( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මංගල සාදයකට එක්වි සිටි තරුණියක් මස් ඇතුළු ආහාර වර්ග කිහිපයක් ආහාරයට ගැනීමෙන් පසු හදිසියෙ රෝගී වී පුත්තලම රෝහලට ඇතුලත් කිරිමේන් පසු මරණයට පත්වී ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි.
මෙසේ මරණටය පත්වි ඇත්තේ ආණමඩුව නගරයෙ පදිංචි සිටි විසි හැවිරිදි එච්.එම්.අයෝධ්‍යා දේශානි විජේවර්ධන නැමති තරුණියක් බව කියයි.
දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ බාල දරුවා වන මෙම තරුණිය පාසල් කටයුතු වලින් පසු විවිධ සමාජ කටයුතු වලට දායක වී සිටි බව කියයි.
තරුණිය පුත්තලම නගරයට ආසන්නයෙ ඇති උත්සව ශාලාවක පැවති මංගල සාදයට එක්වි මෙම ආහාර වර්ගය ආහාරයට ගැනිමේන් පසු ආසාත්මිකතාවයට පත්වි ඇති බවත් කියයි.
එසේ ආසාත්මිකතාවයට පත්වු තරුණිය විනාඩි කිපයක් යාමට මත්තෙන් දැඩි ලෙස අසාධ්‍ය තත්වයට පත්වි පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර තිබු බවත් ඒ වන විටත් ඇය මරණයට පත්ව සිටි බව රෝහල් බළධාරීයකු පවසයි.
මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් ආණ්ඩුව කියූ කතා යථා කාලයේදී ක්‍රියාත්මක වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයත
කතරගම සිතුල්පව්ව මාර්ගයේ කොච්චි පතාන නිවාඩු නිකේතන භූමියක තිබි පිරිමි මළ සිරුරක් අද (22) සොයාගත් බව කතරගම පොලීසිය කියයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ සහ මූල්‍ය කොට්ඨාශය භාර ජ්‍ය
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෝ මහ මොළ කරුවන් ,හෙළිකිරීමේ වගකීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ උසාවියට බාර කරමු යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද
ඔරුගොඩවත්ත අවිස්සාවේල්ල පාර කන්ටේනර් අංගනයක් තුළදී ශ්‍රී ලංකා රේගු ආයතනයට අයත් බර එසවීමේ යන්ත්‍රයක රෝදයකට යටවීමෙන් පුද්ගලයෙකු මිය ගිය බව වැල්ලම්පි
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කිරීම සඳහා පත්කිරීමට නියමිත ත්‍රිපුද්ගල කමිටුව සඳහා සාමාජිකයකු නම් කරන ලෙස කත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මංගල සාදයේදී මස් කෑ තරුණිය මරුට
anura silva Sunday, 29 October 2023 05:13 PM
මෑත කාලයේදී මේ ආකාරයට මරණයට පත් වූ දෙවැනි තරුණිය මැයයි. මේ ගැන විමර්ෂණයක් කිරීම අනිවාර්යෙන්ම කළ යුතුයි. අසාත්මිකතාව ආහාර නිසා පමණක් නොව ආශ්වාස කරන වාතයෙන් පවා ඇති වේ. සමහර බිත්ති පින්තාරු කිරීමට ගන්නා තීන්ත වල සුවඳ සමහරෙක්ට අසාත්මිකතාව ඇතිවීමට හේතු විය හැකිය. එසේම වැසිකිලි වලට යොදන සමහර සුවඳ වර්ගත් මෙසේ වීමට හේතු විය හැක. මේවා ගැන නිසි විමර්ෂණයක් නොකොළොත් තව මරණ සිදුවිය හැක. අපේ රටේ මරණ පරීක්ෂණවලදී සිදුවන්නේ කුමක් හෝ හේතුවක් දී එදා දිනය ගතකර ගැනීමයි. මේක ඉතාම කණගාටුදායක දෙයක්. ඇත්තටම් මේ මරණ වළක්වා ගත් හැකි ඒවායි...
බටගොඩ දොන් සිමන්Sunday, 29 October 2023 06:33 PM
අනුර මහත්මයාණෙනි, ඔබගේ ප්‍රකාශය ඉතා අගනා එකක්. අනෙක් බොහෝ රටවල පුද්ගලයන්ගේ විවිධ ආසාත්මිකතා සම්බන්ධව පුළුල් අවබෝධයක් හැම කෙනෙක් සතුවම පවතී. විවිධ රසායන ද්‍රව්‍ය පමණක් නොව, ආහාර වර්ග හෝ බෙහෙත් පවා යම් යම් උදවියට අපත්‍ය විය හැක. එනිසා වෛද්‍යවරු පමණක් නොව සෑම කෙනෙක්ම ඒ ගැන සැලකිලිමත් වීමෙන් මෙවන් සෝචනීය අනතුරු අවම කරගත හැක. මියගිය දියණියට ස්වර්ග සැපත/ අම මහ නිවන අත්වේවා!
