IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


‘මගේ කැලේ දාලා යන්නෙම නෑ‘

අමිපාර ගෝණගල, ගලපිටගල හෙල්ලූ කනේ කබරයා දින හතරක මෙහෙයුමකින් පසු නිර්වින්දනය කර අභයභූමියකට රැගෙන යාමට වන ජීවී නිලධාරීහු සැරසෙති. මරණ දෙකකටද, ගෙවල් පහ හයකටද වරදකරු කර ඇති මෙම අලියා අල්ලා ගැනීමට සියගනනක් ගැමියෝද, නිලධරයෝද වෙහෙසුනහ.

 



අදහස් (0)

‘මගේ කැලේ දාලා යන්නෙම නෑ‘

පද්මිණි Thursday, 02 May 2013 11:40 PM

අනේ වනජීවී ඇමතිතුමා, මේ සද්දන්තයගේ ආරක්ෂාව සපයන්න ඕනෑ නේද අපි? (නි)

:       0       0

රංජනී Friday, 03 May 2013 12:11 AM

අනේ පව් අලියට දෙන වදයක්. කකුල් හතරම ගැටගහලා. වෙන විකල්පයක් නැද්ද අනේ? (නි)

:       0       0

අනුර Friday, 03 May 2013 12:28 AM

ඇත්තම තමා. මිනී මරපුවා මතක නැහැ . කැලේ හිටියා මතකයි (නි)

:       0       0

දයා අළහකෝන් Thursday, 02 May 2013 11:22 AM

ප්‍රමාදවෙලා හරි නිර්වින්දන මහත්තුරු ඇවිත් තියෙනවා වගෙයි (නි)

:       0       0

හේමන්ත Tuesday, 07 May 2013 09:51 AM

කබරයා තලගොයා කර ඇත්තේ මිනිසුන්ය. (ස)

:       0       0

අමල් Tuesday, 07 May 2013 09:51 AM

අය්යෝ සල්ලි. (ස)

:       0       0

ලීල් ගුණවර්ධන Friday, 03 May 2013 01:11 AM

මිනිසුන් දෙදෙනෙක් ඝාතනය කළා නම් වහාම සිංගප්පුරුවට යවා දුකසැප සොයා බලා පිලියමක් කළයුතුයි. (නි)

:       0       0

සමීර සල්මියා Thursday, 02 May 2013 04:01 PM

කොච්චර මිනී මැරුවත් කමක් නැහැ. දොර ඕනෑ වෙලාවක ඇරලා තියෙන්නේ. එනවා නම් එන්න රත්තරන් (නි)

:       0       0

සිල්වා Thursday, 02 May 2013 04:06 PM

සතා සීපාවට උරුම වෙලා තිබෙන වනාන්තර එලි පෙහෙලි ක‍ර, කැළේ විනාශ වෙද්දී අලි ටිකකට ඉන්න හිටින්න තැන නැති වුණහම ගමට තමයි පහර එල්ල කරන්නේ (නි)

:       0       0

රුවන් Thursday, 02 May 2013 11:36 AM

කනේ කබරයත් එක්ක "ගමේ කබරයෝ" ටිකත් යැව්වොත් නරකද..?? (නි)

:       0       0

රන්ජනී- එංගලන්තය Friday, 03 May 2013 03:29 AM

ඔයාගේ කැලේ දාලා යන්නම එපා! (නි)

:       0       0

රකිත් Friday, 03 May 2013 04:10 AM

දින හතරෙන් මේ අලියාගේ ස්ථාන මාරුව කරන්න පුළුවන් වුණාට සමහර අලි ඉන්නවා අවුරුදු ගණන් පොඩ්ඩක්වත් ඉන්න තැනින් හොල්ලන්නවත් බැරි. (නි)

:       0       0

රකිත් Friday, 03 May 2013 04:13 AM

මේ නිර්වින්දන කරන මහත්වරුනුත් ඇඳන් ඉන්නේ කොළ පාටනේ. බලන් ගියාම අලියත් කොළ පාටත් අතර ලොකු සම්බන්ධයක් තියෙනවා වගේ. (නි)

