IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


මංගල බ්‍රසල්ස් යයි : මාළු තහනම ගැන සාකච්ඡා කරයි

විදේශ ඇමැති මංගල සමරවීර යුරෝපා කොමිසම හමුවීම සඳහා සඳුදා (26) බෙල්ජියමේ රසල්ස් නුවර බලා යයි.

ශ්‍රී ලංකාවෙන් මාළු මිලට ගැනීම තහනම් කරමින් යුරෝපා පසුගිය රජය සමයේ කොමිසමෙන් ශ්‍රී ලංකාවට එරෙහිව පියවර ගත්තේය.

ශ්‍රී ලංකාව නීති විරෝධී ධීවර කර්මාන්තය වැලැක්වීමට පියවර නොගැනීමත්, බෙලීස් රාජ්‍යය මාළු මිලට ගැනීමේ තහනම ඉවත් කිරීමත් නිසා කොමිසම එම තහනම පැනවීය.

විදේශ ඇමැතිගේ උත්සාහය වනුයේ කොමිසමෙන් පෙන්වා ඇති අඩුපාඩු හදා ගන්නා තුරු අඩු ගණනේ හය මාසයකටවත් එම තහනම අත්හිටුවා ගැනීමයි.

ධීවර කර්මාන්තයේ දී මුහුද සූරාගෙන කෑම, තම මුහුදු ප්‍රදේශයේ අනවසර යාත්‍රාවලට ඉඩදීම ආදී නීති විරෝධී කටයුතු වලට 2010 සිට යුරෝපා කොමිසම දැඩි ක්‍රියාමාර්ගයක් ගනී.

අනවර ධීවර කර්මාන්තයේ යෙදෙන්නවුන් නීතිය හමුවට පැමිණවීමට ශ්‍රී ලංකාව අඩු ගණනේ නීති රීති පවා පනවා නැතැයි කොමිසම කියයි.

 



අදහස් (0)

මංගල බ්‍රසල්ස් යයි : මාළු තහනම ගැන සාකච්ඡා කරයි

සමන්ත Monday, 26 January 2015 01:31 AM

පද්මසිරි, ඔයාගේ අදහස් වලින් පේන්නේ ඔයාට විදේශ ප්‍රතිපත්තිය පිළිබද අවබෝදයක් නැහැයි කියන එකයි. ඒවා ඔය කියන විදිහට ස්කයිප් වලින් වත් ඊමේල් හරහා වත් කරන ගනුදෙනු වගේ නෙමෙයි. ප්‍රතිචාර දාන කොට අදාල විෂය පිළිබද අදහස් පමණක් දාන්න (නදී)

:       0       0

සත්‍යපාල Sunday, 25 January 2015 10:11 AM

ඔය කවුරු කයිවාරු ගැහුවත් ආනයනය අපනයනය ආර්ථිකය තුල අපිට ඔවැනි බටහිර තර්ජනයන්ට මුහුණ දීමට සිදුවෙන අතර ඊට හොදම විසදුම තමයි අපිට අවශ්‍ය භාණ්ඩ හැකිතාක් අපිම නිපදවාගෙන ස්වයන්පොෂිත ආර්ථික ක්‍රමයකට රට යොමු කිරීමයි.(හේ)

:       0       0

රසික Sunday, 25 January 2015 10:42 AM

මේ තහනම දැම්මේ පරිසර නීති උල්ලංගනය කල නිසා. ඕනෑම රටකට ආර්ථිකය පැවැත්මටත්, රුපියලේ අගය කිරීමටත් විදේශ විනිමය ඕනේ. (ර)

:       0       0

විකුම් Monday, 26 January 2015 02:00 AM

ලොකු හදිස්සියක් වගෙයි. (නි)

:       0       0

වයිකෝ Monday, 26 January 2015 02:14 AM

මාස 6 කල් ඉල්ලුවාට දවස් සීයෙන් පසු ඔබ තුමා කොට උඩ ගියොත්? (නදී)

:       0       0

කෙනඩි Monday, 26 January 2015 02:30 AM

ඔබතුමාට ජයවේවා! (නි)

