IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


මැංගුස් සටන යුද්දයකින් අවසන්

(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කළුතර තිස්ස ජාතික පාසල හා කළුතර මහා විද්‍යාලය අතර පැවැති මැංගුස් සටන අවසානයේදී ඇතිවූ ගැටුමකින් ක්‍රිකට් පිති ප්‍රහාරයට ලක්වූ කළුතර තිස්ස විදුහලේ ක්‍රිකට් කණ්ඩායමේ උප නායකයා බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පයාගල පොලිසිය කියයි.

මග්ගෝන සරේ ක්‍රීඩා පිටියේදී පාසල් දෙක අතර 13 වන වතාවට පැවති එක් දින තරගය අවසානයේදී අවසන් පන්දුවාරයේදී කළුතර මහ විද්‍යාලය ජයග්‍රහණය ලැබීමත් සමඟම තරඟ නරඹමින් සිටි පරාජිත කළුතර තිස්ස ජාතික පාසලේ සිසුන් පිටිය මැද සවිකර තිබූ ක්‍රිකට් පොලු හතරක් ගලවා ගැනීමත් සමගම මෙම ගැටුම සිදු වී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එම අවස්ථාවේදී තරඟය නැරඹීම සඳහා දෙපිරිසේම 4000 පමණ පිරිසක් ක්‍රීඩාංගනයේ සිට ඇති බව විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.

හිසට වැදුණු තදබල පහරක් හේතුවෙන් බරපතළ තුවාල ලද කළුතර තිස්ස ජාතික පාසලේ උපනායකයා මේ වන විට කළුතර නාගොඩ මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඔහු හිසෙහි විශේෂ ශල්‍යකර්මයකට භාජනය කිරීම සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කිරීමට නියමිත බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.



අදහස් (27)

මැංගුස් සටන යුද්දයකින් අවසන්

Lal Monday, 01 May 2023 06:40 PM

ගොඩේ පාසැල් නෝ බිග් මැච් ප්ලීස්

:       3       17

Nadadawa withanage sisira kumara Monday, 01 May 2023 07:28 PM

ක්‍රිකට් ගහන්න ඒ උනාට විනයක් නෑ .මුලින්ම ඒවා හදන්න දැනගන්න ඕනේ පාසැල් වලින්

:       1       17

පුරවැසියෙක් Monday, 01 May 2023 07:55 PM

සුබ පැතුම්!

:       2       16

පැරකුම් Monday, 01 May 2023 08:37 PM

ක්‍රීඩාව යනු කුමක්දැයි සිසුන්ට අවබෝධ කරදියනොහැකි ගුරුන් සිටිනතාක් මෙවැනි අවාසනාවන්ත සිදුවීම් වැලැක්විය නොහැක.

:       5       20

මහසෙන් Monday, 01 May 2023 09:16 PM

බිග් මැච් මේනීයා.රේස්.ගිහින් ජීවිත නැති උනා.දැන් විකට් පොලුවලින් ගහලා.අවසානේ කදුලු උරුම දෙමාපියන් ට.

:       4       21

Sampath Monday, 01 May 2023 10:22 PM

සියලුම පාසල් ක්‍රිකට් තරග, සංගීත සංදර්ශන මෙන් පිහි ඇනුම්, ගුටි කෙළි සහ රිය අනතුරුවලින් කෙළවර වීමම රැල්ලක් වී ඇත. මේ ක්‍රියාවට දඬුවමක් ලෙස පාසල් දෙකේම විදුහල්පතිවරු වැඩ තහනමකට ලක්කරන්න ඕනේ. නිසි ආරක්ෂාවක්, ආරක්ෂක විධිවිධාන නොයෙදීම සම්බන්ධව...

:       6       6

K.c.s.k de silva Monday, 01 May 2023 10:58 PM

ඔච්චර බොරු දාන්න එපා යකෝ.

:       16       2

kamal Monday, 01 May 2023 11:30 PM

කුඹුරු හාන්ට හොඳ මී හරක්ට මොන බිග් මැච්ද?

