IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


මීගලෑව දරුවා ගල්තලාවකත් රඳවාගෙන

ගල්ගමුවේ දරුවා පැහැරගත් සිව් දෙනා රැඳවුම් නියෝග මත රහස් පොලිසියෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කප්පම්කරුවන් එම දරුවා අඹන්පොළ නිවසක ද, අඹන්පොල හා මීගලෑව අසල කැලේ මහ ගල් තලාවක ද රඳවාගෙන සිටි බව ද කියති.

ඔවුන් සිම් කාඩ් හතක් පාවිච්චි කරමින් දරුවාගේ සීයා සමග කප්පම් ඉල්ලා ඇති බව ද පොලිසිය කියයි. එක් සිම් කාඩ් පතක් ලබාගෙන ඇත්තේ කොළඹ නාටාමි කෙනකුගේ හැඳුනුම්පතක් උපයෝගී කර ගනිමිනි.

සිම් කාඩ් සපයන්නකු එම හැඳුනුම්පතට  සිම්කාඩ් දෙකක් නිකුත් කර ඇති බවත්, එම පුද්ගලයා ද දරුවා පැහැරගැනීමට ආධාර හා අනුබල දීම යටතේ අත්අඩංගුවට ගන්නා බවත් පොලිසිය පවසයි.

GALGAMUWA-SANJEEWA-(1) GALGAMUWA-SANJEEWA-(3) GALGAMUWA-SANJEEWA-(5) GALGAMUWA-SANJEEWA-(6) GALGAMUWA-SANJEEWA-(9) uklk

IMG_8040 IMG_8049 IMG_8051

 



අදහස් (0)

මීගලෑව දරුවා ගල්තලාවකත් රඳවාගෙන

මාටින් Sunday, 03 August 2014 09:17 AM

ලංකාවේ වන්දනා නඩවලට අලුත් තැනක් හොයල දුන්නට ස්තුති කරනවා. දැන් ඉතින් ඔය ගල් ගුහාව බලන්න යමු ඔය ගමේ අහිංසකයින්ට තුට්ටු 2 ක් හොයා ගන්න පුළුවන් (නදී)

:       0       0

මාර්ටින් Sunday, 03 August 2014 09:20 AM

අපේ පොලිසිය දේශපාලනය වෙලා නැත්නම් නියම වැඩකාරයෝ ඉන්නේ ලෝකේ හොදම පොලිසියක් (නදී)

:       0       0

ලංකා විතානගේ Sunday, 03 August 2014 11:00 AM

ඒ නඩුවේ සාක්කිකාරයා මැරිලා තියෙන්නේ ළිදේ හිටපු ගෙම්බෙක් ගොඩ දාන්න ගිහීල්ලාලු (නදී)

:       0       0

ජයන්ත Sunday, 03 August 2014 12:33 PM

මේ වගේ අයට කකුල් දෙකෙන් එල්ලලා මැරෙනකම් ගහන්න ඕනා (නදී)

:       0       0

රේණුකා දමයන්ති Monday, 04 August 2014 09:47 AM

ලෝකේ තියන පොලිසි අතරින් අපේ ලංකාව පලවෙනි තැනට අපිට රටට ලොකු ආඩම්බරයක් ඒ වගේම මේ අපරාද කරුවන්ට නැවතත් මේ වගේ අපරාදයක් නොකරන්න උපරිම දඩුවම් දෙන්න ඕනි නෙතිනම් තවත් අහිංසක ජීවිත කියක් බිලිගනිද දන්නේ නැහැ ඉදිරි කාලේදී (දී)

:       0       0

චන්ද්‍රානි Sunday, 03 August 2014 01:58 PM

මේවාට සම්භන්ධ සියලු දෙනාටම මරණ දඩුවම දෙන්න (දී)

:       0       0

ගාමිණී දිසානායක Monday, 04 August 2014 03:14 AM

තිරිසන් සතුන් මොන තරම් තමන්ගේ පැටවුන්ට ආදරෙයිද. තිරිසන් ගතිවත් මිනිස් තිරිසනුන්ට නොමැති එක දුකයි. (දී)

:       0       0

නිසංසලා සෙනෙවිරත්න Monday, 04 August 2014 07:23 PM

මේ දාමරිකයන්ගේ සිත් දරුවා වෙනුවෙන් දාමරික වෙලා නැහැ කියලා මම කියෙව්වා. ඔවුන් කුඩා දරුවට නුඩ්ල්ස් කන්නදීල නංගියෙකුත් සෙල්ලම් කිරීමට ගෙනත් දීලා. දරුවට කිසි අන්තරාවක් වෙලා නැහැ. කොහොම උනත් කරපු වැරැද්දට දඬුවම් කල යුතුය. (නදී)

:       0       0

කින් බෙනට් Sunday, 03 August 2014 03:08 PM

මම පොලිසියට පොඩි උපදෙසක් දෙන්නම් ... ඔය කට්ටියව ගල්ගුහාව , කුලී ගෙවල් , ආයුද බලන්න එක්ක යනවා නම් අත් දෙක පිටුපසට කර මාංචු නොදා හොඳ රනින් සූට් ටිකක් එහෙම අන්දලා ගෙනියන්නල ...මොකද එතකොට පැනල දුවන්නත් ලේසියි අර වැඩේ කරන්නත් ලේසියි .. (දී)

