IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


මෙගාවොට් 100ක විදුලිය මිලදී ගන්න යයි

(රන්ජන් කස්තුරි)
 
මෙගාවොට් 100ක විදුලි ධාරිතාවයක් හදිසි මිලදීගැනීමක් ලෙස පෞද්ගලික අංශයෙන් ලබාගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබේ.
 
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවද මෙගාවොට් 100ක විදුලි ධාරිතාවක් හදිසි මිලදීගැනීමක් ලෙස ලබාගැනීමට අවසර ලබාදී ඇත.

 

සබැඳි පුවත් 

https://tinyurl.com/yytmucqp



අදහස් (33)

මෙගාවොට් 100ක විදුලිය මිලදී ගන්න යයි

Raveendra Sunday, 31 March 2019 11:47 AM

මොරසුරන වැසි වැස්සත් මුළු වර්ෂයටම.. තක්කඩි ටික තටමන කොට ගාන ගැන... ජලාශ ටික ඉරි තලලා සාක්කුව පිරෙනකොට...

:       0       165

රවින් Sunday, 31 March 2019 11:54 AM

කොහොමද කොමිස් එක? තව කපන්න විදුලිය...

:       0       103

Raveendra Sunday, 31 March 2019 11:55 AM

බැංකු ස්වීප් සතොසත් යහමින් ගිල්ලානේ... කරන්ට් එකට අත තිබ්බේ ග්ලවුස් නොදානේ ... දන්නවා අවුරුදු නිසා හොඳටම ඕනෙ බව.. යහමින් බොරදියේ මාළු බෑවේ අපේ රවියානේ...

:       2       204

kap Sunday, 31 March 2019 11:56 AM

මෙච්චර කල්, ගොනා හැරි හැරී හිටියේ මේකට තමයි.. දෑන් තමයි නිධානෙ පහල වුනේ.. W 100000 ..එලකිරි... කවුරු කවුරුත් තව තව ගෙවල් ගනී.. මොවුන් අපිට අන්ත දුක්ඛිත තත්වයට දාලා බඩ කට පුරෝ ගන්නවා. අවුරුදු 70ක් ඉඳන් මේ රට කන උඹලාගේ පරම්පරා ගාණකට හෙන වදිනවා මේ රටට කරන විනාසෙට...

:       1       533

RavendraSunday, 31 March 2019 12:59 PM

සහතික ඇත්ත. හොඳින් නිරීක්ෂණය කර බලන්න අහිංසක මිනිසුන්ගේ මුදල් අවභාවිතා කරන පාදඩයන්ගේ පුද්ගලික ජීවිත, තිබෙන අසනීප, පවුල විනාශ වෙලා තිබෙන අයුරු, දූ දරුවන්ගේ තත්වය, මේ සියල්ලටම එකම එක හේතුවයි තියෙන්නේ... ඒ අහිංසක මිනිසුන් හූල්ලන ආකාරය සහ අහිංසක මිනිසුන්ගේ සාපය. ඒවායෙන් මිදීමට කිසිඳු වංචාකාරයකුට බැරිබව මේ හොරුන් නොදන්නේය...

:       0       196

Hafeel Sunday, 31 March 2019 02:54 PM

මේ ඇමතිකම් බාර අරන් මාස තුනක් වගේ කෙටි කාලයක්. උණු උණුවෙන් දුන්නා වැඩේ. මහ බැංකුවටත් මෙහම තමයි වුනේ. මෙයාට ආයතනයක් වහලා දාන්න මාසයක් වැඩියි. දැන් සරම අඳින්න පටන්ගත්තා. කාව රවට්ටන්නද?

:       73       236

MahasonaMonday, 01 April 2019 05:37 AM

බලාගෙන ඉන්න, ඇමතියට, ලේකම්, සහ දුෂිත නිලමැසි නිලදාරින්ට වෙන දෙය. මේ නුඹලා උරා බොන්නේ අහිංසක දුප්පත් ජනයා ගේ රීරි මාන්සයි. නමුත් මෙය නුඹලා දෙසට කැරකැවෙන දිනය වැඩි ඈතක නොවෙයි.

