IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


මංගල මුණසිංහ සමුගනී

ගෞරවනීය දේශපාලනඥයකු, තානාපතිවරයකු හා නීතිඥයකු වූ මංගල මුණසිංහ මහතා (84) අභාවප්‍රාප්ත විය.

ඔහු කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

එංගලන්තයේදී බැරිස්ටර්වරයකුවූ මුණසිංහ මහතා අයිසන් හවර් ශිෂ්‍යත්වය ලබා කැලිෆෝනියාවේ වෙස්ටන් ස්ටේට් සරසවියේදී අජටාකාශ නීතිය හැදෑරීය.

ලංකා සම සමාජ පක්ෂයෙන් දේශපාලනයට පිවිසි ඔහු 1965 – 77 කාල සීමාවේදී බුලත්සිංහල මන්ත්‍රීවරයා විය. ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා වන කමිටුවේ සභාපති ලෙස රණසිංහ ප්‍රේමදාස මහතා විසින් පත්කැරුණු මුණසිංහ මහතා සාමය හා දේශපාලන ස්ථාවරත්වය උදාකරගැනීම සඳහා වන යෝජනා මාලාවක් ඉදිරිපත් කළේය.

ඔහු නවදිල්ලිය හා ලන්ඩනයේ මහ කොමසාරිස් වශයෙන් ක්‍රියා කළේය. මාර්ග ආයතනයේ ද සංවර්ධන අධ්‍යයනය සඳහා වන ශ්‍රී ලංකා කේන්ද්‍රයේද අධ්‍යක්ෂවරයකු වූ මුණසිංහ මහතාගේ අවසන් කටයුතු බොරැල්ලේ දී අද (24) පස්වරු 3ට සිදු කිරීමට නියමිතය.

 



අදහස් (0)

මංගල මුණසිංහ සමුගනී

උදිත් Monday, 25 July 2016 02:21 AM

හොඳ පුද්ගලයෙක් (නි)

:       0       0

අයිකේඑස් චන්ද්‍රසිරි Sunday, 24 July 2016 09:11 AM

හොඳ දේශපාලකයෙක්. ඔබතුමාට නිවන් සුව ලැබේවා (බ)

:       0       0

සිරිල් Sunday, 24 July 2016 10:16 AM

ඔබ තුමාට නිවන්සුව ලැබේවා!!! (හේ)

:       0       0

වසන්ත Monday, 25 July 2016 03:59 AM

සාමදානයේ සැතපේවා! (නි)

:       0       0

සුගත් Monday, 25 July 2016 05:46 AM

ඉතාමත් හොඳ පුද්ගලයෙක්. අද දේශපාලකයෝ මෙවැනි මිනිසුන් ආදර්ශයට ගන්න. ඔබට නිවන් සැප ලැබේවා මැතිදුනි. (බ)

:       0       0

මිනිපෙ Sunday, 24 July 2016 03:20 PM

වරක් අලුත් බස් මිලදීගත් කොමිස් මුදලින්,රටේ සෑම බස් ඩිපෝ වලටම බිත්ති ඔරෝලෝසු අරන් දුන්නා.මගියෙකු ලෙස බස් රථ වල ගමන් ගිහින් අඩු පාඩු සොයා බැලුවා.අවංක මිනිසෙක්.(රේ)

:       0       0

විජේපාල Sunday, 24 July 2016 04:57 PM

හොඳ මහත්මා දේශපාලනයක් තමයි මෙතුමා කළේ. ඔබට නිවන් සුව! (නි)

:       0       0

මංගල Sunday, 24 July 2016 06:57 PM

මගේ පියාත් මවත් බෙහෙවින් ගරුකළ කෙනෙක් මෙතුමා. (නි)

:       0       0

ජයසිංහ Sunday, 24 July 2016 07:57 PM

ගරුකළයුතු දේශපාලකයෙකුගේ අභාවය ගැන මගේ ශෝකය මෙයින් පළකරමි. ආදර්ශයට ගතයුතු දේශපාලන චරිතයකි. නිවන් සුව පතමු! (නි)

:       0       0

පෙරේරා Sunday, 24 July 2016 11:47 PM

අවංක නායකයෙක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 41 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 191 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 59 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 42 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 198 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1113 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39074 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25564 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 318 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1077 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site