‘ඡායා කැබිනට් එකේ පිරිසුදු මිනිහෙක් ඉන්න ඕනේ මගේ අමාත්‍යංශයේ වැරදි සොයන්න. ඒ කල්ලියේ පිරිසුදු මිනිස්සු නැහැ. අමාත්‍යංශය නිරීක්ෂණය කරනවානම් මම කැමතියි. හැබැයි පිරිසිදු අය. එෆ් .සි. අයි.ඩී , හා සි .අයි .ඩි පරීක්ෂණ යන වේගය ගැන අපි සැහීමකට පත් වෙන්න බැහැ කියලා ජනපතිට හා අගමැතිට කිව්වා‘ යැයි ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පැවසීය.
ශ්‍රී ජයවර්ධනපුර මාවත, රාජගිරියේ පිහිටි නව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශයට පැමිණීම නිමිත්තෙන් පැවති උත්සවයේදී ඔහු එසේ කීවේය. ප්‍රධාන ආරාධිතයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්වූ අතර මුදල් ඇමැති රවී කරුණානායක මහතා ඇතුළු පිරිසක් ද ඊට එක්ව සිටියහ.
පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස
විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ
රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘මගේ අමාත්‍යංශයේ වැරැදි හොයන්න පිරිසිදු කෙනෙක් ඕනේ‘
ජනහිත Thursday, 14 July 2016 04:09 PM
අැමෙරිකාවෙන්වත් කෙනෙක් ගෙන්නා ගනිමු. මොකද ලංකාවේ නම් ඉන්න එකම එක්කෙනා ඔබ විතරක් නිසා. අනිත් ඔක්කොම දැන් ඇතිවෙන්න නාලා ඉන්නේ (නි)
රොහාන් Thursday, 14 July 2016 04:12 PM
ලංකාවෙන් නම් ඔය සුදුසුකම් සපුරන කෙනෙක් හොයාගන්න බැරිවෙයි (නි)
මෙරිල් Thursday, 14 July 2016 04:17 PM
දැන් කොහෙන්ද අපි එහෙම කෙනෙක් හොයාගන්නේ? (නි)
තිලක් -ඩුබායි Thursday, 14 July 2016 04:42 PM
ජවිපෙ හැරුනුකොට මම ගෞරව කරන එකම දේශපාලකයා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පමණයි. (නි)
ඇසළ Thursday, 14 July 2016 04:48 PM
හැබැයි අපි කවුරුවත් ඡන්දය දීලා නම් ඔය පත්වීම් කළේ නැහැ (නි)
රජිත් Thursday, 14 July 2016 05:21 PM
ඔය ඉන්නේ සුදු ඇඳලා ඕනෑතරම් හතර පෝයට සිල්ගන්න පිරිසිදු කට්ටිය. එක්කෙනා දෙන්නා නෙමෙයි, පවුල් පිටින්ම. (නි)
සරත් Thursday, 14 July 2016 07:49 PM
ඔබතුමාට ජයවේවා! (නි)
අබේ Thursday, 14 July 2016 09:50 PM
ඔය දියවන්නාවේ එක්කෙනෙක් ගැනවත් මගේ නම් පැහැදීමක් නැහැ (නි)
ඒකනායක මිලානෝ Thursday, 14 July 2016 09:54 PM
දැන් කරන හැටි බලමුකෝ! (නි)
සිරි Thursday, 14 July 2016 10:38 PM
තමන් පිරිසිදුද? ප්‍රථමයෙන් එය සොයාබැලුවොත් නේද හොඳ? (නි)
බන්දුල Thursday, 14 July 2016 10:50 PM