:       0       35

Vajira Sunday, 31 March 2019 12:11 PM

තව ටික දවසක් විදුලිය කැපුවට කමක් නැහැ. අපි ඉවසගෙන ඉන්නම්... හරි විදිහට ටෙන්ඩර් කැඳවලා අඩුම මුදලට මිලදී ගන්න. මහජන මුදල් අවභාවිතා නොකර... සතියක් 2ක් ඇතුලත වැස්ස වලාහක දෙවියෝ දිවැස් හෙලයි කියලා හිතනවා.

:       0       155

asankaSunday, 31 March 2019 01:24 PM

ඒ ගමන් ඔය ඔළුවලට හෙන දෙක තුනකුත් වැස්ස වලාහක දෙවියන්ගෙන් ඉල්ලගෙනම යමු.

:       0       105

Nishantha Sunday, 31 March 2019 12:31 PM

ඕක කරන්න තමා මෙච්චර දවස් මාන බැලුවේ.. දැන් ඉතින් ගෙවපල්ලකෝ ගිනිගණන්.. දුප්පත් මිනිසුන්ගේ සල්ලි පිලිගහන අයට හොක් නම් වෙන්න එපා...

:       0       121

Raveendra Sunday, 31 March 2019 12:45 PM

අවංකයා මම කියමින් උඩ පැන්නා.. කුඹුරේ පැල්කොටේ අමතක වුණානේ.. කරන්ට්වලට මාෆියාව කියමින් හූ කිව්වා.. දැන් නකුටත් නැත දැකුමට මේ රවීගේ...

:       1       58

NissankaMonday, 01 April 2019 04:16 AM

සුසිල්ලා මහින්දානන්දලා විනාශ කරලා තිබුණ මේක අර්ජුන ඇමතිතුමා යන්තම් ගොඩ ගන්න හැදුවා විතරයි පොහොට්ටුවේ හෙන්චය්යෝ ටික පෙට්‍රෝලියම් එකට කඩා පැනලා ඒ මනුස්සයා එළවා ගත්තනේ රවින්ද්‍ර. එතුමාගේ ආරක්ෂකයෝ නොහිටින්න එදා එතුමාගේ ජිවිතේත් අනතුරේ.

:       3       68

Amila Sunday, 31 March 2019 01:19 PM

මේකට තමා මෙච්චර ලයිට් කප කප‍ා දැඟලුවේ එහෙනම්.. ඔන්න සිරිතුමා නියම නායකයෙක් නම් කරන්න තියෙන්නේ ගැසට් එකක් ගහලා මේ පුද්ගලික කොල්ලකාරී ඩීසල් බලගාර රජයට පවරාගන්න. එතකොට කොමිස් කාක්කොත් ඉවරයි.

:       0       132

සනත් ඉතාලිය Sunday, 31 March 2019 01:25 PM

අපේ රටේ මිනිස්සු ගැනනම් පුදුම දුකක් හිතෙන්නේ අතළොස්සක් හොර හැත්ත අහිංසක මිනිස්සුන්ගේ රීරි මාංසයම හූරගෙන කනවා.. තවත් අපේ මිනිස්සු මූණටම කඩේ යනවා.. කරුමෙක මහත... මහජනයව පාරට බස්සලා මහජන විප්ලවයක් කරලා මහජන සමූහාණ්ඩුවක් හදන්න නායකත්වය දෙන්න එකෙක් නැහැ. මේ 225 ම හොරු.. පළාත් සභාවල ඉන්නෙත් හොරු.. දැන්වත් පාරට බැහැපිය මිනිසුනේ... යුක්රේනයේ කළා වගේ මේ ඔක්කොම කුණුකුඩේට දාලා මහජනතාවගෙන් හොරාකාපු මුදල් මහභාණ්ඩාගාරේට ගන්න වැඩ පිළිවලක් හදමු. පාට කණ්ණාඩි දැම්මා අැති... දැන්දැන්වත් ඇස් ඇරලා බලාපියව්... මේ එක දරුවෙක් යනවද ගමේ පාසලකට.. ළමයි ගස යට අකුරු කරන්නේ. ටැබ් එකෙන් උගන්නන්න හදන්නේ විදුලිය නැති පාසල් මොනතරම් තියනවද? අපෝ,.. ලියනවා නම් මාගලක් විතර ලියන්න පුළුවන්... පගා අරගෙන එ්ක ඔප්පු වෙච්ච එකෙක් පාර්ලිමේන්තුවේ වගකියන ඇමතිකමුත් කරනවා... වැටහෙන්නේ නැද්ද මොවුන් 255ම කන්නේ පාර්ලිමේන්තුවේ කල්දේරමේ බත් කියලා.. මුන් වෙන වෙනම කෑවට ඔක්කොගේම බොක්ක එකයි.. හෙන ගහනවා මේ කරන අපරාධ වලට...