:       5       33

SinGonHala Tuesday, 02 May 2023 01:18 AM

ඉතාමත් අවළස්සන තිරිහන් ගතිගුන ඇති, ගස් හා ගල් පිළිම වලට වැද නමස්කාර කරණ මෙවැනි ජඩයින්ට හිමි එකම නිජබිම ගන වනාන්තරය පමනි.

:       13       20

මැක්ස්Tuesday, 02 May 2023 11:36 AM

"පිළිම වන්දනාවක්" ගැන කිය කිය තමුන් ඒ අතරේ වෙන ඇරියස් එකක් කවර් කරන්න නේද ට්‍රයි එක...?

:       4       11

විපරමා Tuesday, 02 May 2023 02:42 AM

ජය පරාජය උපෙක්ෂාවෙන් වින්දගන්ඩ බැරි මෝඩයෝ ?

:       2       15

හේමචන්ද්‍ර Tuesday, 02 May 2023 06:34 AM

තරගය පවත්වා තියෙන්නෙ මග්ගොන ක්‍රීඩාංගණයේ නිසා ඔහොම දේවල් වෙන්න පුළුවන් මොකද අපි කුඩාකාලයේ වැඩිහිටියන් කිව්වෙ දග කලොත් මග්ගොන යවනවා කියලා නිසා කොහොම වුනත් මෙහෙම ඉවසීමක් නැති එවුන් එක්ක ක්‍රීඩා කිරීම බෝල වෙනුවට බෝම්බ අරගෙන ෆුට්බෝල් සෙල්ලම් කරනවා වගේ වැඩක් තමයි ඉදිරියේ කිසිදාක මෙම නොහික්මුණු කණ්ඩායම සමග අනෙක් කණ්ඩායම ක්‍රීඩා නොකරනවානම් ඉතාමත් හොදයි නැත්නම් ඊළඟ වතාවේ මිනීමැරුමක් අනිවාර්යයෙන්ම වෙන්න පුළුවන්

:       2       11

Lal Tuesday, 02 May 2023 07:11 AM

ගොඩයන්ට මොන බිග් මැචස්ද?

:       2       13

සුමිත් ෆර්නැන්ඩෝ Tuesday, 02 May 2023 07:24 AM

මේකට වග කියන්න ඕන කළුතර විද්‍යාලේ විදුහල්පති. පාසැල බලාගෙන ඉන්න කොට විනාශ කරනවා. මිනිහ තමන්ගේ පෙරටුගාමී දේශපාලනේ ඉස්කෝලේ කරන්න ගිහිල්ල තමයි මේ විනාශේ කලේ..

:       6       13

Chaminda Tuesday, 02 May 2023 08:19 AM

මොන කාලකන්නි ද මේ. ජයග්‍රහණය හෝ පරාජය සතුට අසතුට සාමකාමීව දරාගන්න බැරි ජාතියක් ද බිහි වී ඇත්තේ.

:       2       7

Nish Tuesday, 02 May 2023 08:46 AM

මැංගුස් සටන 13 වෙනි වතාවට කියන එක හරිද? මට මතක ඊට ගොඩාක් පරණයි වගේ...

:       3       3

රනේ Tuesday, 02 May 2023 09:29 AM

රට ගිනිගෙන ඇති බව නොදනිති මේ පුතනුවන්...

:       4       8

Asanga Tuesday, 02 May 2023 09:46 AM

ඇත්තටම මේ බිග් මැ විකාරයක්. පාසල්වල විනය හදන්නැතුව ඔය මොනව තිබ්බත් වැඩක් නැහැ. පවු අහින්සක ලමයිගෙ ජීවිත එක්ක නේද මුන් සෙල්ලම් කරන්නෙ.

:       3       9

Kaleem Tuesday, 02 May 2023 10:08 AM

මේ ගොඩේ ඉස්කෝල වල උන් බිග් මැච් ගහන්න ගියාම් ඕක තම වෙන්නේ . මුන්ට මොන ක්‍රිකට් ද ?

