(අංජුල මහික වීරරත්න)
තමා ජනාධිපති ධුර කාලය තුළ රටේ නීතිය හා සාමය කඩ කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ සිට ආරක්ෂක අංශ සහ පොලිසිය අමතා අද විශේෂ දේශනයක් පවත්වමින් ජනාධිපතිවරයා මෙි බව කීය.
ප්‍රචණ්ඩකාරී විරෝධතාකරුවන් විසින් පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීම වැළැක්වීම සහ රට අරාජික වීම වලක්වා ගැනීම පිළිබඳව ජනාධිපතිවරයා ආරක්ෂක අංශ වෙත මෙහිදී කෘතඥතාව පළ කළේය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මගේ කාලය තුළ කාටවත් නීතිය කඩන්න දෙන්නෙ නෑ
අසංග Saturday, 01 April 2023 06:12 PM
නීති කඩපු අය අල්ලන්නෙත් නෑනේ...
සමන් - ඕමානයSaturday, 01 April 2023 07:49 PM
කොන්ද කෙලින් තියාගෙන වැඩකරන නායකයෙක් විදිහට රනිල්ට ගරු කල යුතුයි. අමාරු අවස්ථාවකට රට වැටිලා තියන වෙලාවක තමන්ගේ දේශපාලන වාසි තකාගෙන, රටේ ආර්ථිකය අඩපන කිරීම අරමුණු කරගෙන කඩාකප්පල් කාරී වැඩ සිදුකරන නොයෙක් පිරිස් වලට තදින් සිටින්න අවශ්‍යයි, දහ අතේ නැමෙන්නේ නැතිව.
AkilaSaturday, 01 April 2023 09:21 PM
රට වැටුණේ නැහැ, රටවට්ටපු ටික තමයි තවමත් ආණ්ඩුව කරන්නේ..., රට බංකොළොත් කරපු සීනිබදු, මහා බැංකු වංචා, සුදුළූණු වංචා, ආදායම් බදු වංචා, විදුලි බිල් නොගෙවා ඉන්න... බැංකුවලට බිලියන ගණන් පොලු තියපු ටික බේරාගෙන, ඒවාට විරුද්ධව නැගී සිටින කට්ටියව විතරක් අල්ල අල්ලා හිරේ දාන එක තමයි කරන්නේ...
senaSaturday, 01 April 2023 11:18 PM
එයාට කොන්දක් තියෙනවා නම් හොරු අල්ලන්නේ නැත්තේ එයත් ඒවට සම්බන්ධ නිසාද?
රටවැසියා Sunday, 02 April 2023 04:55 AM
ඔබේ අදහස ඉතාමත් නිවැරැදියි කියන්න පුළුවන්... රට විනාශය කරා ගෙනයන කාළකණ්නියන් ඩිස්ලයික් දාලා තියෙනවා...
Rata PerataSunday, 02 April 2023 01:32 PM
අනේද කියන්නේ? තවම එයා පොඩි කාලයේද දන්නේ නෑ ඉන්නේ... පොඩ්ඩක් හොයලා බලලා යන්න...
Nimesh Saturday, 01 April 2023 06:25 PM
ඔව් නිතිය කඩන්න පුළුවන් එයාටයි එයත් එක්ක ඉන්න හොරු 134 දෙනාට විතරයි , හොර පාස් පොර්ට් වලින් රටේ නිති විරෝදිව රැඳිලා ඉන්න කෙනාට උසාවි නියෝග තිබ්බත් නිතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ , මැතිවරණය තියන්න මුදල් නිදහස් කරන්න කියල අදිකරන්ය නියෝග දුන්නත් ඒවා සත පහකට ගණන් ගන්නේ නැහැ.
ජගත් ලියනගේ Saturday, 01 April 2023 06:26 PM
අනේද කියන්නේ . අපිට ඒ බව හොඳටම පේනවත් එක්ක .
විජේ Saturday, 01 April 2023 07:23 PM
එල විකියා එල,
sisira Saturday, 01 April 2023 07:44 PM
ත්‍රිවිද හමුදාව වියවස්තාවට අනුව රටේ ජාතික ආරක්ෂාව සහ ජනතා පරමාධිපත්‍ය වෙනුවෙන් ඕනෑම අවස්තවක පෙනී සිටි. යුද්දයක් නොමැති උවත් රට වෙනුවෙන් ඔවුන්ට කල හැකි / ලබාදිය හැකි සේවය රටේ අනාගතයට වැදගත්වේ.