:       0       188

Sanath KandyMonday, 01 April 2019 04:08 AM

225 න 6 කට ඔය චෝදනා අදාළ නැහැ සනත්. ඒ අවංක මිනිස්සු 6 දෙනා නොහොටින්න මුන් රටම විකුණාගෙන කාලා. කරුමේ කියන්නේ මේ 6 හය දනා ඉන්නේ හොරු අල්ලන්න විතරයි. හොරු එළවලා මේ වගේ අවංක රටට ආදරේ කරන මිනිස්සුන්ට බලය දෙන්න අපේ මිනිසුන්ට කවදා මොලේ පෑදෙයිද?

:       0       109

dias Sunday, 31 March 2019 01:50 PM

දැන් ඉතින් කාගේ කාගේත් කල්ලමරේ...

:       0       28

Samathasena A . Aluthgamage. Sunday, 31 March 2019 01:54 PM

වර්ෂයක් පාසා ගංවතුරෙන් යටවෙන මේ රටේ මොන තරම් වතුර සම්භාරයක් මුහුදට නිකරුනේ ගලා බසිනවද? රජවරු කල්යල් බලා සාදා නිමවා තිබූ වැව් ටික මඩෙන් පිරිලා නිසා ධාරිතාවය අඩුවෙලා. නිරපරාදේ මුහුදට යන ජලය පහත්බිම් වල ගබඩා කරගැනීමේ ක්‍රමයක් අපට තවමත් නැහැ. සිංහල අවුරුදු කාලයේදී විශේෂයෙන්ම ජලයෙහි අවශ්‍යතාව වැඩිවෙන බව දැනදැනත් ඒවාට පිළියම් යෙදීමට අපේ රටේ වගකිව යුත්තන්ට බැහැ...

:       0       176

sarath perth Sunday, 31 March 2019 02:14 PM

ලංකාවේ ඇතැම් නගරවල විදුලිය කැපුවේ නැහැ. විදුලි බිල වැඩිවුනෙත් නැහැ... හේතුව එම නගරවලට විදුලිය සැපයුවේ පෞද්ගලික ආයතන මගින් නමුත් මණ්ඩලයෙන් විදුලිය ලබාගත් පාරිභෝගිකයින් අමාරුවේ නොදන්නා අයගේ දැනගැනීම පිණිස පමණි. මම වැරදි නම් කරුණාකර නිවැරදි කරන්න. සත්‍ය දැනගැනීමට කැමතියි...

:       1       30

nihal Sunday, 31 March 2019 04:45 PM

රවින්ද්‍ර.. අපේ රවී නොවේ.. රනිල්ගේ දෙමල රවී යනුවෙන් නිවැරදි විය යුතුය.

:       316       257

sarath Sunday, 31 March 2019 06:43 PM

CEB එකෙන් දීපු එකම ව්‍යාපෘතියක් වත් ක්‍රියාත්මක කාලෙන් නැහැ .අයි ජනාධිපතිතුමාට බැරි රවී ඉවත් කරලා විදුලිබල මණ්ඩලය ඔහු අතට ගන්න .රවී සොතාස කාල ,බැංකුව ත් කාල දැන් ලං වී. ම ත් කන්න යනවා .අපි බලන් ඉන්නවා ද ? ...මෙදා පාර නොරොච්චෝලේ වගේ 4-5ක් හදන්න පුළුවන් ගානක් මු හොරා කනවා .පල් හොරුන්ට හෙන වදිනවා ....