:       0       0

රුවිනි Friday, 03 May 2013 04:26 AM

මේ අලියා අලුත් තැනකට ගෙනිහින් දැම්මට පසුවත් හොයලා බලන්න. අලුත් තැන මුන්ට හුරුවෙනකම් බලා ගැනීම අපේ යුතුකමක් . නිලධාරින්ට ස්තුතියි (නි)

:       0       0

විමල් Thursday, 02 May 2013 04:22 PM

මිනිස්සු ගිහින් වනාන්තර වල ගෙවල් හදලා කැළේ ඉන්න සත්තුන්ව පන්නනවා. මේක හරි වැඩක් වෙන්නේ කොහොමද? උන් කාටද මේ අසාධාරණය කියන්නේ. (නි)

:       0       0

නිමල් Thursday, 02 May 2013 04:40 PM

ගිය ආත්මේ දේශපාලඥයෙක් ද දන්නෙ නැහැ (නි)

:       0       0

රෝහන Thursday, 02 May 2013 04:49 PM

අනේ පවු..!( නු)

:       0       0

රෝහන Thursday, 02 May 2013 04:52 PM

ගස් කපාගෙන ගිය රෝද පාරවල් පේනවා..!( නු)

:       0       0

රොෂාන් Thursday, 02 May 2013 04:52 PM

සෑහෙන වාහන ඇවිල්ලා තියෙනවා වගේ..!( නු)

:       0       0

දිනේෂ් Friday, 03 May 2013 08:41 AM

ඔය එක එක කතා කියන අලින්ට අනුකම්පා කරන මහත්තුරු නෝනලා දන්නේ නැහැ ලංකාවේ ඈත දුෂ්කර ගම්මානවල ජීවත්වන අහිංසක ජනතාව අලින් නිසා විදින දුක. ඒක දැනුනා නම් මේ විදියට නොදන්නා දේ කියන්නේ නැහැ. අලියා වෙනින් පලාතකට ගෙනිච්චට වැඩක් නැහැ. ගම්මානවලට අලි එන එක වළක්වන්න පාලකයෝ වැඩ පිළිවෙලක් යොදන්න ඕනෑ. (නි)

:       0       0

රාජා Thursday, 02 May 2013 05:04 PM

මොනවා කිව්වත් අපි මොවුන්ට කරන්නේ අසාධාරණයක්. මොවුන් මෙතරම් නපුරු වුනේ මිනිසුන්ගේ වැඩ නිසා. ස්වභාව ධර්මය සමග සෙල්ලම් කිරීම විනාශයට මුලය. සුනාමි, භූමිකම්පා, සුලිසුලං, දුර්භික්ෂ,වසංගත රෝග අපි වෙනුවෙන් පැමිණීමට බලා සිටීමට පුළුවන්. එම නිසා අපි ස්භාවධර්මයත් සමග සමගි සම්පන්නව ජීවත් වීමට වගබලා ගතයුතුය. බුදුන් වහන්සේ බුදුවීමට සියලුම ශක්තිය ලබාදුන්නේ ස්වභාව ධර්මයාය. (නි)

:       0       0

සමීර සාලින්ද Thursday, 02 May 2013 05:13 PM

එක එක දේවල් හදනවා, වනාන්තර එලි කරනවා, අපි සත්තුන්ට බනිනවා. හදපුවා වලින් වැඩකුත් නැහැ. අන්තිමට සත්තුන්ට වනාන්තරත් නැහැ, අපිට ඇති වැඩකුත් නැහැ (නි)

:       0       0

ගාමිණී Thursday, 02 May 2013 12:09 PM

මරණ කීපයක් ද කර ඇති නිසා උසාවි දාන්න.(ස)

:       0       0

කුමාර Friday, 03 May 2013 08:57 AM

අනේ මට මතක නෑනේ.. (ස)

