම පරිස්සම් වෙන්න ඕන නෑදෑයන්ගෙන්. මේ තත්වය අද රටේ හැමතැනම තියනවා. (නදී)

:       0       0

නයනකාන්ත Saturday, 02 August 2014 01:54 AM

උදෙන්ම අහපු හොදම නිවුස් එක පොලිසියෙ අගය කලයුතු කෑපවීමක් මාධ්‍ය වලින් හොද සහයෝගයක් අපි බලාපොරොත්තුව සිටි පිලිතුරක් (නදී)

:       0       0

ජයනි Saturday, 02 August 2014 01:56 AM

අනේ මට හරිම සතුටුයි. මේ දරුවා බේරා ගන්න උදව් කල අයට සංසාරය පුරා පින්වත් දරුවන්ගෙන් නම් අඩුවක් වෙන්න එපා. (නදී)

:       0       0

ජයන්ත Saturday, 02 August 2014 02:00 AM

පිටරට සිටින අපිත් දරුවා නිරුපද්‍රිතව සොයා ගත් පුවත අසා සැනසීමට පත් වුනා. මෙයට සහය දුන් සැමට අපේ ආචාරය. (නදී)

:       0       0

මාදි Saturday, 02 August 2014 01:59 AM

මමත් දෙවියන්ටත් කිව්වා. ගොඩක් ස්තුතියි (නදී)

:       0       0

දිනේෂ් තරංග Saturday, 02 August 2014 02:03 AM

දරුවා සොයා දුන් සැමට පින් සැකකරුවන් කොහෙද සොයා දඩුවම් ලබා දියයුතුයි (දී)

:       0       0

දිනේෂ් තරංග Saturday, 02 August 2014 02:05 AM

නැවතත් මේවා නොවෙන්න සැකකරුවන්ට උපරිම දඩුවම් දෙන්න ඕනෑ. (දී)

:       0       0

මේනක Saturday, 02 August 2014 02:06 AM

ඇත්තම තමයි. කප්පම් කාරයන්ගේ චායාරුප මහජනයාට පෙන්වීම කල යුතුයි. නැතිනම් හිරෙන් නිදහස් වෙලා ඇවිල්ලත්කරන්නේ ඔය වගේම දහදුරා වැඩම තමා. (දී)

:       0       0

හේමා Saturday, 02 August 2014 02:20 AM

පුංචි බබා සොයාදුන් පොලිසියට සහ මාධ්‍යට ගොඩක් ස්තුතිය පුදකරමි. (දී)

:       0       0

කාංචන Saturday, 02 August 2014 02:20 AM

දැන් මේ රටේ තමන්ගේ දාඩිය මහන්සියෙන් ධනයක් උපයාගෙන , අඹු දරුවන් එක්ක සැනසිල්ලේ ජීවත් වෙන්න මිනිස්සුන්ට විදියක් නැහැ. අනුන්ගේ දේවල් කොල්ල කාලා ජීවත් වෙන ක්‍රමයට සමාජය හැඩ ගැහිලා. මේ වගේ අපරාධ කාරයොන්ට එල්ලුම් ගහ නියම කලත් වැරද්දක් නැහැ. සුළු කාලයකට හිරේ දැම්ම ම ආයෙත් නිදහස් වෙලා ඇවිත් කාට හරි ගිනි පත්තු කරලා තමා ජීවත් වෙන්න බලන්නේ. (දී)

:       0       0

පියුමි Saturday, 02 August 2014 02:23 AM

මේ අපරාධ වැඩේ කල අයටත් දරුවෝ ඉන්නවද දන්නේ නැහැ . මෙහෙම අනුන්ට ගිනි ගෙඩි දීල හම්බු කරලා ගෙවල් වලට ගෙනියන දේවල් ඒ අයගේ දරුවන්ට යාදෙයිද ? (දී)

:       0       0

අසංක Saturday, 02 August 2014 02:26 AM

මවට පියාට මොන තරම් සතුටු ඇද්ද (දී)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 02 August 2014 02:31 AM

සුරඟන කතාවක් වගේ ..කප්පන් ගන්න අඩ බෙර ගහල ප්‍රසිද්දියේ දරුවෝ පැහැරගෙන යන කප්පන් කාරයෝ ඉන්නවා කියල ඇහුවමයි මේ..කප්පන් සිදුවීමකදී කප්පන් කරුවා සැමවිටම බලන්නේ පොලිසිය මග හරින්න..පොලිසියට කප්පන් ඉල්ලීමක් ගැන නොදැනෙන්න කටයුතු කරන්න..මම අහපු කප්පන් කතා වලනම් මෙතුවක් තිබුනේ කප්පන් කරුවන්ගේ ප්‍රථම කොන්දේසිය හා තර්ජනය පොලිසියට කිව්වොත් වැඩ වරදීවි කියන එක කියල.මේක එකේ අනෙක් පැත්ත..මේ කප්පන් කාරයෝ ටිකක්නම් වෙන්න බැහැ..මෙතන වෙන අවුලක් තියෙනවා..දෙවියන්ගේ පිහිටෙන් දරුවා සුවෙන්නම් අවුල් වැඩක් නැහැ..එච්චරයි ඕන.. . (දී)

:       0       0

ලලනි Saturday, 02 August 2014 02:34 AM

සමහර මිනිසුන් හිතන්නේ නෑදෑයන්ගේ දහදිය මහන්සියෙන් උපයන ධනයට හොඳින් හෝ නරකින් තමන්ට අයිතියක් තියනවා කියලා. කොච්චර දුන්නත් ඉවරයක් නැහැ. අන්තිමට සිද්ධ වෙන්නේ මේ වගේ තුච්ච නින්දිත වැඩක් හරි කරලා , නෑදෑයන්ගේ දරුවන්ව හරි බිල්ලට තියලා තමන්ට අවශ්‍ය දේ කරගන්න යන එක. දෙමව්පියන් ව්‍යාපාරික පොහොසතුන් වෙනවිට ඒ ධනයට කෑදර නෑදෑයන් නිකම්ම වැඩි වෙනවා. (දී)

:       0       0

ලලිතා Saturday, 02 August 2014 02:38 AM

දරුවාට කරදරයක් නැතිව සොයා ගත් බව අසා ඕස්ට්‍රේලියාවේ සිටින අපත් ඉමහත් සැනසීමට පත් වුනා. අනේ කාටවත් මෙවැනි කරදරයක් වෙන්න එපා. දරුවා සොයා ගැනීමට උදව් කල සැමට තෙරුවන් සරණයි. ! වගකීමෙන් ක්‍රියා කල මාධ්‍යයටත් ස්තුති කරමි. (නදී)

:       0       0

ඩිල් Saturday, 02 August 2014 02:40 AM

ශ්‍රී ලංකා පොලිසියෙන් විශිෂ්ට වැඩක් (නදී)

