IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


මගේ ආසාව තිබ්බේ රංගනයට

20160902Viraj-2ඉඳුවරී නාට‍්‍යයේ කේසර හරහා පුංචි තිරයට ආව විරාජ් පෙරේරා මේ දිනවල නම් වැඩිපුරම දකින්න ලැබෙන්නේ Music Video හරහා. විරාජ් නැති Music Video එකක් නැති තරම්. ඉතින් හිතුනා විරාජ් එක්ක ටිකක් කතා කරන්න

 

20160902Viraj-1කොහොමද විරාජ් ජීවිතේ?

හ්ම්... හොඳින් ඉන්නවා. රැකියාවේ වගේම කලා කටයුතු කරගෙන හොඳින් ඉන්නවා.

 

කලාව ඔබේ වෘත්තිය නෙවෙයිද?

නැහැ. මම වෘත්තියෙන් AMW එකේ අලෙවි ප්‍රවර්ධන කළමනකරු විදියට වැඩ කරන්නේ.

 

එතකොට මේ ඔබේ විනෝදාංශය?

විනෝදාංශය කියන්නම බැහැ. මොකද මගේ ආසාව තිබ්බේ රංගනයට. පාසැල් කාලේ ඉඳන්ම පාසැල් වේදිකාවේ මම රඟපෑවා. නමුත් මට මුල් කාලේ ඒ සඳහා අවස්ථාවක් ලැබුණේ නැහැ. ඉතින් මම හිතුවා කවදා හරි තනියෙන්ම මේ ගමන එන්න ඕනේ කියලා.

 

දායක වුණු මුල්ම නිර්මාණය?

ඉඳුවරී නාට‍්‍යයේ කේසර කියන චරිතය. ඊට පස්සේ Face Book කියන නාට‍්‍ය සහ යකඩ කහවුණු නාට‍්‍යයේ මම රඟපෑවා. මම කොහොමත් අවුරුද්දට එක නාට‍්‍යක් වගේ තමා කරන්නේ.

 

යකඩ කහවුණු නාට‍්‍යයේ තිවංක හිටි හැටියේම නැවතුණා නේද ඒ ඇයි?    

මේ නාට‍්‍ය විකාශය වුණු ස්වර්ණවාහිනිය හරහා තමා මුල් කාලේ Production එක කළේ. ඒ කාලේ කිසිම ගැටලුවක් තිබ්බේ නැහැ මමත් මේ මෙගා නාට‍්‍යයේ කොටස් 140 කට ආසන්න ප්‍රමාණයක රඟපෑවා. නමුත් ඊට පස්සේ මෙහි අධ්‍යක්ෂවරයාම Production කටයුතු කරන්න ගිහින් ප්‍රශ්න ගැටලු ගොඩක් ආවා. ඕනෑවට වඩා ලෝබ වෙලා කරන්න ගිහින් තමා එහෙම වුණේ. අන්තිමට කලා අධ්‍යක්ෂවරයාත් ඉවත් වුණා. මටත් transport ප්‍රශ්න ආවා. පුළුවන් තරම් ඉවසුවා. ඒත් හැමදාම එහෙම කරන්නත් බැහැ. එහෙම වැඩ කරන්නත් මම කැමති නැහැ. මොකද මට ඒ වෙද්දී වාහනයක් තිබ්බා. කෙලින්ම කිව්වා නම් transport ප්‍රශ්නයක් තියෙනවා කියලා මට මගේ වාහනේම එන්න තිබ්බා. එහෙම නැතුව දවසේ වැඩ ටික කරගෙන transport නැහැ කියනවට වඩා. ඉතින් ඕනෑම දෙයකදී කෙනෙක් ඉවසන සීමාවක් තියෙනවා. මාත් ඒ උපරිම සීමාවේදී තවත් එහෙම වැඩ කරන්න බැරි නිසා සහ එහෙම වැඩ කරන්න අවශ්‍ය නැති නිසා මම නැවතුණා. මට ඒ වෙද්දී එන්න තිබ්බ සල්ලි පවා මම ගත්තේ නැහැ. මම කිව්වා ඒවායින් හරි ඊළඟට එන අයට transport එක හරියට හදලා දෙන්න කියලා. ඕක තමා වුණේ.

 

කොහොමද විරාජ් Music Video වලට එන්නේ?