Kumara Saturday, 01 April 2023 07:47 PM
පස්ස පැත්තෙන් හිනා යනවද? නැත්නම් වෙන බරක් දැනෙනවද කියලා හොන්න බෑ.
නිහාල් Saturday, 01 April 2023 08:01 PM
බැදුම්කර වංචාව වගේ දෙයක් කලාට අවුලක් නැනේ නේද ලොක්කා? අපිත් කීයක් හරි හොයාගන්න එපැයි.
swene Saturday, 01 April 2023 08:59 PM
නීතිය කඩනවද? නැද්ද? කියලා තීරණය කරන්න තමයි අධිකරණය තියෙන්නේ. ඒ අනුව අධිකරණ තීන්දු සතපහකට ගණන් නොගෙන වැඩ කිරීම නීතිය කඩ කිරීමක් නොවන්නේද? එහෙම නිතිය කඩකරන අයටත් තදින් ක්‍රියාත්මක වන්නේ නැද්ද? නිත්‍යානුකූලව විරෝධතා කරපු අයට ගහපු එක නීතිය කඩකිරීමක් නොවන්නේද?
රනිල්ම තමා Saturday, 01 April 2023 09:08 PM
නීති කැඩුවේ නෑ... කඩන්න නීති තියෙන්න එපෑයෑ...
ධනුෂ්ක Saturday, 01 April 2023 09:22 PM
එතකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව... උසාවි නියෝග එහෙම කඩ කළාට කමක් නැද්ද...?
මැක්ස් Saturday, 01 April 2023 11:03 PM
මහින්ද මහතා එල්ටීටීඊ ත්‍රස්තවාදය නැතිකළා. ඔබතුමාට හැකි නම් ජේවීපී, පෙරටු සහ වෘත්තීය සමිති ත්‍රස්තවාදය මෙරටින් තුරන් කරන්න, රට ගොඩ...
බී අමරසිංහ Sunday, 02 April 2023 03:32 AM
ඔව්... ඔව්. අර්ජුන් මහේන්ද්‍රනුත් කිව්වා..!
SL Sunday, 02 April 2023 06:51 AM
වික්‍රමසිංහ, තමුන්ගේ බලය පාවිච්චි කරන්නේ ඩීසල්, පෙට්‍රල් වැඩි කරන්න, බස් ගාස්තු වැඩි කරන්න, බදු වැඩි කරන්න... ඩීසල් ගැන 110 කින් අඩුවෙලා තියෙද්දී බස්ගාස්තු අඩු කරන්න ඔයාගේ බලය, රාජ්‍ය අංශයට වැඩපිළිවෙලක් නැතිද? අඹේවෙල කාරයා, දේශීය කිරි නංවන්න කියලා දිගට හරහට කිරිමිල වැඩි කරනවා. ඔයාට ඒවා පාලනය කරන්න බැරිද? උද්ඝෝෂණ පාලනය කරන්න, බදු වැඩි කරන්න, විදුලි බිල වැඩි කරන්න විතරද පුළුවන්?
ලුම්බිණි Sunday, 02 April 2023 11:42 AM
ඒ වගේම ඉස්සර නීති කඩපු අයට දඬුවම් කරන්නෙත් නැහැ. පාස්කු ඉරිදා බෝම්බේ ඉබේ පිපුරුණේ...
Sharm Sunday, 02 April 2023 11:56 AM
කිසිම නීත්‍යානුකූල අයිතියක් නැති තනතුරක ඉඳගෙන නීතිය වෙනුවෙන් පෙනී සිටීමට අර චාලි චැප්ලින්ට දුන්නු සම්මානෙ පුදන්න වටිනවා. මේ බංකොලොත් කාරයාගේ කතා අහන ත්‍රිවිධ හමුදාවට ඇත්තටම ආත්ම ගෞරවයක් ඇත්තේම නෑනේ. යුද්ධය අවසන් කරපු ඒ භයානක කාලයේ මේ මිනිහා ත්‍රිවිධ හමුදාවට කරපු නින්දා, අපහාස මතක තියෙන්නේ අපිට විතරද?
Hafeel Sunday, 02 April 2023 12:34 PM
ඔයා දැනටමත් නීතිය කඩලමයි ඉන්නේ. ව්‍යවස්ථා විරෝධීව රාජ්‍ය නිලධාරින්ට අනිසි බලපෑම් කරමින් ඡන්දය නොපැවැත්වීමත් නීතිකඩ කිරීමක් තමයි. කවදා හෝ රටේ පිරිසිදු පාලනයක් ඒවි. එදාට මේවාට දඬුවම් විඳින්න වෙනවාමයි...