:       0       0

නිලංග Saturday, 02 August 2014 02:41 AM

අපි ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. මේ පුවත අසා බොහොම කම්පාවට පත්ව සිටියේ. දැන් නම් සිතට හරි සැනසීමක් දැනෙනවා. (නදී)

:       0       0

මාලක සිල්වා Saturday, 02 August 2014 02:42 AM

පොලිසියයට ඕනෑම වැරදි කරුවෙක් හොයා ගන්න පුළුවන්. රජයේ හොරකම් හැර. කටුගේ හොරකම, දළදා මාලිගාවේ රන් වියන හැර. හා හා හා මම අලුත් එකක් හයි කරන්නම් (නදී)

:       0       0

රොෂාන් Saturday, 02 August 2014 02:43 AM

දවසේ සුභම ආරංචිය (නදී)

:       0       0

ඉසුරු Monday, 04 August 2014 08:15 AM

කාලෙකින් පොලිසිය හොදක් ඇහුව. වැඩේ නම් හොදයි. ඒත් දරුව තනියම ගිහින් කැලේ ඉන්න කොට අහුඋනා කියල නම් කියන්න එපා මාද්‍ය ප්‍රකාශක තුමනි (දී)

:       0       0

අසංක Saturday, 02 August 2014 02:43 AM

පින් සිද්ද වේවි. ආයුධ පෙන්නන ගෙනියන්න. (නදී)

:       0       0

හේමාල් Saturday, 02 August 2014 02:44 AM

බලාගෙන් යනකොට දරු පැටවුන් පරිස්සම් කර ගන්න වෙලා තියෙන්නේ තමන්ගේම නෑදෑයන්ගෙන්. දරුවා සොයා ගැනීමට ක්‍රියා කල සැමට යහපතක් ම වේවා ! (නදී)

:       0       0

නැනී Saturday, 02 August 2014 02:49 AM

පොලිස්සියට මල් මිටක්. ඔබලා ඒ දෙමාපියන්ගේ පමණක් නොව අපේද කඳුළු පිස දැමුවා. (නදී)

:       0       0

පුබුදු මදුරංග පතිරණ Saturday, 02 August 2014 02:52 AM

මෙවැනි සාපරාධී ක්‍රියා කරන පුද්ගලයන් හට නීතියේ අපරාධකරුවෙකුට හට ලබා දිය හැකි ඉහළම දඩුවම ලබාදිය යුතු අතර,මෙවැනි ක්‍රියා ලංකාව තුළ තව දුරටත් සිදු නොවීමටත්, සිදු කිරීමට උත්සාහ දරන පුද්ගලයන් හට ජිවත්වීමේ අයිතිය නැතිකර දැමිය හැකි ලෙස කටයුතු කළ හැකි නම් හොඳ බව සිතමි.සහකාර පොලිස් අධිකාරීවරයා ඇතුළු අනෙකුත් මේ සදහා සහය ලබාදුන් අයට මාගේ හෘදයාංගම ස්තූතිය. (දී )

:       0       0

සලිත් Saturday, 02 August 2014 02:54 AM

මේ වගේ පහත් කප්පම්කරුවන් වෙනුවෙන් රටේ නීතිය වෙනස්කර හෝ දරුණු දස වද දී කටයුතු කිරීමට ක්‍රියා කළ යුතු කාලය එලඹ ඇත. (දී)

:       0       0

නවීන් Saturday, 02 August 2014 03:04 AM

සැනසුම් සුසුම්. හදවතින්ම සතුටු වෙනවා. (නදී)

:       0       0

රෝහණ Saturday, 02 August 2014 03:05 AM

මුන් ටිකට දැඩි දඩුවම් දෙන්න ඕනා (නදී)

:       0       0

චමී Monday, 04 August 2014 02:26 AM

හැමදාම පොලිසියට බනින උදවිය අදත් බනින්නේ පොලිසියට. අපේ පොලිස් විරුවන්ට ජයෙන් ජය වේවා. (නදී)

:       0       0

අනුරාධ Saturday, 02 August 2014 03:05 AM

ඇත්තටම පොලිසියේ විශිෂ්ට ක්‍රියාවක්. අපි බලාගෙන ඉන්නේ මේ අපරාධකාරයන්ට දෙන දඬුවම් මොනවද කියලා. නීතිය සාමය ආරක්ෂා කරන්න වෙර දරන , රට ආශ්චර්ය කර ගෙන යන ජනාධිපති තුමනි. නීතිපති තුමනි, පොලිසියේ ඉහල සියලුම නිලධාරිනි. ඔබ සියලුම දෙනාගෙන් ඉල්ලන්නේ මෙවැනි දේවල් අපට කිසිදිනක අසන්නට නොලැබේවා කියලයි (නදී)

:       0       0

නිමල් ලලිතා Saturday, 02 August 2014 03:10 AM

කිසිවක් නොදත් මේ දරුවා බේරා ගැනීමට මුල් වූ සැමට පින් සහ ස්තුතිය. මේ අපරාද කරුවන් බේරා ගැනීමට ඉදිරිපත් නොවීම උගත් නීතිවෙදින්ගේත් යුතුකමක්, වගකීමක්. එමෙන්ම මේ පාදඩයන්ට නිසි ලෙස සැලකීමත් පළාතේ ජනතාවගේ යුතු කමක්. (නදී)

:       0       0

සෑම් Saturday, 02 August 2014 03:13 AM

ආයුද පෙන්වන්න අරන් යන්න...... මෙවැනි අපරාද කරුවන් ඉතිරි කරන්න එපා. (නදී)

:       0       0

දසුන් Saturday, 02 August 2014 03:21 AM

කෝ අපේ අන්ජම් බලන කෙනා (දී)

:       0       0

ඔසන් සලාම් - කටාර් Saturday, 02 August 2014 03:23 AM

මෙම දරුවාගේ දෙමව්පියන්ගේ මෙන්ම ගමේ මිනිසුන්ගේද උතුරා යන සෙනෙහස සහ සතුට සමග අපිද එක්වන්නෙමු. (දී)

:       0       0

ජබිර් ශාෆි Saturday, 02 August 2014 03:27 AM

මේවා නැවත මෙරටේ සිදු නොවීමට වග බලාගත යුතුය. (දී)

:       0       0

චන්දන Saturday, 02 August 2014 03:28 AM

ඕස්ට්‍රේලියාවේ සිට ලංකාදීප පත්‍රය සමග එක් වන අපි මේ දරුවාට සිදු වන්නට ගිය විපත අසා හරිම කනගාටුවට පත් වුනා. මේ දරුවා බේරා ගැනීමට උදව් කල සැමට අපේ ආචාරය. (දී)

:       0       0

පෙරේරා Saturday, 02 August 2014 03:33 AM

සන්තෝසයි (දී)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 02 August 2014 03:37 AM

