IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


මංගල අද මෝදි හමුවෙයි

නිල සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් සිටින විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා අද (19) පස්වරුවේ නවදිල්ලි නුවරදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවීමට නියමිතය.

විදේශ අමාත්‍ය ධූරයට පත්වීමෙන් පසු මංගල සමරවීර මහතාගේ පළමු නිල විදෙස් සංචාරය මෙය වන අතර අගමැති නරේන්ද්‍ර මෝදි හමුවී දෙරටේ වත්මන් තත්ත්වය පිළිබඳ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

සමරවීර මහතා ඉන්දීය විපක්ෂ නායිකා සෝනියා ගාන්ධි, ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවල්ද හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත ඔහු ඉන්දීය විදේශ ඇමැතිනිය සුග්මා ස්වරාජ්ද හමුවිය.



අදහස් (0)

මංගල අද මෝදි හමුවෙයි

ජයසේකර Monday, 19 January 2015 11:41 AM

ඔව් ඔව් ජිනීවා නාඩගම හැදී ගෑවිලාම ගියා කියන එක බලාගන්න පුළුවන් ලබන සැසි වාරයේදී. ලෝකයේම ඉන්න කොටි මෛත්‍රී ආවම ප්‍රීති උනේ මොකද කියල පොඩ්ඩක් ඔලුව අත ගාලම බලල හිතන්න. (නදී)

:       0       0

ලෙස්ලි ලෝව් Monday, 19 January 2015 12:05 PM

මුළු ලෝකයම එකම යායක් වී ඇති කලකදී බොරුවට කයිවාරු ගහන්නේ නැතිව පිටරට වලට බනින්නෙත් නැතිව ඒ රටවල් සමග ද්වි පාර්ශ්වික සබදතා ගොඩ නගා ගත යුතු වෙනවා. එයින් හැගෙන්නේ නැහැ අපි ඔවුන්ට යටත් විය යුතුයි කියා. අඩුම ගනනේ අපේ නිෂ්පාදනයක් වත් පිටරට යැවීමට මුලික පියවර ගත යුතු වෙනවා. මේ කිසිවක් නොකර හිටපු ජනපති නොවැම්බර් වල විශාල කණ්ඩායමක් සමග ඉතාලියට ඇවිත් නාස්ති කරලා ගිය කෝටි ගානක ධනස්කන්ධය අපි හෙළි කරන්නද (නදී)

:       0       0

කීර්ති Monday, 19 January 2015 07:59 AM

අනේ මන්දා (නදී)

:       0       0

දීපාල් Monday, 19 January 2015 08:26 AM

හොද සම්බන්ධාවක් දෙරට අතර තහවුරු කර ගන්න.(හේ)

:       0       0

වසන්ත Monday, 19 January 2015 08:29 AM

චීනෙටත් ගියොත් හොදයි නේද?(හේ)

:       0       0

පාලිත Monday, 19 January 2015 08:39 AM

ආ පටන් ගත්තද නිල සංචාර, කලින් කට්ටියත් කරපු වැරදි වලින් එකක් තමයි ඔය නිල සංචාර. විශේෂ ගුවන් යානයක් එහෙම නෙවෙයි නේද? සාමාන්‍ය ජනතාව යන එකේ නේද ගියේ? (නදී)

:       0       0

නිමල් Monday, 19 January 2015 08:45 AM

කීර්ති එහෙනම් ඔයාගේ විදියට මොකක්ද වෙන්න ඕනි? (නදී)

:       0       0

කුමාර් Monday, 19 January 2015 08:58 AM

හැබයි අල්ලපු වත්තේ ලොකු අය්යාගේ බුලි වලට යටත් වෙන්න නම් එපා. (බ)

:       0       0

කීර්ති Monday, 19 January 2015 09:08 AM

මංගල මහත්තය කරයි කියල තමයි බය...(බ)

:       0       0

ජයසේකර Monday, 19 January 2015 09:31 AM

මේ වගකීම් පිරි තනතුරට මෙයාවනම් කොහෙත්ම සුදුසු නැහැ. මේක නම් චන්ද්‍රිකාට ඕනවට කරපු පත් කිරීමක් කියල හිතන්න පුළුවන්....අනේ මන්ද ජිනීවා වලදී කොහොම මුහුණ වෙයිද දන්නේ නැහැ (බ)

:       0       0

ගුණවර්ධන Monday, 19 January 2015 09:40 AM

ඉන්දියාව කැමති නැහැ අපි දියුණු වෙනවට. (හේ)