:       0       0

උපාලි Thursday, 02 May 2013 12:17 PM

මෙයා මිනීමැරුම් දෙකකටයි ගෙවල් බිඳුම් හයකටයි වරදකරුද? ඒකයි මේ කඹ කඩාගෙන දුවන්න හදන්නේ. (ස)

:       0       0

කල්ප Thursday, 02 May 2013 12:21 PM

අනේ අලින්ට ගිය කල .. (ස)

:       0       0

කතරගම සංජීව Friday, 03 May 2013 09:18 AM

බලාගෙන මහත්වරුනේ ගෙනියද්දී ලොරි තට්ටුව කඩාවැටෙයි මතකද......?(ස)

:       0       0

ජ.හේරත් Thursday, 02 May 2013 05:52 PM

මිනිමරුවෙක් නේද? ඔන්න ඔහේ ඇමතිකමක් දීලා යවමුද පාර්ලිමේන්තු? (නි)

:       0       0

ජයසේන Thursday, 02 May 2013 05:55 PM

අලි කොහොමත් ඔහොම තමයි. එහෙට මෙහෙට මාරුවෙනවා විතරයි (නි)

:       0       0

කුමාර Friday, 03 May 2013 09:47 AM

කලේ දාල කොහේ යන්නද? (දී)

:       0       0

චතුල වෙරෝනා Thursday, 02 May 2013 12:34 PM

මිනිමැරුම් දෙකකට වරදකරු නම් වහාම සිංගප්පූරුවේ රෝහලකට යැවිය යුතුයි (නි)

:       0       0

ක්‍රිෂ් Thursday, 02 May 2013 12:43 PM

වැට ගහලා තාප්ප ගහලා වෙන් කර නොගත්තට එයාලා එනවා ඇත්තේ එයාලට අයිති භූමි සීමා තුල වෙන්න ඇති බව අපේ මිනිස්සු තේරුම් ගන්නත් ඕන.(ස)

:       0       0

චමිල Thursday, 02 May 2013 12:46 PM

ඇත්ත. එයාලට අයිති කැලේ මිනිස්සු අයිති කරගත්තම එළවන්න හදනවා ඇති.(ස)

:       0       0

චරිත් මීදෙණිය Friday, 03 May 2013 10:12 AM

තිරිසන් මනු සතුන් විසින් ඒ අහිංසක සතුන්ගේ නිජ භූමි ආක්‍රම්‍ණය කර දැන් ඔවුනට අපමන වද හිංසා පමුණුවයි. මෙවන් දේට දඩුවමි දෙන්නේ සොබාදහම විසිනි.(ස)

:       0       0

කලන Friday, 03 May 2013 10:43 AM

අනේ කරන අපරාධ, රටේ ස්වභාව ධර්මයේ වටිනාකම ධන්නේ නැති රට.(ස)

:       0       0

නිලන්ත Thursday, 02 May 2013 01:02 PM

ගාමිණී.....මෙය උසාවි දැම්මොත් කියයි .......කැලේ ඉන්නවා මතකයි ...එත් මරපු දෙන්න අමතකයි කියල...(ස)

:       0       0

පහන් Friday, 03 May 2013 10:44 AM

පනාමුරේ ඇතා, ඇතා කිව්වට එයා සද්දන්ත අලියාලු .ඇත් ගාල කඩාගෙන ගිහිල්ලා ආයෙ ආවලු ,අනිත් කට්ටියව බේරගන්න .ඒපාර නියපොත්තක් ගැලවිලා ගිහිල්ල (ඇත් ගොව්වෝ දාපු කම්බියකට )ලොකු කලබලයක් කලාලු. ඒ පාර මොලමුරේ අණ දුන්නලු වෙඩිතියන්න .මේ සිද්ධිය අපේ මහා චරිතාංග නළු ජෝ මහත්තයා ඇස්දෙකෙන්ම දැක්කලු .(කියවපු දෙයක් මතක තියෙන හැටියට ලිව්වේ ) (නි)