මුළු රටේම අවධානයෙන් සිටි සානුකම්පිත පුවතක්,මේ විධියට නිමාවීම දරුවාගේ වාසනාවක්. ශ්‍රී ලංකා පොලිසියට මෙන්ම මාධ්‍යයට මේ වෙනුවෙන් කම්පාවූ, කනගාටුවූ,සැමගේ ගෞරවය හිමි විය යුතුයි (දී)

:       0       0

හසිත Saturday, 02 August 2014 03:41 AM

මේකට මුල් වූ ඥාතියා එකත් එකටම මේ පවුලේ සල්ලි වලට කෑදරකමට හොඳට සැලසුම් හිතාගෙන හිටපු කෙනෙක් වෙන්න ඇති. සමහර වෙලාවට මේ ලෝකේ සතුටු කරන්න අමාරුම සත්ව කොට්ටාශය තමයි නෑදෑයන්. කොච්චර දුන්නත් සතුටු වෙන්නේ නැහැ. තමන් මහන්සි වෙලා හරි හම්බ කරගන්නේ නැහැ. අනුන්ගෙන් යැපෙන්න බලන් ඉන්නේ. ඉපදෙන්නෙම පරපෝෂිතයෝ වගේ අනුන් ගේ දෙයක් කඩා වඩා ගන්න බලා ගෙන .(දී)

:       0       0

ගමගේ Saturday, 02 August 2014 03:46 AM

හොද ආරංචියක් (දී)

:       0       0

සෙනරත් Saturday, 02 August 2014 03:47 AM

ඇත්තටම නීති වේදීන් මොවුන්ට පෙනිහිටින්නේ නැත්නම් උසාවියෙන් මොවුන් හොද දඬුවම් ලබනවා. එමනිසා නීති වේදීන් දරුණු අපරාද කාරයෝ බේරන්න උත්සහ කරන්න එපා. කවද හරි දවසක එයාලටත් මේ දුක ලැබෙන්න පුළුවන්. පොලිසියට මගේ ප්‍රණාමය. (දී)

:       0       0

ජානක Saturday, 02 August 2014 03:49 AM

දරුවා සොයා ගැනීමට කටුතුකල හැමදෙනාට ම පින්. අපට ඇති එකම සැනසීම දරුවා ජීවත්වනු දැකීම පමණයි (නදී)

:       0       0

වසන්ති Saturday, 02 August 2014 03:50 AM

කරුණාකර ලංකාවේ සිදුවන අපරාදවලට හේතු හොයා ඒවාට පිළියම් යොදන්න. ඒ වගේම පොලීසිය සහ අදිකරණය ස්වාදීන ආයතන බවට පත් කරන්ඩ. ඉහල නිලදාරීන් පත් කිරීම,මාරු කිරීම වහාම ස්වදීන ආයතනයන්ට බාර දෙන්ඩ. (නදී)

:       0       0

මාලි Saturday, 02 August 2014 03:50 AM

සැනසිලිදායක ආරංචියක්. තවමත් බුදුදහම මේ ලෝකේ තියනවා. වැරදි වැඩ කරලා කාටවත් බෑ මේ ලෝකේ ජීවත් වෙන්න දඩුවම් ලබෙනවාමයි (නදී)

:       0       0

චන්දිම Saturday, 02 August 2014 04:02 AM

බුදු දහම් සත්‍යයි. අපරාද කරුවන්ට රජකාලේ දඩුවම් දෙන්න (නදී)

:       0       0

චන්දික සම්පත් Saturday, 02 August 2014 04:08 AM

ලංකාවටම සතුටු දායක පුවතක්. දිනිඳු යශේන් පුතා බේරා ගැනීමට මුල් වූ සියලුම දෙනාට ස්තූති වෙමි. (නදී)

:       0       0

අනුරුද්ධ ජයසුන්දර Saturday, 02 August 2014 04:34 AM

මොවුන්ගේ අවසන් අභිප්‍රාය කප්පම නොලැබුනොත්,ජීවිතය නැතිකිරීම නිසාත් දෙමව්පියන් හා ඥාතීන් නොමරා මරණ නිසාත් මොවුන්ට මරණ දඬුවම දිය යුතු නේද ..එවැන්නක් කලොත් මෙවැනි දේ නැවත සිදුවීම වැළක්විය හැකියි.(නදී)

:       0       0

බී.එම්.එල් බාලසුරිය Saturday, 02 August 2014 04:34 AM

අනේ ගොඩක් පින් චුටි පුතේ ඔයාට බුදු සරණයි,ගොඩක් සන්තෝසයි, (නදී)

:       0       0

දර්ශන Saturday, 02 August 2014 04:37 AM

පොලිසිය කළ සේවය විශිෂ්ඨයි. මෙහෙව් දෙයක් කරන්න පුලුවන් පොලිසිය තමයි හැමවිටම දොස් අහන්නේ. (නදී)

:       0       0

ටිරෝන් Saturday, 02 August 2014 04:38 AM

කොහොමද අපේ පොලිසියේ දක්ෂකම් මෙහෙව් පොලිසියේ තත්වය තමා අපේ දේශපාලන තුමන්ලා සහ සම හරක් නිලදාරීන් කාල දාන්නේ (නදී)

:       0       0

අනුහස් Saturday, 02 August 2014 04:39 AM

දේශපාලුවො ඇගිලි ගහන්නේ නැත්නම් අපේ ලංකාවේ පොලිසිය විශිෂ්ඨ සේවයක් කරනවා. පොලිසියට ජයවේවා.........(දී)

:       0       0

රුවන් Saturday, 02 August 2014 04:43 AM

ජීවිතාන්තය දක්වා හරි මරණ දඩුවම හරි දෙන්න අනිවාර්යයෙන්ම..නැතිනම් නිදහස් වෙලා ආවත් ආයෙත් ඔයවගේ වැඩ කරනවා. (දී)

:       0       0

තිලක් බණ්ඩාර Friday, 01 August 2014 05:33 PM

ඇති යාන්තම් මුළු ලෝකෙම බලාගෙන හිටපු කරුණක් (දී)

:       0       0

අංජන Friday, 01 August 2014 05:39 PM

මේ දරුවට නං බුදුසරණයි...!!! හැමෝම බලාගෙන හිටියේ මොකකින් මොකක් වෙයි ද කියල. පරීක්ෂණ නං ඉදිරියටම කරන්න. රටටම දැනගන්න කියන්න කව්ද මේ තරම් ආදරෙන් දවස් 4ක් ළමය බලාගත්තේ කියල. (දී)

:       0       0

ප්‍රියන්ත Saturday, 02 August 2014 04:47 AM

හිතට මාර සැහැල්ලුවක් දැනෙනවා මේක ඇහුවම (දී)

