IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


මගේ කවි දේශපාලනිකයි

2016-09-08-ent-69

"ප්‍රේමය සමග ප්‍රින්සිපැලිටියට එරෙහිව" කාව්‍ය කෘතිය සම්බන්ධයෙන් නදී වාසලමුදලිආරච්චි කතාකරයි.

 

2016-09-08-ent-68නදී වාසලමුදලිආරච්චි ඇයටම අනන්‍ය වූ භාෂා විලාසයකින් ගද්‍ය සේම පද්‍යද රචනා කරයි. සිය පාඨක වපසරිය කුමක්ද යන්න හඳුනාගෙන ලිවීමෙහි නිරත වන ඇය පාඨකයාගේ රුචියට පොත් ලිවීමේ සුපුරුදු ක්‍රමවේදයෙන් බැහැරව සිටීම අගය කළ යුතු කරුණකි. ඇයත් සමග මේ කතාබහ සිදුවන්නේ පසුගිය වසරේ නිකුත් වුණු "ඇයගේ ප්‍රේමය සමග ප්‍රින්සිපැලිටියට එරෙහිව" කාව්‍ය සංග්‍රහය නැවත කරළියට පැමිණෙන නිසාවෙනි.

 

"ප්‍රේමය සමග ප්‍රින්සිපැලිටියට එරෙහිව"

2008දි තමයි "ප්‍රේමය සමග ඩොක්සාවට එරෙහිව" කවි පොත නිකුත් කළේ. එය නිකුත් වන්නේ "ආකාස පර්වත" නවකතාව සමග. කවි පොතේ සම කතෘ විදියට දීප්ති කුමාර ගුණරත්න මා සමග සිටියා. මේකෙ දිගුවක් විදියට තමයි "ප්‍රේමය සමග ප්‍රින්සිපැලිටියට එරෙහිව" පසුගිය වසරේ නිකුත් වුණේ. එය නිකුත් වුණේ "වුල්ෆන්ඩාල් ස්ට්‍රීට්" නවකතාවත් සමගයි. මේ වගේ පොත් පහකට යන්නට තමයි මගේ අදහස. මේ එකකට එකක් අන්තර්ගතයෙන් සම්බන්ධයි හෝ සම්බන්ධ නැහැයි කියන්න බැහැ. ඔය පොත් දෙකේම තියෙන්නෙ අපි මේ ඉන්න සිස්ටම් එක විවේචනය කිරීමක්. "ප්‍රේමය සමග ඩොක්සාවට එරෙහිව" කියන පොතේදි මේ සමාජ ක්‍රමයට එරෙහි වීම කියන එකට ප්‍රේමය ගෑවෙන්නෙ ප්‍රේමය නැතුව මේක හදන්න බැහැ කියන තැන නිසයි. මොකද මනුෂ්‍යත්වයට ප්‍රේම නොකර කෝකට එරෙහි වුණත් වැඩක් නැහැ.

"ප්‍රේමය සම ප්‍රින්සිපැලිටියට එරෙහිව" කියන එක එන්නෙම රාජපක්ෂ රෙජීමය නිසයි. ප්‍රින්සිපැලිටිය කියන්නෙ මකියාවේලිගෙ කුමාරයා පොතෙන් එන වචනයක්. කුමාරයෙක්ව කොහොමද රාජ්‍යත්වය සඳහා ප්‍රගුණ කරන්නේ කියන දේ තමයි මකියාවේලි ඒ පුංචි පොතේ ලියලා තියෙන්නෙ. ඒ අවස්ථාවෙදි නාමල් රාජපක්ෂ හැසිරුණු විදිය, මහින්ද රාජපක්ෂ හැසිරුණු විදිය, පවුල් බලය කොහොමද රටක් විදියට දැනුණෙ කියන කාරණා එක්ක තමයි මේක ලියැවෙන්නෙ. මගේ පොත් දෙකේම තියෙන්නෙ දේශපාලනික කවි.

 

වුල්ෆන්ඩාල් ස්ට්‍රීට් වෙත සම්මාන නිර්දේශයක්

"ප්‍රේමය සම ප්‍රින්සිපැලිටියට එරෙහිව" කියන පොතට සමගාමීව පසුගිය 2015 වසරේදී "වුල්ෆන්ඩාල් ස්ට්‍රීට්" පොත එළියට ආවා. වුල්ෆන්ඩාල් ස්ට්‍රීට් ස්වර්ණ පුස්තක සම්මානයේ පළමු පොත් දහය ඇතුළට තේරී නිර්දේශිත කෘතියක් වුණා. එයත් දේශපාලනික කතාවක්. එහි තියෙන්නෙ 48දි ලත් නිදහසේ සිට මේ වන තෙක් රට දේශපාලනිකව සහ සමාජයීයව වෙනස් වුණේ කොහොමද කියන එකයි. එය විදර්ශන ප්‍රකාශනයක්.