Ariyathilaka Sunday, 02 April 2023 01:02 PM
මෙරටට වෘත්තිය සමිති අවශ්‍ය නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රීනි කෝකිලා ගුණවර්ධන මහත්මිය විසින් සඳහන් කරන ලද බව මාධ්‍යයන් වාර්තා කර ඇත. බැලූ බැල්මට මෙය රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක විසින් කරන ලද දේශපාලන ප්‍රකාශයක් ලෙස පමණක් සැලකීමට නොහැක. වෘත්තීය සමිති ව්‍යාපාරය ලංකාවට පමණක් සීමා වූ ලඝුකර දැක්විය හැකි සමිති ව්‍යාපාරයක් නොවේ. එය ලෝකයේ සියලු වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම පිණිස ගන්නා ලද නීතිමය බල ගැන්වීමක් බව කිව යුතුයි. නීතියානුකූල වූ සියලු ආකාර රැකියා කරන්නන්ගේ ජීවිත සුරක්ෂිත බව, රැකියා අවදානම අවම කිරීම, රැකියාවට සරිලන ලෙස වේතන ලැබිම, වැඩබිම් තුළ රැකියා නියුත්තිකයින්ගේ පුද්ගල ගෞරවය සුරැකීම, සහ රැකියා නියුත්තිකයින්ගේ රැකියාව හෙට දවස සුරක්ෂිත කිරීම, සහ රජයේ හෝ හාම්පුතුන් යටතේ වැඩ බිම් තුළ වැඩකරන ජනතාවගේ සැම අතින්ම ජීවිත සුරක්ෂිත කිරීම යන කරුණු වෘත්තීය සමිති මත රඳාපවතින බව අමතක නොකළ යුතුවේ. වෘත්තිය සමිතිවලින් තොරව ඉහත කියන ලද දෑ තුළින්, වැඩකරන ජනතාවට සාධාරණයක් වෙනවා නම් සිදුවන්නේ ධර්මානුකූල සාධාරණ හාම්පුතුන් තුළින් පමණි...
Ariyathilaka Sunday, 02 April 2023 01:05 PM
සිදුවන්නේ ධර්මානුකූල සාධාරණ හාම්පුතුන් තුළින් පමණි. වෘත්තීය සමිති බලගැන්වීම නොවේ නම් සැබවින්ම වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත නොවනවා ඇත. වත්මනෙහි රටක ආර්ථිකය සවිමත් වන්නේ වැඩකරන ජනතාව මතයි. ලෝක ආර්ථිකය ද ඒ මත පිහිටා ඇත. රටේ ආර්ථිකය නිෂ්පාදන ක්රීයාවලිය සහ කර්මාන්ත මත පිහිටා ඇති බව බුදු රජුන් විසින් දීඝ නිකායෙහි කූට දත්ත සූත්‍රයේ වදාරා ඇත. ඒ තුළින් රට සමෘධිමත් වීම සොර බිය දුරු වී ජනතාවට සතුටින් සිටීමට මඟබවත් මෙලොව පරලොව දෙකෙහිම යහපත ඇති කරන බවත් බුදුරදහු කූට දත්ත සූත්‍රයේ විස්තරාර්ථ ලෙස වදාළහ. සමස්ථ ලෝක ආර්ථිකය, වැඩකරන ජනතාවගේ නිෂ්පාදන සහ සේවා මත දියත් වේ. වැඩිම වේ. ලෝකයේ ආහාර සුරක්ෂිත බව, මිනිස් දිවිය සුන්දර ලෙස ගත කිරීමට ඇවැසි සියලු මෙවලම් නිපදවීම සහ සේවා සැපැයීම කරනුයේ වැඩකරන ජනතාවයි. වැඩ කරන ජනතාවගේ සූර භාවය මත රටක ආර්ථිකයේ දියුණුව පවතී. අධ්‍යාපනයෙන් කරනුයේ එම සූර භාවය ඇති කිරීමයි. අධ්‍යාපනයෙන් කෙරෙනුයේ ලෝකයේ දියුණුවට, නිෂ්පාදන සහ සේවා සඳහා වෘත්තිකයින් ඇති කිරීමයි.