:       0       0

කින් බෙනට් Thursday, 02 May 2013 06:35 PM

කෝ මූගේ කණේ කබරයෙක් නැහැනේ ... (නි)

:       0       0

රජිත් ඉතාලි Thursday, 02 May 2013 06:35 PM

හරියට අපේ අහවල් මහත්තයා වගේ (නි)

:       0       0

කින් බෙනට් Thursday, 02 May 2013 06:42 PM

සිරිපාලගේ කතාව හරියට හරි. මේ සතාව වෙන කැලේකට ගිහින් දානවා කියන්නේ හරියට නිකන් මිනිහෙක්ව තමන්ගේ රටෙන් වෙන රටකට පිටුවහල් කළා වගේ තමයි. මෙයාව අරින අලුත් කැලේදී මෙයාට කිසිම තැනක් නැහැ. දේශපාලන වාසි තකා අනවසරයෙන් මිනිස්සුන්ට ඉඩම් එලිකරලා හේන් කරන්න අවසර දුන්න හින්දා තමයි මේ ප්‍රශ්න. අන්තිමේට වෙන්නේ වගාකරපුවා රුපියලකටවත් විකුණගන්න බැරි වුණත් අලි මිනිස් ගැටුම් ඇතිවෙන එක විතරයි (නි)

:       0       0

චමීර Saturday, 04 May 2013 02:52 PM

මෙයාට කතා කරන්න පුළුවන්නම් කියයි ඇත්ත. මිනිස්සු ඔප්පු ලියල මායිම් ගහගත්තේ එයාලෙග ඉඩම්වල කියලා. .(ස)

:       0       0

කින් බෙනට් Thursday, 02 May 2013 06:48 PM

රස්තියාදුකාරයෝ මිනි 4 - 5 ක් මරලා නිදහස් වෙන රටේ මෙයා හිතුවද දන්නේ නැහැ, මමත් 2 - 3ක් මැරුවාට අවුලක් වෙන එකක් නැහැ කියලා. කකුල් දෙකේ රස්තියාදුකාර මිනීමරුවන්ට වඩා අපිට නම් මේ ජාතික සම්පත් වටිනවා (නි)

:       0       0

කුමාරිහාමි Sunday, 05 May 2013 02:02 AM

අනේ රංජනී දුකයි තමයි. ඒත් හොඳයිනේ අලියගේ පැත්තෙන්.ඔයාට ඔය තරම්ම අලි කැක්කුමක් තියෙනවා නම් අලියව ආදරයෙන් කවලා පොවලා නාවලා හොඳට හුරතල් කරලා තියාගන්න ඔයාගේ ගෙදරට අලියව ගෙනැල්ලා දෙන්නද රංජනී? (නි)

:       0       0

සම්පත් Thursday, 02 May 2013 01:28 PM

නරකද මෙයාව ඉන්දියාවට දුන්නොත් (නි)

:       0       0

පෙ‍රේරා Thursday, 02 May 2013 07:06 PM

එළවලු කිලෝ ගණන් විසිකරන, විනාශ කරන මිනිසුනි, ඒවායින් මොකද මෙවැනි අහිංසක සතුන්ගේ බඩගින්න නිවන්න බැරි. (නි)

:       0       0

ශාන්ත ලාල් Thursday, 02 May 2013 07:28 PM

වරදක් කළත් සිතකින් නොවේ... රිදවන්නෙ පළිගන්නෙ ඇයි... කබරයා වුණත් අලි වල් වුණත්... හැරයන්නෙ සිතකින් නොවේ... (නි)

:       0       0

හංසික - මල්දිවෙස් Wednesday, 22 May 2013 01:27 PM

සම්පත්ට පිස්සුද මන්දා අපේ අලින්ව ඉන්දියාවට දෙන්න. දවසක අපේ ළමයින්ට අලි බලන්න වෙන්නේ පින්තුර වලින් තමා.සම්පත් දන්නෙ නැද්ද ලංකාවේ අලි අලි අඩුයි කියලා. (නි)