:       0       0

අශාන් Saturday, 02 August 2014 04:49 AM

පොලිසියට සැමගේ උපහාරය (දී)

:       0       0

ෂෙරිෆ් Friday, 01 August 2014 05:48 PM

අනේ වාසනාවන් අපේ ප්‍රාර්ථනාව ඉෂ්ට වුනා, සියලු දෙනාට වාසනාවන්ත අනාගතයක් පතමි, (දී)

:       0       0

සුරංග Saturday, 02 August 2014 04:54 AM

පොලිසියට ස්තූතියි.(දී)

:       0       0

සාගරිකා Saturday, 02 August 2014 04:55 AM

හැකි ඉක්‌මනින් පියවර ගන්න. පොලිසියට ස්තූතියි. (දී)

:       0       0

වසන්ත Friday, 01 August 2014 06:02 PM

ශ්‍රී ලංකා පොලිසියට මගේ උත්තමාචාරය (නදී)

:       0       0

ප්‍රසාද් Saturday, 02 August 2014 05:01 AM

ශ්‍රී ලංකා පොලිසියට මගේ ගෞරව ප්‍රණාමය. (දී)

:       0       0

ශිවා Friday, 01 August 2014 06:02 PM

ලංකාදීප තමා ඉක්මනින් සහ හරිම නිව්ස් දෙන්නේ. (නදී)

:       0       0

ලසන්ත Saturday, 02 August 2014 05:04 AM

දරුවා සොයා ගැනීම ගැන හදවතින්ම ශ්‍රී ලංකා පොලිසියට හා මාධ්‍යට අවංක ස්තුතිය (දී)

:       0       0

පෙරේරා Friday, 01 August 2014 06:06 PM

අපේ ලංකාවේ පොලිසියට සදා ජය වේවා ,මෙම අහින්සකයව බේරා දුන්නට (නදී)

:       0       0

වීරා Sunday, 03 August 2014 04:53 AM

ගලපිටමඬ, පැහැරගත් මිනිස්සු බලවත් වගේ ? (දී)

:       0       0

ක්‍රිෂාන්ති Friday, 01 August 2014 06:08 PM

මෙවැනි අපරාධ සඳහා අනිවාර්යයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා දිය යුතුයි. පොලීසියේ කැපවීම ගැන අපගේ ප්‍රසාදය ! (නදී)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Saturday, 02 August 2014 05:06 AM

දරුවා බේරාගැනීමට පොලිසියට වඩා මාධ්‍ය මහා මෙහෙවරක් කළා.පොලිසියටත් මාධ්‍ය ටත් අපගේ උපහාරය පුදමු.දරුවාට නිදුක් නිරෝගී දීර්ඝායු පතමි. (දී)

:       0       0

කුමාර Friday, 01 August 2014 06:09 PM

දරුවට බුදුසරණයි. මේ වගේ වේදනාවක් මිනිසුන්ට දෙන්න හදන අයට මේක හොද පාඩමක්. ලංකාවේ පොලිසිය ගැන ඇත්තටම ගොඩක් සතුටුයි. දරුවට අදවත් අමමගෙන් කිරිටිකක් බොන්න පුළුවන්. (නදී)

:       0       0

ජගත් Friday, 01 August 2014 06:13 PM

දෙවියන්ට ස්තුති වේවා (නදී)

:       0       0

කලීල බංඩාරවෙල Friday, 01 August 2014 06:26 PM

පොලිසියට ස්තුතියි (නදී)

:       0       0

කමල් Saturday, 02 August 2014 05:13 AM

බොහොම හොද වැඩක් නීතිය අකුරට ක්‍රියාත්මක කරන්න (දී)

:       0       0

චතුරංග Friday, 01 August 2014 06:27 PM

ශ්‍රී ලංකා පොලීසියට අපගේ ගෞරවනීය උත්තමාචාරය. සහාය දුන් සියලු දෙනාට තෙරුවන් සරණයි. (නදී)

:       0       0

සුමනා Friday, 01 August 2014 06:28 PM

ඇති යන්තන් දරුවට කරදර යක් නැතුව බේරුවා (නදී)

:       0       0

ඩබ් ජේ එන් පෙරේරා Saturday, 02 August 2014 05:14 AM

නැවතත් මෙවන් අපරාද සිදු නොවන්න නිසි උපරිම දඩුවම් දෙන්න (දී)

:       0       0

ප්‍රියංගා Friday, 01 August 2014 06:27 PM

ළමයා ලැබුනත් මේ වගේ වැඩ කරන අයට උපරිම දඬුවම් ලබාදෙන්න. නැත්තම් තව දරුවෙකුට මේ ඉරණම විදින්න වෙනවා.(නදී)

:       0       0

අත්තනායක Friday, 01 August 2014 06:33 PM

හරිම සතුටු දවසක්.නායකයින් නීතියට ගරු නොකරනවිට,සමාජය ඉබාගාතේ යනවා. (දී)

:       0       0

සශික පෙරේරා Saturday, 02 August 2014 05:21 AM

මේ වගේ මංකොල්ල කාරින්ට උපරිම දඩුවම් දිය යුතුය , දරුවා සොයා ගන්න උපකාර කල සැමට පින් (දී)

:       0       0

භාෂි Friday, 01 August 2014 06:36 PM

කරුමක්ක්කාර මිනිස්සු (දී)

:       0       0

දර්මසෙන Friday, 01 August 2014 06:36 PM

නිතිය අකුරටම ඉටුකළ යුතු අවස්තාවක් මේක (දී)

:       0       0

උපුල් Friday, 01 August 2014 06:36 PM

ඔබලාට පින් (දී)

:       0       0

සුසන්ත Friday, 01 August 2014 06:38 PM

මා ස්තුති කරනවා දෙවියන්ට..... මේ දුන් පණිවිඩයට.... ඔබ සදා ජිවමානයි (දී)

:       0       0

ශානක Friday, 01 August 2014 06:39 PM

අපේ සුබපැතුම් (දී)

:       0       0

සුනිල් විතානගේ Friday, 01 August 2014 06:38 PM

කෝ මේ පොලිසියට හැමදාම අපහාස කරන අපේ රටේ කට්ටිය (දී)

:       0       0

හොඳ ළමයා Friday, 01 August 2014 06:39 PM

පොලිසියේ අගනා ක්‍රියාවක් ළමයට දෙවියන්ගේ පිහිටෙන් ගෙදර එන්න හම්ම්බ උනා (දී)

:       0       0

ජිවන්ත දිසානායක Friday, 01 August 2014 06:41 PM

අපේ පොලීසිය ලොව හොදම පොලිසිය බවට නැවතත් තහවුරැ කලා දිනිදු ඔබට දීර්ඝායු වේවා මෙම උතුම් කටයත්ත වෙනුවෙන් කැපවු සියලු නිලදරැවනි ගම්වැසියනි..................ඔබ සැමටි මේ තුතිමල් මිට (දී)