:       0       2

indika Sunday, 31 March 2019 07:26 PM

ඔය හොරකමට තමයි සැරසුනේ කියල දැන් රටම දන්නවා . විදුලි ඒකකයක් කියගානේද ගත්තේ කියලත් රටට හෙලිකරුවනම් බලාගත හැකියි ඔය තක්කඩි ටික රටට කොයි තරම් රටට ආදරේද කියල

:       0       0

kule Sunday, 31 March 2019 08:23 PM

ඕකට තමයි දරුවනේ යහපාලානේ කියන්නේ මහජනතාවගේ ඔලුව අත ගගගා කොමිස් ගගහා මහා උන්ගේ සාක්කු පුරවාගෙන දෙන සැප දැන් හොදද සනීපද පිටරටින් කෙප්පයෝ ගෙන්න ඕන නෑ ලක්ෂ හැට දෙකක් ලංකාවේම ඉන්නවා.

:       0       1

වික්‍රම Sunday, 31 March 2019 09:15 PM

දවසින් දවස අගාදයට යන රටක් නිදහස ලබල අවුරුදු 70ක් වෙලත් ජනගහනයට සරිලන විදියට විදුලි බලය ලබා දෙන්න බැරි රටක් කිසිදු සැලැස්මක් නැති බොරු පුරාජේරු කියවන ජනතා නායකයෝ මම ජීවත් වෙන්නේ අවුරුද්දේ මාස 6 ක් හරියට හිරු එලිය නොලැබෙන රටක ඒ වගේම ඉතා ඉහළ ඒක පුද්ගල විදුලි පරිභෝජනයක් සහිත රටක ඔවුනුත් තමන්ගේ පරිභෝජනයෙන් 21% ගන්නේ හිරු එළියෙන් සියලුම පාසැල්, රෝහල් සම්පුර්ණයෙන්ම හිරු එළියෙන් . අතලොස්සක් මුදලාලිලා පොහොසත් කරන්න, දුප්පත් අහිංසක මිනිසුන්ගේ ජීවිත අගාදයට යවන නරුම නායකයෝ .

:       0       74

Sampath Monday, 01 April 2019 01:47 AM

මාරම මාරයි .....ඇමතිතුමා මාරම උපාය දක්ෂයෙක්

:       0       2

සුපුන් Monday, 01 April 2019 02:40 AM

රජයට නැති විදුලිය පෞද්ගලික අංශයට කොහෙන්ද? එතකොට මේවගේ අයිතිය කාටද?

:       0       10

Sapumal. Monday, 01 April 2019 02:57 AM

විදුලිය බල මණ්ඩලය කියන්නේ රටේ මුදල් කාබාසිනියා කරන ස්ථානයක් කිව්වොත් එහි වරදක් නැහැ. පැවති රජයන් පොල් පටවන්නාක් මෙන් මෙයට තම දේශපාලන හෙන්චයියන් දැම්මා. කිසිදු වෘර්තීය පුහුණුවක් නොමැති මේ අය කාලයක් යනකන්ම වැඩිපුරම කලේ පිනට පඩි ලැබීමම තමයි. නිසි පුහුණුවක් විනයක් සුදුසුකමක් නොමැති බොහෝ සේවකයන් හරිහැටි කතාකරන්නවත් දන්නේ නැහැ. තම උසස් නිලධාරීන්ට ගරුකරන්නේවත්, හරිහැටි අණ ඉටුකරන්නේවත් නැහැ.දේශපාලන බලය පෙන්වන නිසා බොහෝ උසස් නිලධාරීන් මේ අයට බියයි. ඉහළම නිලවලට තියෙන අධික වියදම් වල සීමාවක් නැහැ. වෙනදා මණ්ඩලයේ කම්කරුවන් යොදවා රැහැන් වලට අවහිර අතු ඉති කැපුවත්, වර්තමානයේ එය පෞද්ගලික කොන්තරාත් කරුවන්ට පැවරීම නිසා වැඩේද හරිහැටි නොකෙරෙනවා මෙන්ම මුදල්ද නාස්තිවෙයි. මේ සියල්ලටම වන්දි ගෙවනුයේ ජනතාවය.