:       0       0

බුද්ධික Sunday, 03 August 2014 03:39 PM

මේ අයගේ දරුවන්ගේ වැඩ වලට අන් අයගේ දරුවෝ බිල්ලට තියනවා. අලුත් අපායක් ඉබේම හැදෙයි (නදී)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 03 August 2014 05:38 AM

ඔව් ඔව් දැන් වටේම ඉන්න ගෑවිච්ච් කට්ටියටම තරු පෙනෙයි කොරපු නොසන්ඩාල වැඩේට නේද ? (නදී)

:       0       0

දයා අලහාකෝන් Sunday, 03 August 2014 05:47 AM

තවම මේ මංකොල්ලකරයන්ගේ මූනුපොඩි ටික රටට පෙන්නුවේ නැත්තේ ඇයි? (නදී)

:       0       0

විජේසිංහ Sunday, 03 August 2014 05:52 AM

පොලිසිය සිදු කරන ලද මෙහෙයුමෙන් දරුවාගේ ජීවිතය බේරාගෙන දරුවා පැහැරගත් සියලුම දෙනා අත්අඩංගුවට ගැනීම බෙහෙවින් අගය කරමු. (නදී)

:       0       0

නීල් Sunday, 03 August 2014 06:16 AM

ඇත්තටම මොකද මේ මිනිස්සුන්ගේ පින්තුර පල නොකරන්නේ. කොටහළු වුන ගෑනු ළමයින් ටිකක් හංගාගෙන ඉන්නවා වගේ ඇයි මේ මහජනයාට මේ නොසන්ඩාලයන් ටික නොපෙන්නන්නේ ? (නදී)

:       0       0

කුරාන් Sunday, 03 August 2014 06:43 AM

පොලිසිය මෙ දවස් ටිකෙ කට්ටිය කොටහලු කරවනව අැති ටිකක් ඉවසල ඉමු. ආයුද ටිකක් පෙන්නන කට්ටියම එක්කන් ගියානම් තවත් හොඳයි (නදී)

:       0       0

තරිඳු Sunday, 03 August 2014 06:43 AM

සිම් කාඩ් සපයන්න ආධාර හා අනුබල දීම යටතේ අත්අඩංගුවට ගන්න නම් බැහැ නේද? (නදී)

:       0       0

වනිතා බෝගහකොටුව Sunday, 03 August 2014 07:10 AM

මම හිතුවා හරි. පොලිසිය දක්ෂයි. කප්පම් ඉල්ලු බව හෙළි නොකලේ දරුවා මරයි කියා. (නදී)

:       0       0

නන්ද Sunday, 03 August 2014 07:33 AM

මැරයෝ නිදහස් කරන්නම නරකයි. මරණ දඩුවම දෙන්න (නදී)

:       0       0

උපුල් ශාන්ත Sunday, 03 August 2014 05:12 PM

මොකද මුන්ව මොනවා හරි හොයන්න එක්ක නොගිනිහින් අරන් අාවේ. කිසි කෙනෙක් මුකුත් කියන්නේ නෑ එහෙම කලාට. අඩු ගානේ නම් එක්ක පොටෝ එකක් වත් දාන්න පස්සේ හරි කමක් නැහැ නොඑන ගමන් යවන්න (නදී)

:       0       0

කමල් Sunday, 03 August 2014 08:09 AM

ඔය කොල්ලකරුවෝ ගල් ගුහාව පෙන්නන්න එක්ක යන්න, පරිස්සමින් ගල් ගුහාවෙන් වැටෙයි (නදී)

:       0       0

නිශාන්ත Sunday, 03 August 2014 06:21 PM

මේ වගේ අයට හොඳ පාඩමක් උගන්වන්න ඕනෑ (නි)

:       0       0

ක්‍රිිස්ටි මොහාන් - යු.එස්.ඒ Sunday, 03 August 2014 08:19 AM

මම නං කියන්නේ ඔය හොරු ටික නැතිකරලම දාණ්ඩ ඕනා. නැත්තම් උන් හිරේ ගිහින් තව මගෝඩියෝ එක්ක එකතු වෙලා තව තව දේවල් කරයි. මට නම් පේන්නේ සුබ අනාගතයක් නෙමෙයි මරණ අනාගතයක් (නදී)

:       0       0

පිටිගල Sunday, 03 August 2014 08:42 AM

පොලිසියට මගේ ප්‍රණාමය. (නදී)

:       0       0

මාර්ටින් Sunday, 03 August 2014 09:14 AM

කාට හරි බැරිද මාවත් ඔය වගේ පැහැර ගෙන ගොසස් ගල් ගුහාවක තියල නැවත බ‍ෙර දෙන්න (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 193 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 200 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 82 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


රජයේ වාහන 4000ක් උස්සලා
2024 සැප්තැම්බර් මස 28 1291 0

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති


වෙල්ගම් දිවිසරිය නිමා කරයි
2024 සැප්තැම්බර් මස 28 1535 1

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.


කෝන්වැවට අලි තර්ජන නිමක් නෑ
2024 සැප්තැම්බර් මස 28 130 0

කහටගස්දිගිලිය කෝන්වැව සහ පඬරැල්ලෑව ගම්මානයට නිරන්තරයෙන් වන අලින්ගේ ග්‍රාහනය හේතුවෙන් ගම්වාසීහු දැඩි ජීවිත තර්ජනයකට ලක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37825 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24931 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 742 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site