ඔව්, මාව Music Video වලට නම්  මුලින්ම ගත්තේ ළහිරැ මුදලිගේ. එහෙම පටන් ගත්තු ගමන තමා මේ.

 

දැන් Music Video කීයක විතර හිටියද?

100කට ආසන්න ගණනක් කරලා තියෙනවා. මම දැන් මෑත කාලේ නිර්මාණය වුණු   රොෂාන් ප්‍රනාන්දු, ජූඩ් රොගන්ස්, අනුරාධා පෙරේරා, තාරක මල්ලවආරච්චි, රෑනීල දිමංක වෙල්ලාලගේ, මංජුල පුෂ්පකුමාර, දමිත් අසංක, අජිත් මුතුකුමාරණ, දයාසිරි ජයසේකර, ගාමිණී සුසිරිවර්ධන වගේ ගොඩක් අයගේ ගීතවල  Music Video වල ඉන්නවා

 

ගිය මාසෙට Music Video කීයක් කළාද?

13ක් කළා

 

ලැබෙන හැම Music Video එකක්ම භාර ගන්නවාද?

නැහැ, එහෙම නැහැ. දැන් නම් ගොඩක්ම හිතලා හොඳම එකකට වගේ තමා යන්න ඉන්නේ. මොකද නැත්නම් දිගටම දකිද්දී එපා වෙනවනේ.

 

Music Video වලට මේ තරම් ආරාධනා එන්නේ මොකක් හින්දා කියලද විරාජ් හිතන්නේ?

මම දන්නවා මට ලොකු range එකක රඟපාන්න පුළුවන් කියලා ඒ විශ්වාසය මට තියෙනවා. ඉතින් මට ලැබෙනදේට උපරිම සාධාරණය කරනවා. මම අය කරන මුදලක් තියෙනවා. ඒ වගේම තමා මම Music Video එකක ඉන්නවා නම් ඒ සඳහා අවශ්‍ය කරන ඇඳුමේ ඉදන් මම සකස් කරගෙන යනවා. ඉතින් මම එක්ක වැඩ කරපු අය ඒ ගැන දන්නවා ඒ නිසා ඒ අය මාත් එක්ක වැඩ කරන්න කැමැතියි.

 

සිනමාවට ආරාධනා ලැබිලා නැද්ද?

ඇත්තටම නැහැ. හොඳ නිර්මාණයකට ආරධනා ලැබුණොත් අනිවාර්යෙන්ම භාරගන්නවා.

 

ඔබ විවාහකයි?

ඔව්, මගේ බිරිය චතූ විජේසිංහ. ඇය වෘත්තියෙන් ගුරුවරියක්. මට අවුරැද්දයි මාස හයක දුවෙක් ඉන්නවා. එයාගේ නම ඉරැෂි චිත්‍රශ්‍රී.

 

රඟපානවට ඇය අකමැති නැද්ද?

නැහැ. ඇය මාව හොඳින් තේරැම් ගෙන තියෙනවා. මම විවාහ වුණේ මගේ ප්‍රථම ආදරයත් එක්ක. මම ඇයව දැන හඳුනාගන්නේ පාසැල් කාලේදී. දැන් අපේ ආදරයට වසර 16ක් විතර වෙනවා. ඒ වගේමයි ඇය මට කලින් කලාවට සම්බන්ධ වෙලා හිටියේ. වසර 8ක් විතර චන්න උපුලී රංගායතනයේ නැටුම් කණ්ඩායමේ හිටියා. විවාහයත් එක්ක තමා ඇය ඉන් ඉවත් වුණේ. ඒ නිසා ඇයගේ අකමැත්තක් නැහැ. කොහොමවුණත් මගේ ජීවිතේ මුල් තැන මගේ පවුලට තමා.

 

අනාගත බලාපොරොත්තු මොනවද?

විශේෂයෙන් කියලා බලාපොරොත්තු නැහැ. ක්ෂේත්‍රය තුළ පුළුවන් කාලයක් රැදෙන්න ආසයි. ඒ වගේම පවුල් ජීවිතය මේ වගේම හොඳින් සතුටින් ගතකිරීම තමා බලාපොරොත්තුව.

 

අනූෂා රණසිංහ



අදහස් (0)

මගේ ආසාව තිබ්බේ රංගනයට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 368 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 953 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 1425 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 192 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 789 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 904 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39355 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25655 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 343 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1131 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site