:       0       0

පද්මිනී Saturday, 02 August 2014 05:44 AM

දේශපාලකයකු නොගැවුණු සැම තැනකම අපේ පොලිසිය තමන්ගේ නිළ ඇදුමේ ගරුත්වය රැකගෙන දක්ෂ ලෙස වැඩ කලා. මේ තියෙන්නේ උදාහරණ. පොලිසියට අපේ උපහාරය (නදී)

:       0       0

රුවන් Friday, 01 August 2014 06:44 PM

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අපගේ ප්‍රණාමය! (දී)

:       0       0

දිනේෂ් Saturday, 02 August 2014 05:49 AM

මෙවැනි අපරාධකරුවන්ට උපරිම දඩුවම් ලබා දෙන්න ඕනේ. සුභ පැතුම්! (නදී)

:       0       0

සුසන්ත Friday, 01 August 2014 06:44 PM

පොලිසියට අපගේ ආචාරය...... (දී)

:       0       0

ශිලා Saturday, 02 August 2014 05:48 AM

සුභපැතුම් මගේ පුතාට (දී)

:       0       0

එශාන් Saturday, 02 August 2014 05:50 AM

පොලිසියට ස්තුතියි (දී)

:       0       0

සුරංග මුදියන්සේ Friday, 01 August 2014 06:47 PM

අල්ලා ගත්තනම් ආයුද තියෙන්නේ කොහෙද කියල අහන්න අමතක කරන්න නම් එපා. (දී)

:       0       0

ශම්මි Saturday, 02 August 2014 05:50 AM

උපරිම දඩුවම් දෙන්න (දී)

:       0       0

සුනිල් විතානගේ Friday, 01 August 2014 06:47 PM

කෝ අපේ පොලිසියට මඩ ගහන කට්ටිය (දී)

:       0       0

ශානිකා Saturday, 02 August 2014 05:50 AM

නැවත මෙවන් දේ නොකරන්න අච්චු කරන්න (දී)

:       0       0

රුවන් Friday, 01 August 2014 06:49 PM

ශ්‍රී ලංකා මුළු පොලිස් බලඅැනියටම සහ රහස් පොලිසියටම උපහාර (නදී)

:       0       0

දමයන්ත Saturday, 02 August 2014 05:50 AM

අම්මාලා තාත්තලා මේවා ආදර්ශයට ගන්න (දී)

:       0       0

සුදත්-ඩුබායි Friday, 01 August 2014 06:52 PM

මේ පුවත ඉතාම සන්තෝෂ ජනක එකක් වනවා නොඅනුමානයි. ඔව් අපි කාටත් පොලිසියට ගොඩාක් පිං. එ් වගේම අපේ පොලිසියට ස්‌තූතියි. (නදී)

:       0       0

දමයන්ත Saturday, 02 August 2014 05:50 AM

තෙරුවන් සරණයි (දී)

:       0       0

රිස්මී මන්සුර් Friday, 01 August 2014 06:52 PM

ඇත්තටම සතුටු පුවතක්. මෙවන් ක්‍රියා කිසිදිනක නොඅසන්නට වග බලා ගත යුතුයි. පොලීසියට මගේ උත්තමාචාරය (නදී)

:       0       0

දිනේෂ් Saturday, 02 August 2014 05:49 AM

මෙවැනි අපරාධ කරන අයට උපරිම දඩුවම් දෙන්න ඕනේ (දී)

:       0       0

උපුල් Friday, 01 August 2014 06:53 PM

අපේ පොලිසිය හරි දක්ෂයි. හරියට නීතිය කරන්න දෙනවා නම් ලංකාවේ අපරාද නවතන්න පුළුවන් (නදී)

:       0       0

නේත්‍රා Saturday, 02 August 2014 05:50 AM

ඔබට බුදු සරණයි (දී)

:       0       0

නිහාල් විතානගේ Friday, 01 August 2014 06:55 PM

පොලිසියට ජයවේවා. (නදී)

:       0       0

ජෙරාඩ් Saturday, 02 August 2014 05:49 AM

ගෙදර අයට කොච්චර සතුටු ඇත්ද? (දී)

:       0       0

මහාසේන Friday, 01 August 2014 06:58 PM

අපේ පොලිසියේ මහතුන්ට විශේෂ ස්තුතිය මොනවා හරි ක්‍රමයකින් දරුවා නිරුපද්දීතව සොයා ගත්තා. රටේ දරිද්‍රතාවය ඉහල යාම මුදල් උදෙසා මිනිසුන් තිරිසන් වීම මේවා ඉතින් වග කිව යුත්තන් විසින් නිසි පරිදි විසදුම් දිය යුතු කාරණා.(නදී)

:       0       0

උපුල් Saturday, 02 August 2014 05:50 AM

පොලිසියට හා මාධ්‍යට අපගේ උත්තමාචාරය (දී)

:       0       0

ඇලෙක්සැන්ඩර් Friday, 01 August 2014 07:01 PM

මුන්ට දෙන්න රජකාලේ දඬුවම්. මෙන්න මුන්ව එක්ක යන්න අනේ ආයුද පෙන්නන්න. අපි මොනවත් කියන්නේ නැහැ (නදී)

:       0       0

හසිත Saturday, 02 August 2014 05:49 AM

දරුවාට බුදුසරණයි (දී)

:       0       0

මාලක සමීර Friday, 01 August 2014 07:03 PM

පොඩි පුතාට බුදුන්ගේ පිහිටයි (නදී)

:       0       0

දීපාල් Saturday, 02 August 2014 05:49 AM

මේ අපරාධ කරුවන්ට නිසි දඬුවම් දෙන්න (දී)

:       0       0

ලංකා පුත්‍ර Friday, 01 August 2014 07:05 PM

අනේ වාසනාවන්. මමත් හරිම කණගාටුවෙන් හිටියේ. හිතට හරිම සතුටක්. දෙමපින්ට නිවන් දැකකා වගේ ඇති. දරුවට බුදුසරණ ලැබේවා.(නදී)

:       0       0

ජගත් Friday, 01 August 2014 07:04 PM

මේ අයව බල්ලන්ට කන්න දෙන්න ඕනා. (නදී)

:       0       0

එල්.කේ.එස් චන්ද්‍රසිරි Friday, 01 August 2014 07:07 PM

අද දවසේ අහන්න ලැබුන සතුටු දායකම ආරංචිය (නදී)

:       0       0

පුෂ්ප කුමාරි Saturday, 02 August 2014 05:56 AM

ලංකාවේ බොහොම පිරිසක් ආකල්ප අතින් හරිම පහත තත්වයක ඉන්නේ . ඉතා කුඩා අවදියේ සිට ආකල්ප දියුණු කල යුතුය . නීති මාර්ග වලින් හරි හැදියාව දියුණු කල යුතුය . තරුණ ඇමති වරු හරි එකතු වෙලා රට හදිය යුතුය (දී)