:       0       0

සහන් Sunday, 25 January 2015 12:20 PM

සත්‍යපාල, ඔබත් කුරහන් වවන කෙනෙක්ද.? (ර)

:       0       0

සහන් නිලංක එදිරිවීර Sunday, 25 January 2015 12:45 PM

ඕවා හොද වැඩ. (ර)

:       0       0

විජේදාස Monday, 26 January 2015 02:42 AM

එතුමා මේ කාර්යය සාර්ථකව කරයි කියලා හිතෙනවා (නි)

:       0       0

නටාෂා Monday, 26 January 2015 02:50 AM

කොහොමහරි වැඩේ හරිගියොත් නම් අපි දිනුම්! (නි)

:       0       0

සිරිසෝම Monday, 26 January 2015 02:53 AM

ඔය ප්‍රශ්නයට වගකියන්න ඕනෑ කෙනා දැන් ඉන්නේ කොහේද? (නි)

:       0       0

පද්මසිරි Sunday, 25 January 2015 01:43 PM

ඇයිමේ තරම් හදිසියේ ජාත්‍යන්තරය එක්ක තියන ප්‍රස්න විසදන්න දුවන්නේ. පහුගිය කලේ කරගන්න බැරි උන සංචාර ටික ආවරණය කරගන්න හදනවද. තාක්ෂණය දියුණු අද ඕවා කරන්න රට රටවල යන්නම ඕනද. පහුගිය අය කරපු දේවල් විවේචනය කර කර මෙයාලත් ඒ දේමද කරන්න හදන්නේ. (නදී)

:       0       0

අවන්ති Sunday, 25 January 2015 01:56 PM

අලුත් විදේශ ඇමති තුමාට පුදුම රටවල් ගොඩකට නේ යන්න වෙලා තියෙන්නේ. තව පටන් ගත්ත විතරයි. දින 100 ය ඉවරත් නැහැ නේද? (නදී)

:       0       0

වයිකෝ Monday, 26 January 2015 03:03 AM

මංගල සිවිල් සේවා නිලධාරීන් හෝ අනිත් පරිපාලන නිලධාරීන් කරන ඕනෙම රාජකාරියක් එ් හා සමානව නැති නම් ඊට වඩා හොඳින් කිරීමේ හැකියාව හමුධා නිලධාරීන්ට ඇත (නදී)

:       0       0

යසපාල Monday, 26 January 2015 03:13 AM

මෙතුමා වැඩකාරයා. ඔය වැඩේ සාර්ථක කරගනී (නි)

:       0       0

විජයසිරි Monday, 26 January 2015 03:21 AM

මංගල මහත්තයා කොහොමත් මේ වැඩේ කරනවා. මට නම් ඒක විශ්වාසයි (නි)

:       0       0

වයිකෝ Monday, 26 January 2015 03:31 AM

මංගල, එකම හැන්දෙන් අසල්වැසි රටවලට බෙදන ප්‍රතිපත්තිය කෝ ? නැගිටපු හැටියේ කිසිම උදව්වක් නොකරපු අයව බලන්න පියාසර කළා. හැම අතින්ම හැමවිටම උදව්කල චීනයට යන්නේ කවදද? (නදී)

:       0       0

සමන්ති ජයසුරිය Sunday, 25 January 2015 03:15 PM

පද්මසිරි වගේ සිතන කට්ටිය තවත් රටේ ඉදීම ගැන අපිට කණගාටුයි. මතක නැද්ද , පහුගිය ආණ්ඩුව විදේශ සේවා හා විදේශ තානාපති සේවය තනිකර දේශපාලනය හා පවුල් කරණය කරපු එකේ පල විපාක තමයි මේ. මේකෙන් ලංකාව ලෝකයෙන් ඈත් වුනා. අපේ වරප්‍රසාද අහිමිවුණා. පහුගිය ආණ්ඩුව තවදුරටත් බලයේ සිටියා නම් අපේ රටට වෙන්නේ උතුරු කොරියාවට වෙච්ච දේමයි. ලෝකෙන් ඈත්වීමයි. මංගල සමරවීර මැතිතුමා දැන් ඔය කරන්නේ පහුගිය ආණ්ඩුව විනාශ කරපු ලංකාව හා ජාත්‍යන්තර සම්බන්ධකම් නැවත පිළිසකර කිරීමයි. එයින් ලංකාවට අහිමි වුන අපේ අහිංසක ධීවරයින්ගේ වරප්‍රසාද නැවත ලබාදීමයි. මේක දවස් 100 න් කරන්න පුළුවන් වැඩක් නම් නෙමෙයි. නමුත් මංගල සමරවීර මැතිතුමාට අපි සුබ ප්‍රාර්ථනා කරනවා (නදී)