:       0       0

පාරු Thursday, 02 May 2013 07:41 PM

මේ සතා දල නැති නිසා බේරෙයි. සැලැස්මක් නැති මේ වැඩ වලින් පලක් නැහැ. ඇයි අලි මන්තර දන්නා අය ගෙන්නන්නේ නැත්තේ? අලි පැටව් පන්සල් වලට දෙනවා. ඒ පවම ඇති රටම විනාශ වෙන්න. දැන්වත් ඇස් අරින්න බැරිද ? (නි)

:       0       0

සිරිපාල Thursday, 02 May 2013 01:57 PM

අලියට තිබුනේ දේශපානය කරන්න පටන් ගන්න. එහෙනම් නම් ඌට කැලේ ඉන්නත් තිබුනා. මිනීමැරුම් වලිනුත් නිදහස් වෙනවා. (නි)

:       0       0

.නාමල් Thursday, 02 May 2013 07:45 PM

මෙහෙමෙ ගෙනිච්චට අලින්ට මොලේ තියෙනවා. තමන්ගේ කැළේටම ආයිත් එනවා. මහා විනාශයක් වෙනවා ඒකෙන් (නි)

:       0       0

පාල Thursday, 02 May 2013 01:59 PM

අයි වෙන රටවල වාගේ විදුලි වැටවල්,ලේසර් වැටවල්,ශබ්ද තනාග උපක්‍රම බාවිත කරලා මේ සත්තු ගම වදින එක නවතන්න බැරිද.බලන්න අර නිලදරින්ට හරියට "යුනිෆෝර්ම්" එකක් වත් නැද්ද.සපත්තු දෙකක්,හෙල්මට් එකක්.පවු.ස්තුතියි මේ කරන දේට.(ස)

:       0       0

තිස්ස Saturday, 04 May 2013 06:40 AM

වන බිම ඇතුලට සංචාරකයෝ රැගෙන යාමත් එක්තරා වැරැද්දක්. වාහන ශබ්ද වලට හුරු වෙනවා.(නදී)

:       0       0

නිරෝෂි Thursday, 02 May 2013 02:03 PM

එයාලට අයිති තැන් බලෙන් උදුරාගෙන එයාලව එලවනවා. අපිටත් අපිට වඩා දියුණු සත්තු ටිකක් මෙහෙම කලොත් කවදාහරි. මේකට වෙන විකල්පයක් ඕනෙ. (ස)

:       0       0

චාරු Thursday, 02 May 2013 07:56 PM

විසිකරන එළවලු කැලේ සත්තුන්ට දෙන්න විදියක් හදන්න පුළුවන් නේද සල්ලි තියෙන අයට? කොච්චර පින්ද ? (නි)

:       0       0

තිසූ Thursday, 02 May 2013 02:17 PM

සත්තුන්ගේ නිජබිම් වල ජනාවාස හදලා දැන් සත්තුද වැරදි? ඇයි මෙහෙම විනාස වෙන්න දෙන්නේ මේ සත්තු ගස් කොලන් මේ විදිහට?. උන්ට කවුරුත් නැහැ උන්ට වෙලා තියෙන අසාධාරනකම් ගැන එරෙහි වෙන්න ... (ස)

:       0       0

වරුණ Thursday, 02 May 2013 10:25 AM

ඌ අර කිරුළේ තිබුණු කෝටි ගණනක් වටිනා ජංගම වැසිකිලි ටික බලන්න ආවද දන්නේ නැහැ. (නි)