:       0       0

එන්. අමරසිංහ Friday, 01 August 2014 07:09 PM

පුංචි පුතු සොයන්න වෙහෙසුන සියලුදෙනාටම ජාති ජාතිත් පින් මෙන්ම , මේ වෙනුවෙන් වෙහෙසුණු සියලුම පොලිස් නිළධාරීන්ට ජාතියේ උත්තමාචාරය! මින් මතු මෙවැනි අමානුෂික සිතුවිලි කිසිවෙකුටත් පහල නොවේවා! (නදී)

:       0       0

ජනක Saturday, 02 August 2014 06:03 AM

එපා දෙන්න නිදහසක් (දී)

:       0       0

ධර්මලතා Friday, 01 August 2014 07:12 PM

ගොඩක් සතුටුයි. මෙහෙයුමෙහි යෙදුන සියලු නිලදාරීන්ට ප්‍රශංසා කරමි. (නදී)

:       0       0

එමි කේ තිලින Saturday, 02 August 2014 06:05 AM

මෙවැනි අපරාධ කරුවන් එල්ලුම් ගස් යැවිය යුතුයි (දී)

:       0       0

සනත් Friday, 01 August 2014 07:13 PM

මේ රෑ ලංකාදීපෙ බැලුවෙම මේ ගැන හොඳ තොරතුරක් බලාපොරොත්තුවෙන්, ඒ දෙමව්පියන්ට යන්තම් සහනයක් ලැබුන එක ලොකු සතුටක්. මේ ගින්න දුන්න අමනුස්සයින්ට නම් ලොකු පාඩමක් ඉගෙන ගන්න කටයුතු කරන්න වෙයි.(නදී)

:       0       0

මහින්ද Saturday, 02 August 2014 06:07 AM

මේ මොහොත මුළු රටම එක්වී සිටියේය . අපරාද කරුවන්ට නිතිය උපරිම දඩුවම ලබා දිය යුතුයි (දී)

:       0       0

උපුල් ශාන්ත Friday, 01 August 2014 07:15 PM

පොලිසිය මේ කල සේවය අගය කල යුතුයි. ඒ වගේම ඒ තිරිසනුන්ට දස වධ දී ප්‍රසිද්ධියේ මරා දැමිය යුතුයි. (නදී)

:       0       0

සිරි Friday, 01 August 2014 07:21 PM

පින්තුර දාන්න මේ කවුද කියල මිනිස්සුන්ට දැන ගන්න. (දී)

:       0       0

නයන Friday, 01 August 2014 07:26 PM

යන්තම් එති.පොලිසියට බොහොම ස්තුති .දරුවට බුදු සරණයි මට ආරංචියට කදුලුත් අව (දී)

:       0       0

නෙතුක මදුමාල් Saturday, 02 August 2014 06:09 AM

පුතාට ජීවිතය රැක ගන්න හැමෝගෙම ආශිර්වාධ ලැබුන (දී)

:       0       0

ජානක Saturday, 02 August 2014 06:12 AM

මමත් මීගැලේවේ පොලිස්සියට මාධ්‍යට ගොඩක් පින් මේ වගේ වැඩ කරපු අයගේ අත පය කපලා දාන්න ඕනේ (දී)

:       0       0

චමල් Friday, 01 August 2014 07:26 PM

ඔන්න ඔය වගේ අයව ආයුද පෙන්නන්න එක්කන් ගියාට කමක් නැහැ. කවුරුත් මුකුත් කියන්නේ නැහැ. අත පය තියෙන්නේ හම්බකරන් කපල්ලකෝ අනිත් මිනිස්සු අමාරුවෙන් හම්බකර ගත්තු දේවල් මංකොල්ල කන්නේ. (දී)

:       0       0

ෂෙරිෆ් Friday, 01 August 2014 07:34 PM

දරුවාව නිරුපද්‍රිතව එම දෙමාපියනට ලබාදීම ගැන පොලිස් නිලධාරීන්ට සහ බුද්ධි අංශ සහ රහස් පොලිසියට අපගේ උත්තමාචාරය පුද කරන්නෙමු, (දී)

:       0       0

දයා Saturday, 02 August 2014 06:19 AM

දරුවා බේරගත්තට හැමට පින්. නමුත් මේ අපරාද කරුවන්ට මහජනතාව ඉදිරිපිට දඩුවම් දෙන්න පුලුවන්නම් තමා හොද (දී)

:       0       0

කුමාර් Friday, 01 August 2014 07:35 PM

පොලිසියට මගේ උත්තමාචාරය (දී)

:       0       0

සම Friday, 01 August 2014 07:37 PM

මමත් මේ දරුවා වෙනුවෙන් කඳුළු හැලුවා..දෙවියන්ගෙන් ඉල්ලා සිටිය මේ දරුවා බේරා දෙන්න කියල..හරිම සතුටුයි,,පොලිසියට ,උදව් කරපු හැම දෙනාටම..කල්පනාවෙන් වැඩ කරපු මාධ්‍යට ගොඩක් පින්,, (දී)

:       0       0

කමල් Saturday, 02 August 2014 06:23 AM

දේශපාලන ඇගිලි ගැසීම් නැත්නම් ලංකාවේ පොලීසිය කොච්චර ලස්සන දක්ෂ පොලීසියක් වේවිද (දී)

:       0       0

රොෂාන් Friday, 01 August 2014 07:38 PM

සැක කරුවන්ගේ ඇට කුඩු වේවා...! (දී)

:       0       0

කොස්වත්ත Friday, 01 August 2014 07:43 PM

දෙවියන් වහන්සේට ස්තුති වේවා (නදී)

:       0       0

ප්‍රියා Friday, 01 August 2014 07:44 PM

දැනුයි මගේ අඟට ලේ ඉනුවේ. පුතාට බුදු සරණයි (නදී)

:       0       0

කුසුමලතා Friday, 01 August 2014 07:47 PM

සියලු දෙවි පිහිටෙන් රත්තරන් දරුවා ලැබුනා. අම්මෝ මට හරිම සතුටක් දැනුනේ. (නදී)

:       0       0

රාසික් ( කටාර් ) Friday, 01 August 2014 07:47 PM

ඔය දරුවාව බේරාගැනීමට උදව් කල සියලුම දෙනාට සහ විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොලිසියට මගේ හර්දයාංගම ස්තුතිය. ඕකට සම්බන්ද අයට ජීවිතාන්තය දක්වා සිරදඬුවම දෙන්න ඕන. ඇප දීලනම් එලියට යැවුවත් දෙවියෝ දඬුවම් කර‍ාවි. (නදී)