:       0       0

ජනක Sunday, 25 January 2015 03:43 PM

මම නම් හිතන්නේ හිටපු ධීවර ඇමති තුමා ඉහත සිද්ධියට වග කිව යුතු බවයි. වැරදි කළ අයට තරාතිරම නොබලා දඬුවම් කරනවා නම් යහ පාලනය අර්ථවත් කිරීමට හිටපු ධීවර ඇමති තුමාටත් විරුද්ධව පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. (නදී)

:       0       0

ලෙස්ලි ලෝව් Sunday, 25 January 2015 04:53 PM

ගරු ඇමතිතුමනි, මම පාරම්පරික ධීවරයෙකුගේ පුතෙක්. මම ජීවත්වන්නේත් ධීවර ගම්මානයකයි. ඔබතුමා මේ තහනම ඉවත්කර දෙන්නේ නම් එය ධීවර ජනතාවට මිල කළනොහැකි උපකාරයකි. ඔබට අපේ සුබ පැතුම්! (නි)

:       0       0

ගයාන් Sunday, 25 January 2015 04:56 PM

ඇති වී ඇති තත්ත්වයට වගකිවයුතු අයත් එක්කගෙන යන්න. (නි)

:       0       0

පසිදු Monday, 26 January 2015 05:35 AM

මංගල මහත්තයාට ඕක සුළු දෙයක්.(හේ)

:       0       0

වයිකෝ Sunday, 25 January 2015 06:14 PM

අඩු පාඩු හරිගස්සාගෙන, වැරදි නිවරදි කරලා, අවශ්‍ය නම් විතරක් ගියා නම් නේද හොඳ. . අපරාදේ මහාජනයගේ මුදල් නාස්ති කරන්න එපා. (නදී)

:       0       0

පත්මසිරි මාපලගම Sunday, 25 January 2015 06:15 PM

සමහරුන්ට මෙම ගමන් වැද ගැම්මක් නැහැ. නොතේරුම් කමට මෙසේ හදිසියේ මෙම ගමන් සිදු කරන්නේ රටට අවශ්‍ය වැදගත් තීරණ වෙනුවෙන්. මේවායේ ප්‍රතිපල ඉක්මනින් දැක ගන්නට පුළුවන් (නදී)

:       0       0

නිශාන්ත Sunday, 25 January 2015 06:24 PM

බලමුකෝ වැඩේ හරියයිද කියලා (නි)

:       0       0

ලලිත් Sunday, 25 January 2015 08:00 PM

ආණ්ඩුව වෙනස්වෙලා මාසයයි මෙයා අතේ ඇඟිළි වලින් ගණන් කරන්න පුළුවන් දවස් ගණනක්වත් ලංකාවේ හිටියෙ නැහැ. මෙහෙම ගියොත් දින 100 අවසන් වෙනකොට, ඒ යන වියදමින් තවත් අධිවෙගී මාර්ගයක් හදන්න පුළුවන් වේවි. (නදී)

:       0       0

කැලුම් Monday, 26 January 2015 06:42 AM

කලින් හිටපු ධීවර අැමති වගකියන්නේ නැද්ද ? එතුමා තමයි අපිට ගැහැව්වේ. දැන් එතුමා හොඳද ? (නදී)

:       0       0

පැතුම් Sunday, 25 January 2015 09:58 PM

පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්නකෝ හැමදාම රට යන්නේ නැතුව. (නි)