:       0       4

wicky Monday, 01 April 2019 03:13 AM

ඕකනේ ඕනි උනේ. දැන් ඉතින් සතොස වගේ තමයි. රවියගේම බලාගාර වලින් අධික මුදලකට විදුලිය ගනී. එකෙන්ද නිෂ්පාදන මිල මෙන් දෙගුණයක් රවියාටය. ඕක තම කර ගන්න ඕනි උනේ. විදුලි බල බන්දලයට කර ගන්න දෙයක් නැතිව ඇති. පස්සේ බිල වැඩි කරයි. දවසක් වැස්සොත් ජලාශ පිරි වන දමනවා. සතියට වැව හිදෙනවා. අයි මේ වැව ටික පිළිසකර නොකර්රන්නේ? කෝ විදුලි බල මණ්ඩලේ නිලධාරීන්. කෝ මේවට වැඩ වර්ජන? මීලග මැතිවරණයේදීවත් මිනිසුන්ට නුවණ පහල වේ මෙහොරු එකෙක්ටවත් ඡන්දය නොදේවි. කට්ටිය පෙළගැසී එකෙක්ටවත් ඡන්දෙ නොදී ඉමු. අලුත්ම අලුත් නියෝජිතයින් පත්කර ගැනීමට පෙලගැසෙමු.

:       0       90

sanju Monday, 01 April 2019 03:15 AM

මේකට එන්න තමයි මෙච්චර කල් උත්සාහ කරේ.2016/2017 මහජන උපයෝගිතා කම්ෂන් සභාවෙන් මෙි කථාව කිව්වා. මුන්ට ඕන උනේ ජනතාවට සහනයක් සලසන්න නොවෙයි. උන්ගේ කුට්ටිය සාක්කුවට දාගන්න. මෙිකට ලංවිම ඉංජිනේරැවොත් වග කියන්න ඕන. කමිෂන් එක ලැබෙනව නම් මුන් ඕන දෙයක් කරනවා. ලොකුම කණගාටුව අපේ රටෙි අනාගතය ගැන. මෙි රට ගැන ඔවුන් එකෙක්ටවත් කැක්කුමක් නැ. අහිංසක මිනිස්සුන්ගෙන් හොරා කන හොර හැත්ත.

:       0       76

jayath Monday, 01 April 2019 04:37 AM

මේ විදුලි කැපිල්ල පස්සේ තියන ජුගුප්සාජනක කතාන්දරය මේ රටේ හුඟ දෙනෙක් දන්නේ නැහැ මෙතන තියන කමෙන්ට්ස් වලින්ම එක පේනවා රවී කියන්නේ "චොර " දේශපාලකයෙක් . එකේ කතා දෙකක නැහැ නමුත් මේ ලයිට් කැපිල්ලට එයා වගකිවයුතු නැහැ තව සමහරු ලියනවා මෙතරම් වහින රටේ ඇයි ලයිට් කපන්නේ කියල එක අනවබෝධයෙන් ලියන එකක් . මේක ඒ අයගේ වරදනෙමි . සත්‍ය තොරතුරු ජනතාව අතරට නොයාම . මේකට ලියන්නේ යමක් කමක් තේරෙන ,ලියන , කියන අය.එහෙම අයත් මෙහෙම නම සාමාන්‍ය ජනතාව ගැන කවරකතාද මේ ප්‍රශ්නේ එදා ඉඳලම ඉංග්‍රීසි කියවන අය විතරක් දන්නා එකක් මොකද ලියන අය ලිව්වෙත් ඉංග්‍රීසි පත්තර වලට ,ඒවා කියෙව්වෙත් ඉංග්‍රීසි බලන අය . මේක ත්‍රිකෝණාකාර ප්‍රශ්නයක් එක කොනක දේශපාලුවෝ , අනිත්කොනේ උපයෝගිතා කොමිසම , තව කොනක විදුලිබල මණ්ඩලය , කොහොම උනත් කව්රුකව්රුත් අන්තිමේදී "ගොඩ " යයි . හුඟදෙනෙක් නොදන්නා සත්‍යය එකයි