:       0       0

ධනුෂ්ක Saturday, 02 August 2014 06:32 AM

අපරාදෙ අත්අඩංගුවට ගත්තෙ. කට්ටියට පැනල යන්න දීල වෙඩි තියන්න තිබ්බෙ. (දී)

:       0       0

චමින්ද Friday, 01 August 2014 07:55 PM

දෙවියන්ට ස්තුති වේවා.මේ දරුවාගේ පියා සාධාරණව මුදල් හම්බ කරන ව්‍යාපාරිකයෙක් වෙන්න ඇති. ඒ නිසයි දරුවා මේ තරම් ඉක්මනින් හම්බ වුනෙත්. දරුවාට කරදරයක් සිදු නොවුනෙත්. (නදී)

:       0       0

රාසික් කටාර් Friday, 01 August 2014 07:55 PM

ඔය දවස් ගානට ඔය අසරණ දරුවට මොනවා හිතෙන්න ඇද්ද?එයාගේ අම්ම තාත්ත කොච්චර දුකෙන් ඉන්න ඇද්ද. සියලුම ලක්වාසීන්ගේ ප්‍රාර්ථනාවල් හින්දා තමා ඔය දරුවා බේරුනේ. මුදලට ගිජු අර කාලකන්නි ටිකට නම් හොඳක් නම් සිද්ද වෙන්න එපා. කෙසේ හෝ උන්ට උපරිම දඬුවම ලබාදෙන්න කියල මේ කොමන්ට් එක බලල තම තමන්ගේ දෙවියන්ගෙන් ප්‍රර්තනාකරන්න. (නදී)

:       0       0

වසන්ත එදිරිසිංහ Friday, 01 August 2014 07:55 PM

ශ්‍රී ලංකා පොලිසියට මගේ උත්තමාචාරය ,දරුවට තෙරුවන් සරණයි (නදී)

:       0       0

නිමාලි Saturday, 02 August 2014 06:39 AM

පාලිත මහතා කියන එක ඇත්ත . සමහර මිනිසුන් නෑදෑයන් ගේ දේවල් කඩා වඩා ගන්න පුදුම දහන් ගැට ගහන්නේ. අපේ ගමේ එක්තරා විවාහක යුවලකට දරුවන් හිටියේ නැහැ . සැමියා හදිසියේ මියගියා. එයින් මාස 3 ක ගතවුණා විතරයි හරිම පුදුම විදියට බිරියත් අනතුරකින් මිය ගියා . මිනිය උස්සන්නත් කලින් සැමියාගේ සහෝදරියෝ ඇවිත් ඔවුන්ගේ දේපල ඔක්කොටම අයිතිය කියා ගත්තා. ගමේ කට්ටිය නම් කිව්වේ ඔප්පු කරන්න සාක්කි නැති වුනාට කාන්තාවගේ මරණය සැක සහිතයි , දේපල ලියා දෙන්න කියල සැමියාගේ ඥාතින් ගෙන් කරදරයි කියල ගමේ කීප දෙනෙක් සමගම මියගිය බවලතා ඊට කලින් කියා තිබුනා කියලා. (දී)

:       0       0

සිරිමල් රෝසා Friday, 01 August 2014 07:57 PM

ඉතාමත්ම සතුටු ආරංචියක්. ඒ දරු පැටියා සොයාගැනීමට පිහිට වූ සැමටම අනේක වාරයක් ස්තුති වේවා. රෑ නින්දෙදී පවා මට ඒ දරු පැටියා ගැන සිහිවී වේදනාවට මා පත්වූවා. දැන් මගේ හිතටත් සැනසීමයි. (නදී)

:       0       0

දුම්මලසූරිය Friday, 01 August 2014 07:57 PM

අම්මෝ හිතට පුදුම සහනයක් දැනුනේ. චුටි පුතා හොදින් ඉන්න එක ගැන දෙවියන්ට ස්තුති වේවා! ඒ අම්මටයි තාත්තටයි කොච්චර සතුටු ඇතිද?. ඔය අපරාධය කල තිරිසනුන්ට මරණීය දඩුවම නියම කරන ලෙස ජනාධිපති තුමාගෙන් ඉල්ලා සිටිනවා.(නදී)

:       0       0

ශිරෝමි- පිළියන්දල Saturday, 02 August 2014 06:42 AM

ඉදිරියට කව්රුන් හෝ මෙවැනි දෙයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නම් ඔව්න් දැනගත යුතුයි මෙවැනි දේ කරලා බේරිලා ඉන්න බැරි බව. ස්තුති පොලිසියේ මහත්තුරුන්ට (දී)

:       0       0

සුජිත් Friday, 01 August 2014 08:09 PM

සිත නිවී සැනසී ගියා. පුතේ ඔයාට බුදුසරණයි. (දී)

:       0       0

ධර්ම Friday, 01 August 2014 08:32 PM

කිසිම නීතිවේදී මහත්තයෙක් මේ සදහා ඉදිරිපත් නොවිය යුතුය (දී)

:       0       0

සරත් Friday, 01 August 2014 08:37 PM

මේ වගේ කට්ටියට ප්‍රසිද්දියේ මරණ දඩුවම් දෙන්න ඕනේ.තව කාටවත් මේ වගේ දෙයක් කරන්න හිටන්නවත් බේරී වෙන විදිහට (දී)

:       0       0

නිශාන්ත Friday, 01 August 2014 08:40 PM

අනේ ජාති ජාතිත් පින් සිද්ද වෙනවා කරපු උදව්වට දෙමාපියෝ කොච්චර සන්තෝස වෙනවා ඇද්ද. (දී)

:       0       0

සම්පත් Friday, 01 August 2014 08:46 PM

දෙමුපියෝ වශයෙන් අපිත් මේ දවස් ටීකෙම ගොඩක් දුකින් කාලය ගෙය්වේ.. මුදල් නීසා කුඩා දරුවන්ගෙන් පවා පලිගන්න මෙවනී නරුමයන්ට අමතක නොයන දඩුවම් කරන්න ඔනී (දී)

:       0       0

යුවාන Friday, 01 August 2014 08:52 PM

මේ ළමයාව බේරා ගන්න මාධ්‍ය කල මෙහෙවර ඉතාම ඉහලයි විශේෂයෙන් ලංකාදීප...ගොඩක් ස්තුතියි (දී)

:       0       0

ප්‍රියන්ත Saturday, 02 August 2014 06:55 AM

කළු කෝට් මහත්වරු මේ අයව බේරගන්න ඉදිරිපත් නොවේව කියල මුළු ලංකාවාසීන්ම බලාපොරොත්තු වෙනවා (දී)

:       0       0

චන්දි කුවේට් Friday, 01 August 2014 09:10 PM

දරුවට දෙවියන්ගේ පිහිටඊ,,දෙමව්පියන්ට මොන තරම් සතුටක් ඇතිද දරුවාව දැක්කම අපිත් හරිම දුකෙන් හිටියේ (දී)