:       0       0

සිරිපාල Thursday, 02 May 2013 02:29 PM

අහිංසක සත්තු උපන් බිමෙන් ඈත් කරනවා තරම් තවත් පවක් නැහැ. මිනිස්සුන්ගෙ වැරදි වලටයි මේ අසරණ සත්තු වන්දි ගෙවන්නේ.මෙහෙම නිජබිම මාරු කළාට වැඩක් නැහැ. ගෙවල් වල ඇති කරන සුනඛයො අරන් බලන්න. උං වෙන සුනඛයෙකුට තමන්ගෙ සීමවට එන්න දෙන්නෙ නැහැ. කොච්චර කැහැටු එකෙක් වුණත් තමන්ගෙ සීමාවෙදි කඩන් පනිනවා ඕනෑ චන්ඩි බල්ලෙකුට. මේ සත්තුන්ටත් ඒ වගේ. අලුත් පරිසරයට හුරු වෙන්න බැහැ මේ වගේ වයසින් වැඩි පරිනත සත්තුන්ට කොහොමත්.ගිහින් දාන පැත්තකින් ආපහු ගම් වදින එක විතරයි වෙන්නේ. (නි)

:       0       0

ගාමිනි-සිරි Thursday, 02 May 2013 08:29 PM

ලෙව්කේ මැකිදු අද තනියම වෙල මැද්දේ! අලි රාලහාමි අද තනියම වන මැද්දේ! (නි)

:       0       0

චන්ද්‍රා Thursday, 02 May 2013 09:03 PM

චාරුගේ අදහසනම් හොදා , මිනිසුන්ට දෙන්න ගෙනියන්න බැරි එළවලු සතුන්ට ගෙනියන්නෙ කව්ද?.....( නු)

:       0       0

චන්ද්‍රා Thursday, 02 May 2013 09:03 PM

චාරුගේ අදහසනම් හොදා , ( නු)

:       0       0

ලුම්බිණි Thursday, 02 May 2013 10:42 AM

මේ කරන සේවය අගය කළ යුතුයි. මගේ උපහාර! (නි)

:       0       0

චාමි Thursday, 02 May 2013 10:46 AM

මේ ගැන ඡායාරූප නැද්ද බලන්න? (නි)

:       0       0

ජයේ. (ස) Thursday, 02 May 2013 03:00 PM

අලියා ෆොටෝ ෂොප් ගිහින් වගේ පලවෙනි කොටුවෙන් දැක්වෙන්නේ. මට මතක් වෙනවා පරණ රජතුමෙක්.(ස)

:       0       0

සරත් Thursday, 02 May 2013 09:39 PM

අවුරුදු 50කට වැඩි කාලයක් ජීවත් වූ මෙම අලි පරපුරට උන්හැටි තැන් අහිමි කිරීම මෑත ඉතිහාසයේ සිදු වූ දැඩි අත්තනෝමතික ක්‍රියාවකි (නි)

:       0       0

රංගශනී Thursday, 02 May 2013 10:24 PM

මම නම් කියන්නේ කැලේ මාරු නොකර පක්ෂය මාරු කරන්න කියලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිධන් හැරූ හිටපු පීසී ඇතුළු 6ක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 72 0

මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සේවය අතහැර ගිය කොස්තාප


රිය අනතුරින් 8ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 122 0

අව්ස්සාවේල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා ක


නිධන් හෑරූ පිය-පුතු අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 140 0

පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පියපුතු දෙපලක් රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැනික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක් , රන්පැහැති කුඩා මංජු


සත්වෝද්‍යාන දොර දරුවන්ට අද නොමිලේම ඇරෙයි
2024 ඔක්තෝබර් මස 01 144 0

අවුරුදු දොළහට අඩු දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සියලුම සත්වෝද්‍යාන වලට අද(1) නොමිලේ පිවිසීමට අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසය


තැනින් තැන අදත් වැස්ස
2024 ඔක්තෝබර් මස 01 62 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ත්‍රිවිධ හමුදා දීමනා ගැන ආරක්ෂක අමාත්‍යාංශය පහදයි
2024 ඔක්තෝබර් මස 01 1900 0

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ලබාදෙන පෙළඹවීමේ දීමනාව සම්පුර්ණයෙන්ම නවතා ඇති බවට පළවන පුවත් අසත්‍ය බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38360 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25283 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 263 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 865 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 312 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site