:       0       14

shahiwal Monday, 01 April 2019 05:02 AM

අපේ රටෙ පොදු සම්පත් මංකොල්ල කන හැම කෙනාගෙම පවුල් වල අයටත් දඩුවම් ලැබිය යුතුයි.......

:       0       11

NASRUDIN Monday, 01 April 2019 11:10 AM

මට නම් දැනෙන විධියට මේ මාවත එළිපෙහෙළි වන්නේ සොඳුරු ආඥා දායකයෙකුගේ ආගමනයේ කස පුපුරන හෝරාවයි!.

:       0       1

anura Monday, 01 April 2019 12:23 PM

අපේ රට දැන් හරිම දියුණුයි. ඕනෑම් දෙයක් මිලදී ගන්නත් විකුණන්නත් පුළුවන්... වෙළඳ පොලට ගියහම විදුලිය, කිරිපිටි, තෙල්, වනාන්තර, කුඩු වගේ දේවල් විතරක් නෙමෙයි ළමයි පවා මිලදී ගන්නට හා විකුණන්නට පුළුවන්. මෙවා තමයි අපනයන ආර්ථිකේ ලක්ෂණ.

:       0       1

kujitha Tuesday, 02 April 2019 01:11 AM

මම මාසෙට කිලෝ වොට් 1000-1200 නිපදවනවා සෝලා වලින්. මේ වගේ සියගානක් පෝලිමේ ඉන්නවලු අවසර ලැබෙන තුරු. ඒවට අවසර දෙන්ඩ මොකද තටමන්නේ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිවුන් සොයුරා සමඟ නිදා සිටි 21 තරුණයා අතුරුදන්
2024 නොවැම්බර් මස 26 25 0

නිවුන් සොයුරා සමග එකම ඇදෙහි නිදා සිටි අනෙක් සොයුරා හිටි හැටියේ අතුරුදන්ව ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි.


නව රජයේ ප්‍රසම්පාදන වැඩට නව මාර්ගෝපදේශ සංග්‍රහයක්
2024 නොවැම්බර් මස 26 201 0

රජයේ ආයතන විසින් භාණ්ඩ ,වැඩ හා උපදේශන නොවන සේවා ප්‍රසම්පාදනය කිරීමේදී හා ඒ හා සම්බන්ධ අනෙකුත් කටයුතු සඳහා අදාළ නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දීමට ජා


ස්වෛරී බැඳුම්කර ප‍්‍රතිව්‍යුහගත කරන්න කැබිනට් අනුමැතිය
2024 නොවැම්බර් මස 26 145 0

ස්වෛරීණය ණය තිරසාරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප‍්‍රතිව්‍යුහගත කිරීම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇ


පරිපූරකය වියදම් කරන්නේ මෙහෙමයි
2024 නොවැම්බර් මස 26 302 0

වසරේ ඉදිරි කාලයේ වියදම් දැරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමත කර ගැනීමට නියමිත රුපියල් මිලියන 219,373 ක පරිපූරක ඇස්තමේන්තුව මගින් වියදම් දැරීමට අපේක්ෂිත ක්ෂේත


ඩීසල් නැව් හතරක් ගන්න කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවට
2024 නොවැම්බර් මස 26 508 0

ඩීසල් (0.05% M.S.) නැව් තොග 4ක් මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


අයවැය එන දවස ටක්කෙටම කියයි
2024 නොවැම්බර් මස 26 531 0

2025 වර්ෂය සඳහා වන අයවැය සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 544 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2081 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site