:       6       15

කිරිපුතා Tuesday, 02 May 2023 10:22 AM

දැන් මිනිසුන් තිරිසන් ගති පෙන්වන්න අරගෙන තියෙන්නේ ළමා කාලයේදීමයි. එයයි ලෝක ස්වභාවය . කළ හැකි එකම දේ මේ ක්‍රිඩා තරඟ නතර කර දැමීම පමණයි

:       4       8

rangana2 Tuesday, 02 May 2023 10:34 AM

කළුතර මහා විද්‍යාලය අධිශිශ්‍යෝ තරගේ නරබනවට වඩා කරේ රා බුලි ගෙනත් තියන් බොන එක

:       3       13

ranga Tuesday, 02 May 2023 11:05 AM

13 වෙනි වතාව නෙමෙයි, මේ 63 වෙනි වතාව මැංගුස් සටන කියන්නේ ලංකාවේ තියෙන පරණම බිග් මැච් එකක්. එත් දැන් කළුතර ජාතික පාසැල හොඳටම පිරිහිලා තියෙන්නේ... මේ පාසලේ අල්ලපු වටේ තමයි කලාප අධ්‍යාපන කාර්යාලය තියෙන්නේ...

:       3       4

Bunny Preena Tuesday, 02 May 2023 12:26 PM

ජය පරාජය මොකක්ද කියන එක හරියට තේරුම් බේරුම් කරගන්න දන්නේ නැති ගොබ්බ ක්‍රීඩා ලෝලීන් සහ වැඩිහිටියන් ඉන්නකොට කොහොමද ඕනෙම තරගයක් සාමකාමීව ඉවර වෙන්නේ...? ක්‍රීඩා පිටියේ ඇති සාමකාමී බව, සුහදත්වය නැත්තටම නැතිවෙලා තියෙන්නේ.

:       1       3

dhamneth Tuesday, 02 May 2023 12:27 PM

ඔලිම්පික් ක්‍රීඩා නිර්මාතෘ බැරන් කුබටන් සඳහන් කර තිබෙන්නේ ක්‍රීඩා කරන්නේ සහභාගිවීමට මිසක් ජයග්‍රහණය කිරීමට නොවන බවයි. දරුවන්ගේ සිත්තුළ මේ අදහස තැන්පත් කළ යුතුයි.

:       2       4

Rahul Tuesday, 02 May 2023 03:22 PM

බිග් මැච් නෙවෙයි බයි මැච්...

:       2       3

Sanjeeva Tuesday, 02 May 2023 04:58 PM

කබ්බෝ ෆෝම් කළාම ඕක තමයි ප්‍රතිඵල. මේ අයට මොන බිග් මැච්ද?

:       1       0

sanjeeva Tuesday, 02 May 2023 05:01 PM

මේ අවුරුද්දේ අපේ බිග් මැච් එකේ අපේ ඉස්කෝලේ තමයි දිනන්න වැඩි චාන්ස් තිබුනේ. ඒත් ඔක්කොම කණපිට පෙරළුණා... අපිට ලොකු පරාජයක් අත්වුණා... ඒත් අනේ වැලිකැටයක්වත් ගැහුවේ නෑ. අපි විවෘතව ජයග්‍රාහකයින්ට සුබ පැතුවා...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කුඩ්ඩා මාර්ටින් වික්‍රමසිංහ නිවෙසින් ඉස්සූ රනින් කළ රුවල 7000 විකුණලා
2025 අප්‍රේල් මස 22 711 0

මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර


රන් පවුමක් 255,000 ක් වෙයි
2025 අප්‍රේල් මස 22 340 0

ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය


ඇමති වාහන දෙකකට සීමා කරයි
2025 අප්‍රේල් මස 22 462 0

අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම


සිසුන් පහරදී සිසුවා මරලා
2025 අප්‍රේල් මස 22 1249 0

පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය


පාස්කු විමර්ශන වලින් මූලික ගැටලු දෙකක් විසඳා ගත්තා
2025 අප්‍රේල් මස 22 727 0

පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත


ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබයි
2025 අප්‍රේල් මස 22 4449 0

සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 598 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 307 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 462 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site