:       0       0

සෑම් Friday, 01 August 2014 09:11 PM

සතුටුදායක පුවතක්. මගේ හිතේ ලොකු බයක් තිබුනා මේකත් මතුගම සමන් කුමාර දරුවාගේ සිද්ධිය වගේ වෙයි කියලා. (දී)

:       0       0

නලින් යහම්පත් Friday, 01 August 2014 09:18 PM

දරුවා සොයා ගැනිමට හැකිවිම ගැන පොලිසියට ස්තුති වන්ත වනවා , වාගේම , මෙහි නොපෙනෙන ගුප්ත රහසක් තිබෙන බව පේනවා . දරුවා පැහැර ගත් ආකාරයත් දරුවා මහා මග දමා ගිය කරුනුත් , ගුප්ත දෙයක් . පොලිසියට අසු නොවී මෙසේ කිරීම සහ , දෙනෝ දාහක් මැද පැහැරගැනීම කල දෙයත් (දී)

:       0       0

හරිස් Friday, 01 August 2014 09:36 PM

ජීවිතයට කරදරයක් නොවී බේරුනා එක ලොකු වාසනාවක්. මුළු පවුලටම තෙරුවන් ආශීර්වාදය ලැබේවා (නදී)

:       0       0

වගේගොඩ සීලානන්ද නා හිමි ඉතාලි Friday, 01 August 2014 09:43 PM

මෙම දරුවා සොයා ගැනීමට ක්‍රියාකල ෆොලිස් නිලධාරී සැමට,යෝදබල, යෝද ශක්තිය, ලැබේවා. සැමට තෙරුවන් සරණ පතමි. (නදී)

:       0       0

මුදි දසනායක Friday, 01 August 2014 09:49 PM

අද 01 දා ලංකාවෙන් සැතපුම් 10,000 එපිටින් සිටියද, මෙතෙක් මෙම අවාසනාවන්ත සිදුවීම පිලිබඳ දැඩි කණගාටුවෙන් සිටියෙමි. මෙම සතුටුදායක පුවත හිමිදිරියේදී පළමුවෙන්ම දැකීම කිව නොහැකි සතුටක් හා සැහැල්ලුවක් ගෙනදුන්නකි. දිනිදු පුතුට තෙරුවන් සරණයි ! - මුදි දසනායක ඇතුළු දියණියන් දෙදෙනා සහ බිරිඳ - (නදී)

:       0       0

ගාමිණී Friday, 01 August 2014 09:49 PM

මේ දරුවා බේරාගත් සියලු දෙනාට ජයවේවා. බොහොම පින්. (නදී)

:       0       0

සරත් Friday, 01 August 2014 10:00 PM

දැනුයි ලේ ටිකක් ඉනුවේ..රට දාල යන තරමටම හිත අවුල් වෙලා තිබුනේ හිත හොඳ සොරුන් ටිකක්. අතේ පයේ වැඩක් කරලා හම්බ කරගෙන කෑවොත් නම්බු කාරයි හොර මහතුනේ. (නදී)

:       0       0

ක්‍රිස්ටෝ Friday, 01 August 2014 10:00 PM

දෙවියන් වහන්සේට ස්තුති වේවා (නදී)

:       0       0

බන්දුල ‍ Friday, 01 August 2014 10:26 PM

මේ වගේ පොලිසියක් අපට හැමදිනකම දකින්න අහන්න ලැබෙනවා නම් කොච්චර සතුටක්ද? ආඩම්බරයක්ද? කොන්ද කෙලින් තබාගෙන ඉන්න හැකි පොලිසියක් අද දවසේ අවශ්‍යතාවයයි (නි)

:       0       0

තිස්ස Friday, 01 August 2014 10:31 PM

අනේ සාදු! දරුවාට කරදරයක් කරලා නැහැ කියලා හිතනවා.අපේ පොලිසිය හොඳයි (නි)

:       0       0

තිලක් Friday, 01 August 2014 10:38 PM

විශිෂ්ට කාර්යයක් (නි)

:       0       0

ඩී.එන්.කේ. මෙන්ඩිස් Friday, 01 August 2014 10:53 PM

මෙවැනි සාපරාධී ක්‍රියා කරන පුද්ගලයන් හට නීතියේ අපරාධකරුවෙකුට හට ලබා දිය හැකි ඉහළම දඩුවම ලබාදිය යුතු අතර,මෙවැනි ක්‍රියා ලංකාව තුළ තව දුරටත් සිදු නොවීමටත්, සිදු කිරීමට උත්සාහ දරන පුද්ගලයන් හට ජිවත්වීමේ අයිතිය නැතිකර දැමිය හැකි ලෙස කටයුතු කළ හැකි නම් හොඳ බව සිතමි.සහකාර පොලිස් අධිකාරීවරයා ඇතුළු අනෙකුත් මේ සදහා සහය ලබාදුන් අයට මාගේ හෘදයාංගම ස්තූතිය. (නි)

:       0       0

මැක්සි Friday, 01 August 2014 10:56 PM

හිතට සැනසිලිදායක පුවතක් (නි)

:       0       0

පාලිත Friday, 01 August 2014 11:48 PM

මම කලින්ම සැකයට කිව්වා මේකට පවුලේ කවුරුහරි සම්බන්ධ ඇති කියලා. ඔය තියෙන්නේ ඥාති කෙනෙක් සම්බන්ධයි කියලා. අද කාලයේ තමන්ගේ නෑදෑයන් වුණත් පමණට වඩා විශ්වාස කරන්න බැරි කාලයක්. මම හැමෝටම කියන්නේ තමන් දෙවියන්ගේ පිහිටෙන් කාලා ඇඳලා ජීවත්වෙනවා නම් , පවුල සමගි නම්, දරුවන් හොඳට ඉගෙනගන්නවා නම්, පළමුව ප්‍රවේශම් වෙන්න ඕනෑ තමන්ගේ නෑදෑයන්ගෙන්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 154 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 174 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 73 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


රජයේ වාහන 4000ක් උස්සලා
2024 සැප්තැම්බර් මස 28 1237 0

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති


වෙල්ගම් දිවිසරිය නිමා කරයි
2024 සැප්තැම්බර් මස 28 1507 1

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.


කෝන්වැවට අලි තර්ජන නිමක් නෑ
2024 සැප්තැම්බර් මස 28 127 0

කහටගස්දිගිලිය කෝන්වැව සහ පඬරැල්ලෑව ගම්මානයට නිරන්තරයෙන් වන අලින්ගේ ග්‍රාහනය හේතුවෙන් ගම්වාසීහු දැඩි ජීවිත තර්ජනයකට ලක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37825 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24931 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 742 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site