අර රාජිත ඇමතිතුමා කිවුවා වගේ එහෙනම් දිව්‍ය ලෝකයෙන් තමයි ගෙන එන්න වෙන්නේ. මහත්තයෝ, හොරු තමයි හොරකම් කොහොමද කෙරෙන්නේ කියලා දන්නේ. කටුවක් ගන්න කටුවක් ඕනෑ වගේ හොරු අල්ලන්න හොරුම දාමු. (නි)
බමුණු ආරච්චි Thursday, 14 July 2016 10:46 PM
කෝටි 6 කාර් එකෙන්ම වැඩ පටන් ගනිමු නේද? (නි)
පාලිත Friday, 15 July 2016 09:49 AM
අපිට ඉතින් හැම පැත්තෙන්ම හිනා යනවා. (ර)
විජේසුන්දර ප්‍රංශය Friday, 15 July 2016 08:40 PM
එහෙමනම් කාවහරි සබන් ගාලා නාවලාවත් ගන්න වෙයි (නි)
ටිකිරි Thursday, 14 July 2016 11:53 PM
කතාව ඇත්ත. මමත් ඔබතුමා සමඟ එකඟයි (නි)
නිරාන් Friday, 15 July 2016 12:24 AM
නාලක, මෙතුමා මුළුමහත් රටටම කළ සේවය ගැන මුල මතක තියාගෙන කටයුතු කරන්න (නි)
ශානක Friday, 15 July 2016 01:32 AM
ආපොයි! බලමුකෝ කියවන ගානට වෙයිද කියලා. නිරාන්, එයා එ් ඔක්කොම වැඩ දැම්මේ මහින්ද මහතා හින්දයි. (නි)
රමණි Friday, 15 July 2016 01:38 AM
එහෙනම් පිරිසිදු කෙනෙක් යහපාලනෙන්වත් හොයන්නකෝ. (නි)
ආර්. වික්‍රම Friday, 15 July 2016 01:41 AM
නිරාන්, මුල මතක තියන මිනිස්සු හිටියා නම් තාමත් මහින්ද රටේ ජනාධිපති වෙන්න එපායැ (නි)
සිරි Friday, 15 July 2016 01:43 AM
ඡන්ද 5000 ක් විතර ගත් එක්කෙනෙක් ගිය උඩ කියලා මට හිතුනා (නි)
දුමින්ද Friday, 15 July 2016 02:01 AM
ඇමති මණ්ඩලය සුපිරිසිදු ඇති නේද? (නි)
පසන් Friday, 15 July 2016 02:09 AM
තමන් පිරිසිදුද? ප්‍රථමයෙන් වෛරය නැති කරන්න, අනුන්ගේ කිල්ලෝට ගැන සොයන්න කලින්. (නි)
අනිල් Thursday, 14 July 2016 11:12 AM
මිනිස්සු දුක් විඳිද්දී තමන්ගේ තත්වය තියාගන්න කියලා මිනිසුන්ගේ සල්ලි වලින් කෝටි 7-8 වාහන ගන්න වගේ පිරිසිදු කෙනෙක්ද ඕනෑ? (නි)
රණතුංග Thursday, 14 July 2016 11:13 AM
පිරිසිදු මිනිස්සු ගැන කතා කරන්නේ නියම කට්ටියක් ළඟ තියාගෙනනේ. මොනතරම් උතුම් ආදර්ශයක්ද. (නි)
පාලිත Friday, 15 July 2016 02:22 AM
ඔබතුමා වගේ අය දේශපාලනයට අැවිල්ලා එක පාටකට සීමාවුණා. රටේ වීරයෝ වගේ ඉන්න තිබුන රටම ගරුකළ චරිත අද ඡන්දයක් ගන්න බැරි තත්වයට වැටිලා. (නි)
ඩෙන්සිල් Thursday, 14 July 2016 11:39 AM
පිරිසිදු කෙනෙක් හොයාගන්න සටන එහෙනම් පටන්ගමු නේද? (නි)
සුසන්ත Thursday, 14 July 2016 11:42 AM
ඔයාලගේ කල්ලියේ ඉන්නේ ඔක්කොම පිරිසිදු අයනේ නේද? මේවා අහලා කොහෙන් හිනා වෙන්නද මන්දා? (නි)
සිල්වා Thursday, 14 July 2016 11:53 AM