sathyapalaSunday, 29 October 2023 11:16 PM
ස්තුතියි අනුර, මෙයට වසර ගණනාවකට පෙර මැදපෙරදිග සේවය කරමින් සිටි එක්තරා ශ්‍රී ලාංකිකයෙකු තම මිතුරන් සමග සාදයක් පවත්වමින් සිටියදී කෑමක් කාපු ගමන් ඇහුවලු මේකේ ඉස්සෝ දාලා තිබුනද කියලා. ගෙදර ය කියුවලු ඔවු කියලා. මම ඉවරයි ඉක්මනට ඉස්පිරිතාලේ අරන් යන්න කියලා. විනාඩි 10-15 ඇතුලත ඔහු ඉතා හොද රෝහලකට අරන් ගියත් ඒ වෙනකොටත් ඔහු මිය ගිහින්. අසාත්මිකතාව එතරම්ම දරුණුයි. අසාත්මිකතාව කුඩාකාලයේ හෝ වයස 50-60 දීත් හැදෙන්න පුළුවන්. පිටරටවල අසාත්මිකතා රෝගීන්ට තමන් ලග තබාගෙන යන ඉන්ජෙක්ෂන් දීලා තිබෙනවා. දැනුන ගමන් වහාම තමන්ට විඳගන්නට. මේ රෝගය එතරම්ම දරුණුයි. මේවා කියුවේ මිනිසුන් දැනුවත් කිරීමට.
Santth Sunday, 29 October 2023 05:36 PM
හරක්මස් වලට ඇනපිලැක්ටික් ෂොක් එකක් හැදෙන්න ඇති...
හඳගමගේ Sunday, 29 October 2023 06:32 PM
ටයිටල් එක තමා වැඩේ. මස් කෑවොත් මැරෙනවා වගේ අදහසක් එන්නේ... අපේ අල්ලපු ගෙදර ඉන්න නිර්මාංශ අංකල් මේ දැං හෙන චූන් එකේ මට දේශනයක් දුන්නා. ඒ අය මස් මාළු කන අය එක්ක තරහයි. නිවන් සුව...!!!
Ruwan Sunday, 29 October 2023 09:57 PM
දේශපාලුවෙක් හොරකම් කෙරුවම..මිනීමැරුවම නමක් ගමක් පොටෝ එකක් දාගන්න බැරි උනාට මේ වගේ දෙයක් උනාම හරි අපූරුවට නම ගම ජාතකේ හොයල දාන්න තරම් මාධ්‍ය සදාචාරය නම් හරිම ඉහලින්ම තියෙනවා .ඒකත් හරියට මස් කාපු නිසා මරණයට පත් වෙලා වගේ අදහසක් එන විදියට හෙඩිමක් දාලම..
Udhuli Sunday, 29 October 2023 11:29 PM
මස් කාපු නිසාද කියලා හරියටම කියන්න පුළුවන් මරණ පරීක්ෂණනෙන් පස්සේ. හාට් ඇටැක් ද කියන්න බෑ... අපි නොදන්නා බොහෝ විෂ අප අවට අපි පරිහරණය කරනවා අර අනුර මහතා කීවවගේ. ඇඟේ ගාන සබන්, ෂැම්පු වගේ දේවල්. ආහාරවල ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ... එතුමියට නිවන්සුව පතමු!.
රාජේශ් ඛන්නා Monday, 30 October 2023 04:00 AM
ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඩ් එන්නත් අනුමත කළ අවස්ථාවේදී එයට විරුද්ධ ව වෛද්‍ය විද්‍යාත්මකව කරුණු ඉදිරිපත් කෙරුණා. එක් මහාචාර්යවරයකු නොකියා කීවේ ප්‍රතිශක්තිය දුර්වල වී මෙම මරණය වැනි අවස්ථාවලට ඉදිරියේදී සමාජයට අනිවාර්යයෙන්ම මුහුණ දීමට සිදුවන බවකි. බාල බෙහෙත් මාතෘකාව යටතේ සමාජය ප්‍රකෝප කිරීමේ යෙදී සිටින අය මේ ගැනත් සිතා බැලිය යුතුයි. ප්‍රතිශක්තිය දුර්වල වීමේ උදාහරණයකට මෙසේ සඳහන් කිරීම වටී... පැපොල රෝගය සෑදුණු අයෙකුට නැවත එම රෝගය නොසැදෙන බව සමාජයේ පිළිගැනීමයි. එහෙත් මෙම තත්වය යටතේ එම රෝගය නැවත බෝවී ක්ෂණික වෛද්‍ය ප්‍රතිකාර නොලදහොත් මොළයේ අසාත්මිකතාවයන්ට ද ගොදුරු වී ජීවිත අවදානමකට ද පත්විය හැකිය. අසනීප වූ විට නොපමාවම වෛද්‍ය ප්‍රතිකාරයන්ට යොමුවන්න. හෙටට කල් නොදමන්න...