 

ෆේස්බුක් කවිය

මම ඔන්ලයින් කවි ලියන්නෙම නැහැ. මගේ පොතට ප්‍රචාරණ ක්‍රමවේදයක් විදියට පොතේ කවි දෙක තුනක් දැම්මා හැරෙන්න මම ෆේස්බුක් එකට කවි ලියලා නැහැ. මම විශ්වාස කරන්නෙ නැහැ ෆේස්බුක් එකට කවි ලියන එකෙන් විසංවාදයක් ඇති කළ හැකියි කියලා. ඒක තමන්ගෙ භාව ප්‍රකාශනය සඳහා එවෙලේ ලියලා දාන්න නම් හොඳයි. කවුරුත් ළඟක නැතිනම් තමුන්ට දැනෙන දුකක් හෝ සතුටක් ලියලා දාන්න පිටකරගන්න ඉඩක් තියෙන එක හොඳයි. ඒකට මම මගේ පැත්තෙන් එච්චර එකඟ නැහැ. සමහරුන්ට ඒක හොඳ විදියට බලපාලා කියෙනවා. සමහරුන්ට එහෙම නැහැ.

මම වර්චුවල් වර්ල්ඩ් එක විශ්වාස කරන්නෙම නැහැ.

 

ඔබේ රචනා ශෛලිය සහ එය ජනගත වීම මම දැනන් හිටියා ඕක එළියට දාද්දිම මම ඒක දාන්නෙ මොන පිරිසටද කියන එක. මගේ නවකතා ඇතුළු සියළු ලිවීම් කියවන්නෙ පොඩි පාඨක පිරිසක්. ඒක මට ප්‍රශ්නයකුත් නැහැ. පොත් විකිණෙනවා නම් හොඳයි. ස්වර්ණ පුස්තක අවසන් පොත් දහය අතරට ආවම මම සතුටු වුණෙත් මිනිස්සු පොත ගැන දැනගන්න නිසා. එය ජනතාව අතරට යයි කියන හැඟීම තිබුණා. මම ආසයි මම ලියන පොතක් ජනතාව කියවලා එය විඳිනවා නම්. එවුණත් මම සරල කරලා ලියන්නෙ නැහැ. මම මගේ ශෛලියේ ලියනවා. පාඨකයා ඔවුන්ගේ රුචි අරුචිය අනුව එය කියවාවි. ඕන කෙනා හොයාගෙන කියවාවි.

 

ජීවත්වෙන්නට පොත් ලිවීම

මම බලාපොරොත්තු වන්නේ පරිනත පාඨකයෙක්. මම ලියන්නෙ ඔවුන්ට තමයි. ඒ වුණත් පාඨකයාට අනුව ලිවීම වෙනස් කරන්නට මම සූදනම් නැහැ. මොකද මම මේක මගේ විනෝදාංශය විදියටයි කිරන්නෙ. මම රැකියාවක් කරනවා. එනිසා මගේ ලිවීම් කාර්යය තුළ මට අවැසි දේ කරන්නට නිදහස තියෙනවා. අනිත් එක මගේ පොත් විකුණලා ලැබෙන කතෘ භාගයෙන් ජීවත්වෙන්නට තරම් ලොකු මුදලක් උපයන්නටත් බැහැ. එහෙම කියලා මගේ පොත් මම මාකට් නොකර ඉන්නෙ නැහැ. මම රස්සාවටත් කරන්නෙ මාකටින්. හැබැයි පොත් මාකට් කරනකොට උඩ පැනගෙන කෑ ගහන්නෙ ලේඛකයොමයි. මට අහන්න තියෙන්නෙ ඇයි තමුන්ගෙ කේෂේත්‍රය දියුණු වෙනකොට වළ කපන්නෙ කියලයි.

 

රචින්ත ජයවර්ධන

 

2016-09-08-ent-70



අදහස් (0)

මගේ කවි දේශපාලනිකයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ වැ:බ කොමසාරිස් පත් කරයි
2024 ඔක්තෝබර් මස 08 20 0

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුරෙහි වැඩ බැලීම සඳහා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සුරාබදු කොමසාරිස් පත් කරයි
2024 ඔක්තෝබර් මස 08 356 0

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂකගේ සේවය දිගු කරයි
2024 ඔක්තෝබර් මස 08 217 0

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ සේවය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


පත්වීම් කිහිපයක් අවලංගු කරන්න කැබිනට් අනුමැතිය
2024 ඔක්තෝබර් මස 08 756 0

අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත සිදු කරන ලද පත්වීම් කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ගසක අතු කපන්න ගිය අයෙක් විදුලිසැර වැදී මරුට
2024 ඔක්තෝබර් මස 08 317 0

පිළියන්දල මඩපාත ප්‍රදේශයේ නිවසක් පිටුපස වැඩී තිබූ වැටිමාර ගසක අතු කැපීමට ගිය පුද්ගලයෙකුට විදුලි සැර වැදි ගස මතදීම මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය පවස


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 08 49 0

නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39386 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25674 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1142 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 394 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site