ඔබතුමාද මේ දේවල් කියන්නේ.(හේ)
වෙල්ගම Friday, 15 July 2016 03:22 AM
ඔබට සතුටුයිද දැන්? (නි)
නාලක Thursday, 14 July 2016 11:59 AM
බලමුකෝ ඔබතුමා රටට වැඩක් කරයිද කියලා.(හේ)
යසෝධරා Friday, 15 July 2016 12:36 PM
එහෙනම් හොයාගන්න හරි අමාරුවෙයි (නි)
චන්ද්‍රා Friday, 15 July 2016 03:28 AM
මට පුදුමයි මුළු රටම සූරාකනතුරු, මීට පෙර කට අරින්න කිසිම කෙනෙක් ලංකාවේ හිටපු නැති එකට. පව් බය හිතෙන්න ඇති. එ්කේ ප්‍රතිඵලය තමයි රටවැසියාත් සල්ලි වලට කෑදරවෙලා සමාජය දුෂිත වුණ එක. (නි)
සිරිල් Thursday, 14 July 2016 11:57 AM
අපරාද ගැන හොයන්න පිරිසිදු කී දෙනෙක් ඉන්නවද?(හේ)
විසුර Thursday, 14 July 2016 12:06 PM
ඔබතුමා කියන දේ හරි.(හේ)
සමන් Thursday, 14 July 2016 12:10 PM
පිරිසිදු කම ගැන දන්නේ අපිනේ.(හේ)
උද්දික Thursday, 14 July 2016 12:21 PM
ඉසෙල්ලා ඡන්දේ අරන් එන්න.(හේ)
ඩිලාන් Thursday, 14 July 2016 01:10 PM
ඔබතුමා වගේ අය මේ රටේ අඩුයි (නි)
ශශිකා Thursday, 14 July 2016 01:06 PM
ඒ විතරක් නොවෙයි, කෝටි හතක විතර වාහනයකුත් අරන් එන්න ඕනෑ. (නි)
අශාන් Thursday, 14 July 2016 01:24 PM
පිරිසිදු දේශපාලකයින් ගැන නම් අපි කතාකරන්නවත් කැමති නැහැ (නි)
ප්‍රියන්ත Thursday, 14 July 2016 01:58 PM
කාර්යාලයේ වැඩකරන අයට දෙවියන්ගේම පිහිටයි කියලා තමයි කියන්න වෙන්නේ (නි)
අනුර Friday, 15 July 2016 05:17 AM
යුධ සෙන්පතියෙක් ලෙස ඉතා අගේකලයුතු කෙනෙක් උනත් දේශපාලනයේ නම්... (ර)
ජනහිත Thursday, 14 July 2016 02:10 PM
පිරිසිදුකම ගැන නම් කියලා වැඩක් නැහැ. ඔක්කොම මඩ නාලා කතා කරන්නේ, කහමලෙන් නාලා වගෙයි. අනේ කාලේ වනේ වාසේ කිවුවලු. (නි)
නිම්මි Friday, 15 July 2016 03:02 PM
ඩුබායි තිලක්, කාලයක් ඔයාලා මෙතුමා ගැළවීමේ හමුදාවටවත් හොඳ නැහැ කිව්වා නේද? (නි)
මොහාන් Thursday, 14 July 2016 02:42 PM
කියන එක්කෙනත් හරි පිරිසිදුයිනේ. (නි)
අනූ Friday, 15 July 2016 06:27 AM
නිරාන්, මොහුට විතරක් ඇයි ගරු බුහුමන් මහින්ද නොහිටින්න ඔය කාටත් යුද්ධය දිනන්න බෑ. (ර)
සේනාධීර Thursday, 14 July 2016 02:48 PM
මෙහෙම ගිහිල්ලා ළඟදීම හොඳ පාඩමක් ඉගෙනගත් දවසට කාට කාටත් තේරෙයි (නි)
සර්ජි Thursday, 14 July 2016 03:56 PM
නාලක, ඔහුට ප්‍රථම සිටි හැම හමුදාපතිම කොටින් පරද්දන්න බැහැ කියමින් මඟහැරි යුද්ධය ඔහු පමණක් ඉදිරපත් වී කළ එකම මදිද? (නි)