Ariyathilaka Sunday, 02 April 2023 01:08 PM
පාලක කාරකාදීහු නිෂ්පාදනට සහ සේවා සැපැයීමට සම්බන්ධ නියුක්තිකයින් ආරක්ෂා කර ගැනීම අත්‍යන්තයෙන්ම සිදු නොකර එකී දියුණුව ඉදිරියට පවත්වා ගෙනයාමට නොහැකි බව අවබෝධ කර ගත්හ. හාම් පුතුන් තම ලාභයම අපේක්ෂා කළද, සේවා නියුත්ත වූවන්ගේ රැකියාව පිළිබඳ අවදානම අවම නොකර සහ සේවා නියුත්තිකයින්ගේ ජීවන තත්වය උසස් නොකර රටේ ආර්ථික දියුණුව වේගවත් කළ නොහැකි බව කර්මාන්තවලින් දියුණු රටවල පාලක කාරකාදීන්ට (යම් පමණකට හාම්පුතුන්ටද) මෙන්ම උපදේශකයින්ට ද අවබෝධ වූ බැවින්, වෘත්තීය සමිති පිහිටුවීමට විරුද්ධ නොවුණා මෙන්ම වෘත්තීය සමිති නීත්‍යානුකූල භාවයෙන් පැවැත්වීමට ඔවුහු විසින් අණ පනත් සම්මත කළහ. පසුකාලයේ විද්‍යා තාක්ෂණය අතින් දියුණු රටවල් කම්කරුවන් ඇතුළු වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරදීම සඳහා ජගත් කම්කරු සංවිධානය ආරම්භ කිරීමත් පසුකාලයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂිත ආයතනයක් ලෙස පිළිගෙන පාලනය වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් රාජ්‍යමය හා නීතිමය රැකවරණය ලබාදීම, ජගත් සම්මුතීන්ට අනුව වෘත්තීය සමිති ඇති කිරීමට නීතියානුකූලව ප්රඥප්ති තුළින් බලගන්වා ඇත.
AriyathilakaMonday, 03 April 2023 12:58 AM
අන්තර් ජාතික කම්කරු ප්රඥාප්තීන්ට අනුව ද ලොකයේ වැඩ කරන ජනතාව සුරක්ෂිත කිරීමට මඟ පෙන්වයි. කටයුතු සලසයි. එක්සත් ජාතීන්ගේ විශේෂිත ආයතනයක් වන ජාත්‍යන්තර කම්කරු සංවිධානය, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ පොදු සම්මුතියට අනුව මුලික ක්‍රියාකාරීත්වය සිදුවනුයේ අන්තර් ජාතික කම්කරු ප්රඥාප්තීන්ට අනුවය. මෙහි නිර්දේශයන්ට අනුව කම්කරු කම්කරු සබඳතා විෂයන් ජාත්‍යන්තර කම්කරු ප්‍රඥාප්තියට අනුකූලව සකසනවා අත. වෘත්තීය සමිති සම්බධව එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්රකාශනයෙහි 23 වන වගන්තියේ 4 වන ඡේදයේ "ස්වකීය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වෘත්තීය සමිති ඇති කර ගැනීමට හා ඒවාට බැදීමට සෑම පුද්ගලයෙකුටම අයිතියක් ඇත." යන වගන්ති ප්‍රකාරව ද ආර්ථික සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය (International Covenant on Economic, Social and Cultural Rights) 8 වගන්තියෙහි 01 වන අනුවගන්තියෙහි (අ), (ආ), (ඇ), (ඈ) යන ඡේද හා මෙහි 2වෙනි 3 වෙනි අනුවගන්ති ප්‍රකාරව ද සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතියේ 22 වග්න්තියේ 1,2,3 අනු වගන්ති ප්‍රකාරව ද ආණ්ඩුක්‍රම ව්‍ය්වස්ථාවේ
AriyathilakaMonday, 03 April 2023 01:43 PM
14 වෙනි ව්‍යවස්ථාවේ 1වන අනුව්‍යවස්ථාවෙහි සෑම පුරවැසියෙකුට ම- (ඈ) ඡේදයෙහි "වෘත්තිය සමිති පිහිටුවීමේ සහ වෘත්තීය සමිතිවලට බැඳීමේ නිදහසට; හිමිකම් ඇත්තේය."යන ව්‍යවස්ථා ප්‍රකාරවද "මෙරටට වෘත්තීය සමිති අවශ්‍ය නැතැ" යි යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිධුරය දරමින් කරන ප්‍රකාශය එක්සත් ජාතීන්ගේ සම්මුතීන් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි..
jagath Sunday, 02 April 2023 01:11 PM
කළින් හිටපු එක්කෙනත් ‘‘ මගේ කාලයේ‘‘ කියාගෙන තමයි ආවේ... අන්තිමට අපේ කාලෙත් කෑවා. රටත් කෑවා.