:       0       0

සල්ගාදු ප්‍රංශය Monday, 19 January 2015 09:44 AM

මංගල සමරවීර අත ගහපු කිසි දෙයක් වැරදිලා නැහැ. ඔහුට හොඳ දුර දක්නා නුවනක් තියෙනවා (නදී)

:       0       0

රුකී Monday, 19 January 2015 09:44 AM

ඇයි ඉතින් පහුගිය කාලෙත් කෙරිලා තියෙන්නේ කීර්ති. කවුද රාජ්‍ය තාන්ත්‍රික සේවාවේ ඉන්නේ? සා පෙළ නැති දේශපාලක ඥාතීන්, ආවඩන නළු නිළියන්ගේ ළමයින්, ගුස්තිකාරයන් සමහරු රට අතහැර ගිය කට්ටිය. ඔන්න තානාපති කාර්යාල වල විදේශ සේවාවට සුදුසු කට්ට්ය. (නදී)

:       0       0

රාජිත Monday, 19 January 2015 09:55 AM

අපේ අසල් වැසි මිතුරන්.(හේ)

:       0       0

යසිරු Monday, 19 January 2015 10:00 AM

ඉන්දියාව තමයි ආරාධනා කරලා තියෙන්නේ . ගිහින් තියෙන්නේ පස් දෙනයිලු . එහේ නිලධාරින් අහලා මෙච්චරද ආවේ , කෝ අනිත් කට්ටිය වෙනදාට අඩු ගානේ 30 ක් වත් එනවනේ කියලා. නැටුම කණ්ඩායම් පුද්ගලික රුප ලාවන්ය ශිල්පිනියන්, අතට පයට ආවතේව කාරයන් එහෙම අරන් ගිහින් කියල ආරංචියක් නැහැනේ. ඒ නිසා දැනට බලමු මොකද කරන්න යන්නේ කියලා. (හේ)

:       0       0

වසන්ත Monday, 19 January 2015 10:02 AM

බලමු මොකද වෙන්නේ කියලා.(හේ)

:       0       0

සිසිර Monday, 19 January 2015 10:04 AM

අප්‍රේල් වල මහා ඡන්දයක් තියෙනවා නම් මොකද මේ ඇමැති පදවි බෙදාගෙන ඉන්දියාවට දුවන්නේ? ලාංකිකයෝ තවම මහා ඡන්දයකට මුහුණ දුන්නේ නැහැනේ?(හේ)

:       0       0

එ්ශාන් Monday, 19 January 2015 10:06 AM

පාලිත, මේ පාර පසුගිය කාලයේ වගේ වන්දනා නඩයකට සෑහෙන්න සෙනග රාජ්‍ය තාන්ත්‍රික කටයුත්තට ගිහිල්ලා නැහැ. ඉන්දීය ජනපතිට අපේ ජනපතිගේ ආරාධනයක් භාර දෙන්නත් එහේ විදේශ කටයුතු ඇමැතිනියගේ ආරාධනයක් නිසාත් තමයි ගිහිල්ල තියෙන්නේ. (නදී)

:       0       0

නීල් Monday, 19 January 2015 10:40 AM

හොඳ කලක් යාවි (බ)

:       0       0

බණ්ඩා Monday, 19 January 2015 10:50 AM

ජයසේකර, ජිනිවා නාඩගම ආණ්ඩුව පැරදුනාත් එක්කම හැඳි ගෑවිලා ගියා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 91 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 585 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනයේ පූර්ණ සහය
2024 ඔක්තෝබර් මස 02 644 0

ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය වෙනුවෙන් පූර්ණ සහාය ලබා දෙන බව මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී. සෙන්හොංග් (Qi


කැනඩා සිහින පෙන්වා මුදල් ගැරූ අයෙක් රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 02 256 0

කැනඩා රටේ රැකියා ලබා දෙන බවට පවසමින් තරුණ තරුණියන්ගෙන් මුදල් ලබාගෙන රුපියල් කෝටි පහකට අධික ප්‍රමාණයක් වංචා කළේ ඇයි කියන මිනුවන්ගොඩ ආනන්ද වෛද්‍යරත්න


ජනපති - බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් හමුවක්
2024 ඔක්තෝබර් මස 02 715 0

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා (Andrew Patrick) අද (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 1996 7

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38635 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25407 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 945 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 329 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site