:       0       0

ප්‍රසන්න Sunday, 25 January 2015 10:17 PM

එතුමාට නම් පුළුවන් ලෝකේ වටේම යන්න (නි)

:       0       0

සිල්වා Monday, 26 January 2015 07:04 AM

වයිකෝ, මහජනයාගේ මුදල් නාස්තිය ගැන දැන්ද කියන්නේ....?(හේ)

:       0       0

වීරසේකර Monday, 26 January 2015 07:07 AM

හොඳ විසදුමක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.(හේ)

:       0       0

බණ්ඩාර Monday, 26 January 2015 07:10 AM

ඒ තහනම ඉවත් කර ගත යුතුයි.(හේ)

:       0       0

මදුෂ Monday, 26 January 2015 12:45 PM

ඇත්තට මේ තහනමට ලොකුම හේතුව වුනේ චීන නෞකා අපේ මුහුදු කලාපයේ ටූනා(කෙලවල්ලා) මසුන් මැරීම.තව ධීවර ඇමති වැනි වුන්ගේ ක්‍රියාත් මේකට බල පෑවා අපේ මුහුදු තිරයෙන් (ලංකාව , මාලදිවයින , දකුණු ඉන්දියාව ) අහුවෙන කෙලවල්ලන් මාළුන්ගේ තිබෙන ප්‍රමිතිය ඉතා ඉහල අතර ඊට ලැබෙන මිලත් ඉතා ඉහලයි ... එයින් ඉතා විශාල විදේශ විනිමයක් අප රට ඉපැයූ අතර දැන් එය අහිමිවී ගොස් තිබෙනවා . ඉතින් මංගල ඇමති තුමාගේ මේ සංචාරය සාර්ථක වුනොත් එය අපේ රටට ඉතා විශාල ප්‍රතිලාබ ගොඩක් ගෙන එනවා ... හැම දේම කුහක විදියට බලන්න එපා.. තව ඉස්සර වගේ මෙතුමා පට්ටි පිටින් රට යන් නැහැනේ වැඩිම 3 නැත්තම් 5 දෙනයි. ඒ නිසා වියදමත් ඉතා අඩුයි ...එකයි වෙනස .....(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ත්‍රි‘මලේ ස්වාධින කණ්ඩායම් තුනක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 02 4 0

මහ මැතිවරණයට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් තරග කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක් ඇප මුදල් තැන්පත් කළ බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි හා දිසාපති චා


ඩග්ලස් දේවානන්දා තනිව මහමැතිවරණයට
2024 ඔක්තෝබර් මස 02 102 0

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ නායකත්වයෙන් යුත් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හෙවත් ඊ.පී.ඩී.පී පක්ෂය වීණාව ලකුණ යටතේ මහමැතිවරණයට තනිව තර


රාජ්‍ය නිලධාරීන් ලෙස පෙනී සිට මුදල් ගරන කල්ලියක්
2024 ඔක්තෝබර් මස 02 17 0

රාජ්‍ය නිලධාරීන් ලෙස දුරකථන ඇමතුම් ලබා දෙමින් හෝ නිවසට පැමිණ විවිධ රාජකාරී අවශ්‍යතා ඉටු කර දීමට හෝ නොකර සිටීම සඳහා මුදල් ලබා ගැනීමට උත්සාහ ගන්නා කල්ලි


ගාල්ලෙන් ස්වාධින කණ්ඩායමක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 02 399 0

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්විම සඳහා ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ස්වාධින කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කළ බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ


’’ඉරානයෙන් පළිගන්න ඊශ්‍රායලයට සහාය දෙනවා’’
2024 ඔක්තෝබර් මස 02 1393 0

ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ඉරානයට දරුණු ප්‍රතිවිපාක අත් විඳීමට සිදුවනු ඇති බවත් ඉරානයෙන් පළිගැනීමට ඊශ්‍රායලයට සහාය ලබාදෙන බවත් ඇමෙරිකා එක


බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 02 433 0

ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහලුම් රථ ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් ඊයේ (1) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ බව සමස්ත ලංකා බහලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38582 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25387 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 937 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site