Ariyathilaka Sunday, 02 April 2023 01:13 PM
ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි. සමහර ව්‍යවස්ථා සංශෝධනය කළ හැක. ඇතැම් ව්‍යවස්ථා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇත්තේ අන්තර්ජාතික සම්මුතීන්ට අනුවයි. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාප්‍රකාරව "වෘත්තිය සමිති පිහිටුවීමේ සහ වෘත්තීය සමිතිවලට බැඳීමේ නිදහසට; හිමිකම් ඇත්තේය" යන හිමිකම කිසිලෙසකින් අහුරාලිය නොහැකිය. කරන්න බැරි වැඩ මහවීරයෝ වගේ "කට මැත දොඩවා" කරන ප්‍රකාශ ජාත්‍යන්තර වශයෙන් පුද්ගලයා පමණක් නොව මේ රට ද හෑල්ලුවට පත්වනවා ඇත. දැනට ලෝකයේ, රාජ්‍ය පාලනයේ ප්‍රජාතාන්ත්‍රිකව අන්තර්ජාතික සම්මුතීන් සමඟ එකඟතා අත්සන් කරඇති අප රටට වෘත්තීය සමිති නැති කිරීමට කිසිවෙකුටත් හැකියාවක් නැත. මෙය ප්රජාතන්ත්රවාදී මානව අයිතිවාසිකම් පිටු දැකීමට කතා කිරීම බෙදුම් වාදීන්ට රට ස්වයං අයිතිය ඉල්ලීම පිළිබඳව, අන්තර්ජාතිකව සාධාරණය කිරීමට අනුබල දීමක් බවද කිව යුතුයි. වෘත්තීය සමිති දැනට ලෝක මානව ප්‍රජාවගේ ජීවය සමඟ බද්ධ වී ඇත්තේ, අන්තර්ජාතික සම්මුති තුළින් සවිබල ගන්වා රාජ්‍ය වගකීමට බැඳ තබමින් බව කිව යුතුයි. මේ සියල්ල මානව අයිතීන්ගේ ප්‍රබල සංවේදී කරුණු වේ.
Ariyathilaka Sunday, 02 April 2023 01:15 PM
මේවා විසඳාගත යුතුයි. ළිං මැඩි මානසිකත්වය, රට පාලනයෙන් මිදිය යුතුයි.
නිළමේ Sunday, 02 April 2023 02:25 PM
කතාව දෝලාවෙන් - ගමන පයින්...
fairoos Sunday, 02 April 2023 05:06 PM
රනිල් රාජපක්ෂලාට හෙණ වදින දවස් වැඩි ඈතක නැහැ.
Bamunuarachchi Monday, 03 April 2023 05:12 PM
බැරිද තවත් පාස්කු ප්‍රහාරයක් සෙට් කරන්න? රටම කාලා දැන් කාටවත් හෙන ඉල්ලනවා...
පිටරැටියා Sunday, 02 April 2023 06:27 PM
කිසිම ජනවරමක් නැති පින් ජනපතියා..තමුන්ගේ කෙරුවාවල් ගැන අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ,ලෝකෙම දන්නවා .
Ariyathilaka Monday, 03 April 2023 01:01 AM
ආණ්ඩුක්‍රම ව්‍ය්වස්ථාවේ 14 වෙනි ව්යවස්ථ්වේ 1වන අනුව්‍යවස්ථාවෙහි සෑම පුරවැසියෙකුට ම- (ඈ) ඡේදයෙහි "වෘත්තිය සමිති පිහිටුවීමේ සහ වෘතීය සමතිවලට බැදීමේ නිදහසට; හිමිකම් ඇත්තේ ය." යන ව්‍යවස්ථා ප්‍රකාරව ද "මෙරටට වෘත්තිය සමිති අවශ්‍ය නැතැ" යි යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය දරමින් කරන ප්‍රකාශය එක්සත් ජාතීන්ගේ සම්මුතීන් සහ ආණ්ඩුක්‍රම